අති ශුද්ධ වූ දෙයක් ලෙස සලකු ලියෝ තෝල්ස්තෝයි
එසේ සිතන්නට සිය බිරිඳට ද ඉගැන්විය.
එය වූ කලී ,
" ගෙදරට හීලෑ කරන ලද ගණිකා වෘත්තිය ක " යැයි ඔහු ප්‍රකාශ කරන ලදී.
තෝල්ස්තෝයි දුටු මේ සමාජ යතාර්ථය
වත්මන් සමාජයට කරනු ලබන බලපෑම කොතරම් ද ?
පර ස්ත්‍රී සේවනයෙන් තොර
ඒක භාර්යා සංකල්පයට මමත්
ටොල්ස්ටෝයි තරමටම හෝ
ඊටත් වඩා ගරු කරනවා.
මට අනුව නම්
ඒක භාර්යා සංකල්පය කියන හැඳින්වීම
ඒක ස්වාමි-භාර්යා සංකල්පය ලෙස
නිවැරදි විය යුතුයි.
අපි එක් මිනිස් ජීවිතයක් හරහා යද්දි
මුලු සසරටම ඉගෙන ගත යුතුයි.
ස්කූල් කට් කිරීමේ ත්‍රිල් එකටම ස්කූල් කට් කිරීමත්
තනිකර වෙනත් වින්දනයන් බලාගෙන
ඉස්කෝලෙ නෑවිත්ම කට්ටි පැනීමත්
කියන්නෙ දෙකක්.
ජීවිතයක් තුළ කට්ටි නොපැනිය යුතු
අවස්ථා පහක් තියනවා.
විවාහයත් එකක්.
විවාහය කියන්නෙ
රසායනාගාර පරීක්ෂණයක්.
ඒ අත්දැකීම වෙනත් තැනක නැහැ.
මොන හේතුවක් මත හෝ
ඒ කාලය තුළ කට්ටි පනින කෙනාට
මග හැරෙන දේ බොහෝයි.
එක අයෙක් අනියම් සබඳතාවයක් අරඹන විටම
හැකියාවක් ඇත්නම්....
නිර්දෝෂී තැනැත්තා වෙන්විය යුතුයි.
හැකියාවක් නැත්නම්
සිතින් දුක් නොවිඳිය යුතුයි.
ඒ වෙනම මාතෘකාවක්.
ගැහැණු පිරිමි වෙනස හා පරතරය තුළ
අනිවාර්යයෙන්ම ඇතිවෙන
දරන්න බැරි තනිකම නිසා හෝ
තනිකරම කාමුක බව නිසා හෝ
අනියම් සබඳතා පවත්වන
ගැහැණුන් හා පිරිමින්ට
ඒ එක සබඳතාවයක් පිළිබඳව හෝ
පැහැදිලි වැටහීමක් නැහැ.
නීත්‍යානුකූල සහකරු සමග ගැටුණාම
අනියම් සහකරු ළඟට පැනලා යනවා.
අනියම් සහකරු සමග ගැටුණාම
නීත්‍යානුකූල සහකරු ළඟට පැනලා යනවා.
දෙන්නා ගැනම දැනගන්න ලැබෙන්නෙ
මතුපිටින් පමණයි.
පෙරහැරේ යන මහබඹාලා මෙන්
මුණ ගැසෙනවා.
විශාල ප්‍රතිරූප දෙකක්
මුණ ගැසෙනවා.. සමහන් වෙනවා.
සමහර විට අර මහබඹාලා ඇතුළෙ ඉන්න
කුඩා මිනිසාත් ගැහැණියත්
එකෙනෙකා හමුවේ
මොහොතකට නිරුවත් වෙයි.
ආයෙත් මහබඹාලා තුලට ඇතුල්වූ පසු
කලින් නාඩගමම රඟපානවා.
ඒ නාඩගම ඔවුන් සමාජය සමගත්
ඒ විදියටම රඟපානවා.
මිනිස්සු මහබඹාට ගරු කරනවා.
ඔහු ඇසුරු කරනවා.
ඒත් ඇතුළෙ ඉන්න සැබෑ පුංචි මිනිසා
නිරන්තරයෙන් දුක් විඳිනවා.
ඔහුගෙ සැනසිල්ල
රුබය්යාට් ක්‍රමයට ලබාගන්නවා.
තමන් කපාගත්ත වල තුලම හිරවෙලා
වල තවත් ගැඹුරට හාරමින් විඳවනවා.
ඒ වලේ පතුලක් නැහැ.
ඔහු නතර වෙන්නෙ
ඔහුගෙ ඉඳුරන් "තවත් නම් බෑ"
කිව්වාට පසුවයි.
ඉඳුරන් දමනය කරගත යුත්තෙ
ඉඳුරන් හොඳින් ක්‍රියා කරමින්
තියන කාලෙමයි.
