20260212

කාය භාවනා නැති ඔබට මොන චිත්ත භාවනාද, අග්ගිවෙස්සන

 

 https://www.hopkinsmedicine.org/-/media/images/health/3_-wellness/mindfulness/mindfulness-meditation-hero.jpg?h=500&iar=0&mh=500&mw=1300&w=1297&hash=6CCFE6770627A49A5D9C9D008947C62E

අරමුණ තමා නම්
සිත එක අරමුණක තියාගෙන ඉන්න එක
බුදු දහමට එකඟයි.


තමා අරමුණු කරගෙන ඉන්න කෙනෙකුට
බාහිර ලෝකයම තමා තුළ
පැහැදිලිව දකින්න පුලුවන්.
ඔහුට කිසිවක් අත හැරෙන්නෙ නෑ.

වෙනත් එක අරමුණක ඉන්න කෙනෙක්
ඒ අරමුණ හැරෙන්න අනික් සියල්ල සමග
මෝහයෙන් ඉන්නයි පුරුදු වෙන්නෙ.
ඔහු සොයන නිවීම මෝහයයි.

ව්‍යාජ රහතුන් මුලා වෙලා ඉන්නෙ
ඒ මෝහය 'නිවන' කියන මායාවෙන්.

සිත එක අරමුණක තියාගෙන ඉන්න එක
බුදු දහමට එකඟ වෙන්නෙ
ඒ එක අරමුණ තමා නම් විතරයි.
තමාගෙ කය, ඒ කය වෙනස් වෙලා
කයෙහි ඇති වෙන වේදනා
තමන්ගේ සිත, ඒ සිත වෙනස් වෙලා
සිතෙහි ඇති වෙන ධර්මතා.
මේ තමයි බුදු දහමට එකඟ අරමුණු.

සිත එක අරමුණක තියාගෙන ඉන්න කෙනෙක්
ඇත්තටම ඉන්නෙ මෝහයෙන්..
ඔහුට සිහිය තියෙන්නෙ ඒ අරමුණ ගැන විතරයි.

ඒ සමාධිය මිථ්‍යා සමාධියක්.
එක මොහොතකින් බිඳෙන්න පුලුවන්.
රහත් වෙලා කියන ව්‍යාජ රහතුන්
පාරටවත් බහින්නෙ නැත්තෙ ඒ නිසයි.
සාමාන්‍ය මිනිස්සු අතරට ආවොත්
ව්‍යාජ රහත් බව බිඳ වැටෙනවා.
ගිහියන් වගේමයි කියා පෙනෙනවා.
ආශ්‍රමයක් හදාගෙන හැංගිලා ඉන්නවා.
ඒ තමයි මිථ්‍යා සමාධියෙ ස්වභාවය.

බුදු දහමෙන් ඇති කරන්නෙ සම්මා සමාධිය.
ඒ රහතුන් වහන්සේලා මහමග බැහැලා ගියා.
දිනපතා තනි තනියෙන් පිඬු සිඟා වැඩියා.
මුගලන් රහතන් වහන්සේට ඇට කුඩු වෙන්න ගැහුවා.
පිරිනිවන් පාන්න අවශ්‍ය තරමට අසාධ්‍ය වුනා.
ඒත් සම්මා සමාධිය බිඳුණෙ නෑ.
ඒ තමයි සම්මා සමාධියෙ ස්වභාවය.

සම්මා සමාධිය තියන කෙනා
සියල්ලෙහිම අනිත්‍යය දකිනවා.
වෙනස් වීම ඔහුට බරක්, බාධාවක් නොවෙයි.
බුදු දහමට අනුව
සිහිය පිහිටුවා ගන්න කෙනෙකුට
මුල්ම අරමුණ ඔහුගේම කයයි.
උජුං කාය පණිධාය.

