20160529

කෙලෙස් යටපත් වෙන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ????




කෙලෙස් යටපත් වෙන ආකාරය
පැහැදිලි කරන්න පුලුවන්.

---------------------------------------------

 
කෙලෙස් වලින් සිත පිරිසිදු කරගන්න
 ක්‍රම දෙකයි ලෝකෙ තියෙන්නෙ.
එකක් තාවකාලිකයි.
අනික සදාකාලිකයි. නිවන දක්වාම පවතිනවා.
1, සමථ
2, විපස්සනා

සමථ ක්‍රමයට කරන්නෙ
 කෙලෙස් ඇවිස්සීමෙන් කැළඹුණ හිත
 නිවා ගැනීමයි.
අරමුණ වෙනස් කිරීමෙන් කරනවා.
පොත්පත් කියවීම, ගීත ඇසීම වගේ
 ක්‍රම අනන්තයි.
පැරණි අරමුණු
 අලුත් අරමුණු නොගැනීමෙන් කරනවා.
ඇවිත් තියන සිතුවිලි
 බලා ඉඳීමෙනුත් කරන්න පුලුවන්..
මේ සියල්ලෙන්ම කරන්නෙ
 කෙලෙස් මතු කරන අරමුණෙන්
 සිත අයින් කරලා
 හිත මෝහයට පත් කිරීමක්.
නිදා ගන්න එකත් අයිති වෙන්නෙ
 අරමුණු නොගැනීමෙ ක්‍රමයට.
නිදා ගන්න කෙනාගෙ හිත ශූන්‍යයි.
ඒ නිද්‍රාවට අවදියෙන් පත්වෙන්නත්
 කෙනෙකුට පුලුවන්.

ලෞකික ධ්‍යාන තියන කෙනෙක්
 මීමැසි රැජිනක් වගෙයි.
ඔවුන් වටා කල්ලියක් රොක්වෙනවා.
ඔහුගෙ අදහසවලට ගැලපෙන පිරිසක්
 ඔවුන් වටා රොක්වෙනවා.

මොකක් හරි ආගමකින් වචන ටිකක් අහුලගෙන
ඕන විදියට පද පෙරළලා කිව්වා නම්
 
කල්ලිය  එකත් පස්ව ඔහු ඇසුරෙන්
 හිත නිවා ගන්නවා.

ලෞකික ධ්‍යාන තියන කෙනෙක්
 ලේ හලන කැරැල්ලක් ඇති කරන්නත් පුලුවන්.

ඔහුගෙ චර්යාව නිසා ධ්‍යානය පිරිහෙනවා.
ඒ වගේම ධ්‍යානය පවත්වාගන්න
 මත්පැන් බීමෙන් ධ්‍යානය පිරිහෙනවා.
සමාජයෙ හැසිරීමෙන් ධ්‍යානය පිරිහෙනවා.
කෙලෙස් මතුවීමෙන් ධ්‍යානය පිරිහෙනවා.

ධ්‍යානය පිරිහෙන්නෙ
 ඒ මිථ්‍යා ධ්‍යානය සමථයෙන් වැඩුණ නිසා.
ධ්‍යානය තාවකාලික නිසා. කෙලෙස් යටපත් කල නිසා.
ඒ කෙලෙස් නැවත මතු වෙන නිසා.

විදර්ශනාවෙදි
 අරමුණෙන් සිත බැහැර කරන්නෙ නැහැ.
කවුරු හරිබණිනවා නම්
 ඔහුගෙ බැණීමෙන් කැළඹෙන්නෙ නැහැ.
ඔහුගෙ බැණීම නිසා
 තමන්ගෙ කැළඹෙන හිත සහ කය
 වෙනස්වෙන හැටි දකිනවා.
තමන් වගේම බණින කෙනාත්
 කැළඹිලා බව ඔහුට පෙනෙනවා.
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් ඉන්නවා.

කෙලෙස් නොනැවතී මතු වෙනවා.
ඒ උපදින කෙලෙස් වලට
 උපේක්ෂාවෙන් ඉන්න නිසා
උපදින කෙලෙස් නිරුද්ධ වෙනවා.
හිත පිරිසිදු වෙනවා.
ඒ බණින අතරෙ
 ප්‍රතිවාදියා වැදගත් දෙයක් කියනවා නම්
 ඒ දේට සංවරව පිළිතුරු දෙනවා.
ඒ පිරිසිදු වීමෙන් උපදින්නෙ
 සම්මා සමාධිය නිසා
කෙලෙස් මතුවුණාට
 ධ්‍යානය බිඳෙන්නෙ නෑ.
මුගලන් තෙරුන්ට
ඇට කුඩු වෙන තුරු ගහලත්
 ධ්‍යානයෙන් පිරිහුණේ නැහැ.

