20150110

ජාතිවාදියෙකුගෙ සුදුසුකම්



.
රටක ජාතිවාදය තියෙන්නෙ
මිනිස්සුන්ගෙ හිත්වල
ජාතිවාදය තියනවා නම් තමයි..

රටක මිනිස්සු
තමන් අසවල් ජාතියේ කියන
මාන්නයෙන් හෝ ගර්වයෙන් පෙළෙනවා නම්,
අනෙක් ජාතීන් ගැන
බියෙන් සැකෙන් පෙළෙනවා නම්
ඒ බිය සැක නිසා බියකරු සිහින දකිනවා.

ජාතිවාදියෙක් කියන්න සුදුසුකම් දෙකක් අවශ්‍යයි.
1,
තමන් අසවල් ජාතියේ කියන
මාන්නයෙන් හෝ ගර්වයෙන් වෙනත් ජාතීන් යටත් කරගන්න
ඔවුන් තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න,
ඔවුන්ගෙ ඇදහීම්, සංස්කෘතික ලක්ෂණ
තමන් කැමති ආකාරයට වෙනස් කරන්න
බලපෑම් කරන කෙනෙක්
ජාතිවාදියෙක්

2,
නැත්නම් තමන් යටත් කරගන්න
වෙනත් ජාතීන් උත්සාහ කරනවා කියා
බියෙන් පෙළෙන කෙනෙක්.
කෝපයෙන් පසුවෙන කෙනෙක්.
ජාතිවාදියෙක්

මේ දෙයාකාරයේ අය ඉන්නවා නම්
මම ඔවුන් ජාතිවාදීන් කියා හඳුන්වනවා.

මේ පදනම නිවැරදියි කියා
ඔබත් හිතනවා නම්
ඔබ ඔවුන් සොයාගන්න.

මේ පදනම වැරදියි කියා
ඔබ හිතනවා නම්
අපට කතා කරන්න දෙයක් නෑ.

5 comments:

  1. .
    සිංහල බෞද්ධ අපි අනික් ජාතීන්ට වඩා
    අනික් ආගමිකයන්ට වඩා ඉහළින් ඉන්නවා නම්
    ඒ මනුස්සකම අතින් විය යුතුයි..
    සදාචාරය අතින් විය යුතුයි..

    අපි පන්සිල් රකිනවා නම්
    අපි හැම ආගමිකයෙකුටම වඩා ඉහළයි..
    බහුතරය වශයෙන්
    අපි අනෙක් ජාතීන් රකිනවා නම්
    සමානාත්මතාවයෙන් සලකනවා නම්
    අපි අන් ජාතීන්ට වඩා ඉහළයි.

    ඔවුන් අපිට ඉහළින් ඉන්නවා කියා
    තැවෙන්න දැවෙන්න අවශ්‍ය නෑ.

    අනෙක් ජාතීන් රකින ජාතීන්,
    සමානාත්මතාවයෙන් සලකන ආගමිකයන්,
    ලෝකයට ආශීර්වාදයක්..
    වෛරී සිතින්, අඬදබර කරන
    ආගමිකයන්, ජාතීන්
    ලෝකයට පිළිකාවක්.

    බෞද්ධයෙක් වශයෙන් නම් කරගෙන
    අපි අන් ආගමිකයන්ට හිංසා කරනවා නම්
    අපි ඔවුන්ට වඩා ආගමෙන් පහත්.
    බුදු දහමත් පහතට වැටෙනවා.

    සිංහලයෙක් වශයෙන් නම් කරගෙන
    අපි අන් ජාතිකයන්ට හිංසා කරනවා නම්
    අපි ඔවුන්ට වඩා ජාතියෙන් පහත්.
    ජාතියත් පහතට වැටෙනවා.

    ඔවුන් අද අපිට වඩා හොඳින් හැසිරෙනවා.
    අපිට වඩා සවිමත්ව දරාගෙන ඉන්නවා.

