යොහානි ගැන කතා කරන්න දෙයක් නෑ.
ඈට පොඩි විශේෂ හැකියාවක් තියනවා.
ඒ පරාසය ඇතුළෙ දැනෙන යමක් කළා.
මැණිකේ ගීතය මිලියන් 170ක් බලද්දි
ඇගේ හින්දි ගීතය බලන්න
මිලියන් 14ක්වත් නෑ.
ඒ ගීතයේ මුල් ගීතය
මේ වනවිට මිලියන් 18ක් බලලා.
ඇගේ ගීතය තියෙන්නෙ පිටුපසින්.
ජනප්‍රියත්වයෙන් රෙහෙමානුත් පැරදුවා කියා
යොහානිගේ කල්ලිය ප්‍රචාරය කළාට
දැන් ඇගේ ජනප්‍රියත්වයේ සඳ
අව පක්ෂයට හැරිලා අවසානයි.
මැණිකේ වගේ ගීතයක්
සොයා ගන්න ඇයට නොහැකි වුණොත්
අමාවකත් උදා වෙන්න පුලුවන්.
ජනප්‍රියත්වය ඉහළ පහළ යනවා.
මේ සියල්ලම ලෝකෙ එදිනෙදා සිදු වෙන
අතිශය සාමාන්‍ය දේවල්.
යොහානිගෙ සංසිද්ධියත් එවැන්නක්...
යූ ටියුබ් මියුසික් ට්‍රෙන්ඩින් කිව්වාම
ලෝකෙම පළවෙනියෙක් හැමදාම ඉන්නවා.
එක දවසක යොහානි එතනට ආවා.
ලංකාවෙ කෙනෙක් එතනට ආවාම
ලංකාවම උත්තේජනය වුණා.
බුකියෙ බොහෝ දෙනෙක් හැඟීම්බර වුණා.
ඇගේ ජනප්‍රියත්වයෙන් බුකිය කම්පා වුනා.
කල්ලි හැඟීමෙන් ලංකාවෙ විශාල පිරිසක්
ජාතික හැඟීමෙන් උත්තේජනය වුණා.
මේ උත්තේජනය සතුන් තුළත් තියනවා.
කාක්කෙක් කෑ ගහද්දි කාක්කො රංචු ගැහෙනවා.
බල්ලෙක් උඩුබුරුලනකොට තව එකතු වෙනවා.
මේ හැඟීම සාමාන්‍ය සත්ව හැඟීමක්.
මේ කල්ලි හැඟීම මිනිසා විසින්
උවමනාවෙන් භාවිතා කරනවා.
දේශපාලන පක්ෂ වලින්
මැට්ටො නායකයො කරගන්නෙ
මේ කල්ලි හැඟීම අවුලුවාගෙනයි.
ටාසන් වගේ පපුවට ගහ ගත්තාම
ඒ රූපයෙන් උත්තේජනය වෙන
අහිංසක ඡන්ද දායකයා
ගිහින් ඡන්දෙ දානවා.
වර්ජකයා උද්ඝෝෂණයට යන්නෙ
කඳුළු ගෑස් කන්නෙ ඒ උත්තේජනයෙන්.
ෆේස්බුක් එකේ පෝස්ට් වලට
ලයික් සිය ගණන් වැටෙන්නෙ
ඒ කල්ලි හැඟීම පිබිදුණාමයි.
සමීර සාලින්ද කාලෙක ඉඳලා
මේ හැඟීම අවුස්සනවා, සාර්ථකව.
ඉරාජ් තව එක්කෙනෙක්.
කවුරුත් දන්න තවත් අය ඉන්නවා.
රිපෝට් වෙනවා කිව්වාමත්
කල්ලි හැඟීමෙන් බුකිය පිබිදෙනවා.
මේ කල්ලි හැඟීම තාවකාලිකයි.
මල් වෙඩිල්ලක් වාගෙයි.
වේගයෙන් ඉහළ යන මල් වෙඩිල්ලක්
ඒ වේගයෙන්ම පත්තුවෙලා ඉවර වෙනවා.
ඊට පස්සෙ අලුවත් ඉතුරු වෙන්නෙ නෑ.
කල්ලි හැඟීම තාවකාලිකයි.
මේ ප්‍රවණතාවය දන්න, තේරෙන කෙනා
කල්ලි හැඟීමෙන් උත්තේජනය වෙලා
තල් අත්ත යට ඉඳලා හාවා දිව්වාට
ඌ පස්සෙ දුවගෙන යන්නෙ නෑ.
කල්ලි මානසිකත්වය, රංචු මානසිකත්වය,
රැළේ මානසිකත්වය, කණ්ඩායම් හැඟීම හෝ
සමූහ මානසිකත්වය - මේ සංකල්පයට
බොහෝ නම් තියනවා.
මේ සියල්ල එකම අදහසකට ගොනු වෙනවා.
විශාල කණ්ඩායමක මානසිකත්වයෙන්
පුද්ගලයන් මත පෙළඹීමක් ඇති වෙනවා.
ඔවුන් ඇති කරන මූලික හැඟීම
"අපේ අදහසට එකඟ අය
බොහෝ දෙනෙක් ඉන්නවා." කියන එකයි.
එම කණ්ඩායමට ඔබේ පන්තියේ,
ඔබේ අසල්වැසි ප්‍රදේශයේ හෝ
සමස්ත ජාතියේ පුද්ගලයන් ඇතුළත් වේද යන්න
කිසිසේත් නොසලකා,
කල්ලි මානසිකත්වය අත්විඳින්න පුලුවන්.
යොහානිගෙ සංසිද්ධියෙදි
ලංකාවයි ඉන්දියාවයි එකතු වුණා.
ක්‍රිකට් වලදිත් ඒක වෙනවා.
මුස්ලිම් විරෝධය බලවත් කාලෙ
පකිස්තානය-ඉන්දියාව තරඟ කාලෙට
ලංකාව ඉන්දියාවට පක්ෂයි.
පකිස්තානය-ලංකාව තරඟ කාලෙට
ඉන්දියාව ලංකාවට පක්ෂයි.
ඒ කල්ලි හැඟීමෙ පදනම මුස්ලිම් විරෝධය.
සිහියෙන් පසු නොවුණොත්...
මිනිසා කල්ලි හැඟීමට යටත්.
කල්ලියක් හදා ගන්න පුලුවන් අයට
සතුන් රැළක් වගේ ඒ කල්ලිය දක්කාගෙන
කැමති තැනක අරන් යන්න පුලුවන්.
ඒ කාලෙට කල්ලියේ ඉන්න හැම කෙනෙක්ම
ඒ හැඟීමට වහල්ලු.