ජරාවට යන තුරු සීලය සැපක්
කියන්නෙ ඒ නිසයි.
එක් බිරිඳක් සමග
එක් පිරිමියෙක් සමග ඉන්න අයට
දීර්ඝ රඟපෑමක යෙදෙන්න බැහැ.
සෙනෙහස කාමය පමණක් නොව
අනික් මිනිස් හැඟීම් ඇතිව
එකිනෙකා හමුවෙනවා.
ඒ සබඳතාවය තුළ වුවත්
රඟපාන තැනැත්තා පරදිනවා.
ඔවුන් බොහෝ විට හික්මවනු ලබන්නේ
ආත්ම දමනයෙන් නොව
සමාජ තත්වය හෝ නීතිය වැනි
බාහිර සාධක මගින්.
ඒ නලු නිළියන් ඉඩ ලද විගස
වරදෙහි බැඳෙනවා.
එක් බිරිඳක් සමග
එක් පිරිමියෙක් සමග ඉන්න අයගෙ
ගැටුම් තුළ මෙන්ම සමහන් වීම් තුළත්
අනියම් සබඳතාවල නැති
නිදහසක් තියනවා.
සිහියෙන් හැසිරීමක් තියනවා.
ඔවුන් එකිනෙකාට ගරු කරනවා.
අනියම් සබඳතා වලදි
එකිනෙකා පාවිච්චි වෙනවා.
අනියම් බිරිඳක් ඉන්න කෙනාට
ඇය ගණිකාවක්..
බිරිඳත් ගණිකාවක්.
ඔවුන්ට මිල ගෙවන්නෙ මුදලින්ම
නොවෙන්න පුලුවන්.
ඒ නිදහස තුළ
ඔවුන් එකෙනෙකා පැහැදිලිව දකිනවා.
ඒ දකින රූප
පෙම්කරනකාලෙ දුටුව තරම්
ප්‍රසන්න නොවෙන්න පුලුවන්..
ඒත් ඒ වගේ ව්‍යාජ රූපත් නෙමෙයි.
ඒ සැබෑ රූප එක්ක ජීවත් වෙන කොට
ඔවුන් ඒ සබඳතා තුළ මෝරනවා.
ඔවුන් සමස්ත පුරුෂත්වය සහ
සමස්ත ස්ත්‍රීත්වය ගැන
ඉවක් ඇති කරගන්නවා.
ජීවිත කාලය තනිකඩව හෝ
අනියම් සබඳතා තුළ අතරමංවූ
මතුපිට ජීවිත වලට වඩා
එක බිරිඳක් හා එක් සැමියෙක් සමග ජීවත් වෙන්නට
වාසනාව ලද ගැහැණුන් හා පිරිමින් තුළ
ප්‍රඥාව මෝරනවා.
ඒක භාර්යා සංකල්පයට මමත්
ටොල්ස්ටෝයි තරමටම හෝ
ඊටත් වඩා ගරු කරනවා.
මට අනුව නම්
ඒක භාර්යා සංකල්පය කියන හැඳින්වීම
ඒක ස්වාමි-භාර්යා සංකල්පය ලෙස
නිවැරදි විය යුතුයි.
අපි එක් මිනිස් ජීවිතයක් හරහා යද්දි
මුලු සසරටම ඉගෙන ගත යුතුයි.
ස්කූල් කට් කිරීමේ ත්‍රිල් එකටම ස්කූල් කට් කිරීමත්
තනිකර වෙනත් වින්දනයන් බලාගෙන
ඉස්කෝලෙ නෑවිත්ම කට්ටි පැනීමත්
කියන්නෙ දෙකක්.
ජීවිතයක් තුළ කට්ටි නොපැනිය යුතු
අවස්ථා පහක් තියනවා.
විවාහයත් එකක්.
විවාහය කියන්නෙ
රසායනාගාර පරීක්ෂණයක්.
ඒ අත්දැකීම වෙනත් තැනක නැහැ.
මොන හේතුවක් මත හෝ
ඒ කාලය තුළ කට්ටි පනින කෙනාට
මග හැරෙන දේ බොහෝයි.
එක අයෙක් අනියම් සබඳතාවයක් අරඹන විටම
හැකියාවක් ඇත්නම්....
නිර්දෝෂී තැනැත්තා වෙන්විය යුතුයි.
හැකියාවක් නැත්නම්
සිතින් දුක් නොවිඳිය යුතුයි.
ඒ වෙනම මාතෘකාවක්.
ගැහැණු පිරිමි වෙනස හා පරතරය තුළ
අනිවාර්යයෙන්ම ඇතිවෙන
දරන්න බැරි තනිකම නිසා හෝ
තනිකරම කාමුක බව නිසා හෝ
අනියම් සබඳතා පවත්වන
ගැහැණුන් හා පිරිමින්ට
ඒ එක සබඳතාවයක් පිළිබඳව හෝ
පැහැදිලි වැටහීමක් නැහැ.
