20150217

උපතින් නොව ක්‍රියාවෙන් මුස්ලිම් වූ සිංහලයන්..


ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් වනු ඇතැයි
ඇතැමුන් තුළ බියක් පවතී.

බහු භාර්යා සේවනයෙන් ඇඳුමෙන් පැළඳුමෙන්
කාන්තාවන් වහලුන් බවට පත් කරගන්නා
අශීලාචාර වහල් සමාජයක් ලෙස අර්ථ දැක්වෙන
මුස්ලිම් රාජ්‍යය බිහිවීම වැළැක්වීමේ අදිටනින් කැපවූ
ජාත්‍යාලයෙන් ආගමාලයෙන් ඔද වැඩුණ
දියුණු ශිෂ්ඨාචාරයට හිමිකම් කියන
නව නිදහස් චින්තක සිංහලයන්ට
මග හැරුණ සත්‍යයක් මතු කිරීම වැදගත්ය.

මුස්ලිම්  විරෝධීන්න්ට නොපෙනෙන නමුදු
එවන් මුස්ලිම් රාජ්‍යයක් තුළ අද අහිමි නිදහසක් ලබන
ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් වීම ප්‍රිය කරන
මුස්ලිම් චර්යාවෙන් යුත් සිංහලයන් පිරිසක්ද සිටිති.

ඒ සිංහලයන් පිරිස නම්
සිය වියදමින් හෝ
තම ආයතනයේ වියදමින් හෝ
රජයේ වියදමින් හෝ
සිය බිරිඳට හා පවුලට අමතරව
වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
නඩත්තු කරමින්
බහුභාර්යා සේවනයේ යෙදෙන,
මුස්ලිම් ස්වරූපී සිංහලයන්ය.

තෙවෙනි සිල් පදය කඩන බැවින්
බොදුනු සිල්වතුන්ද නොවන ඔවුන්
ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයන්ය.

සැමියාගේ බහුභාර්යා සේවිත චර්යා රටාවට
සිය කැමැත්තෙන් හෝ කරන්නට අන් දෙයක් නැති කමෙන්
ආරක්ෂාව පතා අකමැත්තෙන් අනුගතවන
කාන්තාවන් හා දරුවන් අප නිතර දකින්නෙමු.

මුස්ලිම් ජාතිකයන්
ස්ව ආගමික සොහොයුරන්ට මෙන්
අදත් ඔවුන්ට සැලකුවත්
අරුමයක් නොවනු ඇත
සිංහලයන්ද ඔවුන් වෙන් කරගෙන
මුස්ලිම් අන්වර්ථ නාමයක් දී
මුස්ලිම් ජාතිකයන් මෙන් සැලකීම
වඩාත් සුදුසුය...

මේ බහු භාර්යාසේවිත සිංහලයන්
මතු යම් දිනක මුස්ලිම් රාජ්‍යයක් බිහිවුවහොත්
අද සිය භාර්යාවන් පිරිස සඟවාගෙන සිටින
වංචාවේ බුර්කාව ඉවත් කරගෙන
සැබෑ බුර්කාව පළඳවාගෙන
අනියම් සේවනය නීත්‍යානුකූල කරගෙන
මුස්ලිම් ආගමිකයන් වී නිදහසේ වෙසෙනු ඇත.
ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයක් යනු
නිදහසේ තෝතැන්නකි.

ඔබත්
සිය බිරිඳට හා පවුලට අමතරව
වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
නඩත්තු කරමින්
බහුභාර්යා සේවනයේ යෙදෙන,
ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයෙක්ද?

ඔබ අවට එසේ ජීවත්වෙන
බහුභාර්යා සේවනයේ යෙදෙන නිසා
ක්‍රියාවෙන් මුස්ලිම් ආගමිකයන් වන අය
කී දෙනෙකු සිටීද?

ඔවුන් දැනටමත්
චින්තනයෙන් හා ක්‍රියාවෙන්
මුස්ලිම් රාජ්‍යයක කොටස්කරුවන් නොවේද?.

සිය වියදමින් හෝ
තම ආයතනයේ වියදමින් හෝ
රජයේ වියදමින් හෝ
සිය බිරිඳට හා පවුලට අමතරව
වෙනත් කාන්තාවක් හෝ කිහිපදෙනෙක්
හොඳින් නඩත්තු කරමින්
බහුභාර්යා සේවනයේ යෙදෙන,
දැනටමත් ක්‍රියාවෙන් මුස්ලිම් ජීවිත ගත කරන
මේ සිංහලයන් පිරිස පළමුව මුදා ගැනීමට
මුස්ලිම් විරෝධී සිංහලයන්ට සිදුවෙනු ඇත.
ඔවුන්ට ඒ cශක්තිය ඇත්ද?

