20150607

මමත් දැන් මහින්දට පක්ෂපාතීයි. 2015 06 07




මම මහින්ද විරෝධියෙක් නොවෙයි.
මම දැන් මහින්දට පක්ෂපාතීයි.
( 2015 06 07 )



දැන් මහින්ද කියන්නෙ
තමන්ගෙ පිරිවර සමග පන්සල් යන
පරාජිත දේශපාලන නායකයෙක්.

පන්සලට ආවම සංවරව හැසිරෙනකොට
අපි අංගුලිමාලටත් ගරු කරනවා.

කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නෙ ක්‍රියාවෙන්.

එදා මහින්ද හැසිරුණ විදිය වෙනස්.
ඔහුට විරෝධයක් ආවෙ ඒ නිසයි..
රටේ ජනතාව විරුද්ධ වෙන්නෙ
හොරමැරකම් වලට ඉඩ දුන්
හොරමැරකම් වල යෙදුන හෙංචයියන් පිරිවරා ගෙන
රටේ නීතිය ඉක්මවා ඔවුන් ආරක්ෂා කරපු
ජනතාවට වඩා තම හෙංචයියන් ගැන හිතපු
දුර්වල අධාර්මික නායකත්වයටයි..

ඔහු නැවත දේශපාලනයට එනතුරු
මහින්දට විරුද්ධ වෙන්න හේතුවක්
රටේ ජනතාවට නෑ.

මහින්ද පන්සල් යන්නෙ අපිව රවටන්න කියා
චෝදනා කරන නිරාගමිකයන්ගෙ කටවල්
හැසිරීමෙන් ඔප්පු කරන්න
ඔහුටත් ඔහුගෙ පිරිවරටත් පුළුවන්.
පන්සලකට යන සැදැහැවත් බොදුනුවෙක්
දන් සිල් භාවනාවලට යොමුවීම ස්වාභාවිකයි.
ඔවුන්ගේ ඒ පරිවර්තනය එවැනි චෝදනාවලට
හොඳ පිළිතුරක් වෙයි.

මහින්දගේ සැබෑ ජයග්‍රහණය
මාරයා පරාජයකොට
පන්සිල් රකින සිල්වතෙක් වීමයි..
සංග්‍රාමයෙන් දස ලක්ෂයක් දිනනවාට වඩා
තමා ජය ගැනීම උතුම්.
යො සහස්‌සං සහස්‌සෙන, සංගාමෙ මානුසෙ ජිනෙ;
එකඤ්‌ච ජෙය්‍ය අත්‌තානං ස වෙ සඞ්‌ගාමජුත්‌තමො

මහින්දත් ඔහුගෙ පිරිසත්
පන්සල් යෑමෙන් ආරම්භකළ මේ සත්ක්‍රියාවත් ඉක්මවා
දන් පින් කරන පෝයට අටසිල් රකින භාවනා කරන
විශේෂයෙන්ම විපස්සනා වඩන පිරිසක් වුණොත්
ඔවුන්ට යළි බලය දීම පිළිබඳව වුවත්
නැවත සලකා බැලීම වරදක් නොවෙයි.

අද මහින්ද කියන්නෙ
ආදර්ශමත් ජනනායක රත්නයක්.
තමන්ගෙ පිරිවර සමග පන්සල් යන
උපාසක මහතෙක්.

සිංහල බෞද්ධයෙක් විදියට
මම දැන් මහින්දට කැමතියි.

අද මහින්ද ගෙනියන ධාර්මික වැඩ පිළිවෙළට
මම පක්ෂයි.

1 comment:

  1. මහින්ද පැරදුණ වෙලාවෙ
    මරල හරි බලේ ගන්නයි තිබුණෙ කියලා
    එක පාක්ෂිකයෙක් කිව්වා.
    මහින්ද පාක්ෂික උගතුන්ගෙ පවා
    නාහෙට නාහන මැර ස්වභාවයක් තියනවා.
    එවැනි පාක්ෂිකයන් හමුවෙන්න
    පිට්ටනියක් තෝරගත්තා නම්
    ඔවුන්ට මහින්ද කියන දේ නොගැලපුණොත්
    මහින්දටම එරෙහිවෙන්න ඉඩ තිබුණා.
    පන්සල තෝරාගැනීමෙන්
    එවැන්නන් නිවුණා..
    නැත්නම් නෑවිත් හිටියා.

    සමස්තයක් වශයෙන්
    මහින්ද පාක්ෂිකයන්ගෙ
    මැර ස්වභාවයෙ
    සමනයවීමක් තියනවා.
    ඒක පන්සල නිසාම සිදුවුණ දෙයක්.
    අතිශයින් දුශ්ශීල භික්ෂූන්
    වාසය කරන පන්සලක වුණත්
    ඔවුන් එළිපහළියක නැති වෙලාවට
    සිත නිවන ගුණයක් තියනවා.

    කල්ලි ගැහුණාම මරාගන්න පුලුවන් වගේම...
    ලොකු සෙනගක් සංවරව ඉන්න තැනක
    කල්ලියටම ඒ සංවරය බලපානවා.

    ReplyDelete