ඔහු කය ඍජුව තබා ගන්නවා.
ඉන් පසුව මුලින්ම දකින්නෙ අනිත්යය.
කය ඍජුව තබාගෙන ඉන්න ඔහුට
කය වෙනස් වෙන හැටි දැනෙනවා.
කය වෙනස් වෙන්නෙ ආශ්වාස ප්‍රශ්වාසය නිසා.
ඔහු ඒ පිලිබඳව සිහියෙන් පසු වෙනවා.
ඔහු ආශ්වාසය වෙනමත් ප්‍රශ්වාසය වෙනමත්
දකින්නට සිහිය පිහිටුවා ගන්නවා.

බුදු දහමෙ ආනාපාන සතියෙදි
ආශ්වාසය එකක්.
ප්‍රශ්වාසය ඊට වඩා වෙනස් එකක්.
ආශ්වාස කරද්දි හොඳින්ම දැන ගන්න ඕන
"මම ආශ්වාස කරමි" කියලා.
බුදු දහමෙ විදියට ප්‍රශ්වාසය වෙනස් එකක්.
ආශ්වාස කරද්දි හොඳින්ම දැන ගන්න ඕන
"මම ප්‍රශ්වාස කරමි" කියලා.
මේ දකින්නෙ අනිත්‍යය.

සම්මා සමාධිය පිහිටන්නෙ
අනිත්‍ය සංඥාවත් සමගමයි.
ඒ නිසා බාහිර හෝ අභ්‍යන්තර
කිසිදු වෙනස් වීමකින්

සම්මා සමාධිය බිඳෙන්නෙ නෑ.

අනිත්‍යය සොයන කෙනෙකුට
හැම දේකම, හැම මොහොතකම
අනිත්‍යය පෙනෙනවා.

එක අරමුණක සිත තියාගෙන ඉඳලා
ඇති කරගන්න මිථ්‍යා සමාධිය තාවකාලිකයි.
තමන්ගේම කැමැත්තෙන්
වෙන අරමුණකට ගියත් සමාධිය තියේවි.
තමන් අප්‍රිය කරන
බාහිර අරමුණක් ආවොත්
මිථ්‍යා සමාධිය බිඳෙනවා.

මෙතන වරද්ද ගන්න අය
මට කාමච්ඡන්ද නෑ, මට ව්‍යාපාද නෑ
හිත ශූන්‍ය වෙලා...
"මම රහත් වෙලා" කියා මුලා වෙනවා.
ළඟ පන්සලක ඝණ්ටා හඬෙනුත්
මිථ්‍යා සමාධිය බිඳිලා
දුකට පත් වෙනවා.

ආනාපාන සතියෙදි
ආශ්වාස අරමුණ වෙනස් වීම ගැන
සිහියෙන් ඉන්න එකයි බුදු දහමෙ ක්‍රමය.
ආනාපාන සතියෙන් කරන්නෙ
කායානුපස්සනා ආරම්භ කිරීමයි.

පිරිපුන් ආනාපාන සතිය කුමක්ද කියා
බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව
අරිට්ඨ තෙරුන් වහන්සේට දේශනා කළා..

"අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි. "

ආශ්වාස ප්‍රශ්වාසයෙන් ආරම්භ කරන සතිය
"සබ්බකාය පටිසංවේදී" කියන තැනට
විස්තාරණයෙන් පිරිපුන් වෙන්න ඕන.

ඒ විස්තාරණය නිසා කායානුපස්සනාවෙ
දෙවෙනි පියවර වෙන ඉරියව්ව සිහියෙන් දකින්නට
විපස්සනා වඩන කෙනාට හැකි වෙනවා.

ආශ්වාස-ප්‍රශ්වාසය දෙකක් විදියට නැතුව
එකක් විදියට බලාගෙන ඉන්නවා නම්
හුස්ම පොදු එකම අරමුණ විදියට ගත්තොත්
ඒ ආනාපාන සතිය බුදු දහමට අනුව
සමථය වඩන ආනාපාන සතියක්.

"ආනාපාන සතිය කායානුපස්සනාවට
විස්තාරණය විය යුතුයි."

පිරිපුන් ආනාපාන සතිය කුමක්ද කියා
බුදුන් වහන්සේ ඉතා පැහැදිලිව
අරිට්ඨ තෙරුන් වහන්සේට දේශනා කළා..

