20150206

"මම කියා කෙනෙක් නෑ"



ශූන්‍යතාව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ
සියලුම දෘෂ්ටීන් නැති කරලා දන්න.
නමුත් කවුුරු හෝ කෙනෙක්
ශූන්‍යතාව දෘෂ්ටියක් කර ගන්නවා නම්
එය සුව කරන්න බැරි ලෙඩක්.

- නාගර්ජුන හාමුදුරුවෝ -

අනත්ත ...
.
අනත්ත කියන්නෙ
"මම කියා කෙනෙක් නෑ"
වශයෙන් ගැනීමෙන්
ශූන්‍යතාවය පැහැදිලි වෙනවා.

ගලායන දිය දහරාවක්
මම ගලා යනවා
කියා හිතන තාක්
ශූන්‍යතාවය දැනෙන්නෙ නැහැ..
මම ගලා යනවා කියන හැඟීම තියනවා.

තමා තුළ සිදුවෙන වෙනස්කම් සියල්ලම දකිමින්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් පසුවෙන මොහොතේ
අපි අත්දකින්නේ ශූන්‍යතාවයයි.

අප පිළිබඳව මෝහයෙන් පසු වෙද්දි
මම ඉන්නවා කියන හැඟීම තියනවා.
ශූන්‍යතාවය හැඟෙන්නෙ නැහැ.

රාගය හෝ ද්වේශයෙන් පසුවෙද්දි
මම ඉන්නවා කියන හැඟීම තියනවා.
ශූන්‍යතාවය හැඟෙන්නෙ නැහැ.

තමා තුළ නොයෙක් දේ සිදු වෙද්දි
තමා තුළ සිදුවෙන වෙනස්කම්
සියල්ලම දකිමින්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් පසුවෙන මොහොතේ
අපි අත්දකින්නේ ශූන්‍යතාවයයි.

ඇති වෙමින් නැති වෙමින්
ගලායන දහරාවක් පමණයි..
"මම කියා කෙනෙක් නෑ"
අනත්ත ....

No comments:

Post a Comment