20140715

සමුගනිමි, FACEBOOK

මේ සටහන පළ කොට දින දෙකකට පසුව
Facebook වාරණය අවසන්ව ඇත.
එහෙත් සටහන ඉවත් නොකරන්නට සිතුවෙමි.
---------------------------------------------------------------------------

සමුගනිමි,

මිනිසෙකුගේ මරණය යනු
ඔහු හැදුණ වැඩුණ පරිසරයෙන්
ඔහු ඇසුරු කළ නෑසිය හිතවතුන්ගෙන්
යළි හමු නොවෙන ලෙස වෙන්වීමයි.

ජීවත් වෙන අය විසින්
එම අත්දැකීම ස්වල්ප කලකට විඳින නමුත්
මිය ගිය තැනැත්තාට
විඳින්නට හැකියාවක් නැත.

මා මිය ගිය පසු සිදුවන්නේ කුමක්දැයි
මටම දැකගන්නට ලැබෙනවා නම්
කෙතරම් අපූරුදැයි මා කිහිපවර සිතුවෙමි.

එම අත්දැකීමට
කිසි සේත් සමකළ නොහැකි වුවද
ඉතා සියුම් අන්දමින්,
ඊට හුරු අත්දැකීමක් විඳින්නට මා වාසනාවන්ත වූයේ
ෆේස්බුක් සමාජ ජාලය විසින් මගේ ගිණුම අත්හිටවූ බැවිනි.

මරණය යනු තවත් අළුත් ජීවිතයකි.
මේ අත්දැකීමන් මා ඉගෙනගත දහම එයයි.

ළදරුවෙකු මෙන් නොව වැඩිහිටියෙක් ලෙස
ඒ අත්දැකීම විඳින්නට ලැබීම ඉතා අපූර්වය.
හදිසි අනතුරකින් අහිමිවූ නමුත්
ෆේස්බුක් ජාලය තවත් එක ජීවිතයකි.

මා ෆේස්බුක් ජාලයට බැඳී වසර හයක් පමණ ඇත.
පසුගියදා මා විසින් එක්කළ ඡායාරූපයක්
ඉවත්කළ බව දන්වා ලැබුණු පණිවිඩයකින් පසු
මට මගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමට නොහැකි විය.
යළි අවසර ලැබීමද සැක සහිතය.

ෆේස්බුක් ජාලයේම පළවූ
පලස්තීන දැරියක් තුවාල වී සිටින
එම සංවේදී ඡායාරූපය
කලින් අවස්ථාවක පළ කළ විටකද
මා මිතුරු සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන්
දැඩි විරෝධයක් ඊට එල්ල විය.
එම ඡායාරූපය නැවත වරක්
උපයෝගී කර ගැනීම
මගේ ගිණුම අත්හිටුවීමට හේතු වී ඇත.
ඔවුන්ගේ තීරණය සාධාරණයැයි
මටද හැඟෙන අතර
එය ඉත සිතින් පිළිගනිමි.

කෙනෙකුගේ ජීවිතයෙහි යමක් සිදු වන්නේ
ඊට සුදුසුම කාලයේ සුදුසුම අවස්ථාවෙහිය.
අප කැමති වුවත්, අකමැති වුවත්
සිදු වන සියලු දේ ඊට හොඳම අවස්ථාවෙහි සිදුවෙයි.
මේ සිදුවීමත් එසේ නොවීමට හේතුවක් නැත.
ඉන් කම්පාවීම අනුවණකමකි.

ෆේස්බුක් සමාජ ජාලය නිසා මා ලැබූදේ බොහෝය.
මට නැති වූ දේද බොහෝය.
එහෙත් ලැබූ දේ නැතිවූ දේට වඩා
ඉතා විශාල ලෙස වැඩි නිසා
මා ලැබුවේ ලාභයකි.

විපස්සනා පිළිබඳ
මගේ අවබෝධය දියුණු වන්නට
ෆේස්බුක් තුළ මා කළ සංවාද බෙහෙවින් හේතු විය.
විපස්සනාවෙහි මූලිකාංග වන
තමා තුළ සිදුවෙන දේ පිළිබඳ සිහියත්
තමා තුළ සිදුවෙන දේ පිළිබඳව උපේක්ෂාවත්
දෙකම අත්දැකීමෙන්ම හුරුවන්නට ෆේස්බුක් හරහා
මා ලද අවස්ථා බොහෝය.

