20150112

පණපිටින් මරුවාට බිළි වූ කලාකරුවෝ.



අතීතයේ ජනහද දිනූ කලාකරුවන් වූ
ජැක්සන්ගේ සහ ජයන්තගේ
නිර්මාණ බංකොළොත්භාවයට හේතු වූ
සැබෑ තතු හෙළි වෙයි..

ගර්වය, පුහු මාන්නය, ආදී හානිකර හැඟීම් සහ
ගැහැණිය, මත්පැන, ජනප්‍රියත්වය,
මුදල, සැප සම්පත් ආදිය යොදාගෙන
කලාකරුවන් බිල්ලට ගන්නා
මාරයාගේ දැලට ගොදුරු වූ
ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍යයට
නැවත පණදිය හැකි ඔසුව ඇත්තේ
බුදුන් වහන්සේ ළඟය.
ඒ සඳහා සුදුසුකම් ඔවුන් සතුව පවතීද?

================================================

ලංකා පුවත් පතෙන් උපුටා ගැනීමක්,
පනා යනු කොස්ය. කොස්වලට ඉංග‍්‍රීසියෙන් කියන්නේ ජැක්ය. ඉංග‍්‍රීසියෙන් පුතාට කියන්නේ සන්ය. ජැක් - සන් එකතු වූ විට ජැක්සන්ය. ජැක්සන් ඇත්තනීය පේ‍්‍රමකීර්තිද අල්විස් විසින් පනා පුත‍්‍ර යන නම තැබුවේ මෙලෙස කියමින්ය.
මේ පනාපුත‍්‍ර හෙවත් ජැක්සන් ඇන්තනී මෙරට සිටි ප‍්‍රතිභාපූර්ණ නාට්‍ය කරුවෙකි. සම්මානනීය චිත‍්‍රපට රංගන ශිල්පියෙකි. දක්ෂ නිවේදකයෙකු මෙන්ම ගායකයෙකි.
කලාවේ බොහෝ අංශයන් ජයගත් ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා 2005 වසරේ දී අපට අහිමි විය. ඒ ඔහු සංවේදී කලාකරුවෙකු වී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට යාමෙන් පසුවය.
අප මේ කියන්නට යන්නේ ඒ මියගිය කලාකරුවා ගැන නොව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටී කූඨ බිස්නස් කරන ජැක්සන් ඇන්තනී නම් වූ මුදලාලි ගැනය.
ජැක්සන් ඇන්තනී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට වැටීමෙන් අනතුරුව ඔහුට ලැබුණු වරදාන ගණනාවකි. ජනාධිපති මහින්ද රාජපක්ෂලාට ජනමූල නායකයා කියා කඬේ යෑම හේතුවෙන් ජැක්සන්ට වැඩිපුරම සැලකුවේ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල්වලිනි.
ජැක්සන් ඇන්තනී වෙනත් රූපවාහිනී නාළිකාවකට කළ ‘මහා සංචාර’ නම් වැඩසටහන ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් මිලදී ගන්නේ ඉතා ඉහළ මිලකටය. රූපවාහිනී සංස්ථාවේ සැරිසර වැඩසටහන ප‍්‍රශස්ත මට්ටමකින් ක‍්‍රියාත්මක වන බැවින් තවත් එවැනි වැඩසටහනක් රූපවාහිනියට අනවශ්‍ය බව රූපවාහිනියේ බොහෝ දෙනෙකුගේ මතය විය. එහෙත් දේශපාලන බලපෑම හේතුවෙන් එක් කොටසක් රුපියල් ලක්ෂ දෙකක් තරම් ඉහළ මිලකට ගැනීමට රූපවාහිනියට සිදුවිය.
ජැක්සන් ඇන්තනීගේ මහා සංචාර සමස්ත වැඩසටහන වෙනුවෙන්
රූපවාහිනිය ගෙවා ඇති සමස්ත මුදල
රුපියල් ලක්ෂ තුන්සිය හතළිස් දෙකකි. (34,200,000) කි.
මෙම මුදල් ගෙවා ඇත්තේ
ජැක්සන් ඇන්තනීට අයත් CREATIVE HELANKA නම් ආයතනයේ
70263243 දරණ ගිණුම් අංකයටය.
2010 වර්ෂය තුළදී
රු. 8,889,920.00 බැගින් තුන්වතාවකදී
ජැක්සන් ඇන්තනීට අයත් ක‍්‍රියේටිව් හෙලංකා ආයතනයට
මුදල් ගෙවා ඇත.
එසේම 2011 වර්ෂය තුළදී
රුපියල් 913,920.00 ක් බැගින්
එකොළොස් වතාවකදී මුදල් ගෙවා ඇත.
2012/2/20 දින රුපියල් 685,440/= ක් ගෙවා ඇති අතර
2012/03/13 සිට 2013/05/30 දක්වා කාලය තුළ
