20140830

ගිහි ජීවිතයට, විවාහයට බුදු දහම සහයෝගයක්..



බුදු දහම
ගිහි ජීවිතයට, විවාහයට
බාධාවක් නොවෙයි.
ප්‍රබල සහයෝගයක්..

බුදුන් වහන්සේ උපදෙස් දෙන්නෙ
ධර්මයෙහි පිහිටන්නයි..
හැම කෙනෙක්ම පැවිදි විය යුතු නැහැ.
හැකි හැම කෙනෙක්ම ධර්මයෙහි පිහිටීම
ගිහි ජීවිතයට ප්‍රබල සහයෝගයක්..

කෙනෙක් පැවිදි වෙන්නෙ
මේ ජීවිතය තුළම
නිවන් දකින්න හිතනවානම් තමයි..

ගිහියන් පැවිදි කරවන්න
බුදුන් වහන්සෙ උත්සාහ කළේ නැහැ.
පැවිදි වෙන කෙනෙක් පැවිදි වෙන්නෙ
තමන්ගෙ කැමැත්තෙන්.
එහෙම කැමති වුණ අයටත්
බුදුන් වහන්සෙ
හාරමාසයක් පසු කරන්න
උපදෙස් දුන් අවස්ථාත් තියනවා.

කෙනෙක් විවාහ විය යුත්තේ
විරුද්ධ ලිංගික සිරුරක් සමග නොවෙයි..
විවාහ විය යුත්තේ
විරුද්ධ ලිංගික සිතක් සමගයි..
විරුද්ධ ලිංගික මිතුරුකමක් සමගයි..
කායික සබඳතා පිරිහෙන්න පුලුවන්.
පරිපූර්ණ වෙන්න පුලුවන්.
අවසාන ප්‍රතිඵලය එකයි..
දෙදෙනා අතර ඇති
දැවෙන සුළු ආකර්ෂණය අඩුවීමයි.

දැවෙන සුළු ආකර්ෂණය අඩුවෙලා
කායික සබඳතා පිරිහුණොත්
දැවෙන සුළු ආකර්ෂණය සොයන අය
අතරමං වෙනවා.
කායික සබඳතා පරිපූර්ණ වුණොත්
දැවෙන සුළු ආකර්ෂණය අඩුවෙලා
මිහිරි උණුහුමක් ඉතිරිවෙනවා.

කායික සබඳතා පරිපූර්ණ වුණොත්
මානසික සබඳතාවය
නිසි පරිදි පෝෂණය වෙලා
දිගින් දිගට වැඩෙන්න පුළුවන්.

අනියම් සබඳතා නැතිව
එක් තැනැත්තෙකු හෝ තැනැත්තියක සමග
සමීපව ජීවත්වෙන අයට
කාමච්ඡන්දය ජයගන්න පුලුවන්..
කාමච්ඡන්දය ජයගන්නා විට
අනික් සියලු නීවරණ දුර්වල වෙනවා.

විවාහය කියන්නෙ ආයතනයක්
සාමාජික සාමාජිකාවන් අනුව
සාර්ථකත්වය තීරණය වෙනවා.

ප්‍රබල තීරණයක් ගන්න පෙර
දස දින විපස්සනා පුහුණුවකට යන්න.
දෙන්නම ගියොත් වඩා හොඳයි..

දස දින විපස්සනා පුහුණුව


2 comments: