20130204

ක්ෂණික මගඵල..............

බුදුන් වහන්සෙ ළඟ
ක්ෂණිකව මගඵල ලැබූ අය
සසරෙ කල්ප ලක්ෂ ගණන්
විදසුන් වඩමින් පෙරුම් පිරූ අයයි.

ගාථා පද දෙකක් අහලා සෝවාන් වුණ උපතිස්ස
අගසව් වෙන්න නියත විවරණ ලබන කොටත්
70,000ක් ගෝලයො ඇතුව
විදසුන් වඩමින් හිටිය
දහම් ගුරුවරයෙක්.

නියත විවරණ ලැබීමෙන් පසුව
විදසුන් වඩමින්
ඔහු සසරෙ පෙරුම් පිරූ කාලය
බෝසතාණන් වහන්සෙ පෙරුම් පිරූ කාලයෙන්
හතරෙන් පංගුවක්.

සෝපාකලා සුනීතලාත්
කල්ප ලක්ෂ ගණන්
විදසුන් වඩමින්
පෙරුම් පුරන්න ඇති.

ගහක් එක පොරෝ පහරෙන් වැටෙන්න පුලුවන්.
එතනට වෙනතුරු කපල තියෙන්න ඕන.
ඔරුවෙන් එලියට අඩියක් තියල
එගොඩ වෙන්න පුලුවන්.
ඔරුව එගොඩටම ඇවිත් තියෙන්න ඕන.

කාගේ හරි සිවුරු පොටක එල්ලිලා
එක අඩියට ගොඩ වෙන්න බලාගෙන
ඔරුව වතුරටවත් නොදා ඉන්න අයට
මේ බුද්ධෝත්පාද කාලෙ
ඒ අවස්ථාවත් මග හැරෙනවා.


No comments:

Post a Comment