එසේම ඡායාරූපකරණය තුළින්
චිත්‍රශිල්පියෙකු ලෙස ඉගෙනගතයුතු බොහෝදේ
මා ඉගෙන ගත්තේ ෆේස්බුක් ජාලය තුළ
හැසිරී සංවාදයෙහි යෙදීම නිසාය.
ඒ ඉගෙනගත්දෑ අන් අය සමග බෙදා ගන්නටද
මට හැකිවීම මගේ වාසනාවකි.

මේ අතරම මා මිනිසුන් පිළිබඳවද
ඉගෙන ගත් දේ බොහෝය.
ඉතා සංයමයෙන් යුතුව 
එහි හැසිරෙන අතළොස්සක් අතර
විවිධාකාර මිනිසුන්
ලොකු කුඩා හේතු මත ආවේගශීලීවෙමින්
ප්‍රසිද්ධියේ හැඳිවත් පවා උනා දමමින්
විවෘතව හැසිරෙනු මම දුටුවෙමි.
ඔවුන් හා නිබඳව හැසිරෙමින්, ගැටෙමින්
මා සංයමය, සංවරය ඉගෙනගත් වාර බොහෝය.

මේ කාලය තුළ මා දුටු සැබෑ මිනිසුන්ට
ඔවුන් ඔවුන් වීම පිළිබඳව හිස නමා ප්‍රණාමය පුදකරමි.
මා දන්නා දේ මගෙන් උකහා ගනිමින්
මටද ඉගෙන ගන්නට මග හෙළි පෙහෙළි කළ
සහෘද හිතවතුන් කිහිප දෙනාටද
මගේ ගෞරවය පුද කරමි.
තමා කරන්නේ කුමක්දැයි නොදැන
විරෝධාකල්ප මගින් මට පන්නරය සැපයූ අයටද
මගේ කෘතඥතාවය පළ කරමි.

මා දැන් අලුත් මගක් අලුත් ක්ෂේත්‍රයක් සෙවිය යුතුය.

මේ අවසානය නොවේ.

අප සැබෑ මිතුරන් නම්
මේ ජීවිතයෙහි මෙන්ම සසරමගෙහිද
යළි යළිත් හමුවනු නියතය.

එතෙක් ඔබ සැමට නිදුක් නිරෝගී සුව සහ ජය පතමි

---------------- අතුල සිරිවර්දන ----------------





14 comments:

  1. "මා ඔබතුමාව පෞද්ගලිකව නොහන්දුනමි.. ඒත්.. ඔබගේ රිද්ම සන්කලන එෆ්.බී. පිටුවෙන් සහ බ්ලොග් පිටුවලින් මා උගත් දැ බොහෝයි...
    ඉගෙනගැනීමට ඇති දේ අප්‍රමානයි..!!!
    ඔබ මේ කරනා ගරු කටයුත්ත ඉතාමත් සාර්තකව කරගෙන යාමට ශක්තිය ධෙර්‍ය ලබේවායි ප්‍රාර්තනා කරමි..!
    බෙහෙවින්ම ඉස්තූතී ගුරුතුමනි..! "

    ඒ මා ඔබතුමාව මුහුනු පොතින් හඳුනාගත් මුල් අවදියේ ලියූවක්...! සැබැවින්ම මා මුහුනුපොතෙහි සැරිසැරීමට හේතුවුනු කාරණා තුනෙන් එකක් ඔබෙන් මා ලද දැනුම....! කිසිම ලාබ අපේක්ශාවකින් තොරව ඔබ ලබාදුන් දැනුම අති විශිශ්ටයි...! මා ඔබෙන් වරක් විමසූ විට ඔබ පැවසූයේ... "ඔබ යමක් ලබාගන්නා අයුරු පෙනේ.. එය සතුටක් " යන්න පමනි...! යම්කිසි හේතුවක් මත ඔබ මා ගිනුම බ්ලොක් කලත් පසුව මාගේ ඉල්ලීමට කාරුනිකව ප්‍රතිචාර ලබා දී තිබුනා...! ඉන් පසුව මා නිහන්ඩව මාගේ කලා දැනුමට මෙන්ම ජීවිතයටඩ ඔබෙන් උගත් පාඩම් බොහෝයි ගුරුතුමනි...!
    ලියා අවසන් කල නොහැකියි...!
    කෙසේ නමුදු ඔබ පැවසූ දේ සැබෑවක්මැ'යි ... !
    "කෙනෙකුගේ ජීවිතයෙහි යමක් සිදු වන්නේ
    ඊට සුදුසුම කාලයේ සුදුසුම අවස්ථාවෙහිය.
    අප කැමති වුවත්, අකමැති වුවත්
    සිදු වන සියලු දේ ඊට හොඳම අවස්ථාවෙහි සිදුවෙයි.
    මේ සිදුවීමත් එසේ නොවීමට හේතුවක් නැත.
    ඉන් කම්පාවීම අනුවණකමකි."
    "මේ අවසානය නොවේ.

