20150511

ආගමික වස්ත්‍ර සහ නිරාගමික නිරුවත -



සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
තමාටත් සමාජයටත් හානිකර ලෙස හැසිරීම
සාමාන්‍ය පුදගලයාගේ ස්වභාවයයි.
මේ හැසිරීමට හේතුවෙන සියලු හේතු
බුදු දහමෙහි සවිස්තරව පෙන්වාදෙන අතර
තමන් දමනය කරගන්නට ක්‍රම තුනක්
දැක්වෙයි.

 ශීල 
තමා දමනය කර ගැනීම

සමාධි
සිත වෙන අරමුණකට යොමු කිරීම

ප්‍රඥා
තමා තුළ සිදු වෙන වෙනස්කම් පිළිබඳව
සමස්තයක් ලෙස සිහියෙන් වසමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
හානිකර ලෙස හැසිරීමට ඍජු හේතු නොදැක්වුණත්
තමාටත් සමාජයටත් හානිකර නොවී
සාමයෙන් වෙසෙන්නට මග පෙන්වන්නට
සියලු ආගම් ක්‍රියා කරයි.
බුදු දහම හැර අනෙකුත් ආගම් වලද
බුදු දහමෙහි දැක්වෙන ක්‍රම වලින්
පළමු ක්‍රම දෙක වන
ශීලය සහ සමාධිය උපයෝගී වෙයි.

1,
ශීල - තමා දමනය කර ගැනීම

2,
සමාධි - සිත වෙනතක යොමු කිරීම.
ආගමිකයන් බහුතරයක්
සිත ආවරණය කරගන්නට
ඉහත දැක්වෙන ආගමික වස්ත්‍ර
අඳින බව පෙන්වන නමුත්
ඔවුන්ද නමට වස්ත්‍ර ඇඳගෙන යන අය පමණි.

ආවේගශීලී නොවන විටත්
ආවේග ශීලී වූ විටත්
මේ ආගමිකයන් සහ නිරාගමිකයන් 
දෙපිරිස අතරම වෙනසක් නැත.

සමාජයට වෙස්මුහුණක් පෙන්වන
මේ ආගමිකයන් සහ නිරාගමිකයන්
ආවේගයෙන් නොමග යා හැකි
ආත්ම දමනයෙන් තොර පුද්ගලයන්ය.

ආවේගශීලී වූ විටත්
මේ ආගමිකයන් සහ නිරාගමිකයන් අතර
වෙනසක් නැත.
ආවේගශීලී වූ විට
මේ ආගමිකයන් සහ නිරාගමිකයන්ගේ වස්ත්‍ර ගැලවී වැටෙයි.
ආවේගශීලී වූ විට
ඔවුන් දෙපිරිසම නිරුවත් නිරාගමිකයන්ය.

කාමය ක්‍රෝධය භය ආදී ආවේග පහළ වනවිට
ආගමිකයන්ද සමාජය ඉදිරියේ නිරුවත් වෙති.
ආවේගවලට නතු වී පව් කරති.
නින්දා අපහාස පරිභව කිරීම්,
පහර දීම්, ඝාතනය කිරීම් කරති.
ආවේගවලින් දූෂිත වී අසංවර වෙන
කයින් වචනයෙන් මනසින් යුතුව
සමාජයට හානිකර අපරාධ කරති.

නිරාගමිකයන් නිරුවතින්ම වෙසෙන නිසා
ආවේගවලට නතු වී මැරයන් මෙන් හැසුරුණත්
නින්දා අපහාස පරිභව කිරීම්,
පහර දීම්, ඝාතනය කිරීම් කළත්
ඔවුන් නිරාගමික නිසා
නීතියෙන් පණවන සීමා හැර
වෙනත් සීමාවක් ඔවුන්ට නැත.

වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන්නට
පැහැදිලි හේතු නැති නිරාගමිකයන් අතුරෙන්
සමාජය තුළ යහපත් ජීවිත ගත කරන පිරිස
හානිකර ආවේග ආවරණය කරන ආගම නම් වස්ත්‍ර
වචන මාත්‍රයෙන් ප්‍රතික්ෂේප කරති
තර්ක්යෙන් නිරාගමිකවූවන් යැයි කියා ගත්තත්
පැවැත්මෙන් ඔවුන් ආගමික පරිසරයෙන්
හික්මුණු පිරිසකි.

ඔවුන් කියන්නේ තමන්ට
වස්ත්‍ර අවශ්‍ය නැති බවයි.
එහෙත් ආවේග පහළ වූ විට
ආගමික පරිසරයෙන් හික්මුණු නාමික නිරාගමිකයන්
යහපත්ව සිටින්නට උපයෝගී කරගන්නේ
සාමාන්‍ය ආගමික ක්‍රම වේදයි.