    අපි ඔවුන්ට හිරිහැර කිරීම
    පොලිස් හෝ හමුදා නිළ ඇඳුම් ඇඳගත්
    අත්තනෝමතික මැරයෙක් විසින්
    සාමාන්‍ය කෙනෙකුට හිංසා පීඩා කිරීමක් වැනියි.

    අපි මහ ජාතිය නම්...
    සුළු ජාතීන් රැකීම අපේ වගකීමක්..

    ReplyDelete
  2. .
    ගෝත්‍රය හැරෙන්නට කියන්නට යමක් නැති
    අභිමානයට පත්වෙන්නට යමක් නැති
    තනි පුද්ගලයන් රැසක් එකතු වුණාම
    අභිමානවත් ගෝත්‍රයක් බිහි වෙනවා.
    ඒ ගෝත්‍රය ලෝකයට බරක් වෙනවා.

    ඒ ගෝත්‍රයෙ කෙනෙක්
    වෙන ගෝත්‍රයක ඉපදුන කෙනෙක් දැක්කාම
    ඔහුට ගෝත්‍රික හැඟීමක් නැතත්
    තම ගෝත්‍රය වෙනුවෙන්
    නිකරුණේ කොඩිය වනමින්
    නිකරුණේ හඬ නගනවා.

    අනුන්ගෙන් යැපෙන විට
    මෙවැනි ක්‍රියාකාරකම් වළ යෙදුණත්
    තදින්ම ඇබ්බැහි නොවුණොත්
    රැකියාවක් කරලා
    ජීවිතය පිළිවෙළක් වෙනවිට
    මෙවැනි අමාරු සුව වෙනවා.
    ඇබ්බැහි වුණොත් මැරෙන තුරුම
    නිදන්ගතවෙන විෂබීජ නිසා
    වරින් වර උණ ගැනීම හෝ
    උණ වැළඳීම සිදු විය හැකියි.

    ReplyDelete
  3. ජාතික වාදියෙක් නම්

    ReplyDelete
  4. කවර ජාතියක වුණත්..
    කවර පක්ෂයක වුණත්
    අපේ ජාතිවාදී දේශපාලනඥයින්ගේ අරමුණ
    තම ජාතියට සෙත සැලසීම නොවෙයි.

    තමන්ගෙ ඡන්ද ගොඩ වැඩි කරගැනීමයි.

    ඔවුන්ගේ සුවච කීකරු හෙංචයියන් කරන්නේ
    දේශපාලනඥයින් තනා දෙන බලිය
    හිස මත තබාගෙන දෙස් දෙවොල් අවලාද මගින්
    නූගත් මෝඩ ජනතාව අන්දාගෙන
    ඡන්ද පොළට දක්කාගෙන යාමයි..

    ReplyDelete
  5. බලය බෙදන්න අවශ්‍ය වෙන්නෙ
    බලය ගන්න අය මැට්ටන්, නරුමයන් නිසයි.
    ඔවුන් බලයට කෑදර නිසයි.
    ඔවුන්ට තමන්ගෙ එකා හැර
    වෙන එකෙක්වත් නොපෙනෙන නිසයි.

    හැන්ද අතේ තියන එකා මැට්ටෙක් නම්
    ඔහු මිනිසත් බවක් නැති නරුමයෙක් නම්
    ඔහු නොබෙදා ඉන්න පිරිසක්
    තමන්ගෙ ජාතියෙ එවුන් අතරෙත් ඉන්නවා.
    සුළු ජාතීන් ගැන කියන්න දෙයක් නෑ.

    ඒ වගේ ජාතිවාදී මැට්ටන්ට, නරුමයන්ට
    රට භාර දෙන්න බහුතරයක් සිතන රටක
    සුළු ජාතීන් බලය බෙදීමක් ඉල්ලීම
    අනිවාරයයෙන්ම සිදුවෙනවා.
    ඒ ඉල්ලීම සාධාරණයි.

    සුළු ජාතීන් ගැන හිතන නායකයන් සිටින රටක
    සමස්ත ජනතාවටම වග කියන
    පුළුල්ව හිතන නායකයන් සිටින රටක
    බලය බෙදීමේ ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete