පාලිත තෙවරප්පෙරුමගේ සහන සේවා සත්කාරය
සත්කාර්යයක් ලෙස ජනතාව පිළිගන්නේ ඇයි.?
ඔහු සමාජ සේවයටම ජීවිතය කැප කරන
අපේ ඊනියා දේශපාලකයන්ගෙන් එකකු නිසාද?
අපේ ඊනියා දේශපාලකයන්
රජයෙන් ලද ගුවන් යානයකින් සරමින්
ගංවතුරේ අතරමං වී පියසි මත සිරවී
සීතලේ ගැහෙමින් නිරාහාරව වෙසෙන
දූ දරුවන් අහිමි මාපියන් පසු කරගෙන යමින්
යහමින් ගං වතුරේ සිරි නරඹද්දී
අගමැති ඇමරිකාවේ විවේක ගනිද්දී
තෙවරප්පෙරුම ගංවතුරේ බැසගෙන
ඔවුන්ගෙන් එකෙකු මෙන් ක්‍රියා කරමින්
පාවහන් සඟලක් හෝ නොමැතිව
සත්කාරය වර්ග නොකර අවශ්‍ය කවරක් වුවත්
තෝරා නොබේරා කළ අයුරු අප දුටුවෙමු.
හැමදාම විපක්ෂයට බලයට එන්නට
උඩින් හෝ යටින් ක්‍රියා කරන ජවිපෙ කල්ලිය
රතු තරුව සහන සේවා බලකාය නමින්
උග්‍ර වෙළඳ ප්‍රචාරණාත්මක මුහුණුවරකින්
ඔවුන් විසින්ම ගත් ඡායාරූප බුරුතු පිටින්
සමාජ ජාලවලට මුදා හරිමින්
විනෝද සංචාරවල යෙදෙන අයුරුද
අප දුටු වෙමු.
අද සිටින මාර්කටින් කින් කෙනෙකු වන ඉරාජ්
මෙවර සමන්ත හිමි වෙනුවට නාමල් සමග එක්වී
නාමල් වතුරට බැස බෝට්ටුව ඇදගෙන යද්දී
බෝට්ටුවට වී ගංවතුරේ සිරි නරඹන අයුරුත්
අප සංවේගයෙන් නැරඹුවෙමු.
කලින් ගැලූ ගංවතුර කාලයක
විශාල වෙළඳ ප්‍රචාරණයක් කරමින්
ගංවතුරට කොටුවී ලැබෙන කුමක් හෝ ගෙන
නිරාහාරව සිටින ජනතාව සඳහා
එක් වේලකට තරුපහේ ආහාරයක් දුන්
සංදර්ශන කාමයෙන් පෙළෙන
සමන්ත හිමි ඉරාජ්වත් සහයට නැතුව
ඈත පෙදෙසක වියළි ආහාර ටිකක් බෙදමින්
සිත සනසා ගන්නා අයුරු දුටුවෙමු.
පුද්ගලික රෝහලකට කවදාවත් නො එන
දුගී දුප්පත් අන්ත අසරණම රෝගීන් කොටස
සැලකිල්ලෙන් තෝරා බේරා වෙන් කරගෙන
ඔවුන් සඳහාම වෙන් වූ විශේෂ වර්ජන
මසකට එකක් දෙකක් කරන අතරතුර
පෞද්ගලික රෝහලේ චැනල් සේවයද කරමින්
වෛද්‍ය සිසුන් පිරිසකගේ ඉගෙනීම අහෝසි කරන්නට
රෝගීන් වෙනුවෙන් දිවා රෑ නොබලාම වෙහෙසෙන
පිරිසත් අන් අයට දෙවෙනි නොවී
ඔවුන් කොහොමත් කළ යුතු, වැටුපට කරන රැකියාව
අගනා සමාජ සේවයක් ලෙස හුවා දක්වන්නට
විවිධාකාරයේ බුද්ධිමත් ක්‍රියාමාර්ග වල
නිරතවී සිටින අයුරුත් අප දුටුවෙමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු
වහාම සිය නිවාඩු අවලංගු කරන ලෙස ඉල්ලා සිටියහ.