විදර්ශනා වඩන
 කෙනෙක් හැසිරෙන ආකාරය
 බුදුන් වහන්සේ හැමතැනම
 විස්තර කරලා තියනවා.
ඒ හැම තැනකම
 සම්පජානෝ සතිය
තියනවා.

සමථයෙන් කෙලෙස් යටපත් කරන කෙනාට
 තමන්ගෙ කයත් වේදනාත් අදාළ නෑ.
ඔහු කෙලෙස් නිසා කයත් වේදනාත් වෙනස්වෙන විදිය
 දකින්නෙ නෑ.
කයත් වේදනාත් දැක්කොත්
 ඔහුගෙ යටපත්වෙන කෙලෙස් මතුවෙන නිසා
 ඔහු තමා දකින්නෙ නෑ.
අරමුණ දකින්නෙත් නෑ.
හිත ශූන්‍යව තබා ගන්නවා.
ඒ ශූන්‍යතාවය නිසා
 කෙලෙස් යටපත් වෙනව..
කෙලෙස් යටපත් වෙලා සිත ශූන්‍ය වෙනවා.

විෂම චක්‍රයක් මගින්
 මිනිසා මෝහයට පත්වෙනවා.
ඔතු තමන් රහත්වුණා කියා හිතනවා.
අනුගාමිකයන් හැර ලෝකයම
 ඔහු පුහුදුන් කෙනෙක් ලෙස දකිනවා..
ඔහු උගන්වන ක්‍රමයෙන්
 කෙලෙස් යටපත් වෙනවා පමණයි..

ඔහුට සාමාන්‍ය සමාජයෙ හැසිරෙන්න බැහැ.
අනුගාමිකයො වට කරගන්නෙ නැතුව
 තනියම බස් එකේ ගමනක් යන්න බැහැ.
ඔහු සමාජයෙ හැසුරුණොත්
 කුණුහරුපත් කියැවේවි..

බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත්
 සාමාන්‍ය සමාජයෙ හැසුරුණා.
 සිදුවෙන කිසිම දේකින්
 සම්මා සමාධිය බිඳුනෙ නෑ.

20160528

සිරිධම්ම ගෝලයන්ගෙ විපස්සනාව සහ සැබෑ විපස්සනා මග...


Kurunagala Sugathaseela Himi
සතිපට්ටානය නම්, කයෙන් ලැබෙන අරමුණු කෙරෙහි සිහියෙන් දැනීම,
වේදනාව තුලින් මනස තුල ජනිත වන අරමුණු දැනගැනීම. ඒ දෙක නිසාත්, සිතේ හටගන්නා සිතිවිලි නිසාත් සිතට ලැබෙන අරමුණු දැනගැනීම. මේ සියල්ල තුල පවත්නා යතා ස්වභාවය නිවරදිව අවබෝධ කිරීම. මේ වනාහි සතිපට්ටානයයි.
==============================

ඔබට තුවාලයක් වුණාම
ඔබ ඒ අවස්ථාව
ඔබ ඉහත විස්තර කළ ආකාරයට
සතර සතිපට්ඨානයෙන් දකින්නෙ කොහොමද?

==============================Kurunagala Sugathaseela Himi //ඔබට තුවාලයක් වුණාම ඔබ ඒ අවස්ථාව/// කයට තුවාලයක් ඇති වුනාම තුවාලයක් ඇති වූ බව දැනගන්නවා.එයින් සිත තුල අකමැත්තක් හට ගත්තොත් ඒ අකමැත්ත හටගත් බවදැනගන්නවා.තවත් හේතුඵලය ඔස්සේ ගොස්, ඒ අකමැත්ත හටගන්නේ මෙවන් තුවාලයක් මට නොවෙන්න ඕන කියා චිත්‍රයක් කලින් දාගෙන හිටපු නිසා බව දැනගන්නවා, එසේ චිත්‍රයක් ඇති වුනේ මට ඕන විදියට ලෝකය පැවැත්විය යුතු බව සිතෙන නිසා බව දැනගන්නවා. එසේ වන්නේ මම තුල තවමත මම ජීවමාන වී ඇති නිසා බව දැනගන්නවා. ඒ සතර සතිපට්ටානයමයි. ඔබට මෙතරම් ගැඹුරට සතිපට්ටානය ඔස්සේ යා නොහැක්කේ ඔබේ පටු චින්තන රාමු නිසා මහත්මයා.
==================================


Sugathaseela Himi
ගේ සතර සතිපට්ඨානය හරියට
විත්තිකාරයාත් පැමිණිළිකාරයාත්
සාක්කිකාරයොත් නැතූව
නඩුවක් අහනවා වගෙයි.
ඒ අතරම
ඔවුන් සතිපට්ටානයේ ගැඹුරට යනවා යැයි
උදම් අනනවා.

