20170728

ඉලංචේලියන් සියලු ජාතීන්ටම අයිති නෑ. සිංහල අපට ඔහු අයිති නෑ.


සැබෑ මිනිස් කමට පැහැදිලි අනන්‍යතාවයක් තියනවා..
සැබෑ නොමිනිස් කමට ජාතියක් ජන්මයක් නෑ

සරත් ප්‍රේමචන්ද්‍රගෙ මරණයෙදි
ඔහුගෙ පුද්ගලික හැඟීම් වලට ඉඩ දීමෙන්
අපේ රටේ ජාතීන් අතර සංහිඳියාවට
කිසිම විශේෂ මවාපෑමක් රංගනයක් නැතුව
මිනිස් සිත් සතන් වෙනස් කරමින් කළ සේවය
අපේ රටේ කිසිම දේශපාලන නායකයෙකුට
කරන්න නොහැකිවීම ඛේදවාචකයක්.

එවැනි මිනිස්කම් යමතමින් හෝ තිබුණ
යහපත් කම පිහිටපු දේශපාලනඥයන්
නරුම දේශපාලනඥයන්ගේ ගමනට
මහා නුග රුක් බෝ රුක් මෙන් කපා හෙලනු
අපි දැක තියනවා.

ඉලංචේලියන්ගෙ දේවත්වය දකින්න නම්
ඔහු මිනිසෙක් වීමෙන් දෙමළ ජාතියට කළ සේවය,
ඥාණසාර වැනි ජාතිවාදී ජාතියේ හතුරන්
අපේ ජාතිය ම්ලේච්ඡ ජාතියක් බවට
ලෝකයා ඉදිරියේ පත් කරන
නින්දා සහගත තත්වයත් සමග
සසඳා බලන්න අවශ්‍යයි.

සැබෑ නොමිනිස් කමට ජාතියක් ජන්මයක් නෑ.
හිට්ලර් ජර්මානුන්ට අයිති වස්තුවක් නොවෙයි.

වර්ගවාදයේ මානසික රෝගයෙන් පෙළෙන
සමස්ත මිනිස් වර්ගයාගේ පහත්ම ස්ථරයට අයත්
විශ්ව සාධාරණ පුද්ගලයෙක්,
හිට්ලර්

ඉලංචේලියන් වගේ මිනිස්සු එහෙම නෑ.
සැබෑ මිනිස් කමට පැහැදිලි අනන්‍යතාවයක් තියනවා..

ඉලංචේලියන් සියලු ජාතීන්ටම අයිති නෑ.
ඔහු ශ්‍රීලාංකිකයෙක් කියන්නවත් බෑ.
ඔහු දමිළ අනන්‍යතාවයෙන් යුතු මිනිහෙක්.
දමිළ ජාතියට අයත්
කලාතුරකින් හමුවෙන මිනිහෙක්.

ඔහු අපට අයිති නෑ.

ඔහුට නෑ කම් කියන්න තරම් මිනිස් කමක්
සිංහල ජාතියේ අපි තුළ නෑ.

ඔහු ළඟ තියන මිනිස් කම අපේ සිංහලයෙක් ළඟ
අංශුමාත්‍රයක් හෝ මම දැක්කා නම්
ඒ ප්‍රේමකීර්ති ළඟ විතරයි.

අපේ වාසනාවට ඔහු කවියෙක් වුණා.
ඒ නිසා ඔහු ඉතිරි කළ යමක්
අපට අයිති නැතත් අපිට උරුම වෙලා තියනවා.

ප්‍රේමකීර්තිත් මුවට වෙඩි තියා
අකාලයේ මරාදාපු ම්ලේච්ඡ ජාතියක් අපි.

1 comment:

  1. අපිට මහා පෞරුෂයක් තියනවා
    කියන ෆැන්ටසියෙන් මත්වුණ අයට
    දැක්කත් එකතු වෙන දෙයක් නෑ.
    මානසික රෝහලේ ඉන්න
    රාජසිංහ රජ්ජුරුවන්ගෙ සැබෑ පෞරුෂය
    ඔහුට පෙන්වන්න වෛද්‍යවරයාටවත් බෑ.

    අංගුලිමාලගේ සැබෑ පෞරුෂය
    ඔහු සොයා ගත්තේ බුදුන් වහන්සේ තුළින් නොවෙයි.
    තමා තුළින්මයි.
    බුදුන් වහන්සේ නිදර්ශනයක් වුණා.

    ඉලංචේලියන් තුළ
    අපි දකින්නේත් නිදර්ශනයක්.
    අපිට ඔහු පෙනෙන ප්‍රමාණයට
    ඔහු අපි තුළ ඉන්නවා.

    ReplyDelete