වෛද්‍ය සේවාවෙන් මිදී කාර්යාල වලට වී
සහන සේවා කළමනාකරණය සඳහා වෙහෙසුණහ.
කළ සේවා ෆේස්බුක් මගින් ප්‍රචාරණය කළහ.
අත ලෙවකන්නටවත් නැත්නම් මීයක් නොකඩන
එකෙකු වෙනුවෙන් නොව පරපුරම වෙනුවෙන් සටන් කරන
සිසු විරෝධී රවෛනි සංගම් වෛද්‍ය වරුන් ගැන
අගනාම විවරණය කළේ ඔවුන්ගෙන්ම කෙනෙකි.
"අපි මේ වෙලාවේ ජනතාවට සේවය කිරීම නිසා
අපට අවශ්‍ය වෙලාවට ඔවුන් අපට සහය වෙයි."
වැටුපක් සඳහා වැඩ කරන වෛද්‍යවරු
සරත් ෆොන්සේකාට කළ ප්‍රතිකාර කළ නිසා
බාහිර රෝගී අංශයට එන දුගීම රෝගීන්ට
ඔවුන් කරන සියයට පහේ වර්ජන වලට
සරත් ෆොන්සේකා උපකාර කළ යුතුයි සිතුවේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ
ප්‍රධාන පෙළේ සංවිධායකයෙකි.
ගංවතුර සමයේදීත් ඔවුන් සිහින මවන්නේ
වැටුපට කරන රැකියාව සහන සේවයක් මෙන්
ජනතාවට හුවා දක්වා ඒ මගින්
වෛද්‍ය සිසු විරෝධය සඳහා ප්‍රාණ ඇපයට
තවත් රෝගීන් කිහිප දෙනෙකු සපයා ගැනීමටය.
"මේ වෙලාවේ ජනතාවට සේවය කිරීම නිසා
අපට අවශ්‍ය වෙලාවට ඔවුන් අපට සහය වෙයි."
සිසු විරෝධී කඳවුරේ අරමුණ එයයි.
සුපුරුදු ලෙස ෆේස්බුක් සමාජ ජාලයද
වෙස්ගැන්වූ ප්‍රචාරණ උපක්‍රමවලින්
සැරසෙන අයුරුත් අප දුටුවෙමු.
ළඟ සිටින අනාථයෙක් සමග
ඡායාරූප සඳහාම වතුරට බසින සමාජ සේවා නිලධාරීන්,
තොල් පාට කරගෙන හොඳට ඇඳ පැළඳගෙන
යෙහෙළියන් සමග සෙල්ෆි ගසන යුවතියන්,
සත්තු වත්තේ ඇවිදින ආකාරයෙන්
ආපදාවට පත්වූ අය නරඹන්නවුන් අතර
හැමදාම මොකක් හෝ වරදක් අල්ලාගෙන
"තවත් නම් සමාජ සේවා නොකරන්නෙමි"යි
වෙනදා මෙන්ම මෙවරද සපථ කරන
ෆේස්බුක් සමාජ සේවකයින් දුටුවෙමු.
ගංවතුරේ බැසගෙන ලේ කඳුලු වැකි වතුරෙන්
තමන්ගේ නම, රැකියාව, සමාජ තත්වය,
අවම වශයෙන් ෆේස්බුක් පිටුව වත් ඔප දමන නිසා
කළ සේවයෙහි ඔපය ගංවතුරේ සේදී යද්දී
පාලිත තෙවරප්පෙරුම පමණක් වතුරේ බැසගෙන
කළ සේවය පිළිබඳව වචනයක් නොකියා
කාටවත් පෙන්වන්නට සෙල්ෆියක්වත් නැතිව
අපි දෙස නොබලා, අපි ගැන නොසිතා කළ සේවය
අපි අගය කරන්නෙමු.
සේවයක් කරන කෙනෙක් පෙරළා යමක් පැතීම
ඒ සේවාව රැකියාවක්, වෙළඳාමක් බවට
නිකරුණේ පත්කොට පහත හෙළමින්
එහි අගය දූෂණය කරන පළමු කිලුටයි..
