දැනුම ලබාගෙන රහත් වෙන්නත්
මේ මොහොතෙ දුකෙන් මිදෙන්නත් බෑ.
බුද්ධත්වය නිසා හෝ රහත්වීම නිසා
සසර හුරු නොකළ දේවල්
අමුතුවෙන් පහළ වෙන්නෙ නෑ.
දැනුම සහ අවබෝධය කියන්නෙ දෙකක්.
ගින්නට පිළිස්සුණ කෙනෙකුට
දැනුම ලබාදීම මගින්
අවබෝධය දෙන්න පුලුවන්.
කවදාවත්ම
ගින්නට නොපිළිස්සුණ කෙනෙකුට
දැනුම ලබාදීම මගින්
අවබෝධය දෙන්න බැහැ.
බුදු දහම ඇරඹෙන්නෙ
කාය වේදනා දෙක දැකීමෙන්.
රහත්වෙන හැමකෙනෙක්ම
දුක යථාභූත වශයෙන්...
මේ "දැන් පවතින දුක" දකිනවා.
ඒ හැකියාවට දැනුම අවශ්‍ය නෑ.
දුක දකින කෙනාට
දුක පිළිබඳව ප්‍රඥාව පහළ වීමෙන්
දුකෙන් මිදෙනවා.
දුක පිරිනිවන් පානතුරුම පවතිනවා.
ඒත් ඔහු දුක් විඳින්නෙ නෑ.
අව්වෙ ඉන්න කෙනෙක් රහත් වුණා කියල
අව්ව නිසා ඔහුගෙ කය විඳින
දුක නැති වෙන්නෙ නෑ.
ඔහු ඒ දුක දකින්නෙ
උපේක්ෂාවෙන්.
ඒ නිසා ඔහුට දුකක් නෑ.
ඔහු මේ හැකියාව පුහුණු වෙන්නෙ
විදසුන් වැඩීමෙන්.
දුක දකීමේ මාර්ගයට
දුකෙන් මිදීමේ මාර්ගයත්
විදර්ශනාවයි.
විදර්ශනාව කියන්නෙ දැක්මක්.
දැනුමක් නොවෙයි.
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
ඉඳුරන් පිනවමින්
අයිස්ක්‍රීම් කනවා වගේ
රාග සංස්කාර සැපක් විදියට
සතුටෙන් විඳින පුද්ගලයාත්
දුක් විඳිනවා.
කුපිත වෙමින්, අඬදබර කරමින්
මිරිස් අහාර ගන්නවා වගේ
ද්වේශ සංස්කාරවලට ඇබ්බැහි වෙලා
ද්වේශය සතුටෙන් විඳින පුද්ගලයාත්
දුක් විඳිනවා.
සමථය මගින්
රාග ද්වේශ සංස්කාර යටපත් කරලා
මෝහ සංස්කාර විඳින්නත්
දුක් විඳිනවා.
සබ්බේ සංඛාරා දුක්‌ඛාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සංස්කාර වෙනස් වීම දකින්නෙ
කාය වේදනා මට්ටමෙන්
විදර්ශනා වැඩීමෙන්.
මේ තියෙන්නෙ දැනුම.
මේ වචන වල තියෙන්නෙ දැනුම.
මේ වචන වලින් ඔබ වෙනස් වෙන්නෙ නෑ.
මේ දැනුමෙන් රහත් වෙන්න බෑ.
පුහුණුවීමක්, වැඩීමක් අවශ්‍යයි.
කාය වේදනා මට්ටමෙන්
දුක දකිමින්
දුක් වේදනා උපෙක්ෂාවෙන් දැක්ම
නිවනට මගයි.
කාය වේදනා මට්ටමෙන්
දුක දකිමින්
දුක් වේදනා උපෙක්ෂාවෙන් දැකීමෙන්
මේ මොහොතෙ දුකත් නොවිඳ ඉන්න පුලුවන්.
විදර්ශනාව කියන්නෙ
මේ මොහොතෙ දුකෙන් මිදීම මගින්
සියලු දුක් නැති කරන්නට ලබන
නොවරදින පුහුණුවක්.
පුහුණුවෙන් ලැබෙන්නෙ දැනුමක් නොවෙයි.
ඔහුට පහළ වෙන්නෙ ප්‍රඥාවයි.
ඒ ප්‍රඥාව තව කෙනෙකුට
දනුමක් විතරයි.
බුදුන් වහන්සේගෙ ප්‍රඥාව
දැනුම විදියට ලබාගෙන රහත් වෙන්න
වසර විසිපහක දම් දෙසුම්
කටපාඩමෙන් දැන සිටි
සෝවාන් වෙලා සිටි
ආනන්ද තෙරුන් වහන්සේටත්
හැකි වුණේ නැහැ.
ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ
මාස තුනක් තිස්සෙ ලැබූ පුහුණුවෙන්.
දුක දකින්නෙ විදසුන් වැඩීමෙන්.
දුකෙන් මිදෙන්නෙ විදසුන් වැඩීමෙන්.
රහත් වෙන්නෙ විදසුන් වැඩීමෙන්.
--------------------------------------------------
මේ මොහොතෙ දුකෙන් මිදෙන්නත් බෑ.
බුද්ධත්වය නිසා හෝ රහත්වීම නිසා
සසර හුරු නොකළ දේවල්
අමුතුවෙන් පහළ වෙන්නෙ නෑ.
