ඔබ කළ යුත්තේ අත්හැරීම නොවෙයි..
අල්ලා නොගැනීමයි.
මනසින් ගන්නා තීරණයක් මත අත්හැරීමෙදි
ඔබ තුළ ද්වේශය තියනවා.
මනසින් ගන්නා තීරණයක් මත අත්හැරීමෙදි
ඔබ තුළ ශීලය හා සමාධිය ඇතිවෙයි.
ඒත් ප්‍රඥාව වැඩෙන්නට නම්
ඔබ තවත් පියවරක් තැබිය යුතුයි..
ඔබ යමක් අල්ලා ගැනීමෙදි
සැබැවින්ම තණ්හාව ඇති වන්නේ
බාහිර වස්තුවට නොවෙයි.
තණ්හාව ඇති වන්නේ
බාහිර වස්තූන් ස්පර්ශ වීම නිසා
අප තුළ ඇතිවෙන උත්තේජනයටයි.
ඵස්ස පච්චයා වේදනා
පසිඳුරන්ගේ හෝ මනසෙහි ස්පර්ශ වෙන අරමුණු වලින්
අප තුළ ඇතිවෙන ජෛව රසායනික වෙනස් වීම
ප්‍රිය වේදනාවක්, අප්‍රිය වේදනාවක් හෝ
ප්‍රිය, අප්‍රිය දෙකටම නැති වේදනාවක් ලෙස
අපට දැනෙනවා.
අපි කැමති හෝ අකැමති වෙන්නෙ ඒ වේදනාවටයි.
ස්පර්ශයෙන් කරන්නෙ වේදනාවක් පහළ කිරීමයි.
අප තුළ තණ්හාව ඇතිවෙන්නෙ
වේදනාවටයි.
වේදනා පච්චයා තණ්හා.
කිසියම් දෙයක් නිසා
අප තුළ ඇතිවෙන උත්තේජනය ප්‍රිය නම්
අපි ඒ වස්තුව අල්ලා ගන්නවා.
අප්‍රිය නම් ඉවතට තල්ලු කරනවා.
මේ අවස්ථා දෙකේදිම අපි අරමුණෙහි ඇලෙනවා.
තණ්හා පච්චයා උපාදාන.
අත්හැරිය යුත්තේ
පසිඳුරන්ගේ හෝ මනසෙහි ස්පර්ශ වෙන අරමුණු නොවෙයි.
අත්හැරිය යුත්තේ උපාදානයයි..
උපාදානය කියන්නෙ අල්ලාගැනීමයි.
අත්හැරීම ගැන හිතන කොට
සිතේ ඇතිවෙන උත්තේජනය ප්‍රිය කෙනෙක්
අත්හැරීම අල්ලාගන්නවා.
අත්හැරීම ගැන සිතීම කතා කිරීමත්
ඒ කටාකිරීමෙදි ලැබෙන ප්‍රතිචාරත් ඔහුට ප්‍රියයි..
ඔහු තුළ ඇතිවෙන සංවේදනා ඔහුට ප්‍රියයි..
ඔහු අත්හැරීම උපාදාන කරගන්නවා.
උපාදානයෙන් මිදෙන්න
මෙතෙක් සොයාගෙන තියන එකම ක්‍රමය
සතර සතිපට්ඨානයයි..
අන් සියලුම ක්‍රම වලින් කරන්නෙ
එක දෙයක් වෙනුවට වෙනත් දෙයක්
උපාදාන කරගැනීමයි..
සතිපට්ඨානයෙන් කරන්නෙ
සියලු උපාදාන වලින් මිදී
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමයි.
සතිපට්ඨානයට අනුව
වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවට උපෙක්ෂාවෙන් ඉන්න කෙනෙක්
කිසිවක් අල්ලාගන්නෙ නෑ.
තමා තුළත් තමා අවටත් සිදුවෙන වෙනස් වීම් සහ
ඒ අනුව සිදුවෙන වෙනස්වීම් සිහියෙන් දකින
ඒ වෙනස්වීම් සියල්ලම උපේක්ෂාවෙන් දකින කෙනෙක්
කිසිවක් අල්ලාගන්නෙ නෑ.
අත්හරින්න දෙයක් ඔහුට නෑ.
මේ මොහොතෙ සිදුවෙන දේ
සිහියෙන් දැක උපේක්ෂාවෙන් වෙසෙන්නාට
එසේ කළ නොහැකිවෙන අවස්ථාවලදි
අල්ලාගැනීමෙහි ආදීනව පෙනෙනවා.
ඔහු නෙලුම් පතක පිණි බිඳුවක් මෙන්
ලෝකයෙහි නොඇලී
ලෝකය තුළම වෙසෙනවා.
තරම දැන ජීවත් වෙනවනම් පාවිච්චි කරනවනම් අත් හරින්නම ඕන නෑ නේද?
ReplyDeleteමමත් හිතනවා කල්‍යාණ මිත්‍ර කියන දේ තර්කාණුකූලයි කියල
ReplyDeleteතර්කයෙන් සත්‍යය හෙළිවෙන්නෙ නෑ.
Deleteඅත්හරින්නෙ මොනවද?
අත්හරින්නෙ ඇයි කියල දන්නෙ නැතුව
''තරම දැන ජීවත් වෙනවනම් පාවිච්චි කරනවනම් අත් හරින්නම ඕන නෑ''
කියන්නෙ කොහොමද?
කයට කුසගින්න දැණුනාම
ReplyDeleteකෑම කන්න කියා එන සිතුවිල්ල සමග
කෑම වලින් විඳින රස සිතින් විමසීම
කන්නටත් පෙර කෑම අල්ලා ගැනීමයි.
කෑම කන්න වාඩි වුණාම
කෑම වලින් විඳින රස සිතින් විමසීම
කන්නටත් පෙර කෑම අල්ලා ගැනීමයි.
කෑම කන්න වාඩි වුණාම
කෑම රස නිසා
පමණට වඩා කෑම
කාමච්ඡන්දයෙන්
කෑම අල්ලා ගැනීමයි.
කෑම කන්න වාඩි වුණාම
කෑම රස නිසා
පමණට වඩා අඩුවෙන් කෑම
ව්‍යාපාදයෙන්
කෑම අල්ලා ගැනීමයි.
කෑම රස විඳිමින්
ජීවිතය රස සරණියක් කරගන්නා අය
අනික් අයට වඩා සැප විඳින නමුත්
දුක් විඳින විටත්
අනික් අයට වඩා දුක් විඳිනවා.
දුකෙන් මිදෙන්නට වෙර දරන අය
තමා තුළ සිදු වෙන වෙනස්වීම
සිහියෙන දකිමින්
ඒ දකින වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙනවා.
කුසගින්න ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
කාමච්ඡන්දය ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්
පමණ ඉක්මවා කෑම ගන්නෙ නෑ.
මේ දැනුම උපාදානයට බෙහෙතක් නොවෙයි..
උපාදානය කියන රෝගයට
එකම ඔසුව විපස්සනා වැඩීමයි..
ඒත් ඒ සඳහා කාලයක් පුහුණු විය යුතුයි..
මමත් මේ ගුණය තවම පුහුණු වෙනවා.
පුහුණුව වැඩි වෙනවිට
ජීවිතය නිවෙනවා. සැනසෙනවා.
දුකෙන් මිදෙනවා.