වම් අතින් දෙන දේ
දකුණතට දැනගන්නට
ඉඩ නොතබන්න.
සත්කාර්යයක් ලෙස ජනතාව පිළිගන්නේ ඇයි.?
ඔහු සමාජ සේවයටම ජීවිතය කැප කරන
අපේ ඊනියා දේශපාලකයන්ගෙන් එකකු නිසාද?
අපේ ඊනියා දේශපාලකයන්
රජයෙන් ලද ගුවන් යානයකින් සරමින්
ගංවතුරේ අතරමං වී පියසි මත සිරවී
සීතලේ ගැහෙමින් නිරාහාරව වෙසෙන
දූ දරුවන් අහිමි මාපියන් පසු කරගෙන යමින්
යහමින් ගං වතුරේ සිරි නරඹද්දී
අගමැති ඇමරිකාවේ විවේක ගනිද්දී
තෙවරප්පෙරුම ගංවතුරේ බැසගෙන
ඔවුන්ගෙන් එකෙකු මෙන් ක්‍රියා කරමින්
පාවහන් සඟලක් හෝ නොමැතිව
සත්කාරය වර්ග නොකර අවශ්‍ය කවරක් වුවත්
තෝරා නොබේරා කළ අයුරු අප දුටුවෙමු.
හැමදාම විපක්ෂයට බලයට එන්නට
උඩින් හෝ යටින් ක්‍රියා කරන ජවිපෙ කල්ලිය
රතු තරුව සහන සේවා බලකාය නමින්
උග්‍ර වෙළඳ ප්‍රචාරණාත්මක මුහුණුවරකින්
ඔවුන් විසින්ම ගත් ඡායාරූප බුරුතු පිටින්
සමාජ ජාලවලට මුදා හරිමින්
විනෝද සංචාරවල යෙදෙන අයුරුද
අප දුටු වෙමු.
අද සිටින මාර්කටින් කින් කෙනෙකු වන ඉරාජ්
මෙවර සමන්ත හිමි වෙනුවට නාමල් සමග එක්වී
නාමල් වතුරට බැස බෝට්ටුව ඇදගෙන යද්දී
බෝට්ටුවට වී ගංවතුරේ සිරි නරඹන අයුරුත්
අප සංවේගයෙන් නැරඹුවෙමු.
කලින් ගැලූ ගංවතුර කාලයක
විශාල වෙළඳ ප්‍රචාරණයක් කරමින්
ගංවතුරට කොටුවී ලැබෙන කුමක් හෝ ගෙන
නිරාහාරව සිටින ජනතාව සඳහා
එක් වේලකට තරුපහේ ආහාරයක් දුන්
සංදර්ශන කාමයෙන් පෙළෙන
සමන්ත හිමි ඉරාජ්වත් සහයට නැතුව
ඈත පෙදෙසක වියළි ආහාර ටිකක් බෙදමින්
සිත සනසා ගන්නා අයුරු දුටුවෙමු.
පුද්ගලික රෝහලකට කවදාවත් නො එන
දුගී දුප්පත් අන්ත අසරණම රෝගීන් කොටස
සැලකිල්ලෙන් තෝරා බේරා වෙන් කරගෙන
ඔවුන් සඳහාම වෙන් වූ විශේෂ වර්ජන
මසකට එකක් දෙකක් කරන අතරතුර
පෞද්ගලික රෝහලේ චැනල් සේවයද කරමින්
වෛද්‍ය සිසුන් පිරිසකගේ ඉගෙනීම අහෝසි කරන්නට
රෝගීන් වෙනුවෙන් දිවා රෑ නොබලාම වෙහෙසෙන
පිරිසත් අන් අයට දෙවෙනි නොවී
ඔවුන් කොහොමත් කළ යුතු, වැටුපට කරන රැකියාව
අගනා සමාජ සේවයක් ලෙස හුවා දක්වන්නට
විවිධාකාරයේ බුද්ධිමත් ක්‍රියාමාර්ග වල
නිරතවී සිටින අයුරුත් අප දුටුවෙමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු
වහාම සිය නිවාඩු අවලංගු කරන ලෙස ඉල්ලා සිටියහ.