    අප සැබෑ මිතුරන් නම්
    මේ ජීවිතයෙහි මෙන්ම සසරමගෙහිද
    යළි යළිත් හමුවනු නියතය."
    ඔබටද නිදුක් නිරෝගී සුව පතමි ගුරුතුමණි...!
    අතුල සිරිවර්දන නම් ඒ සොඳුරු නාමය මුහුනු පොතේ යලි දකිනට මා වාසනාවන්ත වෙවා..!

    ReplyDelete
  2. මගේ facebook ජීවිතයේ හැරවුම් ලක්ෂය නුඹයි.....

    ReplyDelete
  3. ජනක බොරලැස්සJuly 15, 2014 at 9:38 PM

    මෙයට අදාල පින්තූරය පිළිබඳ සංවාදයට මමත් එක් විය.මුලින්ම මෙවැනි සංවේදී පින්තූරයක් පළනොකරණ ලෙස පුද්ගලිකව ඔබෙන් ඉල්ලීමක් කළෙමි. ඔබෙන් ප්‍රතිචාරයක් නොමැති වූ බැවින්, විවෘතව මගේ සෘජු මතය ප්‍රකාශ කළෙමි. තවත් විශාල පිරිසක් ඔබේ පින්තූරයට සහ එහි තිබූ මතයට විරුද්ධව අදහස් දැක්වීය. කෙසේ වුවත් මෙම පින්තූරය පිළිබඳ වාර්ථා නොකළෙමි. මෙයට විරුද්ධව අදහස් දැක්වූ හා නිහඩව සිටි ඇතැමෙක් මෙය වාර්ථා කරන්නට ඇත. එය ඔවුන්ගේ අයිතියකි. මන්ද යත්, විශාල පිරිසක් විරුද්ධ වුවත් ඔබ එය ඉවත් නොකිරීමේ දැඩි මතයක සිටීමයි. එහි ප්‍රතිඵලය දැන් ඔබ සහ අප බුක්ති විඳිමු.
    ඔබෙි ඇතැම් අදහස් වලට විරුද්ධ මත මා තුල තිබුනත් නිහඩව සිටියෙමි. මක් නිසාද යත් ඔබ දැනුමින් සහ වයසින් මුහුකුරා ගිය ප්‍රවීනයෙක් බැවිනි. ඔබ දැඩි මතධාරියෙකු බව දැන දැනත් ඔබ සමඟ සෘජු සංවාදයකට පළමු වරට මා පෙළඹුනේ පලකල ඡායාරූපය අතිශය සංවේදි එකක් වූ බැවිනි.
    ෆේස් බුක් ජාලය තුල මා වඩාත් ගරුකරණ පුද්ගලයා ඔබයි. ඔබේ චිත්‍ර කලාව හෝ ඡායාරූපකරණ දැනුම නිසා නොව, ඔබ තුල බෞද්ධයෙකු ලෙස ඇති යහපත් ගතිගුණ නිසාවෙනි. ඔබ තරම් උපේක්ෂාව ප්‍රගුන කල කෙනෙක් මා දැක නැත. ඔබ තරම් පන්සිල් රකින කෙනෙක් මා දැක නැත. ඔබ විසින් ෆේස්බුක් ජාලය තුල කළ මෙහෙවර කියා නිමකල නොහැක. ඔබේ නම්‍යශීලීනොවු ප්‍රතිපත්තිය නිසා අද ඔබ අපට අහිමි විය. නමුත් මා දන්නා තරමට මෙය තාවකාලික සීමා පැනවීමකි.
    ඔබ නැති අඩුව නිසැකවම හැමෝටම දැනේවි. නැවතත් ඔබට අප අතරට ඉක්මනින් එන්නට ලැබේවායි පතමි. දීර්ඝායු වෙිවා.

