20170226

මෝහයෙන් විදසුනට


විශුද්ධි මාර්ගයට අනුව
සමථ භාවනාවක් විදියට
ආනාපාන සතිය වඩන්න පටන් ගත් කාලෙ
පැය දෙක තුන ශූන්‍ය සිතින් ගතකරල තියනවා.
විතක්ක විචාර නැති වෙලා ගිහින්
හිතට ප්‍රීතිය තිබුණත්, කයට සුඛය තිබුණත්
මළ කඳක් මෙන් මෝහයෙන් ජීවත් වීම
මේ ජීවිතය නාස්ති කිරීමක් කියා හිතුණ නිසා
වසර පහක් හයක් තිස්සෙ හොයලා
විපස්සනා හොයා ගත්තා.
වැඩූ මෝහයේ ප්‍රබල බව 
පළමු විපස්සනා පාඨමාලාවේදීම වැටහුණේ
කය නොදැනෙන විදියට, කය පුරා දැනෙන
අදුක්ඛමාසුඛ වේදනා දකින විටයි.
සමථ භාවනාවකින්....
නීවරණ යටපත් කරමින් ලබන
විතක්ක විචාර රහිත, ප්‍රීති සුඛ සහිත
මෝහයෙන් පසුවීමේ උපේක්ෂාවට වඩා
රාග, ද්වේශ, මෝහ කැළතී
පංච නීවරණයෙන් සිත සැලෙද්දී
කාය වේදනා මට්ටමෙන්
ඒ වෙනස්කම් සිහියෙන් දකිමින්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් වෙසෙනවිට
මේ මොහොත විඳ පසක් කිරීමෙන්
පහළ වෙන ප්‍රඥාව
සසර ගමනට පහනක්.

No comments:

Post a Comment