වෛද්‍ය සේවාවෙන් මිදී කාර්යාල වලට වී
සහන සේවා කළමනාකරණය සඳහා වෙහෙසුණහ.
කළ සේවා ෆේස්බුක් මගින් ප්‍රචාරණය කළහ.
අත ලෙවකන්නටවත් නැත්නම් මීයක් නොකඩන
එකෙකු වෙනුවෙන් නොව පරපුරම වෙනුවෙන් සටන් කරන
සිසු විරෝධී රවෛනි සංගම් වෛද්‍ය වරුන් ගැන
අගනාම විවරණය කළේ ඔවුන්ගෙන්ම කෙනෙකි.
"අපි මේ වෙලාවේ ජනතාවට සේවය කිරීම නිසා
අපට අවශ්‍ය වෙලාවට ඔවුන් අපට සහය වෙයි."
වැටුපක් සඳහා වැඩ කරන වෛද්‍යවරු
සරත් ෆොන්සේකාට කළ ප්‍රතිකාර කළ නිසා
බාහිර රෝගී අංශයට එන දුගීම රෝගීන්ට
ඔවුන් කරන සියයට පහේ වර්ජන වලට
සරත් ෆොන්සේකා උපකාර කළ යුතුයි සිතුවේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ
ප්‍රධාන පෙළේ සංවිධායකයෙකි.
ගංවතුර සමයේදීත් ඔවුන් සිහින මවන්නේ
වැටුපට කරන රැකියාව සහන සේවයක් මෙන්
ජනතාවට හුවා දක්වා ඒ මගින්
වෛද්‍ය සිසු විරෝධය සඳහා ප්‍රාණ ඇපයට
තවත් රෝගීන් කිහිප දෙනෙකු සපයා ගැනීමටය.
"මේ වෙලාවේ ජනතාවට සේවය කිරීම නිසා
අපට අවශ්‍ය වෙලාවට ඔවුන් අපට සහය වෙයි."
සිසු විරෝධී කඳවුරේ අරමුණ එයයි.
සුපුරුදු ලෙස ෆේස්බුක් සමාජ ජාලයද
වෙස්ගැන්වූ ප්‍රචාරණ උපක්‍රමවලින්
සැරසෙන අයුරුත් අප දුටුවෙමු.
ළඟ සිටින අනාථයෙක් සමග
ඡායාරූප සඳහාම වතුරට බසින සමාජ සේවා නිලධාරීන්,
තොල් පාට කරගෙන හොඳට ඇඳ පැළඳගෙන
යෙහෙළියන් සමග සෙල්ෆි ගසන යුවතියන්,
සත්තු වත්තේ ඇවිදින ආකාරයෙන්
ආපදාවට පත්වූ අය නරඹන්නවුන් අතර
හැමදාම මොකක් හෝ වරදක් අල්ලාගෙන
"තවත් නම් සමාජ සේවා නොකරන්නෙමි"යි
වෙනදා මෙන්ම මෙවරද සපථ කරන
ෆේස්බුක් සමාජ සේවකයින් දුටුවෙමු.
ගංවතුරේ බැසගෙන ලේ කඳුලු වැකි වතුරෙන්
තමන්ගේ නම, රැකියාව, සමාජ තත්වය,
අවම වශයෙන් ෆේස්බුක් පිටුව වත් ඔප දමන නිසා
කළ සේවයෙහි ඔපය ගංවතුරේ සේදී යද්දී
පාලිත තෙවරප්පෙරුම පමණක් වතුරේ බැසගෙන
කළ සේවය පිළිබඳව වචනයක් නොකියා
කාටවත් පෙන්වන්නට සෙල්ෆියක්වත් නැතිව
අපි දෙස නොබලා, අපි ගැන නොසිතා කළ සේවය
අපි අගය කරන්නෙමු.
