20160528

විදර්ශනාව බෞද්ධයාට අනිවාර්යයි..


1,
සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ඤාණයයි.
2,
චතුරාර්ය සත්‍ය ඤාණය තුළ ඇති
පිළිවෙත් මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
3,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඇති
පිළිවෙත් මග
නිවනට ඒකායන මාර්ගය ලෙස
බුදුන් වහන්සේ සඳහන් කළ
සතර සතිපට්ඨානයයි.
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් නොකරන
කිසිම කෙනෙකුට
තමා බෞද්ධයෙක් යැයි
හඳුන්වා ගත හැකිද?
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන්
එකක් පමණක්, දෙකක් පමණක් නොව
හතක් පමණක් හෝ
අනුගමනය කරන කෙනෙකුට
” මම ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් කරන්නෙම්” යැයි
සපථ කළ හැකිද?
ආර්ය අශ්ඨාංගික මාර්ගය
“අශ්ඨාංගික” මාර්ගයකි.
අශ්ඨාංගික මාර්ගයක්
ඒකාංගික, ද්වාංගික…හෝ
සප්තාංගිකද හෝ විය නොහැක.
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් කරන කෙනෙකු නම්
අනිවාර්යයෙන්ම
සම්මා සතිය
එනම් විදසුන වැඩිය යුතුය.
ආර්ය අශ්ඨාංගික මාර්ගය
බෞද්ධයා ජීවත් වන
රටාවයි.
ඒ ජීවන රටාව තුල
සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කිරීමට
සෝ තැවුල් ඉක්මවා යාමට
දුක් දොම්නස් නිවී යාමට
ප්‍රඥාව තියුණු වීමට
නිවන් දැකීමට
ඇති එකම මග
සම්මා සතියයි.
  • සම්මා සතිය
1,
සත්වයාගේ විශුද්ධියට,
2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3,
දුක් දොම්නස් අස්තංගත වීමට
4,
ප්‍රඥාව ඉහළ යාමට
5,
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
කවර වූ සතරෙක්ද?
___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

No comments:

Post a Comment