මගේ මිතුරු කැළ අතර
විපස්සනා පුහුණුව ලැබූවන් ඉන්න බව
ඔවුන් දන්නෙ නෑ.
ඔවුන් ලෝකය කියා හිතන්නේ
පෝයට ආශ්‍රමයට එන
ක්ලෝනීකරණයෙන් බිහි කළ
සිරිදහම් අනුකාරකයන්.

විපස්සනා නමින්,
සමථ භාවනාවක් උගන්වන සිරිධම්ම ළඟ
විපස්සනා වඩන ගෝලයො ඉන්න විදියක් නෑ.
======================================

විපස්සනා වඩන්නෙකුට
ප්‍රතිලාභ පහක් අත්වෙනවා.

1,
සත්වයාගේ විශුද්ධියට,
2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3,
දුක් දොම්නස් අස්තංගත වීමට
4,
ප්‍රඥාව ඉහළ යාමට
5,
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

මිනිසාට පැමිණෙන
සියලු කායික දුක් දොම්නස් අඩුවෙන්නට සහ
මානසික සෝ තැවුල් සමනය වී ඉක්මවා යන්නට
එකම මග විපස්සනාවයි.


2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීම
3,
දුක් දොම්නස් අස්තංගත වීම
එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

මේ සඳහා
බරපතල දැනුමක් අවශ්‍ය නෑ.
සිහිය අවශ්‍යයි.
සිහියෙන් දකින දේට නොබැඳී ඉන්න
උපේක්ෂාව අවශ්‍යයි.

විපස්සනා වලින් කරන්නෙ
මේ සඳහා කෙනෙක් පුහුණු කිරීමයි.

පුහුණු වෙන ක්‍රමයත් ඉතාම සරලයි.

_මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
අපි අපේ සරල ප්‍රශ්නය අනුව බලමු.

ඔබට තුවාලයක් වුණාම
ඔබ ඒ අවස්ථාව
සතර සතිපට්ඨානයෙන් දකින්නෙ කොහොමද?


---------------------------------

 
කායික තුවාලයකදි
මොනවද කරන්නෙ කියලා
සිරිධම්ම උගන්වන්නෙ නෑ..
ඔහුට ඒ සඳහා පහසුකම් නෑ.
කායික දුක් දොම්නස් වලින් මිදෙන්න
ඔහු ළඟ ක්‍රම නෑ.

ඔහු ළඟට එන අය
කායික දුක් දොම්නස් වලින් මිදෙන්නෙ
රසායනික නිර්වින්දක භාවිතයෙන්.
ඔවුන්ට කය දැනෙන්න විදියක් නෑ.

නිවැරදි සතිපට්ඨානය.

කයේ තුවාලයක් වුණාම
අවස්ථා හතරක් අපට දකින්න පුලුවන්.


කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය
විපස්සනා වඩන කෙනෙක් නම්
මේ හතර පිළිබඳව සිහියෙන්
ඒ හතරටම උපෙක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුට හිතන්න දුක් වෙන්න ඉඩක් නෑ.
ඔහුගෙ හිත මේ හතර ගැන
සිහියෙන් පසු වෙනවා.

තුවාලෙ ගැන මොනවා හිතුවත්
හිතන කෙනෙක් ඉන්නවා නම්
ඔහු අනිවාර්යයෙන් දුක් විඳිනවා.
තර්කයට මොනවා හරි ගොතා කිව්වට
තුවාලයක් වුණාම
සිරිධම්මත් ගෝලයොත්
සාමාන්‍ය මිනිස්සු වගේ
දුක් විඳිනවා.

සමථ වඩන අය ඉන්නෙ
ඇසූ පිරූ තැන් නැති
පුහුදුන් කෙනෙකුගෙ තැනයි.

ඔහු තුවාලය ගැන හිතන නිසා
ඔහුට කාය වේදනා චිත්ත ධම්ම
එකක්වත් හරියට පෙනෙන්නෙ නෑ.
ඔහු සිහිය පිහිටුවා ගන්නෙ මොනවටද?

විපස්සනා ප්‍රායෝගිකව වැඩූ
ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට හැර
සමථ යෝගියෙකුගෙන් සමථය උගත් කෙනෙකුට
විපස්සනා අත්දැකීම විස්තර කරන්න බෑ.