    ReplyDelete
  4. හිතවත් අතුල සර්,
    ඔබව මුහුණුපොතේ
    හමුවූ මේ සුළු කාලයට,
    ඔබෙන් මා උගත් දේ බොහෝයි.
    ජීවිතයට එක් කරගත් දේ බොහෝයි.
    උගෙනීමට තිබූ දේ ද බොහෝයි.
    නොමිනිසුන් අතර
    මිනිසෙකු ලෙස
    ජීවත් වූ ඔබගේ
    මේ fb අකල් වියෝව
    දරාගත නොහැක...

    ReplyDelete
  5. අතුල සර් අපගේ හමුවීම කෙටි නමුත් ඔබගෙන් ලැබූ ආභාශය මහ මෙරක් වගේ තහනම් විය යුතු FB පිටු දහසක් තිබියදී මෙය මට අදහාගත නොහැක මෙයට ඉක්මනින් විසදුමක් ඔබ යෝජනා කරන්නේ නම් මැනවි .

    ReplyDelete
  6. කියන්න තිබෙන බොහෝ දේවල් හැමෝම වගේ කියල තියෙනව. වරක් දෙවරක් පමණක් ඔබතුමා හා සංවාද කිරීමට මට හැකිවුනත් මා ඔබතුමා ගැන බොහොම අවධානයෙන් සිටි කෙනෙක්. එයට හේතුව ඡායාරූපකරණයේ, චිත්‍ර ශිල්පයේ ඔබ දන්නා දේවල් නිසානම් නොවේ. ඔබ ඒ පැතිකඩ වල අපට වඩා සෑහෙන ඉදිරියෙන් සිටිනා කෙනෙක් බව අතුල සිරිවර්ධන කියන නම දන්නා සියළුම දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණක්. මා ඔබ ගැන සැලකිළිමත් වීමට ප්‍රධානම හේතුව ඔබගේ ඇති භාෂාව හැසිරවීමේ චතුරත්වය. එයට මා බොහෝ සේ ඇළුම් කලා.

    අතුල සිරිවර්ධන මහතාණෙනි,

    ඔබතුමා මුහුණු පොතේ සිදුකල මෙහෙවර අමිළයි. ඒ පිළිබඳ කතා කරන්න තරම්වත් මම මුහුපුරා ගොස් නැහැ. සිදුවුන දේ සිදුවෙලා අවසානයි. ඔබතුමා ඒ ගැන කම්පා වියයුතු නැහැ. ඔබ එසේ කම්පා නොවන බවත් මා දන්නවා. කිසියම් කෙනෙකු මේ නැතිකලේ ඔබේ ගිණුම පමණක් නොවෙයි. දහස් ගණන් නැගිටින්නට වෙර දරණ නවකයින්ට දිගුවන අතක්. ඒ දේ කරන්න සලස්වන්න එපා මහතාණෙනි. කුමණ හෝ ආකාරයකින් ඔබේ දැනුම අප හා බෙදාගන්න බව ඔබේ වචන වලින්ම අපි හැමෝටම පැහැදිළියි. ඒ දවස, ඒ මග දිස්වනතෙක් මා මෙන්ම තවත් බොහෝ නවකයින් පිරිසක් දෑස් අයා බලා සිටිනවා.

    අවසානයේ එක් පැතුමක් පතන්නම්...
    මේ භවයේදී නොහැකි වුනත් එන භවයකදී හෝ ඔබේම ගෝලයෙක් වී ඔබ යටතේ ගුරුහරුකම් ලබන්නට මා හට වාසනාවක් ලැබේවා...!
    ඔබට සදා ජය...!
    දීර්ඝායු...!

    ReplyDelete
  7. පුද්ගලිකව නොහැඳිනුවත්,
    වචනයකුදු කතාකර නොතිබුණත්,
    ආසාවට ගත් පිංතූර වල ගුණදොස් හෙළිකර,
    මා නිතැතින්ම උනන්දු කළ,
    මේ ශිල්පයට ආධුනිකයෙකු වූ මට,
    අදිසි ගුරුවරයෙකු වූ
    අතුල සර්...
    සේයාරූ ශිල්පයේ හරය කියාදුන්නාට ඔබට පිං....!!
    කෙදිනක හෝ හමුවන බලාපොරොත්තුවෙන්,
    ඔබ නොදුටු ඔබේ ගෝලයා...
    -රංග මුවන්වැල්ල