රුපියල් 505,920.00 ක් බැගින් නව වතාවක් මුදල් ගෙවා ඇත.
ඒ අනුව
එම කාලය තුළ ගෙවා ඇති සම්පූර්ණ මුදල
රුපියල් එක්කෝටි අසූඅටලක්ෂ පනස්එක්දහස් පන්සිය විස්සක්
(18,851,520.00) කි.
එහි ඉතිරි මුදල්ද එම චෙක් අංකය යටතේ
ජැක්සන් අන්තනීගේ ක‍්‍රියේටිව් හෙලංකා ආයතනය වෙත
වරින්වර ගෙවා තිබේ.
මීට අමතරව
රූපවාහිනියේ විවිධ වැඩසටහන්වලට සහභාගිවීම වෙනුවෙන්
2010/03/17 වෙනි දින සිට 2013/05/28 දින දක්වා කාලය තුළ
ජැක්සන් ඇන්තනීට රූපවාහිනිය මගින්
රුපියල් තිස්පන් ලක්ෂ හැත්තෑහතරදහස් හයසියයක්
(රු.3,574,600/=)  ගෙවා ඇත.
එම මුදල ගෙවා ඇත්තේ අවස්ථා 19 කදීය.
ඒ අතරින් 2011/12/14 දින හාරලක්ෂයක්ද
2012/04/27 රුපියල් දෙලක්ෂ 80,000/= ක්ද ගෙවා ඇති අතර
2013/02/21 දින පන්ලක්ෂ 60,000/= ක මුදලක් ගෙවා ඇත.
ජැක්සන් ඇන්තනී හැරුණු විට
රූපවාහිනියෙන් වැඩිම මුදලක් ලබාගෙන ඇත්තේ
ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය
තවත් සංවේදී කලාකරුවෙකු වූ ජයන්ත චන්ද්‍රසිරිය.
ජයන්ත චන්ද්‍රසිරිට රූපවාහිනිය මගින්
වැඩිම මුදල් ගෙවා ඇත්තේ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන වෙනුවෙනි.
රණවිරු රියල්ස්ටාර් මිෂන් 03 අවසන් මහා තරගය දින පමණක්
එම වැඩසටහන වෙනුවෙන් දරා ඇති වියදම් රුපියල් 32,001,685/= කි.
එනම් රුපියල් ලක්ෂ තුන්සිය විස්සකුත් තවත් රුපියල් 1,685/= ක්
වියදම් දරා ඇත.
මෙදින වැඩිම ගාණක් ගෙවා ඇත්තේ
වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස ජයන්ත චන්ද්‍රසිරිටය.
එදින විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් ගෙවා ඇති මුදල
රුපියල් එක්ලක්ෂ විසිදහස (120,000/=) ක් වන අතර
නිවේදකයන් වෙනුවෙන් රුපියල් 320,000/= ක් දරා ඇත.
නිර්මාණ අධ්‍යක්ෂ හා සහායක කණ්ඩායම වෙනුවෙන්
ගෙවා ඇති මුදල් රුපියල් දහසය ලක්ෂ හැත්තෑ දහස (1,670,000/=) කි.
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය වෙනුවෙන්
රුපියල් තිස්ලක්ෂ (3,000,000) ක් ගෙවා තිබේ.
කැමරා උපකරණ සඳහා ගෙවා ඇති මුදල
රුපියල් අට ලක්ෂය (800,000) කි.
එසේම සංගීත අධ්‍යක්ෂණය වාදන ශිල්පීන්
ප‍්‍රාසාංගික නිරූපණ වෙනුවෙන් ගෙවා ඇති මුදල
රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂ දහදහස (22,510,000/=) කි.
ආබාධිත සෙබළුන්ගේ නර්ථනාංග සඳහා
අනෝජා වීරසිංහට රුපියල් හත්ලක්ෂ පනස්දහස (750,000/=) ක් ගෙවා ඇත.
ශබ්ද උපකරණ සඳහා
රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂය (14,000,000/=) ක්
වැයකර ඇති අතර
පසුතල උපාංග හා ඩිජිටල් ප‍්‍රින්ටින් සඳහා
රුපියල් දසලක්ෂ විසිඑක්දහස් නවසිය තිස්පහ (1,021,935/) ක්
වැයකොට ඇත.
එසේම විදුලි ආලෝක උපකරණ වීඩියෝ වෝල් හා ජෙනරේටර් සඳහා
රුපියල් හැටලක්ෂය (6,000,000/=) ක් වැයකර ඇත.
Jimmy job & Track Dolly උපකරණ සඳහා
රුපියල් දෙලක්ෂ විසිදහස (220,000/=) ක් වැයකර ඇත.
-----------------------------------------------------------------