මෙහි බරපතලම අවස්ථාව වන්නේ
බහු භාර්යා සේවනයෙන් ඇඳුමෙන් පැළඳුමෙන්
කාන්තාවන් වහලුන් බවට පත් කරගන්නා
අශීලාචාර වහල් සමාජයක් ලෙස අර්ථ දැක්වෙන
මුස්ලිම් රාජ්‍යය බිහිවීම වැළැක්වීමේ අදිටනින් කැපවූ
ජාත්‍යාලයෙන් ආගමාලයෙන් ඔද වැඩුණ
දියුණු ශිෂ්ඨාචාරයට හිමිකම් කියන
නව නිදහස් චින්තක සිංහලයන්
බහු භාර්යා සේවිතයන් වූ විටය.

9 comments:

  1. අනේ මන්දා මොනව කියන්ඩද කියල

    ReplyDelete
  2. කෙටියෙන් ඒත්තු ගැන්වූ සැඟවුනු සත්‍යයක්, ආදාල බවක් දැනුනු බැවින් අවසරයෙන් තොර http://unmanthaka,wordpress.com http://unmanthaka.blogspot.com වල පළකලෙමි. අකමැත්තක් තිබේ නම් දන්වන්න​, ඉවත් කරන්නම්.

    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අනික් අයට කියවන්න ලියන ලිපි
      තව අයට කියවන්න සැලැස්වීම උපකාරයක්..
      ඇයි මම අකමැතිවෙන්නෙ?

      මූලාශ්‍රය පෙන්වනවා නම් ඒ ඇති..

      Delete
    2. This is nonsensical; "I feel really sorry for your understandings and knowledge about Muslims and Islam" ... Believe me; your efforts will go "in vain" because you're trying to malign the religion of peace and the religion of almighty the ‘Creator’ of this universe.
      As you may not know, the holy ‘Quran’ says that “And be afraid of the Day when you shall be brought back to Allah. Then every person shall be paid what he earned, and they shall not be dealt with unjustly.”
      Quran (Surah Al-Baqarah, Verse 281)
      Moreover, it also says that And if Allah were to seize mankind for their wrong-doing, He would not leave on it (the earth) a single moving (living) creature, but He postpones them for an appointed term and when their term comes, neither can they delay nor can they advance it an hour (or a moment).
      Quran (Surah An-Nahl, Verse 61)
      Yours believe is on a human (Lord Buddha) who had never claimed divinity nor had he asked anyone to worship him. Where is your intellectuality???

      Delete
    3. Relate your quotes to the article..
      You have not said what was wrong with it..

      Delete
  3. Yours believe is on a human (Lord Buddha) who had never claimed divinity nor had he asked anyone to worship him. Where is your intellectuality????????????????

    ReplyDelete
  4. මට හිතෙන විදියට බහුබාර්යා සේවනය අදට වඩා එදා තියෙන්න ඇති. නමුත් එදා ඇයි මේක නොතේරුනේ.සන්නිවේදන ජාලයන් පුළුල් වීමත් සමග මේක ඉතා විශාලව පේනවා.නමුත් අද හොරෙන් කරනව එදා ප්‍රසිද්ධියේම කරා.....හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. බහු භාර්යා සේවනය නිවැරදිද
      කියන එක වෙනම මාතෘකාවක්.
      මේ ප්‍රශ්නය වෙනස්.

      අවශ්‍ය සුදුසුකම් සපුරන මුස්ලිම් ආගමිකයාට
      බහු භාර්යා සේවනයට අවසර තියනවා.
      මුස්ලිම් ආගමිකයාආගමානුකූලව යෙදෙන
      බහු භාර්යා සේවනයෙ වරද දකින සිංහලයන්
      තමන්ගෙ ආගමට විරුද්ධව
      බොදුනුවන් අනියම් භාර්යාවන් තබා ගැනීමෙ
      වරදක් නොදකින්නෙ ඇයි.?

      Delete
    2. ඒක සීයට සීයක් ඇත්ත. සහෝ. නමුත් සිංහලයාගේ විනාශයටද මන්ද මේක මහා රැල්ලක් වගේ..පොඩි ලොකු කිසිම බේදයක් නැතිව අද රටේ මේ දේ සිද්ධ වෙනවා. හුගක්ම තරුණයින් මේ දේට වැඩියෙන් යොමුවෙලා ඉන්නවා ඒ වගේම සම්බන්ධකම් පවත්වනවා විවාහක කාන්තාවන් සමග..මේක පුළුල් මාතෘකාවක් ඉතාමත්ම භයානක අනාගතයකට මුල පිරීමක් වගේ

      Delete