20160302

සීලය ඇති තැන ප්‍රඥාව තියනවා.



තව කෙනෙක් මරන්න
ද්වේශයෙන් පිහිය උස්සන කෙනෙක්
ශීලයේ පිහිටලා
පිහිය පැත්තකට දැම්මොත්
ඒ මොහොතෙ ඔහු ඉන්න තත්වය වැරදි බව
ඔහුට පෙනෙන නිසයි..
ඔහු අනෙක් තැනැත්තා මරන්න හේතුවුණ
කැළඹුණ මානසිකත්වය ඔහු දකිනවා.
ඔහුට ප්‍රඥාව පහළ වෙන්නෙ එහෙමයි.

සකුළුදායි සූත්‍රය.
"යත්ථ සීලං තත්ථ පඥ්ඥා
යත්ථ පඥ්ඥා තත්ථ සීලං"
මෙහි සීලය පළමුව තිබිය යුතුයි.

යත්ථ සීලං තත්ථ පඥ්ඥා
සීලය ඇති තැන ප්‍රඥාව තියනවා.

යත්ථ පඥ්ඥා තත්ථ සීලං
ඒ ප්‍රඥාව නිසා සීලය රැඳෙනවා.
ඊළඟ වාරෙ ඔහු පිහිය ගන්නෙවත් නෑ.

පොතපතෙන් ඉගෙන ගැනීම ප්‍රඥාව නොවෙයි..
ප්‍රඥාවට එක මාර්ගයයි තියෙන්නෙ.
එකායනො අයං භික්‌ඛවෙ මග්‌ගො
ඤායස්‌ස අධිගමාය,
යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.

ශීලය රකින තැනැත්තා
ශීලය රකින මොහොතෙ
සිහිය පහළ වෙනවා...
ඔහු තුළ තියන රාගයට හෝ ද්වේශයට
උපේක්ෂාව ඇතිවෙනවා.
ඒ මොහොතෙ ඔහු තුළ
සියුම්ව පවතින්නෙ
විදර්ශනාවයි.

ඔහුට විදසුන ශීලයක්, වතක්..
සෝවාන් වෙනතුරු
සිල් රැකීම සහ වත්  පිරීම කළයුතුයි.

සිල් රැකීම සහ වත් පිරීම
සොවාන් වෙනතුරු කල්දාලා
පව්කාර ජීවිත ගත කරන අය
ධර්ම මාර්ගයෙ යන අය නොවෙයි.

ශීල සමාධි ප්‍රඥා
මොහොතක් පාසා පිරිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා
පාද තුනක අසුනක් වගෙයි.
එක පාදයකින් අදින විට
අනෙක් පාද දෙකත් එනවා.

ශීල සමාධි ප්‍රඥා
එකක් වඩන විට 
අනෙක් දෙකත් වැඩෙනවා.

No comments:

Post a Comment