ඔවුන් මේ මුදලින් මිළට ගත් සතුටට
ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍යයේ පිරිහීම
හිලව් කරන්නට හැකිද?
මේ විස්තර කියවන විට
බියපත්වන ඔබේ බඩ පපුව දනවා නම්
ඔබ මේ වළෙහි වැටෙන්නට අවකාශ අඩුය..
මේ මුදල් ගැන හිතෙන විට කටට කෙළ උනනවානම්
එවන් පාලන සමයකට සිහින මෝදු වෙනවා නම්
ඔබ දැනටමත් මාරයාගේ දැළට හසුවී ඇත.

මිදෙන්න..

5 comments:

  1. කලාව තම ජිවන වුර්තිය කරගත් කළා කරුවන්ට මිලක් ඇත. එය ජැක්සන්ට, ජයන්තට සේම කසුන් කල්හාරට හා ඔබටත් පොදුය.

    ජයන්ත හා ජැක්සන් තම හැකියාවන් ඉහල මිලකට විකුණයි .....

    ඒ ඔවුන්ගේ නිර්මාණ ශිලිත්ය ඉහල බැවිනි ( මහා සංචාරය අසලින්වත් සැරිසර තැබිය නොහැකිබව නැරබුවෝ දනිති)

    ලොව හැම තැනම වෙන්නේ මෙයයි

    මටනම් මෙහි කිසිම වරදක් නොපෙනේ

    පෙනෙන්නේ පරණ ඇරියස් එකක් කල දුටුකල කවර කර ගැනීමක් පමණි

    ReplyDelete
    Replies
    1. නිර්නාමිකව ඉදිරිපත් කළත්
      ඔබේ අදහසෙහි පදනම නිවැරදිය.
      එහෙත් යහපත් කලා නිර්මාණයක් සමග
      ඔවුන් කරන අවර ගණයේ නිශ්පාදනයන්
      සම කිරීම කලාවට කරන අපහාසයකි.

      කලාකරුවන්ට මිලක් ඇත.
      කලා නිර්මාණයක් කරමින්
      ඍජු අනුග්‍රාහකයෙකුට
      සුදුසු මිළකට
      විකුණා ගැනීමෙහි වරදක් නැත.

      අපි ඔවුන්ට අදටත් ගරු කරන්නේත්,
      ආදරය කරන්නේත් ඒ නිර්මාණ නිසාය.
      අශූචි තැවරුණත් රන් බඳුනක
      සැබෑ අගය අඩු නොවෙයි.
      එය පරඉහරණය කළ නොහැකි වෙනවා පමණකි.

      රජය ඔවුන්ට ගෙවන්නේ
      කිසියම් දූෂිත දේශපාලයෙකුගේ
      හිස් බව වසා ගන්නට
      බොල් ප්‍රතිරූපයක් පුම්බන්නට කළ
      බොළඳ නිශ්පාදනයකට නම්
      ඔවුහු එම අවස්ථාව ලබාගන්නේ
      දූෂිත දෙශපාල කෙනෙකුගෙ ප්‍රතිරූපයෙහි
      සුදු හුණු ගෑමෙන් නම්
      ඔවුන් කරන්නේ කලා නිර්මාණයක් නොවේ.


      ඔවුන්ගේ අවනිර්මාණයට හිමි කුලිය
      ඔවුන් කත් අදින, පින්තාරු කරන
      දූෂිත දේශපාලගෙන් ලබාගන්නේ නැත.
      ඔවුන් එම මුදල මංකොල්ලකන්නේ
      ඔබත් මාත් අයිති රටේ ජනතාවගෙන්ය.

