20131122

ආගම බැහැර කරනවා


https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn1/74953_10151820854054296_2136560250_n.jpg

කිසිම ආගමකට යටත් නැති කෙනෙක්
ආගම බැහැර කරනවා කියා කරන්නේ රඟපෑමකි.

නිරුවතින් සිටින කෙනෙකුට
ඇඳුම් ගැලවිය නොහැක.


ආගමක් බැහැර කිරීමට
අවශ්‍ය වන්නේ
ආගම දැනගන්නට,
ආගම පිළිපදින්නට
තමා තුළින්ම හෝ
බැහැරින් එන බලපෑම නිසයි.
ආගමෙන් කෙරෙන
වෙනත් බලපෑමක් නැත.

ආගමක් බැහැර කිරීමට
හේතුවන්නේ
එයින් තමා බලාපොරොත්තු වෙන දේ
ඉටු නොවීම හෝ
ඉටුකරගන්නට ආගම
බාධකයක් වීමයි.
ආගමක් බැහැර කිරීමට
වෙනත් හේතුවක් නැත.

වෙනත් ආගමකට හැරෙන්නේත් නැතිව
තම ආගම බැහැර කරන්නේ
තමන්ගේ ආගම හරිහැටි නොදන්නා හෝ
දැනගන්නට තරම් නොමේරූ කෙනෙකි.

කෙසේ වුවත්
ආගමක් බැහැර කරන්නට හැක්කේ
ආගමිකයෙකුට පමණි.
තමන් අසවල් ආගමේ ‍යයි
කියාගන්නා පවුලක
ඉපදුනු පමණින්
කිසිවෙකු ආගමිකයෙකු නොවේ.
හරියට ආගමක් තිබුණ කෙනෙක්
නිරාගමික වෙන්නෙ නෑ.
ආගමක් කවදාවත් නොතිබුණ අය
ඒ බව ප්‍රසිද්ධියෙ කියන එකයි වෙන්නෙ.


ආගමික වෙනවා කියන්නෙ
පව්කාරයෙක් පව්කරමින් ඉන්න ගමන්
තමන් රවට්ටගන්න හරි
අනුන් රවට්ටන්න හරි
වත් පිළිවෙත් පුරන එක නෙමෙයි..

ආගමික කෙනෙක්
අනික් අය දුක් විඳින දේට
ඔවුන් මෙන්ම සංවේදී වුණත්
ඔවුන් මෙන් දුක් විඳින්නෙ නෑ.

No comments:

Post a Comment