සල්ල සූත්‍රය
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..

නානා විධ දෘෂ්ඨි වලින්
ඔලුව කුරෝලු වුණ කෙනෙකුට
විපස්සනා අත්දැකීම ලබන්න බෑ.

බුදුන් වහන්සේගේ උපදෙස්
නිවැරදිව පිළිපදින කෙනෙකු
ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට
විපස්සනා අත්දැකීම ඉතාම සරලව
විස්තර කරන්න පුලුවන්..

කයේ තුවාලයක් වුණාම
අවස්ථා හතරක් අපට දකින්න පුලුවන්.


කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව.

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය,
විපස්සනා වඩන කෙනෙක් නම්
මේ හතර පිළිබඳව සිහියෙන්
ඒ හතරටම උපෙක්ෂාවෙන් වෙසෙනවා.
සමස්ත අත්දැකීම මෙපණයි.

මේ මොහොතෙ
ඒ මොහොත පිළිබඳව සත්‍යය
ඔහුට පෙනෙනවා.
ඒ මොහොතෙ ඔහුට කාගෙවත් බණ අවශ්‍ය නෑ.
ඔහු දුක දකිනවා.
ඔහුගෙ දුකට
හේතුවෙන
කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව.

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය,
මේ තියෙන්නෙ ඔහු විඳින
සමස්ත දුකයි.
ඔහු ඒ සියල්ලටම උපේක්ෂාවෙන් වෙසෙනවා.
දුකෙන් මිදෙන මග එයයි.
ඔහු දුකෙන් මිදෙනවා.



කය = තුවාලය

වේදනා = දුක්ඛ වේදනාව

චිත්ත = ද්වේශ චිත්තය

ධම්ම = ව්‍යාපාදය
මේ හතරම තියෙද්දි
ඔහු උපේක්ෂාවෙන්
වෙසෙනවා.
අථ නිබ්බින්දති දුක්ඛෙ
ඔහු දැන් දුක විඳින්නෙ නෑ.
ඒස මග්ගෝ විසුද්ධියා.
විශුද්ධියට, පිරිසිදු වීමට
මාර්ගය එයයි.

සිරිධම්ම විපස්සනා දන්නෙ නැතුව
ඔහුට විපස්සනා උගන්වන්න බෑ.
මහා සතිපට්ඨානය කට පාඩම් වීම
විපස්සනා වඩන්නවත්
විපස්සනා උගන්වන්නවත්
සුදුසු කමක් නොවෙයි.

විදර්ශනාව බෞද්ධයාට අනිවාර්යයි..


1,
සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ඤාණයයි.
2,
චතුරාර්ය සත්‍ය ඤාණය තුළ ඇති
පිළිවෙත් මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
3,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඇති
පිළිවෙත් මග
නිවනට ඒකායන මාර්ගය ලෙස
බුදුන් වහන්සේ සඳහන් කළ
සතර සතිපට්ඨානයයි.
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් නොකරන
කිසිම කෙනෙකුට
තමා බෞද්ධයෙක් යැයි
හඳුන්වා ගත හැකිද?
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන්
එකක් පමණක්, දෙකක් පමණක් නොව
හතක් පමණක් හෝ
අනුගමනය කරන කෙනෙකුට
” මම ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් කරන්නෙම්” යැයි
සපථ කළ හැකිද?
ආර්ය අශ්ඨාංගික මාර්ගය
“අශ්ඨාංගික” මාර්ගයකි.
අශ්ඨාංගික මාර්ගයක්
ඒකාංගික, ද්වාංගික…හෝ
සප්තාංගිකද හෝ විය නොහැක.
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙහි
ගමන් කරන කෙනෙකු නම්
අනිවාර්යයෙන්ම
සම්මා සතිය
එනම් විදසුන වැඩිය යුතුය.
ආර්ය අශ්ඨාංගික මාර්ගය
බෞද්ධයා ජීවත් වන
රටාවයි.
ඒ ජීවන රටාව තුල
සිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කිරීමට
සෝ තැවුල් ඉක්මවා යාමට
දුක් දොම්නස් නිවී යාමට
ප්‍රඥාව තියුණු වීමට
නිවන් දැකීමට
ඇති එකම මග
සම්මා සතියයි.
  • සම්මා සතිය
1,
සත්වයාගේ විශුද්ධියට,
2,
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3,
දුක් දොම්නස් අස්තංගත වීමට
4,
ප්‍රඥාව ඉහළ යාමට
5,
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
කවර වූ සතරෙක්ද?
___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

අමරණීය යුග බැඳුමක මුව විට,.. විවාහයක අවදානමේ....


