20121122

මරණ දඬුවම පමුණුවනවාට කැමැත්තෙමි


 මරණ දඬුවමෙහි අරමුණ
 වරද කරුගෙන් පළිගැනීම නම්
එය ම්ලේච්ඡ ක්‍රියාවක්.


එහෙත්
 
මරණ දඬුවමෙහි අරමුණ
හිතට වහල්වී වරද කරන්නවුන්
මරණ බියෙන් බියගන්වා
වරදින් වැළක්වීම නම්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම
සමාජයකට අවශ්‍ය ක්‍රියාවක්..

 
මා තවෙකෙකු මැරුවොත්
ඒ සඳහා මගේ ජීවිතයෙන්
මා වන්දි ගෙවිය යුතුය.

එහෙයින්,
මම මරණ දඬුවම පමුණුවනවාට
කැමැත්තෙමි.


මරණ දඬුවම පමුණුවනවාට
මා කැමැතිවන්නේ

මිනීමරා එල්ලුම් ගස්යන
අතළොස්සකට එරෙහිව නොවේ.
ඔවුහු කර්මයක් කර
එහි දිට්ඨධම්මවේදනීය කොටස
රළු ලෙස ගෙවා දමන්නෝය..

මරණ දඬුවම පමුණුවනවාට
මා කැමැතිවන්නේ
මැරෙන්නට බියෙන්
මිනී නොමරන්නන් නිසා රැකෙන
ඔවුන්ගේම ජීවිත සහ
තවත් රැසකගේ
ජීවිත වෙනුවෙනි.

මගේ ඉලක්කය මිනීමරුවා නොවේ.
පළමුව ඔහු බාර නීතියටයි.
දෙවනුව ඔහු බාර ස්වභාව ධර්මයටයි.

වරද කළවුන් ගැන
තීන්දු කරන්නේ
ස්වභාව ධර්මය සහ නීතියයි.

නීතියෙන් ඔහු රැකුණත්
ඔහුගේ චේතනාවට අනුව
ස්වභාව ධර්මය
ජීවිතයෙන් ජීවිතයට
ඔහුට එලව එලවා
දඬුවම් දෙනු ඇත.

මිනීමරුවා මා වුවත්
මම ස්වභාව ධර්මයේ තීන්දුව
අගය කරමි.

මගේ ඉලක්කය මිනීමරුවා නොවේ.

මිනීමැරූ කෙනෙකුට
ඔහු කළ වරදින් හෝ
ඔහු කළ පාපයෙන්
ගැලවිය නොහැක.


මගේ ඉලක්කය
මිනීමරු චේත්නාවෙන්
පෙළඹී සිටින විටක
එල්ලුම් ගස සිහි වී

මරණ බිය මුල්වී
එම අරමුණ අත හැර

තමාගේ ජීවිතයත්,
අනිකාගේ ජීවිතයත්
බේරාගත හැකි
අසරණයාය.

බේරාගත හැකිත්,
බේරාගත යුතුත් ඔහුය.

මරණ ද
ඬුවම පනවනවාට
මා කැමති වන්නේ
ඔහු වෙනුවෙනි.

No comments:

Post a Comment