නීත්‍යානුකූල සහකරු සමග ගැටුණාම
අනියම් සහකරු ළඟට පැනලා යනවා.
අනියම් සහකරු සමග ගැටුණාම
නීත්‍යානුකූල සහකරු ළඟට පැනලා යනවා.
දෙන්නා ගැනම දැනගන්න ලැබෙන්නෙ
මතුපිටින් පමණයි.
පෙරහැරේ යන මහබඹාලා මෙන්
මුණ ගැසෙනවා.
විශාල ප්‍රතිරූප දෙකක්
මුණ ගැසෙනවා.. සමහන් වෙනවා.
සමහර විට අර මහබඹාලා ඇතුළෙ ඉන්න
කුඩා මිනිසාත් ගැහැණියත්
එකෙනෙකා හමුවේ
මොහොතකට නිරුවත් වෙයි.
ආයෙත් මහබඹාලා තුලට ඇතුල්වූ පසු
කලින් නාඩගමම රඟපානවා.
ඒ නාඩගම ඔවුන් සමාජය සමගත්
ඒ විදියටම රඟපානවා.
මිනිස්සු මහබඹාට ගරු කරනවා.
ඔහු ඇසුරු කරනවා.
ඒත් ඇතුළෙ ඉන්න සැබෑ පුංචි මිනිසා
නිරන්තරයෙන් දුක් විඳිනවා.
ඔහුගෙ සැනසිල්ල
රුබය්යාට් ක්‍රමයට ලබාගන්නවා.
තමන් කපාගත්ත වල තුලම හිරවෙලා
වල තවත් ගැඹුරට හාරමින් විඳවනවා.
ඒ වලේ පතුලක් නැහැ.
ඔහු නතර වෙන්නෙ
ඔහුගෙ ඉඳුරන් "තවත් නම් බෑ"
කිව්වාට පසුවයි.
ඉඳුරන් දමනය කරගත යුත්තෙ
ඉඳුරන් හොඳින් ක්‍රියා කරමින්
තියන කාලෙමයි.
ජරාවට යන තුරු සීලය සැපක්
කියන්නෙ ඒ නිසයි.
එක් බිරිඳක් සමග
එක් පිරිමියෙක් සමග ඉන්න අයට
දීර්ඝ රඟපෑමක යෙදෙන්න බැහැ.
සෙනෙහස කාමය පමණක් නොව
අනික් මිනිස් හැඟීම් ඇතිව
එකිනෙකා හමුවෙනවා.
ඒ සබඳතාවය තුළ වුවත්
රඟපාන තැනැත්තා පරදිනවා.
ඔවුන් බොහෝ විට හික්මවනු ලබන්නේ
ආත්ම දමනයෙන් නොව
සමාජ තත්වය හෝ නීතිය වැනි
බාහිර සාධක මගින්.
ඒ නලු නිළියන් ඉඩ ලද විගස
වරදෙහි බැඳෙනවා.
එක් බිරිඳක් සමග
එක් පිරිමියෙක් සමග ඉන්න අයගෙ
ගැටුම් තුළ මෙන්ම සමහන් වීම් තුළත්
අනියම් සබඳතාවල නැති
නිදහසක් තියනවා.
සිහියෙන් හැසිරීමක් තියනවා.
ඔවුන් එකිනෙකාට ගරු කරනවා.
අනියම් සබඳතා වලදි
එකිනෙකා පාවිච්චි වෙනවා.
අනියම් බිරිඳක් ඉන්න කෙනාට
ඇය ගණිකාවක්..
බිරිඳත් ගණිකාවක්.
ඔවුන්ට මිල ගෙවන්නෙ මුදලින්ම
නොවෙන්න පුලුවන්.
ඒ නිදහස තුළ
ඔවුන් එකෙනෙකා පැහැදිලිව දකිනවා.
ඒ දකින රූප
පෙම්කරනකාලෙ දුටුව තරම්
ප්‍රසන්න නොවෙන්න පුලුවන්..
ඒත් ඒ වගේ ව්‍යාජ රූපත් නෙමෙයි.
ඒ සැබෑ රූප එක්ක ජීවත් වෙන කොට
ඔවුන් ඒ සබඳතා තුළ මෝරනවා.
ඔවුන් සමස්ත පුරුෂත්වය සහ
සමස්ත ස්ත්‍රීත්වය ගැන
ඉවක් ඇති කරගන්නවා.
