20161207

ප්‍රඥාව තර්කයෙන් බිඳිය හැකිද?

ප්‍රඥාව
පොත් පාඩම් කිරීමෙන් හෝ
දේශන මතක තබා ගැනීමෙන්
පහළ නොවෙයි.

ගින්නට පිළිස්සීම පිළිබඳව
පොත් පාඩම් කිරීමෙන් හෝ
දේශන මතක තබා ගැනීමෙන්
ගින්නට පිළිස්සීම පිළිබඳව
ප්‍රඥාව පහළ නොවෙයි.
ඒ පිළිස්සීමෙන් අකම්පිතව සිහියෙන් සිටින්නාට
ඒ මොහොතෙහි පවතින සත්‍යය
ඒ ආකාරයෙන්ම දැකීමෙන්
වේදනා මට්ටමෙන් විඳ පසක් කිරීමෙන්
ප්‍රඥාව පහළ වෙයි.

පිළිස්සීම පිළිබඳව ඔහු සතු ප්‍රඥාව
මෙලොව කිසිදු තර්කයකින් වෙනස් කළ නොහැක.

ඔබට වඩා දක්ෂ තවත් කෙනෙකුගේ තර්කයක් නිසා
ඔබේ පෙර දැනුම ප්‍රතික්ෂේප වන්නේ නම්
ඔබේ පෙර දැනුමත් නව දැනුමත් දෙකම
වචන මාත්‍රයෙන් පවතින මායාවන්ය.
ඔහුට වඩා දක්ෂ තවකෙකුගේ තර්කයෙන්
මෙ නව දැනුමත් යල්පැන බොල් වෙනු ඇත.

දැනුම නොව ප්‍රඥාව සොයන්න.

දැනුම සංකීර්ණ භාණ්ඩාගාරයකි.
ප්‍රඥාව සරල අත්දැකීමකි..

No comments:

Post a Comment