සමස්ත කයට සංවේදීව
ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
සමස්ත කයට සංවේදීව
ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආදී වශයෙන්....

සතිපට්ඨානයේ ආනාපාන සතියත්
සබ්බ කාය පටිසංවේදී වෙනතුරු
විස්තාරණය වෙනවා.

සමථය නිවැරදි නම්
ඒ සමථය වැඩීම තුළින්
කාය වේදනා දකින්න
ඔහුට පුහුණු විය යුතුයි.

"කාය භාවනා නැති ඔබට
මොන චිත්ත භාවනාද,
අග්ගිවෙස්සනය" කියලා
සච්චක සූත්‍රයේ
බුදුන් වහන්සේ අහනවා.

විදසුන් වඩන කෙනෙක් නම්
සමථය විපස්සනා පූර්වාංගම නම්
කාය වේදනා ගැන සිහිය
අනිවාර්යයි...

සිතේ කයේ වෙනස්වීම්
සියල්ල දැකිය හැක්කේ
කාය වේදනා මට්ටමෙයි..

අරිට්‌ඨ සූත්‍රය

මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ
භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි
මෙය සැලකළහ.
අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි.

වහන්ස,
ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ය.
මතු කාමයන්හි මාගේ කාමච්ඡන්දය පහ ව ගියේ ය.
අභ්‍යන්තර බාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද
සහමුලින් සිඳින ලද්දී ය.
ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි.
සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස,
මෙසේ මම ආනාපානසතිය වඩමි යි.

අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත.
මෙය නැතැයි නො කියමි.

අරිට්ඨ, යම්සේ ආනාපානසතිය
විස්තාරණයෙන් පිරිපුන් වේ නම්
එය අසව, මනාකොට මෙනෙහි කරව,
කියන්නෙමි. .

මහණෙනි,
කෙසේ වඩන ලද
කෙසේ බහුල කරන ලද ආනාපානසතිය
මහත් ඵල මහානිසංස වේ ද යත්:
මහණෙනි,
මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ
රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ
පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා
සිහිය පරි මුඛයෙහි එළවා හිඳියි.
සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි.
සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි.
දිගු කොට හෝ ආශ්වාස කරනුයේ
දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ
කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී.
කෙටි කොට හෝ ප්‍රශ්වාස කරනුයේ
කෙටි කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී.
සමස්ත සිරුරට සංවේදීව
ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
සමස්ත සිරුරට සංවේදීව
ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ.
කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආදී වශයෙන්....

#atulasiriwardane

මේ ලිපිය ගැඹුරු බෞද්ධ භාවනා විග්‍රහයක්. 
මෙහි මූලික කරුණු සරළව සංක්ෂේප කරලා, ධර්මයට අනුව.......


🪷 සම්මා සමාධිය vs මිථ්‍යා සමාධිය

1️⃣ මිථ්‍යා සමාධිය (Wrong Concentration)

  • සිත එකම බාහිර අරමුණක තදින් බැඳ තබා ගැනීම.

  • වෙනත් දෙයක් පිළිබඳ සිහිය නැතිවීම.

  • තාවකාලික, බිඳෙන ස්වභාවය.

  • අප්‍රිය අරමුණක් ආවහම බිඳෙනවා.

  • "මට කාමච්ඡන්ද නෑ, ව්‍යාපාද නෑ" කියලා මෝහයෙන් රහත්භාවය සිතාගැනීම.

මෙවැනි සමාධිය අනිත්‍යය නොදකින එකක්.


2️⃣ සම්මා සමාධිය (Right Concentration)

සම්මා සමාධිය කියන්නේ අනිත්‍ය සංඥාව සමඟ ඇතිවන සමාධිය.

  • බාහිර හෝ අභ්‍යන්තර වෙනස්වීම්වලින් බිඳෙන්නෙ නැහැ.

  • සමාධිය තුළම විපස්සනා ඇතුළත්.

