20140910

ඔබ ජෛව රසායනික සත්වයෙක්.

නිරාගමිකයන්ට බුදු දහම දකින්න හොඳ මගක් මේ.
අදහන්න කිසිම දෙයක් නෑ..

 http://3.bp.blogspot.com/_hfAYZzG11r8/SRjzdYDvLHI/AAAAAAAAAZY/UoyEA0kLg3g/s400/Chemical+Reaction.png
ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.

කයෙහි දැනෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.
සිතෙහි ඇතිවෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.

බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.

නොදැනෙන ජෛව රසායනික වෙනස් කම් මෝහ.
ප්‍රිය ජෛව රසායනික වෙනස් කම් රාග.
අප්‍රිය ජෛව රසායනික වෙනස් කම් ද්වේශ.

රූපයක් දකින විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ශබ්දයක් ඇසෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සුවඳක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
රසක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ස්පර්ශයක් දැනෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සිතෙහි හැඟීමක් උපදිනවිට,
සිතෙහි සිතුවිල්ලක් ඇතිවෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.

බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.

ඔබ නොදැනුවත්ව හා නොදැනුවත්ව
බාහිර සහ අභ්‍යන්තර වෙනස් කම් නිසා
මුලු දවස පුරාම
කායිකව හා මානසිකව
ජෛව රසායනික වෙනස්කම් සිදු වෙනවා.

ඉන්ද්‍රිය ඇසුරෙන් පහළ වෙන
ජෛව රසායනික වෙනස්කම්
සියල්ලම අනිවාර්යයි..

වතුරට යමක් වැටුණාම
ඉබේම නැගෙන තරංග වගෙයි.
ඔබට පැනල යන්න හෝ වළක්වන්න බැහැ.

ඒත් මේ වෙනස්කම් වලට ප්‍රතික්‍රියාවක් ලෙස
ඔබ කායිකව හා මානසිකව කරන දේ
අනිවාර්ය නැහැ.

බාහිර අරමුණක් ප්‍රිය නම් හෝ අප්‍රිය නම්
අදාළ ජෛව රසායනික වෙනස සිදු වෙන්නෙ
ඒ අරමුණ ස්පර්ශ වෙන කාලය තුළ පමණයි.

ඒත්
පරිසරයෙන් ඒ අරමුණ ඉවත් වුණාට පසුව
අරමුණ  ගැන සිතමින් සතුටු වෙමින් හෝ
අරමුණ  ගැන සිතමින් තැවෙමින්
මානසිකව ඔබ දක්වන ප්‍රතික්‍රියාවත්
නව ජෛව රසායනික වෙනස් කම්
ඔබ තුළ ඇති කරනවා.

අරමුණ මතක් වෙන හැම විටම
ඒ අරමුණ විසින් ඔබ තුළ
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.

ඒ අරමුණ සිහිකරමින්
ඔබ මවන චිත්ත රූප ජෛව රසායනිකයි.
ඒ  චිත්ත රූපත් 
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.

අපිට ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්,
අපිට නොදැනුණත්,
මේ හැම ජෛව රසායනික වෙනස්කමක්ම
කයට බරක්.
ජෛව රසායනික වෙනස් කම් විඳින වෙලාවට
සතුටෙන් වින්දත් දුකෙන් වින්දත්
ඒ හැම බරක්ම පසුව ගැටළු ඇති කරනවා.

අපි සැප හෝ දුක් විඳින්නෙ
අපිට ලැබෙන හෝ නැති වෙන දේ නිසා නොවෙයි.

අපි සැප හෝ දුක් විඳින්නෙ
අපි තුල ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා සහ
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිතමින්, තැවෙමින්,බැඳෙමින්
අපි ඇති කරගන්නා
නව ජෛව රසායනික වෙනස් කම් නිසයි.

අප තුල සිදුවෙන
ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිහියෙන් ඉන්නත්..
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
උපේක්ෂාවෙන් ඉන්නත් පුහුණු වුණොත්
අපිට දුකෙන් මිදෙන්න පුලුවන්.

