20160119

විද්‍යාව විසින් සෞන්දර්යය දූෂණය කළ පසු.........


https://www.facebook.com/photo.php?fbid=10205263867142921&set=gm.335939453243038&type=3

විද්‍යාව විසින්
 සෞන්දර්යය දූෂණය කළ පසු
 බිහිවන්නේ පරම සත්‍යයද?

 ලෝකය පිළිබඳ පරම සත්‍යයට
 අප විඳින රස අයත් නොවන්නේද?

විද්‍යාව විසින් අපට පසක් කරන්නේ
 අප පිළිබඳ සත්‍යයද?
ලෝකය පිළිබඳ සත්‍යයද?

සේකර මේ පසක් කරනා සත්‍යය
 විද්‍යාවෙන් පසක් කරවන
ලෝකය පිළිබඳ සත්‍යයද?

ලෝකය පිළිබඳ  සත්‍යය ඇසුරෙන්
 සෞන්දර්යය ඉක්මවා යන සේකර
 තමා පිළිබඳව පසක් කරනා
 මේ සත්‍යය
 විද්‍යාවෙන් පසක් කරගත් ලෝකය පිළිබඳ සත්‍යයට වඩා
 උතුම් නොවන්නේද?

සෞන්දර්යය නොවිඳින
 විද්‍යාත්මක චින්තනයකින් යුත්  යාන්ත්‍රික මිනිසෙකුට
 තමා පසක් කළ හැකිද?

මිනිසා සම්පූර්ණ වීමට
 විද්‍යාවත් සෞන්දර්යයත් දෙකම විඳින
 මිනිසෙකු විය යුතුද?

විද්‍යාවෙන් දකින
 කැලැල් සහිත සඳට
 අප පෙම් බඳින විට
 සඳ අපේ සඳක් වන්නේ
 සෞන්දර්යය නිසා නොවේද?

මවකගේ ගැබ තුළ හෝ
 කවියෙකුගේ සිත තුළ උපදින
 කළල රූපී නිර්මාණය
 විද්‍යාවෙන් තර්ක කොට
 ගබ්සා කරන්නට වෙර දරන විට
 දහසකුත් එකක්
 කුදු මහත් පරිත්‍යාගයෙන්
 කළලය සුරැකිව බිහිකරන්නේ
 මිනිස් සිත් දයා දියෙන් තෙත්කරවන
 සෞන්දර්යයමැයි.

No comments:

Post a Comment