ජීවිත කාලය තනිකඩව හෝ
අනියම් සබඳතා තුළ අතරමංවූ
මතුපිට ජීවිත වලට වඩා
එක බිරිඳක් හා එක් සැමියෙක් සමග ජීවත් වෙන්නට
වාසනාව ලද ගැහැණුන් හා පිරිමින් තුළ
ප්‍රඥාව මෝරනවා.
ඔවුන්සැනසිල්ලේ සහ ආරක්ෂිතව ජීවත් වෙනවා.
-------------------------------------------------------------------
ඒක භාර්යා විවාහය තුළින් " විවාහය " යනු
" ගෙදරට හීලෑ කරන ලද ගණිකා වෘත්තියක් "
ලියෝ තෝල්ස්තෝයි කියන එක
සත්‍යයක්.
ගෙදරින් කන මිනිහාට වඩා කඩෙන් කන මිනිහාට
නිදහසක් ඇතැයි වේලෙන් වේලට සිතුවොත්
හිතන්න පුලුවන්.
ඒත්
මීළඟ වේල කන්නෙ කොහෙන්ද.. කීයද..
කඩේ ඇරල තියෙයිද ආදී
ප්‍රශ්න රැසකින් යුත් ජීවිතයක්
නිදැල්ලේ ගත කරනවාට වඩා
තමන් සිත් ගත් එක් තැනැත්තියක් සමග
නිවසකට ගාල්වීම සැපක්..
ගැටළුව වෙන්නෙ
කායික සුවයම බලාගෙන
ගැහැණියක් තෝරාගත් තැනැත්තාට
කය වෙනස් වෙද්දි
සම්බන්ධ වෙන්න මනසක්
ඔහු තෝරාගත් කය තුළ
නොතිබීමෙනුයි.
ගණිකාවන් තුළ ඇති
අනාරක්ෂිත බවෙන් තොරව
සැනසිල්ලෙ ඉන්න කැමති ගැහැණුන්ටත්
විවාහය සැපක්.
විවාහ වෙලා ඉඳගෙනත්
ගණිකා ජීවිත ගතකරන අයට
ගණිකාවනට තියන සැනසිල්ලවත් නැහැ.
ටෝල්ස්ටෝයිගෙ විවාහ ජීවිතය සාර්ථක වෙන්න
ReplyDeleteඔහුගෙ දැනුම විතරක් මදි..
සොෆියාගෙ මානසිකත්වයත් වැදගත්..
සොෆියා සාමාන්‍ය කාන්තාවක් නොවෙයි..
ඇය ටෝල්ස්ටෝයිගෙ දක්ෂතාවයට වඩා
සමාජීය තත්වය මුදල් ගැන හිතුවා.
එහෙම වුණ එක අපිට හොඳයි..
නැත්නම් හොඳ පොත් ගොඩක්
අපිට එහෙම වෙන්න ඉඩ තිබුණා.
ඔවුන්ගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණාට
ටොල්ස්ටෝයි ලේඛකයෙක් විදියට
අසාර්ථක වුණේ නෑ.
ටෝල්ස්ටෝයි
ඈඅ රටේ ඉන්න කලාකරුවො වගේ
දුර්වල මිනිහෙක් වුණා නම් බීල නැහෙනවා.
සොෆියාගෙ මානසිකත්වය සමබර කරන්න
ටෝල්ස්ටෝයිගෙ දැනුම මදි වෙන්න ඇති..
විශාල නිවසක
දැසි දස්සන් අතරෙ වෙසෙන ඔවුන්ට
විවාහය සමබර කරගන්න ලැබෙන
අවස්ථා අඩුයි.. බාධක වැඩියි.
ලෝකෙ ඉන්න හොඳම සූප වේදියාටවත්
එළවලු වල ප්‍රශ්න තිබුණොත්
සාර්ථක කෑම වේලක් හදන්න බෑ.
බිරිඳක් ගණිකාවකට
ReplyDeleteහැම අතින්ම සමාන වෙන්න බෑ.
අපි බලන්න ඕනෙ
මොන කෝණයෙන්ද
ටොල්ස්ටෝයි බැලුවෙ කියලා.
තමන්ට අවශ්‍ය දේ නොලැබෙනවා නම්
බිරිඳ කාමයට අකමැත්තක් පෙන්වලා
පිරිමියා පාලනය කරනවා.
පිරිමි නොමග යන්න එක හේතුවක්
ඒතන තියනවා.
එහෙම නොයන පිරිමියෙක්
කාමයට යටත් නැත්නම්
වහල් නැත්නම් මේ උපායමාර්ගය
දුර්වල වෙනවා.
ඒත් බිරිඳ සතුටෙන් තියන සැමියාට
ඇය කාමයෙන් සංග්‍රහ කරනවා.
කාමයට මිලක් නියම කිරීම අතින්
ගැහැණිය ගණිකාවකට සම කිරීමයි,
ටොල්ස්ටෝයි කියන්නෙ..