20150504

"මම නිරාගමික වුණා" කියල ආගම ඕෆ් කරන්න නිරාගමිකයන්ට බෑ.


Nadeesha Nimalka 
[[[ආගමක් ඇදහීමෙන් වැලකීම ආගමක් නම් ටීවි එක ඕෆ් කරාම පේන එකත් චැනල් එකක්.]]]
නිරාගමික වුණා කියල
ආගම් ඕෆ් කරන්න හදන
නිරාගමිකයන් තුළ සිට ඔවුන් මෙහෙයවන
ආගම ඕෆ් කරන්න නිරාගමිකයන්ට බෑ.
 ඒ වෑයම ආත්ම වංචාවක් පමණයි.

නීතියේ සීමාවන් ඉක්මවා
නිරාගමිකයන්
සදාචාර සම්පන්නව ඉන්නෙ
ආගමික මගපෙන්වීම්
ඔවුන්  තුළ ක්‍රියාත්මක වෙන නිසයි..

ඔවුන් සැබෑම නිරාගමිකයන් නම්
එක්කො ඔවුන් දයාවක් කරුණාවක් නැති
නරුමයන් පිරිසක්.
එහෙම නැත්නම් නීතියට හසු නොවෙන
සුපිරි අපරාධකරුවන්.

ආගම් ඕෆ් කරන්න හදන කෙනා
ආගමක් නැති කෙනෙක් නෙමෙයි..
නිරායාසයෙන්
තමන් මෙහෙයවනු ලබන
ආගම්වලට අකමැති කෙනෙක්.

නිරාගමික වෙන්න ඔහු දරණ වෑයමම
ඔහුගේ වහල් බව ප්‍රකට කරවන්නක්.
නිදහස සොයන්නේ වහලෙක්..
ඔහු ආගම් වලට යටත් බව
ආගම් ඕෆ් කරන්න හදන කෙනා දන්නවා.

ආගම් ඔවුන්ගේ ලේවල දුවද්දි
ඔවුන් ඒ හුරුවට එරෙහිව කැරලි ගැසීම
අතිශයින්ම බොළඳ ක්‍රියාවක්.

මම ඕපපාතිකයි..
මම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරනවා
කියනවා වගේ හරයක් නැති ප්‍රකාශයක්.
ආගමික ලෝකයක කිසිවෙක් ඕපපාතික නෑ.
ඔවුන් දෙමව්පියන් ප්‍රතික්ෂේප කළාට
දෙමව්පියන්ට ඇති උරුමය
ඔවුන් තුළින් අතුරු දහන් වෙන්නෙ නෑ.

ආගම් ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවෙන
නිරාගමික අනාරක්ෂිතභාවය නිසා
ඔවුන් නිරාගමික කල්ලි හදාගන්න
ප්‍රබල උත්සාහයක් දරනවා.

ඔවුන්ගේ ප්‍රකාශ තුළ
ආගම් වලට පහර ගැහීම හැර
ආගම් පිළිබඳව ඔවුන් සොයාගත්
අමුතු යමක් ඇත්තෙ නැහැ.

ආලෝකය නෑ  ආලෝකය නෑ
කියමින් අන්ධයෙක් තවත් අන්ධයන් රැස් කලාට
ආලෝකය පහළ වෙන්නෙ නෑ.
ආලෝකය දන්නා හැම කෙනෙකුටම
ඔවුන්ගේ අන්ධභාවය
පැහැදිලිව ප්‍රකට වෙනවා.

ආගම්වලට විරුද්ධව
නිරාගමිකයා කරන හැම ප්‍රකාශයක්ම
ඔහුගෙ හිතේ තියන හීනමානය
වඩ වඩාත් ප්‍රකට කරවන්නක්..

තමන් අදහන ආගම නොදන්නා
නොපිළිපදින ආගමිකයාත්
ඒ නොදන්නාකම නිසාම
ආගම ප්‍රතික්ෂේප කරන
අහංකාර නිරාගමිකයාත් ඉන්නෙ
එකම මෝහයේ පඹගාලක දැවටිලා.

ආගමික වශයෙන්
ඔවුන් දෙදෙනාම උපන් ගෙයි අන්ධයන්..

තමන් අදහන ආගම නොදන්නා
නොපිළිපදින ආගමිකයාත්
ඒ නොදන්නාකම නිසාම
ආගම ප්‍රතික්ෂේප කරන
අහංකාර නිරාගමිකයාත් දෙදෙනාම
තමන් කතා කරන්නෙ මොනවා ගැනද කියා දන්නෙ නෑ.

එක අන්ධයෙක් මග පෙන්වද්දි
අනික් අන්ධයන් පස්සෙන් එක
ඉතාම සාමාන්‍ය දෙයක්..

දහම නොදැන්න නිසා
ආගම් අදහන, නොපිළිපදින
සීල, සමාධි, ප්‍රඥා රහිත ආගමිකයාත්
දහම නොදැන්න නිසා
ආගම් ප්‍රතික්ෂේප කරන
උඩඟු නිරාගමිකයාත්
දෙදෙනාම අන්ධයන්..

බුදු දහම දන්න අය එක්ක
චතුරාර්ය සත්‍යය,
පටිච්ච සමුප්පාදය,
සතර සතිපට්ඨානය වැනි
වෙනත් කිසිදු ආගමක නැති සත්‍යතා
වැරදියි කියලා ඔප්පු කරන්න පුලුවනි නම්
ඔබ සුපර් මෑන් කෙනෙක් කියලා
අපිත් පිළිගන්නවා.

ඒත් කතා කරන්න කලින්
ඒ මොනවද කියල ඉගෙන ගන්න යද්දි
ඔබේ ඇස් පෑදුණොත්...
ඔබේ අන්ධ භාවය දුරුවීම
ඔබට විශාල ගැටළුවක් වෙයි..

නිරාගමිකයන් කරන සංවාද වලදි
චතුරාර්ය සත්‍යය,
පටිච්ච සමුප්පාදය,
සතර සතිපට්ඨානය වැනි
වෙනත් කිසිදු ආගමක නැති සත්‍යතා ගැන
කතා කරන්න කියා අභියෝග කළත්
කිසිදු නිරාගමිකයෙක්
වචනයක්වත් නොකියන්නේ
ඔවුන්ගේ අන්ධභාවය දුරුවීමෙන්
ඔවුන්ගේ පුහුමානයට පහර වදින අවදානමට
මුහුණ දෙන්න ඔවුන්ට නොහැකිවීම නිසයි..

No comments:

Post a Comment