අමරණීය යුග බැඳුම්
සේකර අමරදේව
ප්‍රේමකීර්ති වික්ටර්
සුනිල් නන්දා මාලනී
කුමාරදාස සපුතන්ත්‍රී -සුනිල් එදිරිසිංහ
රෝහණ වීරසිංහ සුනිල් එදිරිසිංහ
රෝහණ වීරසිංහ  දීපිකා ප්‍රියදර්ශනී
ගාමිණී මාලනී
විජය මාලනී
සේකර ජෝලෙස්ටර් සුමිත්‍රා
ලෙස්ටර් ගාමිණී
ධර්මසිරි ස්වර්ණා
හෙන්රි මානෙල් ජයසේන
එඩී රුක්මණී
චිත්‍රසේන වජිරා
චන්න උපුලී
සම්පත් රත්නා ලාලනී
ටී. එම්. නීලා
රෝහණ බැද්දගේ බන්දුල විජේවීර

යුග බැඳුම් හැමවිටම ඇතිවන්නේ
ස්ත්‍රී පුරුෂයන් අතර පමණක්ම නොවෙයි.
යුග බැඳුමක් ලෝකයට
වටිනා දායාදයන් උරුම කර දෙන්නෙ
දෙන්නෙක් රුකුල් දෙමින් පදින
ඔංචිල්ලාවක් වගෙයි.

යුග බැඳුමකින් දෙදෙනෙක්
එක්ව සම්ප්‍රාප්ත වෙන තලය
ඔවුන් දෙදෙනාට තනිව හෝ
වෙනත් දෙදෙනෙකු සමග එක්ව
ළඟාවිය නොහැකි තලයක්.

විවාහය සඳහා පෙම්වතියක් සොයන
සංවේදී, ප්‍රඥාවන්තයන් සොයන්නෙ
කය පිනවන, මනස තෘප්තිමත් කරන
රූපයක්, හඬක්, දාසියක්,
නිත්‍ය වෛශ්‍යාවක්, වින්දනයක් නම්
ඔහු ගන්නා තීරණය මත
තමන්ගෙ ජීවිතයෙන් අඩකටත් වඩා
ඔහුට අහිමි විය හැකියි.
ස්ත්‍රියක සොයන්නෙ ගෙයක්, වාහනයක්,
තනතුරක්, ආරක්ෂක නිලධාරියෙක්,
සල්ලාල වහලෙක්, පියෙක්, සොයුරෙක් වැනි
අත්වැලක් හෝ වින්දනයක් නැම්
ඇගෙත් ජීවිතය අවදානම්.

ඒක භාර්යා විවාහය තුළින් " විවාහය " යනු
අති ශුද්ධ වූ දෙයක් ලෙස සලකු ලියෝ තෝල්ස්තෝයි
විවාහයක අවදානම ගැන සිහි කරමින්
මේ විදියට කියනවා.

"කවදාවත් විවාහවෙන්න එපා,
මා ආදරණීය මිත්‍රයා.
ඔබට දෙන අවවාදය එයයි.

තමා කරන්නට කැමති
තමාට කරන්නට පුලුවන්
හැමදෙයක්ම කරලා අවසානයි කියා
ඔබටම කියාගන්නට හැකිවනතෙක්
කවදාවත් විවාහවෙන්න එපා.
ඔබ තෝරාගන්නා යුවතියට ඇති ආදරය නිවිලා,
ඇය ඈ සිටින විදියට පෙනෙන්න කලින් විවාහවුණොත්
කවදාවත් නිවැරදි කරන්න බැරි,
කෘර වරදක් කළා වෙනවා.
වයසට ගිහින්
කිසිදේකට වැඩක් නැති කෙනෙක් වුණාට පස්සෙ
විවාහ වෙන්න.
එහෙම නොකළොත්
ඔබ තුළ තියන උසස් ගුණාංග
ටිකින් ටික නැතිවී යාවි.
හැමදේම බිඳෙන් බිඳ නැතිවී යාවි.
ඔව්! ඔව්! ඔව්!..
ඔය තරම් පුදුමයෙන් මාදිහා බලන්න එපා.
ඔබ අනාගතේදි
ඔබෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් විවාහ වුණොත්
පියවරක් පියවරක් පාසා
ඔබේ සියල්ලම හමාර වී ඇති බව
ඔබට වැටහේවි.
විසිත්තකාමරය හැරෙන්නට
හැම දෙයක්ම නැති වෙලා
රාජසභාවක දාසයෙකුගෙ මට්ටමට වැටේවි.
මොකක්ද ඇති හොඳේ?"
--- ලියෝ ටෝල්ස්ටෝයි, "යුද්ධය හා සාමය"

-------------------------------------

හැම විවාහයක්ම අවදානමක්.
ජීවිතයත් මරණයත් අතර තීරණයක්.

