සත්තුවත්තෙදි ගත්තට
කුරුල්ලෙක් පියාසර කරන්න හදනවා නෙමෙයි..
කුරුල්ලෙක් පියාසර කරන්න හදනවා නෙමෙයි..
අපට කෙනෙක් කරන වරදකදි
පෙරළා ඔහුට වරදක් නොකර ඉවසීම එකක්.
ඒක ඉතාම හොඳ ගුණයක්.
ඒත් තව කෙනෙක් කරන
ඉතාම සුළු වරදක් හෝ
වරදක් විදියට නොදැක ඉවත දැමීම
එසේ කරන කෙනාටත්
ඔහුට සවන්දෙන සමාජයටත් කරන වරදක්.
පුංචි සාමණේර නමක්
චණ්ඩ අධිරාජයෙක් දමනය කරලා
මහාද්වීපයකට ධර්මය බෙදන
ධර්මානුකූල අධිරාජයෙක් බවට පත් කළා.
ඒ සිදුවීම ලංකාව බුරුමය ආදී
බොහෝ රටවල ඉතිහාසය වෙනස් කළා.
ඒ සත්ක්‍රියාව
කුඩා සාමණේර නමකගේ ක්‍රියාවක් කියා
ඉවත නොදැමිය හැකි සේම
සාමණේර නමකගේ හැම ක්‍රියාවක්ම
සැලකිය යුතුයි.
මේ දෙපෙත්තෙන් පෙනෙන්නෙ
අනාගතයේ හැදෙන ගහ තමයි.
මගේ දරුවෙක් හොරකමක් කළොත්,
බොරුවක් කිව්වොත්
මම ඔහුට සලකන්නෙ වරදක් කළ
වැරදි කරුවෙකුට සලකන ආකාරයෙනුයි.
ඔහු මගේ දරුවා වීම
ඔහුට දඬුවම් දීමට නිදහසක් විනා
ඔහු නිදහස් කිරීමට නිදහසක් නෙමෙයි.
ඔහු කුඩා වරදකින් එහි බරපතල කම
තේරුම් ගතොත් ඔහුට ඒක ලාභයක්.
වරදක් දිහා වරදක් විදියට බලන්නෙ
තමන් වැරදි නොකළ යුතුයි
කියා හිතන මිනිස්සු.
වරද කරල නිදහස්වෙන්න හෝ නිදහස් කරන්න
වැරදි වල ප්‍රමාණය මනින්නෙ
වැරදි කරන්න ලැජ්ජා බය නැති මිනිස්සු.
ඔබ වැරදිකරුවෙක් නිදහස් කරන කොට
ඔබ කොයි වගේ කෙනෙක්ද කියල
හඳුනාගන්න පුලුවන්..
ඔබේ දෙමව්පියන් කොයි වගේද,
ඔබේ දරුවන් කොයි වගේ වෙයිද කියලත්
හිතාගන්න පුලුවන්.
මගේ ළඟ තියන බොහෝ වැරදි
මගේ දෙමාපියන්ගෙන් ලද උරුමයන්.
මම ඒ වැරදි, වැරදි විදියට දැකල
හදාගත්තෙ නැත්නම්
ඒ වැරදි ඊළඟට කරන්නෙ
මගේ දරුවන්.
මා ඊට වගකිවයුතුයි.
තව කෙනෙක් ඔබට කරන වරදෙදි
ඉවසන්න.
ඒත් වරදක් ප්‍රමාණාත්මකව බලල
ඒකට කමක් නැහැ කිව්වොත්
ඔබ ඒ වරද ඔබේ ජීවිතයට
එකතු කරගත්තා වෙනවා.
එහෙම නැත්නම් දැනටත්
ඔබ ඒ වරද කරනවා.