20160804

පරිගණක ලොවෙහි සමථ විපස්සනා

පරිගණකයත් මිනිසාත් අතර
යම් සමානකම් දකින්න පුලුවන්.
පරිගණකයක 
HARDWARE, SOFTWARE
මිනිසාගේ නාම රූප වලට
සමානකම් දක්වනවා.

පරිගණකයක ක්‍රියාකාරිත්වයට
එහි RAM සහ ROM දෙකේ පවතින ඉඩකඩ භාවිතා වෙනවා.
පරිගණකයෙන් පරිගණකයට ක්‍රියාකාරිත්වය වෙනස්වුණත්
එක පරිගණකයක RAM සහ ROM දෙකේ ඉඩකඩ අඩුවීම
ඒ පරිගණකයට තදින් බලපානවා,

FILE නිතර තැන්පත් කිරීමෙන්
පරිගණකයෙ ROM එකේ ඉඩකඩ අඩුවීම
RAM එකට බලපාන ආකාරයෙත්
විඥාණයෙ කෙලෙස් තැන්පත්වෙද්දි
මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය අඩුවීමෙත්
සමානකම් තියනවා.

1, කෙලෙස් තැන්පත් වීම පාලනය කරගන්න සහ
2, කෙලෙස් ඉවත් කරලා හිත පිරිසිදු කරගන්න
හැම මිනිසෙක්ම අලුතෙන්ම පුහුණු විය යුතුයි.

පරිගණකය ගැන දන්න කෙනෙක්
පරිගණකය DEFRAGMENT කරන්නෙ
තියන FILE පිළිවෙලකට තැන්පත් කරලා
ROM එකේ අමතර ඉඩකඩක් හදාගන්නයි.
ඒ FILE ඉබේට DELETE වෙන්නෙ නෑ.

DEFRAGMENT කළාට පස්සෙ
පරිගණකයෙ අමතර ඉඩක් නිර්මාණය වෙනවා.
ඒ පරිගණකයෙ වේගය වැඩිවෙනවා.
සිතෙත් වපසරිය වැඩි කරන ක්‍රම තියනවා..

මිනිස් සිත හඳුනන අය
සමථ භාවනාවෙන්
සිතේ මතුවෙන කෙලෙස්
තැන්පත් කරන්න හුරුවෙලා
සිතේ ඉඩකඩ වැඩි කරගන්නවා.
සමථ භාවනාවෙන්
කෙලෙස් ඉවත්වීමක් නැසීමක් සිදුවෙන්නෙ නෑ.
DEFRAGMENT කිරීමක් සිදු වෙනවා.

කිසියම් ආවේගයක් ඇවිලෙන්න පටන් ගත් විටක
ඒ කෙලෙස් නැවත සිතට මතු වෙලා
RAM එක පිරෙනවා
සිතේ තියන ඉඩ හොඳටම අඩු කරනවා.
RAM එක සංස්කාර වලින් ගහණ වෙලා
සිත කැළඹුණ වෙලාවට
ආවේගශීලී පුද්ගලයා පව් කරනවා.
රාග, ද්වේශ, මෝහ සංස්කාර මිශ්‍ර
වැරදි තීරණ ගන්නවා.

විපස්සනාවට යොමුවෙන අය
තමන්ගෙ පරිගණකයෙ තැන්පත් වෙලා තියන
රාග, ද්වේශ, මෝහ  FORMAT වල FILE වලට
RAM එකට එන්න පුළුවන් වෙන විදියට
ඒ මොහොතට RAM එක පිරිසිදු කරගන්නවා.

කයත් වේදනා සිත සහ සිතේ වෙනස් වීම් ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් ඉන්න විට
ඒ මොහොතෙ අලුත් FILE හැදෙන්නෙ නෑ.

කයත් වේදනා සිත සහ සිතේ වෙනස් වීම් ගැන
සිහියෙන් ඉන්න නිසා
මෝහ FORMAT එකේ FILE හැදෙන්නෙ නෑ.
ඒ මොහොතෙ සිදුවෙන වෙනස්කම් අවලට
උපේක්ෂාවෙන් ඉන්න නිසා
රාග FORMAT එකෙන් සහ ද්වේශ FORMAT එකෙන්
FILE හැදෙන්නෙ නෑ.
මේ නිසා RAM එක නිදහස්ව පවතිනවා.
මේ නිදහස තුළ
ROM එකේ තියන රාග ද්වේශ මෝහ FILE
RAM එකට ඇවිත් ස්වයංක්‍රීයව DELETE වීම
මිනිස් සිතේ විශේෂත්වයක්.
ඒත් ඒ අවස්ථාව අපි විදසුන මගින්
ලබා දිය යුතුයි.

බාහිර හෝ අභ්‍යන්තරික හේතු මත
රාග ද්වේශ මෝහ FILE ඇතිවීම නිසා
මනස ආවේගශීලී වුණත්
ඒ FILE තියෙද්දි සැනසිල්ලෙන් ඉන්නත්
තමන්ගෙ කටයුතු
සාමාන්‍ය විදියට කරගෙන යන්නත්
විපස්සනා හුරුව දියුණු වෙනකෙනෙකුට
RAM එකේ ඉඩකඩ ලැබෙනවා.

මේ ක්‍රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය රහත්භාවයයි.

කෙලෙස් DEFRAGMENT කිරීම
සිදුහත් කුමරාත් ඉගෙන ගත්තා.
ඒත්
RAM එක නිදහස්ව තබාගෙන සිටීමෙන්
කෙලෙස් RAM එකට ඇවිත් DELETE වෙන්න ඉඩ සලසන
විපස්සනා මග හොයාගත්තෙ
බුදුන් වහන්සේයි.

ඒ මාර්ගය වඩා කෙලෙස් නසා සිත පිරිසිදු කරනවා හැර
තවත් කෙනෙකුට නිවන පිළිබඳව අලුතෙන් සොයාගන්නට
කිසිවක් ඉතිරි වී නෑ.

RAM එක නිදහස්ව තබාගෙන සිටීමෙන්
කෙලෙස් RAM එකට ඇවිත් DELETE වෙන්න ඉඩ සලසන
ඒ නිවන් මග
බුදු සසුන පවතින තුරු විවෘතයි.