ඔබේ විවාහය තීරණය කරන්නේ
ඔබේ මනස, ඇස සහ කයද?
ඔබේ ප්‍රඥාවද?

20160525

ඔබේ සිහිය පරීක්ෂා කර බලන්න.



විදසුන කියන්නෙ තර්කයක් හෝ
තර්කයෙන් අවබෝධ කරන දෙයක් නෙවෙයි.

විදසුන කියන්නෙ
වතුරට බැහැලා පීනනවා වගේ
ඇඟට දැනෙන අත්දැකීමක්..
විදසුන් වඩනා තමන්ගෙ අත්දැකීම
විග්‍රහ කරන්නෙ නෑ.
ඔහුට ප්‍රඥාව පහළ වෙන්නෙ සිහිය නිසයි.

ගිනි අව්වට පිළිස්සෙන කෙනෙකුට
අව්වෙ සත්‍ය ස්වභාවය දකින්න 
තමන්ගේ කයෙත් සිතෙත් සිදුවෙන
වෙනස ගැන සිහියෙන් විසීම සහ
ඒ සිදු වෙන වෙනස්කම් වලට
උපේක්ෂාව තිබීම ප්‍රමාණවත්.

හැම මොහොතකම
තමන්ගෙ කය ගැනත් සිත ගැනත් සිහියෙන්
ඒ සිදු වෙන වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් වෙසෙන කෙනෙකුට
ප්‍රඥාව පහළ වෙන්නෙ
චින්තනය භාවිතාවෙන් තොරවයි.
ඔහු තුළ පහළ වෙන ප්‍රඥාවට වචන නෑ,
ඒ ප්‍රඥාව
ඔහුගෙ සිතත් කයත් පිළිබඳව අත්දැකීමක්.

ඒ සඳහා සිහිය අවශ්යයි.

ඔබ හිතන්නෙ
ඔබට සිහිය තියනවා කියලයි.
මත්පැන් පානය කරන අයත්
එහෙම හිතනවා.
උන්මත්තකයන් පවා එහෙම හිතනවා.

අද උදේ ඔබ අවදි වෙන වෙලාවෙ
ඔබ සිටියෙ මොන ඉරියව්වෙන්ද?
ඔබ නැගිටලා ආවෙ කොහොමද.?
එතෙක් මෙතෙක් වාර මිලියන් ගාණක්
ඔබ  ඉරියව් වෙනස් කරන්න ඇති.
ඔබ සිහියෙන් වෙනස් කළ
එක ඉරියව්වක්වත් මතකද?

දැන් ඉන්න ඉරියව්ව බලන්න.
ඉරියව්ව බලන වෙලාවට
ඔබට ඔබේ අත්පා, හිස ආදිය
තියන විදිය ගැන සිහිය තියනවා.
තව මොහොතකින්
ඔබට නැවත සිහිය නැති වෙනවා.
ඉන් පස්සෙ ඔබ ඉන්නෙ
මෙතෙක් හිටියා වගේම අවසිහියෙන්.

මේ අත්දැකීම වෙනස්.

ඔබ රහත් වුණොත්
ඔබ මුලු දවසම ඉන්නෙ මේ විදියට සිහියෙන්..
ඔබට දැන් නොදැනෙන දැන් නොපෙනෙන
බොහෝ දේ රහත් වුණ කෙනෙකුට පෙනෙනවා.
ඔහුට ඔහුගෙ හුස්ම දැනෙනවා.
හෘදස්පන්දනය දැනෙනවා.
 කයෙහි වේදනා දැනෙනවා.
සංඥා දන්නවා.
ඒ අනුව ඇතිවෙන විතර්ක දන්නවා.
ඔහු සංවරයි.
ඔහුගෙ කය, වචනය, සිත සංවරයි.


අසංවර අශීලාචාර ව්‍යාජ රහතුන් අනුව
සැබෑ රහත් බව මනින්න එපා.

ඔබේ සිහිය මදක් දියුණු කරගෙන
ඒ සිහිය 100%ක් දක්වා වැඩුණාම
ඒ සිහිය දවසෙ පැය විසි හතර පුරාම
නොකඩවා පවතින විට
ඔබ පත්විය හැකි තත්වය
මේ කුඩා උදාහරණ මගින්
ඔබම පරීක්ෂා කර බලන්න.