දැනුම සහ අවබෝධය කියන්නෙ දෙකක්.
ගින්නට පිළිස්සුණ කෙනෙකුට
දැනුම ලබාදීම මගින්
අවබෝධය දෙන්න පුලුවන්.
කවදාවත්ම
ගින්නට නොපිළිස්සුණ කෙනෙකුට
දැනුම ලබාදීම මගින්
අවබෝධය දෙන්න බැහැ.
බුදු දහම ඇරඹෙන්නෙ
කාය වේදනා දෙක දැකීමෙන්.
රහත්වෙන හැමකෙනෙක්ම
දුක යථාභූත වශයෙන්...
මේ "දැන් පවතින දුක" දකිනවා.
ඒ හැකියාවට දැනුම අවශ්‍ය නෑ.
දුක දකින කෙනාට
දුක පිළිබඳව ප්‍රඥාව පහළ වීමෙන්
දුකෙන් මිදෙනවා.
දුක පිරිනිවන් පානතුරුම පවතිනවා.
ඒත් ඔහු දුක් විඳින්නෙ නෑ.
අව්වෙ ඉන්න කෙනෙක් රහත් වුණා කියල
අව්ව නිසා ඔහුගෙ කය විඳින
දුක නැති වෙන්නෙ නෑ.
ඔහු ඒ දුක දකින්නෙ
උපේක්ෂාවෙන්.
ඒ නිසා ඔහුට දුකක් නෑ.
ඔහු මේ හැකියාව පුහුණු වෙන්නෙ
විදසුන් වැඩීමෙන්.
දුක දකීමේ මාර්ගයට
දුකෙන් මිදීමේ මාර්ගයත්
විදර්ශනාවයි.
විදර්ශනාව කියන්නෙ දැක්මක්.
දැනුමක් නොවෙයි.
සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
ඉඳුරන් පිනවමින්
අයිස්ක්‍රීම් කනවා වගේ
රාග සංස්කාර සැපක් විදියට
සතුටෙන් විඳින පුද්ගලයාත්
දුක් විඳිනවා.
කුපිත වෙමින්, අඬදබර කරමින්
මිරිස් අහාර ගන්නවා වගේ
ද්වේශ සංස්කාරවලට ඇබ්බැහි වෙලා
ද්වේශය සතුටෙන් විඳින පුද්ගලයාත්
දුක් විඳිනවා.
සමථය මගින්
රාග ද්වේශ සංස්කාර යටපත් කරලා
මෝහ සංස්කාර විඳින්නත්
දුක් විඳිනවා.
සබ්බේ සංඛාරා දුක්‌ඛාති
යදා පඤ්ඤාය පස්‌සති
අථ නිබ්බින්දති දුක්‌ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා
සංස්කාර වෙනස් වීම දකින්නෙ
කාය වේදනා මට්ටමෙන්
විදර්ශනා වැඩීමෙන්.
මේ තියෙන්නෙ දැනුම.
මේ වචන වල තියෙන්නෙ දැනුම.
මේ වචන වලින් ඔබ වෙනස් වෙන්නෙ නෑ.
මේ දැනුමෙන් රහත් වෙන්න බෑ.
පුහුණුවීමක්, වැඩීමක් අවශ්‍යයි.
කාය වේදනා මට්ටමෙන්
දුක දකිමින්
දුක් වේදනා උපෙක්ෂාවෙන් දැක්ම
නිවනට මගයි.
කාය වේදනා මට්ටමෙන්
දුක දකිමින්
දුක් වේදනා උපෙක්ෂාවෙන් දැකීමෙන්
මේ මොහොතෙ දුකත් නොවිඳ ඉන්න පුලුවන්.
විදර්ශනාව කියන්නෙ
මේ මොහොතෙ දුකෙන් මිදීම මගින්
සියලු දුක් නැති කරන්නට ලබන
නොවරදින පුහුණුවක්.
පුහුණුවෙන් ලැබෙන්නෙ දැනුමක් නොවෙයි.
ඔහුට පහළ වෙන්නෙ ප්‍රඥාවයි.
ඒ ප්‍රඥාව තව කෙනෙකුට
දනුමක් විතරයි.
බුදුන් වහන්සේගෙ ප්‍රඥාව
දැනුම විදියට ලබාගෙන රහත් වෙන්න
වසර විසිපහක දම් දෙසුම්
කටපාඩමෙන් දැන සිටි
සෝවාන් වෙලා සිටි
ආනන්ද තෙරුන් වහන්සේටත්
හැකි වුණේ නැහැ.
ආනන්ද තෙරුන් වහන්සේ රහත් වුණේ
මාස තුනක් තිස්සෙ ලැබූ පුහුණුවෙන්.
දුක දකින්නෙ විදසුන් වැඩීමෙන්.
දුකෙන් මිදෙන්නෙ විදසුන් වැඩීමෙන්.
රහත් වෙන්නෙ විදසුන් වැඩීමෙන්.
--------------------------------------------------
ආනාපාන සතියෙන් අරඹා
කාය වේදනා මට්ටමෙන් පුහුණු කරන
විපස්සනා දසදින පාඨ මාලාව
කාය වේදනා මට්ටමෙන් පුහුණු කරන
විපස්සනා දසදින පාඨ මාලාව
No comments:
Post a Comment