    ReplyDelete
  8. මෙය කෙසේ කුමක් නිසාද
    යන වගවත් මම නොදනිමි..
    ඔබගේන් ජාති වාදී ආගම් වාදී හෝ එවැනි පොස්ටුවක් මා දැක නැත..
    නමුත් ඉහත ඔබ කියන පොස්ටුව මා දුටුවා.
    මෙය සිදු වූයේ
    ෆොටෝ ග්‍රැපි උපකාරක පන්ති වලට පහරක් වෙන නිසා
    අපේ ලංකාවේ සිටින "කුහක පිරිසගෙන්ද?"
    එසේත් නොමැතිනම්
    අන්තර්ජාතික බලපෑමක්ද?
    ---------------------------------
    කෙසේ වෙතත් හැරවුම් ලක්ෂයකින් මගක් එලි කල
    තවත් අමුතුම චරිතයක් බව අවිවාදයෙන් පිලි ගනිමි.
    යලිත් නිහඩවම හමු වෙමු.
    ---------------------------------

    ReplyDelete
  9. This parable is told of a farmer who owned an old mule. The mule fell into the farmer’s well. The farmer heard the mule praying or whatever mules do when they fall into wells.

    After carefully assessing the situation, the farmer sympathized with the mule, but decided that neither the mule nor the well was worth the trouble of saving. Instead, he called his neighbors together, told them what had happened, and enlisted them to help haul dirt to bury the old mule in the well and put him out of his misery.

    Initially the old mule was hysterical! But as the farmer and his neighbors continued shoveling and the dirt hit his back, a thought struck him. It suddenly dawned on him that every time a shovel load of dirt landed on his back, HE WOULD SHAKE IT OFF AND STEP UP!

    This he did, blow after blow. “Shake it off and step up… shake it off and step up… shake it off and step up!” He repeated to encourage himself. No matter how painful the blows, or how distressing the situation seemed, the old mule fought panic and just kept right on SHAKING IT OFF AND STEPPING UP!

    It wasn’t long before the old mule, battered and exhausted, stepped triumphantly over the wall of that well! What seemed like it would bury him actually helped him … all because of the manner in which he handled his adversity.

    THAT’S LIFE! If we face our problems and respond to them positively, and refuse to give in to panic, bitterness, or self-pity.

    ReplyDelete
  10. report karanawanam fb eke kothram dewal thiyenawada report karanda.namuth methana siduwela thiyenne paliganime adahasin report kirimak kiyalai mata hithenne. athula sir mama upload karapu photos walata ewage hari waradda kiyala dila thiyenawa.

    sir mage photo ekakata dipu comment ekak mata thawamath ada wage mathakai... wish you all the best sir

    ReplyDelete
  11. hmmm.... Only wanna say Athula sir...You are not around means its just not perfect! Take care my friend!

    ReplyDelete
  12. hithata ana hegima kiyanna kramayak ne sir,sinhala bashawe a hegimata sudusu wachanayak ne,obha mata piyek,guruwarayek,dewiyek me aka wachanayakinwath a hegima kiyanna be kohomaunath obata subapathanawa,newatha yan dinaka melesin hamuwewayei pathanawa piyeku lesa,guruwarayaku lesa...............blog pituwa digatama karagena yamu sir ........me sidhuwimath weswalagath ashirwadayak kiyala hithamu sir good luck!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  13. අතුල ගුරු පියාණනි....
    සැබැහින් නොදැක ඇතිමුත් ඔබ ඇත්තෙන්ම ඉතා සොදුරු චරිතයක් මැයි මට හැගේ....
    ඔබ අපගේ දැනුමේ කොදුනාරටිය බදු විය.
    ඔබගෙන් ලැබු දැනුම අපමනය. එය මිල කල නොහැක.
    ඔබ යලිත් මුහුනු පොතේ දැකීමට පෙරුම් පුරමි....
    ඔබට නිදුක් නිරෝගී සුව පතමි....

    ReplyDelete
  14. අප සැබෑ මිතුරන් නම්
    මේ ජීවිතයෙහි මෙන්ම සසරමගෙහිද
    යළි යළිත් හමුවනු නියතය.

    එතෙක් ඔබට නිදුක් නිරෝගී සුව සහ ජය පතමි

    ReplyDelete