නැත්නම් 
ජෛව රසායනික වෙනස් කම් වලට
පුරුදු විදියට ප්‍රතික්‍රියා දක්වමින්
දුක් විඳින්නත් පුලුවන්.

ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.

ඔබ ජෛව රසායනික සත්වයෙක්.

2 comments:

  1. මේක පැහැදිලි කරන්න තවත් අද්‍යනය කරන්න ඕන ... එත් එක දෙයක් කියන්නම්.වසර 2000 වෙන කොටත් ලෝකයේ තිබ්බ සාතිසය බහුතර නූතන දේවල් .. යාන වාහන ,චන්ද්‍රිකා හැම දෙයක්ම ගොඩනැගුනේ නිව්ටන් නියම තුලින් ( Basic දෙය ).. ඒ නියම යොදන්න පුළුවන් ඇහැට පෙනෙන හැම දෙයක්ම වෙනුවෙන් .. ඉතින් මිනිස්සු හිතුවේ නිව්ටන් නියම පරම සත්‍ය කියල .. එත් අපි පරමාණුක dimention වලට යනකොට නිව්ටන් නියම යොදන්න බෑ .. ඒවා සම්පුර්ණයෙන් වැරදි වෙනවා ..එකට quantum විද්‍යාව අවශ්‍යයි .. ඒක නිව්ටන් නියමයන්ට සම්පුර්ණයෙන් වෙනස් දෙයක් .. හැබැයි තාමත් අපි නිව්ටන් නියම ඉගෙනගන්නවා ..ඒ දැනට අපි භාවිත කරන මහේශාක්‍ය application වලට ඒවා ප්‍රමාණවත් නිසා .. මේ තර්කයත් නිව්ටන් නියමය වගේමයි කියල මට හිතෙන්නේ .. මොකද තාම BIO CHEMISTRY ප්‍රමාණවත් ලෙඩ හොද්න්දකරන්න ,ජාන විද්‍යාවෙන් නව ඒවා නිපදවන්න .. එත් මේ ජෛව රසායනික ක්‍රියාවලින්ට උඩින් දෙයක් තියෙනවා .. දැන් ඒක වටහාගන්නට උත්සහ කරනවා විද්‍යාවෙන් .. මොකද ජෛව රසායනික ක්‍රියාවලින් තනිකරම පෙන්නන්නේ පදාර්ථය .. එම ප්‍රතික්‍රිය ඊටත් වඩා සංකීර්ණ ක්‍රියාවලියකට සක්තිය ලබා ගන්න ප්‍රභව විතරයි .. මෙම මෙය අපි ජෛව ශක්ති විද්‍යාව ලෙස නම් කලොත් .. quantum විද්‍යාවත් ,ජෛව ශක්ති විද්‍යාවත් එකතුව පෙන්නා දෙයි අප දැනට හිතන දේ ( මේ නිසදැසේ ආකාරයට ) අදට ප්‍රමාණවත් උවත් එය සත්‍යමය නොවන බව .. එතෙන්දි බුදු දහම ( එසේම සමහර දියුණු ආගම් ) හා විද්‍යාව එකම තැනක ඉදී ...

    ReplyDelete
    Replies
    1. Asanka..
      ක්වන්ටම් යාන්ත්‍රණය පැහැදිලි කරගන්න
      නාම රූප දෙක සිහියෙන් දකිමින්
      ඒ දෙකෙහිම සියුම් අවස්ථාවන්ට යෑම තරම්
      සාර්ථක මාර්ගයක් තවත් නෑ.
      විදසුන් වඩන්නෙකුට අත්දකින්න ලැබෙන
      භංග ඥාණ කියන අවස්ථාවෙදි
      නාම රූප දෙක අතර වෙනස භංග වී
      මිනිසා පදාර්ථය ඉක්මවිය හැකි ශක්තියක් බව
      අත්දැකීමෙන් හඳුනාගන්න පුලුවන්.
      සබ්බේ ලෝකො පකම්පිතෝ කියලා
      අත්දැකීමෙන් කියන්න පුලුවන්..

      Delete