ඔබ තුළ පීඩා විඳින
මනුෂ්‍යත්වයටය."
-රැස්කල්නිකෝව්
-----[ අපරාධය හා දඬුවම -ඩොස්ටොයෙස්කි ]

සිවුරක් ලූ පමණින් භික්ෂුවක නොවන්නා සේම
මිනිස් සිරුරක් ලද පමණින් කෙනෙක්
තිරිසන් බවින් අත්මිදෙන්නේද නැත.
තමා තුළ නිදහසේ හැසිරෙන්නට
වලිකන තිරිසනාට එරෙහිව
සටන් කරන මිනිසුන්ගේ
මිනිසත් බව ගරුකටයුතුය.
සමාජය නිසා
ආගම දහම නිසා
සංස්කෘතිය නිසා
ඉබේට ලද මිනිසත් බවට
එරෙහිව සටන් කරමින්,
තමා තුළ නිදහසේ හැසිරෙන්නට
වලිකන තමා නම් තිරිසනා
නිදැල්ලේ මුදා හරින්නට සරිලන
තිරිසන් සමාජයක් උදෙසා
මුලු සමාජයම තිරිසනුන් කරගන්නට,
ක්‍රමානුකූලව හා
තර්කානුකූලව වලිකන තිරිසනුන්
ඔවුන්ට අයිති නොවන්නවුන් විසින්
තම තමන් තුළ දුක් විඳින
මිනිසත් බවේ නාමයෙන්
හෙළා දකිය යුතුය.
පව්කරන්නට නිදහස ඉල්ලන
අත්තනෝමතික පව්කාර කමට එරෙහිව
මහ දළ ඇතෙකු මෙන් සවිමත්ව හෝ
අඩ අඳුරේ සෙවනැල්ලක් මෙන් දුර්වලව හෝ
පවිත්‍ර උවමනාවක්
මිනිස් සිරුරක් ලද සමහරුන් තුළ
තිබිය හැක.
ඒ මිනිසුන්ගේ මිනිසත් බව
සියලු තිරිසනුන් තුළ
මියගොස් ඇති මිනිසත් බවට වඩා
අනේක වාරයක් උත්තරීතරය.
No comments:
Post a Comment