සේවයක් කරන කෙනෙක් පෙරළා යමක් පැතීම
ඒ සේවාව රැකියාවක්, වෙළඳාමක් බවට
නිකරුණේ පත්කොට පහත හෙළමින්
එහි අගය දූෂණය කරන පළමු කිලුටයි..
වම් අතින් දෙන දේ
දකුණතට දැනගන්නට
ඉඩ නොතබන්න.
=======================================
අමිල අදිකාරම්ගේ සටහනක්...
මෙකී මිනිසා ගැන රටම දැනගන්නේ මෑතකය. හේ පෙරළිකාර චරිතයක් වන අතර කල කී දෑ බොහෝ විට මතබේදයට තුඩු දුන්නක්ම විය. මතුගම දොඩම්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන ඔහු මගේ මතකයේ මුල්වරට ගැටෙන්නේ එක්දහස් නවසිය අනූ ගණන් වල අගභාගයේදීය. ඒ එක් දිනක් මා පාසල් යනවිට සිදුවූ සිදුවීමක් නිසාය.
ඒ දවස්වල අපි පුරුද්දට මෙන් පාසලට යන්නේ පාන්දර හතට පමණය. ඒ මිතුරු ඇසුරේ සේම පෙම් ඇසුරේද ලගින්නටය. ඒ ඒ කාලේ හැටිය. එක් දිනක් උදේ හතට පමණ ටවුමෙන් බහින විට ඔරලෝසු කණුව අසල බෝඩ් එකේ උන් මිනිසා කලිසමද නවාගෙන කුණු කාණුවක බැස කුණු ගොඩ දාන ගමන්ය. ඒ අසල ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දෙදෙනෙක්ය. උන්ද කුණු වතුර නාගෙනය. එසේ කාණුව ගොඩ දාන ගමන් මේ මිනිසා උන්ගෙන් අසන්නේ
“කියහල්ලා, සනීපද දැන් සුවඳද මේ කුණු?”
‘නෑ සර්’
“ඒක තමයි තොපිට කියන්නේ. මෙන්න මෙහෙම කාණු සුද්ධ කරපිය. මේව උතුරලා ගලනකොට මේ මඩ නාගන්නේ ඉස්කෝලේ ළමයි. උන්ට සුදුවට ඉස්කෝලේ යන්න දීපියව්”
මට මේ මනුස්සයා ගැන එදා මහා ආඩම්බරයක් දැනින. හේ පාලිත තෙවරප්පෙරුම නම් විය. මම මේ වග ගෙදර ගියවිට තාත්තා එක්ක කිවුවෙ තව යමක් දැන ගත හැකිවේ යැයි විශ්වාසයෙනි.
“ලොක්කා…එයා ඕ බී කෙනෙක් අපේ ඉස්කෝලේ. මට වඩා ජූනියර් ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙත් ටිකක් නහර කාරයා. චණ්ඩි අයියා කියල තමයි හැමෝම කියන්නේ.හැබැයි හොඳ මිනිහෙක්. ප්‍රාදේශීය සභාවේ සභාපති”
මතුගම ආනන්ද ශාස්ත්රාලයේ එවකට ශිෂ්‍යකුව උන් මට මෙය මහත් අභිමානයක් විය. එක අතිකින් චණ්ඩියෙකි. එක අතකින් හොඳ මිනිසෙකි. එදා මට හිතුනේ මේ චරිතය පොඩ්ඩක් ෆලෝ කරා නම් හොඳයි යන්නය.
තවත් එක් දිනක් පාසල් යනවිට ඔහු ට්‍රැක්ටර් ඩ්‍රයිවර්ගේ භූමිකාවේ යෙදී උන්නේය. අදත් මොකක් හෝ සිදුවී ඇත. පාසලට පොඩ්ඩක් පරක්කු උනත් මෙය බලා යා යුතුයි යන්න ඉටාගෙන තරමක් දුරින් රැඳී උන්නේය. ටික වේලාවකින් ඔහු අප සමීපයට ආවේය.