ඔබ ඔබේ ඉරියව්ව ගැන සිහියෙන්
ඉතා සෙමින් වෙනස් වෙලා බලන්න.
ඒ මොහොතට ඔබ සංවර වෙනවා.
ඔබ ඉන්නෙ සිහියෙන් නම් ඔබ සංවරයි.

සංවරව අසිහියෙන් අවසිහියෙනුත් ඉන්න පුලුවන්.
ඉතා සෙමින් කටයුතු කරන කෙනෙක්
එකාකාරීව එකම දේ හැමදාම කරන කෙනෙක්
සංවරව හැසිරෙනවා.
ඒ සංවර බව රඟපෑමක්.

ඒත් සිහියෙන් ඉන්න කෙනෙක් අසංවර වෙන්න බැහැ.
ඉක්මණින් ක්‍රියා කරන්න පුලුවන්.
ඒ සංවර බව පිටට පෙනෙනවා.

තමන් රහත් කියා ගන්න කෙනෙක්
අසංවරව හැසිරෙනවා නම්,
ඔහුගෙ වචනය අසංවර නම්
ඔහු දෙස හොඳින් බලන්න.
ඔහු කරන දේ ඔහු සිහියෙන් කරනවාද?
ඔහු සිහියෙන් ඉන්නවා නම්
ඔහු ඒ දේ කරාවිද?

ඔබ අසංවර නම් ඔබ ඉන්නෙ අවසිහියෙන්..
ගඳ ගහන කාණුවක වැටිලා
අවසිහියෙන් ඉන්න පුලුවන්.
සිහියෙන් ඒ කාණුවෙ වැතිරිලා ඉන්න
ප්‍රබල හේතුවක් අවශ්‍යයි.
ඔහු ඒ හේතුව මත
පරිත්‍යාග ශීලීව වරක් දෙකක්
ඒ කානුවවට බහින්න පුලුවන්.
ඔහු ඒ කාණුවට
දිනපතාම බහිනවා නම්
ඔහු ඉන්නෙ මෝහයෙන්. 

අවසිහියෙන්.

සිහියෙන් අසංවරව ඉන්න බැහැ.


ඔබ ඉන්නෙ සිහියෙන් නම්
ඔබ ඉරියව් වෙනස් කරද්දි
ඔබට සාපේක්ෂව
පරිසරය වෙනස් වෙන බව
ඔබට පෙනෙනවා.

ඔබ වෙනස් වෙද්දි
පරිසරය ස්ථාවරව තියෙනවා කියා
ඔබට හැඟෙනවා නම්
ඔබට ඔබ ගැන සිහිය නැහැ.
සිහිය පිහිටුවා ගන්න.

සිහිය නැති කෙනෙකුගෙ ජීවිතේ
ඔහු කරන හැම දේකටම
ඒ අවසිහිය බලපානවා.


මත්පැන් පානය කළ කෙනෙකුගෙ
කල්ක්‍රියාව විමසන්න.
ඔබට සාපේක්ෂව ඔහුට සිහිය නැහැ.
ඔහුට ඔහු කරන කියන දේ දැනෙන්නෙ
ප්‍රමාද වෙලා.
මත්පැන ප්‍රමාදයට හේතු වෙනවා.
ඔබටත් එහෙමයි.

ඔබටත් ඔබ කරන දේ
හරියට පෙනෙන්නෙ නෑ.

ඔබ මේ ලිපිය කියවද්දි
ඔබේ ඉරියව්ව ගැන ඔබට සිහිය නැහැ.

ඔබේ සිහිය පිහිටුවා ගැනීමෙ හැකියාවෙ තරමට
ඔබට අවශ්‍ය නම් ක්ෂණිකව සිහිය පිහිටුවා ගන්න පුලුවන්.
මත්පැන් පානය කළ කෙනෙකුට එහෙම බැහැ.
මත් බව දුරුවෙන තුරු සිටිය යුතුයි.

ඔබත් බොහෝ දෙයින් මත් වෙලා ඉන්නවා.
සිහිය පිහිටුවා ගත් කෙනෙකුට
ඔබව පෙනෙන්නෙත්
මත්පැන් ගත් කෙනෙක් වගෙයි.
ඔබේ සිහිය නැති වෙන්නෙ ආවේග නිසා.
ඔබ සිතින් අල්ලා ගන්න දේවල් නිසා.