  • කය, වේදනා, සිත, ධර්ම – මේ සියල්ල අනිත්‍ය ලෙස දකිනවා.

  • ලෝකය මඟහැරලා නොවෙයි, ලෝකය මැද ඉඳලා පවතින සමාධිය.


🌿 Ānāpānasati Sutta

බුදුන් වහන්සේ ආනාපානසතිය විස්තර කරන්නේ මෙහිදී.

ආනාපානසතියේ මූලික අදහස:

  • "දිගු ආශ්වාසය දිගු බව දැනගැනීම"

  • "කෙටි ප්‍රශ්වාසය කෙටි බව දැනගැනීම"

  • සබ්බකාය පටිසංවේදී – සමස්ත කය ගැන සංවේදීවීම

  • කායසංස්කාර සංසිඳුවීම

මෙය හුස්ම එකක් විදියට බලාගෙන ඉඳීමක් නොවේ.
ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙනස් වෙනස් ක්‍රියාවන් ලෙස දැනගැනීමයි.


📖 Satipaṭṭhāna Sutta

ආනාපානසතිය මෙහි කායානුපස්සනා කොටසට අයත්.

“උජුං කායං පණිධාය” – කය ඍජුව තබා
“සිහි ඇතියේම ආශ්වාස කරයි, ප්‍රශ්වාස කරයි”

මෙහි අරමුණ:

  • කය වෙනස්වීම දැනගැනීම

  • වේදනා දැනගැනීම

  • චිත්ත වෙනස්වීම දැනගැනීම


📜 Mahāsaccaka Sutta

බුදුන් වහන්සේ සච්චකයාට අහනවා:

“කාය වේදනා නැතිව, කුමන චිත්ත භාවනාවක් ද?”

මෙහි තේරුම:

  • කාය වේදනා නොදකින කෙනාට විපස්සනා වර්ධනය වෙන්නේ නැහැ.

  • සමථය විපස්සනාට පූර්වාංගම නම්,
    කාය වේදනා අවබෝධය අනිවාර්යයි.


🔎 අනිත්‍යය දකින ක්‍රමය

සම්මා සමාධිය තියන කෙනා:

  • ආශ්වාසය වෙනස් වෙනවා කියලා දකිනවා.

  • ප්‍රශ්වාසය වෙනස් වෙනවා කියලා දකිනවා.

  • කය නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා දකිනවා.

  • වේදනා උත්පාද-විනාශ වෙනවා කියලා දකිනවා.

එයාට වෙනස්වීම බාධාවක් නෙවෙයි.

වෙනස්වීම/අනිත්‍යය = විපස්සනා අරමුණ.


🧘‍♂️ වැදගත් වෙනස

මිථ්‍යා සමාධියසම්මා සමාධිය
එක අරමුණකට බැඳීමඅනිත්‍යය දකින සමාධිය
තාවකාලිකනොබිඳෙන
මෝහය සමඟප්‍රඥාව සමඟ
බාහිර උත්ප්‍රේරණ වලින් බිඳෙනබාහිර/අභ්‍යන්තර වෙනස්වීම්වලින් නොබිඳෙන

🪷 Gautama Buddha විසින් දේශනා කළ මූලික මාර්ගය

  • ආනාපානසතිය විස්තාරණය විය යුතුයි.

  • සබ්බකාය පටිසංවේදී තත්වයට පත් විය යුතුයි.

  • කායානුපස්සනාවට යා යුතුයි.

  • අනිත්‍ය සංඥාව සමඟ සමාධිය ඇති විය යුතුයි.

එවිට:

👉 සමාධිය විපස්සනා සමඟ එකට වැඩෙනවා.
👉 රහත්භාවය කියන්නේ මෝහයෙන් ඇතිවන මායාවක් නොවෙයි.
👉 ලෝකයෙන් පලායන එකක් නොවෙයි.


ඔබගේ ලිපිය ගැඹුරු විපස්සනා දෘෂ්ටියක් නියෝජනය කරනවා.


 

No comments:

Post a Comment