“දරුවෝ මොකද කරන්නේ. ඉස්කෝලේ යන්න ආවානම් ඉස්කෝලෙට යන්න ටවුමේ ඉන්නේ නැතුව. ඔයාට ඉස්කෝලයක් නැද්ද” ඒ පැනය මා මිතුරාටය.
‘ආනන්දේ’
“කෝ යකෝ බැජ් එක”
මිතුරා නිහඬව උන්නේය.
“පුතා තමන්ගේ ඉස්කෝලේ බැජ් එක ගහන්න ලැජ්ජ වෙන්න එපා.”
එවිටම වාගේ ට්‍රැක්ටරයේ රියදුරු එතැනට ආවේය. ට්‍රැක්ටරයෙන් බැස්ස සභාපතිවරයා ඩ්‍රැයිවර්ට දෙකක් ඇන කුණු ට්‍රැක්ටරයටම උස්සා දැමුවේය.
“බිව්වට කමක් නෑ යකෝ, වෙලාවට වැඩට එන්න දැනගන්න ඕනේ. තොපිට මං කියල තියෙනවා ටවුමට ඉස්කෝලේ ළමයි එන්න කලින් ටවුම් සුද්ධ කරන්න කියලා”
කුණු ටිකත් එක්කම ඔහුවද රැගෙන ගියේය. ඒ ඩ්‍රැයිවර් පාලිත තෙවරප්පෙරුම නම් විය. මතුගමට අපිට චණ්ඩි අයියා විය.
එකී මිනිසා ප්‍රාදේශීය සභාව තුල බොහෝ සේවයක් කලේය. එතැනින් පළාත් සභාවට ගියේය. එතනින් පාර්ලිමේන්තුවටය. අදත් ඔහු පාර්ලිමේන්තුවේය. ඒ පරිපූරක ඇස්තමේන්තු සකස් කරන්නට නොව ජනතා අයිතිය වෙනුවෙන් කතා කරන්නටය. එදා සිට අද දක්වාම දන්න කියන තැනක මල ගෙදරකට මඟුලකට යන්නේ පක්ෂ පාට බේදයකින් තොරවය. පෝසතාගේ සිට හිඟන්නා දක්වා වූ සෑම මලගෙයකම බොහෝ වෙලාවක් ගත කර ඔවුන්ට හැකි අයුරින් උදව් කරන මේ අපූරු මිනිහා ඒ කලේ හදවතින්මය. කවුරුන් හෝ එය දේශපාලන වාසියක් සඳහා කරන්නක් යැයි තර්ක කරනවා නම් මම ඊට විරුද්ධ වෙමි. මන්ද ඔහුට මනාප ඕනෑවටත් වඩා තිබේ. බොහෝ බලගතු දේශපාලන චරිත රැසක් රජ කරන කළුතර දිස්ත්‍රික්කයේ මුල් දෙතුන් දෙනා අතර මනාප සමඟ වැජඹෙන්නට මොහුට හැකිවන්නේ ජනතා මනාපය ලබාගෙන අවසන් නිසාවෙනි.
දරුවන් පාසලට ගන්නා තුරු හේ ඒ ගැටුම තුලම විය. කාට හෝ අසාධාරණයක් වූ විට එය සාධාරණීකරණය වෙන තෙක්ම ඒ වෙනුවෙන් සටන් කිරීම ඔහුගේ පුරුද්දයි. අසාධාරණය වෙනුවෙන් එරෙහි වීම පුරුද්දට වඩා ගතියක් වී ඇත.
එක් ඡන්ද සමයෙක විරුද්ධ පාක්ෂිකයන් කොඩි දමමින් මැතිවරණ සටන කරනා අතර එකෙක් චණ්ඩි අයියාගේ ගේ ඉස්සරහා ලයිට් කණුවේ තිබූ කොල කොඩිය කපා ඒ වෙනුවට වෙනත් වර්ණ කොඩියක් දැමුවේය. මෙය දුටු චණ්ඩියාට අසූහාර දාහට තද විය. තෙවරප්පෙරුම උවද තෙවරක් පෙරුවේ නැත. ලයිට් කණුවේ උන් එකාව අල්ලා ගැටගැසුවේය. එවන් දේවලද අතීතයේ නැතුවාම නොවේ. නමුත් ඒ උරණ වීම් පළිගැනීමට නොව එරෙහි වීමටය. පළිගැනීම් සම්බන්ධව දැනුවත් වී නැත. දේශපාලනයේ එහෙම කතාද නැතුවාම නොවෙන තැනක මං ඒ වගක් නම් දන්නේ නැත.
