20160227

දානය දුගියාටද? භික්ෂූන් වහන්සේටද?



අද අපි හතර දෙනා
එක භික්ෂුන් වහන්සේ නමක්
වැඩ ඉන්න පන්සලකට
හීල් දානය පිළිගැන්නුවා.

බුද්ධ පූජාව පිළිගන්වද්දි
බුදුන් වහන්සේ ජීවමානව හිතේ මවා ගන්න
විහාරගෙයත් බුදු පිළිමයත් ආධාර වුණා.

දුගියන් සිය දහස් ගණනකට දන් දුන්නත්
ඒ සතුටත් මේ සතුටත් අතර
විශාල වෙනසක් ඇතැයි හිතෙනවා.

දුගියෙකුට දානයක් දෙනවා කියන්නෙ
අපි ළඟ තියන දෙයක්
අපිටට තරම් නැති කෙනෙකුට
අපෙන් ටිකක් දීමක්..

භික්ෂූන් වහන්සේ කෙනෙකුට
දානයක් දෙනවා කියන්නෙ
අපිට යන්න බැරි ගමනක් යන
අපිට නැති බොහෝ දේ තියන කෙනෙකුට
අවසර ඉල්ලගෙන දෙන දානයක්.

බුද්ධ පූජාව පුදන විට
ඒ ස්වභාවය තවත් ප්‍රබලයි..

No comments:

Post a Comment