      වරද ඇත්තේ එතැනය..
      ඔවුන් කරන පාපය එයයි.

      Delete
    2. //යහපත් කලා නිර්මාණයක් සමග
      ඔවුන් කරන අවර ගණයේ නිශ්පාදනයන්
      සම කිරීම කලාවට කරන අපහාසයකි//

      මෙය සාපේක්ෂ ප්‍රපන්චයකි, එය ඔබේ මනසේ 'හතර මායිම' අනුව ලකුණු වෙයි. මට අනුව උපුල් ශාන්ත සන්නස්ගලගේ නිර්මාණ පට්ට පිච්චන් වෙයි. නමුත් ඔහුගේ 'අම්මා' ට දෙරණ ඉහල මිලක් ගෙවයි. දෙරණට වැඩසටහන මාර්කට් කල හැකිනම්, ලාබ ලකිය හැකිනම්, මගේ රුචිකත්වය අදාළ නොවේ. ඔබ මෙහි දක්වා නැත්තේ ලාබ අලාබ ගිණුමයි.

      //ඔවුන්ගේ අවනිර්මාණයට හිමි කුලිය
      ඔවුන් කත් අදින, පින්තාරු කරන
      දූෂිත දේශපාලගෙන් ලබාගන්නේ නැත.
      ඔවුන් එම මුදල මංකොල්ලකන්නේ
      ඔබත් මාත් අයිති රටේ ජනතාවගෙන්ය.//

      කත් අදින, පින්තාරු කරන දූෂිත දේශපාලක් පත්කර ඇත්තේ මේ රටේ බහුතර ජනයායි. තාක්ෂණිකව ඉහත තීරණ වලට මහජනයා බලපත්‍රයක් දේශපාලකයින්ට ලබාදී ඇත. ඉහත නම් වෙනුවට ලගදී සෝමරත්න දිසානායක හා සුනිල් පෙරේරා ආදේශ වුවත් වරදක් කිවිය නොහැක.

      වරද ඇත්තේ මහජනයා විසින් පවත්වාගෙන යන ක්‍රමයෙහිය. මගේ විව්චනය වන්නේ ක්‍රමය විවේචනය කරනු වෙනුවට ක්‍රමයේ වින්දිතයන් අසාධාරණ ලෙස විවේචනයට ලක් කිරීමයි.

      Delete
  2. වින්දිතයා විවේචනය කරනවා නම්
    ඔබත් මේ ක්‍රමයෙන්ම
    දිවි ගෙවන්නෙකු විය යුතුය.

    සිය දඩයක්කාරකම සහ කෑදරකම
    සාධාරණීකරණය කරන්නට
    උගුලට අසුවීම හාවගේ දුර්වල කම ලෙස
    අර්ථ දැක්විය හැකිය.
    එහේත් දඩයක්කාරයාට
    හාවා ගැන ඇති හැඟීම
    ඉන් ප්‍රකට වෙයි.

    මා කලා නිර්මාණයක් ලෙස හඳුන්වන්නේ
    මතට හුරු අය පොරකමින් මිළට ගන්නා
    බයිට් වැනි තාවකාලික රසකාරක නොව
    වසර සියගණන් පවතින
    පරම්පරාවෙන් පරම්පරාවට රස විඳින
    පාතර් පංචාලි, සිංහබාහු,
    ඈත කඳුකර හිමව් අරණේ වැනි
    කලා නිර්මාණයි..

    ඔබ අගය කරන මාකට් කිරීම
    සාර්ථකව කරන්නට
    කලාකරුවෙක් විය යුතු නැත.
    අවම මිලකට සපයා
    සහෘදයා පිනවිය යුතු
    මිළ කළ නොහැකි කුසලතාවයක්
    තමාට වඩා පහත් රුචිකත්වයක් ඇති
    දූෂිත දේශපාලයෙකුගේ
    බාල අධ්‍යක්ෂණයට අනුව
    බාල මානසිකත්වයෙන් යුතු ඔහුගේ අන්ගාමිකයන්ට
    ප්‍රමිතියෙන් බාල කොට සපයා
    ඔහු කොතරම් මුදලක් ලබාගත්තත්
    ඔහු කරන්නේ අඳබාල ක්‍රියාවකි.


    ReplyDelete
  3. අම්මට සිරි මේ තියෙන්නේ විස්තර... චම්පික අැමතිතුමාගේ පෙරමුණට දීලා නඩුදාමු............

    ReplyDelete