වරෙක මා මිතුරකු විවාහකව සිට තවත් කාන්තාවක් රැවටුවේය. ඒ විවාහ කරගන්නා බවට ගිවිස්නා දීමෙනි. බඩට දරුවෙක්ද ආ කල ඇයව අතහැරිය මා මිත්‍රයා අතුරුදන් විය. ඇය වස පානය කොට උපන්නට උන් දරුවාද සමඟ මියගියාය. මෙම මලගෙදරට පැමිණි චණ්ඩි අයියා ගෙදර අයට පොරොන්දු වූයේ මේ අපරාධයට වගකිව යුත්තා සමඟ එන බවය. එසේ කියුවා සේම දස අතේ සොයා ලණුවක ගැටගසා ඔහු රැගෙන ආවේය. මිනිය ලඟ දණ ගැස්වූවේය. එතැන මා ද උන් නිසාවෙන් මෙසේ කියමි. අවාසනාවට එකල ස්මාට් ෆෝන් නොවුනු නිසාවෙන් මේ කිසිවක පිංතූර නැත. පිංතූර වල පෙනී හිටින්නට ඔහුට කිසිවිටෙක උවමනා නොවීය. සමාජයේ බැබලෙන්නට ඔහුට උවමනා නොවීය. ඒ පාලිත තෙවරප්පෙරුම නම් මිනිසාය.
පහුගිය දා මහා ගංවතුරේ සරමත් කැහැපොට ගසාගෙන අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ඔහු පාරට බැස්සේය..වතුරට බැස්සේය. මඩේ ලැග්ගේය. එය කවුරුන් හෝ ඡායාරූපගතකොට වීඩියෝ කර පලකර තිබුනි. ඒ හරහා පාලිත තෙවරප්පෙරුම චරිතය ගැන කතිකාවක් යලිත් ඇතිවූ අතර සමහරු ඔහු ගැන ගුණ වයන්නට විය. සමහරෙක් ඔහුට විරුද්ධ විය. මනාප වූවෝ බොහෝ වෙනකොට සමහරෙක් අගුණ කියන්නට විය.
සමහරෙක්ට කැහැපට ගහපු සරම වැරදිය
තවකෙක්ට පිංතූර දැම්ම එක වැරදිය.
තව කොටසක් කිවුවේ මේ දේශපාලන නාටකයක් බවය.
ඉතින් මම කියන්නට කැමැත්තෙමි. ඔහු දේශපාලනයට ආ දා සිට සරම කලිසම කොයිකත් ඇන්දේය. ගංවතුරකදී විපතකදී ටයි කෝට් වෙනුවට සරමට ෂෝටට බැස ගමට ආ එකෙකි. දේශපාලන නාටකයන් නම් අපි සැවොම එක්ව රඟන නාටකයක් වන් අතර ඔහුද කොටස්කරුවෙකි ඔබ මා සේම. එසේම අනූ ගණන් වල දෙදහසේ මුල් කාලයේද ඔහු කටයුතු කලේද මෙලෙසමය. එකල පිංතූර ගත්තේ නැත. නමුත් මේ මනුස්සයා ක්‍රියා කලේ මෙලෙසමය. ඒ බවට මම වග කියමි.
කාට හෝ අවැසි නම් මට ගල් ගැසිය හැක. මම ඊට උරණ නොවෙමි. මන්ද මහා ගල් පර්වතද මා හිස මතට හෙලා ඇති නිසාවට සමහරෙක් ගසනා ගල් වලට පුංචි කිචියක් දැනෙන්නට පුලුවන. එසේම නුඹලා එහෙන් මෙහෙන් අසනා කතාවලට වඩා මා දෑසින් දුටු දේ මම විශ්වාස කරමි. වසර ගණනක ඇසුරේ හිඳ මා ලද අත්දැකීම් මත මම මගේ හෘද සාක්ෂිය විශ්වාස කරමි.