1 ශීල
ඔවුන් තමන් පාලනය කරගනියි.
මේ ආගම්වල දැක්වෙන ශීලයයි.

2 සමාධි
සිත වෙනත් අරමුණකට යොමු කරයි.
මේ ආගම්වල දැක්වෙන සමාධියයි.

ආගමික වස්ත්‍ර අඳින බව කියන නමුත්
නමට වස්ත්‍ර ඇඳගෙන යන අය අතුරෙන්
වඩාත්ම නිරාවරණිත පුද්ගලයන් තෝරාගෙන
ඔවුන්ට නින්දා පරිභව කරන
ඔවුන් නිර්දය ලෙස විවේචනය කරන නිරාගමිකයන්
තමන්ද වෙසෙන්නේ ඔවුන් මෙන් බව නොදනිති.

ආගමික වස්ත්‍ර අඳින බව කියන නමුත්
නමට වස්ත්‍ර ඇඳගෙන යන අය
ඇඳුම් ඇන්දත් සිත පෙනෙන නිසා
තමන් ඇඳුම් ප්‍රතික්ෂේප කරන බව
නිරාගමිකයන් නිදහසට කරුණක් ලෙස කියති...

ආගමික වස්ත්‍ර ඇඳීමෙහි වැරදි පෙන්වන්නට
නිරාගමිකයන්ට හේතු නැත..
ආගමිකයන් වස්ත්‍ර අඳින්නට හේතු
ඔවුන් නොදනිති.

ආගමික වස්ත්‍ර අඳින අය
ආවේගවලට නතු වී නිරුවත්වෙන නිසා
ඇඳුම් ප්‍රතික්ෂේප කරන බටහිර නිරාගමිකයන්
සිත මනාව ආවරණය වෙන
ආගමික වස්ත්‍ර අඳින අය ගැන නොදනිති.

සිත මනාව ආවරණය වෙන
ආගමික වස්ත්‍ර   ගැන නොදන්නා නිසා
නිරුවතින් වෙසෙන
බටහිර නිරාගමිකයන් වන්දනා කරන
ලාංකික  නිරාගමිකයන්ද
මේ පොලිස් නිලධාරිනිය මෙන්
ආගමික වස්ත්‍ර වලින් නොදැනුවත්වම සැරසී
නිරුවත් නිරාගමිකයන් වර්ණනා කරති.
වඳිති, පුදති.

ලාංකික නිරාගමිකයන්
ආගම් නැමැති වස්ත්‍ර
නොදැනුවත්ව හැඳගෙන සිටින අතරම
මේ පොලිස් නිලධාරිනිය මෙන්
බටහිර නිරාගමිකයන්  වන්දනා කරති...

4 comments:

  1. මම අටම්පහුර එවු ලින්ක් එකක් දිගේ ආවේ. ඔබේ මෙහි //නිරාගමිකයන් නිරුවතින්ම වෙසෙන නිසා
    ආවේගවලට නතු වී මැරයන් මෙන් හැසුරුණත් නින්දා අපහාස පරිභව කිරීම්,
    පහර දීම්, ඝාතනය කිරීම් කළත් ඔවුන් නිරාගමික නිසා
    නීතියෙන් පණවන සීමා හැර වෙනත් සීමාවක් ඔවුන්ට නැත.////බටහිර නිරාගමිකයන් වන්දනා කරති...// මේ දෙකන් ඔබ නිරගමිකයන් කියා කොටසකට අපහාස කරන බවක් මට වැට හෙන්නේ. බොහෝ එංගලන්ත මිනිසුන් 60% පමණ දැන් අදේවවාදීන්. නමුත් ඉන් බොහොමයක් බෞද්ධයන් වෙති (හෝ ස්ටාර් වොර්ස් ජෙඩායී (විහිළුවට මෙන්) අදහති. ඇමෙරිකා එක්සත් ජනපදයේ කල සමික්ෂනයකදී පෙනුනේ 74% පමණ හිරේ සිටින මිනිසුන් ක්‍රිස්තියානි ඉතිරි අයගෙන් වැඩි කොටස මුස්ලිම් 7%බවත් (බෞද්ධයන් 2%) බවත්,. අදේවවාදීන් 0.2% බව.
    http://www.patheos.com/blogs/friendlyatheist/2013/07/16/what-percentage-of-prisoners-are-atheists-its-a-lot-smaller-than-we-ever-imagined/
    ලංකාවේ හිරේ ඉන්න වැඩි කොටසගේ ආගම කුමක්ද කියා සොයා බලන්න. නිරාගමික වූ පමණින් කෙනෙකුගේ සදාචාරය නැති වන්නේ නැහැ. අපාය පෙන්වා භය කර වැරදි නොකිරීම හා සදාචාරය රැකීමට වඩා වැරැද්ද ගැන අවබෝධයෙන් වැරැද්දක් නොකිරීම හොඳයි. වැරැද්ද කියන එක සාපේක්ෂයි. ඔබට වැරැද්දක් ලෙස පෙනෙන දෙයක් තව අයෙකුට වැරැද්දක් නොවිය හැකියි.
    සංවාදය සඳහා මෙය නෙලුම් යායේ පල කෙරු වෙමු.
    http://nelumyaya.com/?p=2390