දැන් කාට හෝ ඇඟිල්ල දිගු කල හැකිය. මා ඔහු වෙනුවෙන් කඩේ යන බවට. මගේ පිළිතුර ඔව් යන්නය.
මනුස්සකමේ නාමයෙන් මම ඔහුට කඩේ යමි. නමුත් ඔහුත් මමත් කිසිදාක නොගැලපුනු තැනක් විය. එනම් දේශපාලනයයි. ඔහු කොළට බර වෙනවිට මම රතට නිලට බරවිය. ඉතින් අපි දේශපාලනය හැර අනෙක් හැම තැනකදීම මුහුවිය. ජීවිතයේ ප්‍රතම වරට මම ඔහු වෙනුවෙන් ඡන්දයක් දුන්නේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වුවත් මෙවන් මනුස්සයෙකු පාර්ලිමේන්තුව තුල සිටිය යුතු බැවිනි.
අවසන්ය ඒ වග… ආඩම්බරය මම..ඒ ඔහු මා පාසලේ..මා නගරයේ වීම නිසා නොව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
ජනතා නායකයකු සමඟ ඇසුරු කරන්නට ලැබීම නිසාය. චිරං ජයතු….මනුස්සකමේ නාමයෙන්
අමිල අදිකාරම්
This comment has been removed by a blog administrator.
ReplyDeleteමමත් මුල ඉඳලම මේ මනුස්සයාගේ හොඳ දැක්ක.. අපි පුදුම වෙන්න ඕනි මෙහෙම එකෙක් ගැන නොවෙයි මෙහෙම වෙන්න බැරි අනික් උන් දෙසිය විසි ගානක් ඉන්න එක ගැනයි..
ReplyDeleteමම නායකයෙක් කියල පිළිගන්නෙ
ReplyDeleteජේ ආර්ගෙ වගේ කූඨ බුද්ධියකුත්
ඒ බුද්ධිය ජනතා සුව සෙතට යොදවන්න
තෙවරප්පෙරුමට වගේ උවමනාවකුත් තියන නායකයෙක්.
බුද්ධිය තියන අය මුදලට වහල් වීමෙන්
සේවයට උවමනාව නැති වෙලා යනවා.
තෙවරප්පෙරුමට සමාජය වෙනස් කරන්න බෑ.
ReplyDeleteසමාජයෙ ඉන්නෙ,
මන්ත්‍රීවරු පත් කරන්නෙ
තෙවරප්පෙරුම වගේ මිනිස්සු නොවෙයි
ඉතුරු 224 වගේ මිනිස්සු.
ඔවුන් පත් කරගන්නෙ තමන් වගේම කෑදර
බලය අයුතු ලෙස භාවිතා කරන
හොරකම් කරන වංචාකරන බොරු කියන
තමන් වගේම මිනිස්සු.
තෙවරප්පෙරුමලා 225ක් හදාගන්න නම්
තෙවරප්පෙරුම වගේ ඡන්ද දායකයො ඉන්න ඕන.
තෙවරප්පෙරුමගෙ වෙනස....
ReplyDeleteඔහු ගංවතුර දැකලා වෙනස් වුණ කෙනෙක් නොවෙයි..
ඔහු කළේ ඔහු හැමදාම කරපු දේමයි.
ඔහු හෙටත් පුරුදු විදියට ඒ දේ කරගෙන යද්දි
ගංවතුරට වෙනස් වුණ මිනිස්සුත් හෙට අනිද්දට
තමන් කරමින් හිටපු දේවල් වලට යොමුවෙයි.
හෙට දුප්පත් ජනතාවට එරෙහිව වර්ජන කරන්නෙත්
අද ඔය සේවය කරන මිනිස්සුමයි.