    ReplyDelete
    Replies
    1. Ajith
      ඔබ නිරාගමික ආගමික වෙනස මනින්නේ
      ඔවුන්ගේ ලේබලය බැලීමෙන්..
      බොහෝ දෙනෙක් එහෙමයි..
      ඒ විදියට
      ආගමිකයන් නිරාගමිකයන් වෙන් කරන අයත්
      පැවැත්මෙන් නිරාගමිකයන්.
      ඔවුන් උපන් ආගම කුමක් වුවත්
      ආගමට අනුව ජීවත් නොවෙන අය
      පල්ලි පන්සල් ගියත් නිරාගමිකයන්.
      හිරේ ඉන්න අය
      මොන ආගමකට අයත් ලෙස හැඳින්වුණත්..
      නිරාගමිකයන්ගේ ගොඩටයි අයිති වෙන්නෙ.

      Delete
    2. ඔය කතාවේ දෝෂයක් තිබෙනවා. මොකද මම අදේවවාදියෙක් සහ නිරාගමිකයෙක්. බොහෝ නිරාගමිකයන්ට චෝදනා කරනවා සදාචාරය හෝ මොරාල් එක නැහැ කියා. නමුත් ආගමික කියල කියන අය තම වැඩි හරියක් වැරදි වලට අහුවෙන්නේ. ළමා අපයෝජනය කරන පුජකවරුත් එතකොට නිරගමිකද? ඔබ කරන්නේ වැරදි කරන දුෂණ කරන එවුන් ටික ඔක්කොම නිරා ගමික ලේබලය යටතට දාල ආගම සුද්ධ කරන එකයි. ආගමේ නාමයෙන් තම අයි එස් අයි එස් එක මිනි මරන්නේ. එතකොට උනුත් නිරාගමිකද? මම බුද්ධ දර්ශනයට ඉතාම ගරු කරනවා. දැනට තිබෙන ප්‍රගතිශිලිම දහමක් වශයෙන්. නමුත් එයට ඇලී ඒ වෙනුවෙන් මරා ගන්න යන්නේ නැහැ. නිරාගමික අදහස එන්නේ එතන. නිරාගමික අපි හැම ආගමකටම ගරු කරන අතර මැවුම්කාර දෙවියෙකු විශ්වාස කරන්නේ නැහැ.

      Delete
    3. ඔව්..
      සියලුදෙනාම උපදින විට
      අනික් සතුන් වගේම
      නිරාගමිකයි..
      සතුන් හැමදාම නිරාගමිකයි..

      සත්ව සමාජ වල
      ආවේගවලට නිදහස තියනවා.
      මිනිසුන් අතරත්
      සතුන් මෙන් ජීවත් වෙන
      මිනිසුන් ඉන්නවා.
      හවුන් මුවන් ආදී අහිංසක සතුන් මෙන්
      කුසගින්න, පිපාසය, ප්‍රජන්නනය ආදී
      මූලික ක්‍රියාකාරකම් හැර
      කාමය, ක්‍රෝධය, බිය ආදී
      ආවේගවලින් තොරව
      හැඟීම් රහිතව
      මෝහයෙන් වෙසෙන පුද්ගලයන්ට
      ආගමක් අවශ්‍ය නැහැ..

      කාමයෙන් ක්‍රෝධයෙන් කුපිතව වෙසෙන
      අත්තනෝමතිකයාටත්
      ආගමක් අවශ්‍ය නෑ.

      ආගමක් අවශ්‍ය වෙන්නෙ
      කාමයෙන් ක්‍රෝධයෙන් උත්තේජනය වෙන
      සංවේදී හිතක් සහ
      යම් ආත්ම දමනයක් ඇති
      ශීලාචාර පුද්ගලයාටයි..

      ඔහුට ආගම අත්වැලක්..

      Delete