ඔබ සිත හිස් කරගත්තොත්
ඔබට ඔබව පෙනෙනවා.
සිත හිස් වෙලා ඔබට ඔබ පෙනෙන්නෙ නැත්නම්
ඔබ ඉන්නෙ මෝහයෙන්.
ඔබට සිහිය අත්‍යාවශ්‍යයි.

ඔබ ගැන සිහිය තියනවා නම්
ඔබේ එක බැල්මක් වෙනස් කළත්
ඔබට ලෝකය වෙනස් වෙන බව පෙනේවි.
අඩි කීපයක් ඉදිරියට යද්දි
ලෝකය පසු පසට යන ආකාරය
ඔබට පෙනේවි.
දැන් ඔබ දකින්නෙ
ලෝකය ස්ථාවරව තියෙද්දි
ඔබ ඉදිරියට යනවා වගෙයි.
නැහැ.
මුලු ලොවම
ඔබට සාපේක්ෂව වෙනස් වෙනවා.
ඔබ දන්නෙ නැහැ.
ඔබට පෙනෙන්නෙ නැහැ.

ඔබ ගැන සිහියෙන්
ඔබ අවට තියන
හැම දෙයක් ගැනම සිහියෙන්
මදක් සෙලවී බලන්න.
සියල්ලම සෙලවෙනවා.
සියල්ලම අලුතෙන් සැකසෙනවා.

සිහියෙන් ඉන්න කෙනෙක් සිල්වත්.
ඔහුගෙ හිත සමාහිතයි.
ඔහු තුළ හැම මොහොතකම
ප්‍රඥාව පහළ වෙනවා.

ඔබට ඔබේ කය ගැන සිහිය තියනවාද?

පරීක්ෂා කර බලන්න.

තමන්ගෙ අතක් උස්සගෙන
විනාඩි කිහිපයක් ඉන්න කෙනෙකුට
තමන්ගෙ අත කයේ අනික් කොටස් වලට වඩා
දැනෙන්න පටන් ගන්නවා.

දැන් මේ මොහොතෙ කරල බලන්න..
කියවන ගමන් කරල බලන්න.

ඔබේ කය ගැන ඔබට සිහිය නෑ.
ඔබේ කය ඇත්තටම
ඔබ උස්සගෙන ඉන්න අත වගේ
ඔබට දැනෙන්නෙ නෑ.
ඔබට කය කියන්නෙ හිස් කෝම්බයක්..

ඔබ විදසුන් වැඩුවොත්
ඔබ ඔය උස්සගෙන ඉන්න අත වගේ
ඔබට ඔබේ කය දැනෙන්න පටන් ගන්නවා.
ඔබට ඔය අත දැනෙන විදියට
මුළු කය දකින්න බැරි
ඔබට ඔබේ කය ගැන සිහිය නැති නිසයි.

සතිපට්ඨානය කියන්නෙ
සිහිය පිහිටුවා ගැනීමයි.

බුදුන් වහන්සේ
ලෝකයට දායාද කළ
සියල්ලම ඔබට ලැබෙන්නෙ
සතර සතිපට්ඨානය මගින්මයි..
වෙනත් මගක් නැහැ.
-------------------------------------------------

1
සත්වයාගේ විශුද්ධියට,
2
සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3
දුක් දොම්නස් අස්තංගත වීමට
4
සිතට කයට දැනෙන බව ඉහළ යාමට
5
නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

සමථ විපස්සනා විවාදාභිමුඛ හමුව 2 -සිරිධම්ම හිමි - අතුල සිරිවර්ධන

 
සිරිධම්ම හිමි
තවමත් ඇසූ පිරූ තැන් නැති
පුහුදුන් කෙනෙක්..
ඔහු ත්‍රිපිටකය අසා තිබුණට පුරා නෑ.


සමථ අත්දැකීමකට
නිවන් අවබෝධය ලෙස මුලා වී සිටින නිසා
සමථ හා විපස්සනා අතර ඇති විශාල පරතරයම
ඔහුත් මාත් අතර පවතිනවා.

අද අප අතර ඇති 
සමථ විපස්සනා පරතරය දරාගෙන
ඔහුට යළි මා මුණ ගැසිය නොහැකියි.

එදා විවාදය අවසන් වෙද්දී
බුදු දහම පිළිබඳව මා පළ කළ අදහස වලට
විවාදයකින් තොරව එකඟ වී
නැවත හමුවෙන අරමුණෙන්
සුහද ප්‍රතිවාදීන් ලෙස වෙන්වූ තැනම
අදත් මා සිටිනවා.

නැවත අපි හමු වෙනවා නම්
එතනින් පටන් ගන්න මම කැමතියි.

මහ හඬින් බුරමින් ඔහුට ආරක්ෂාව සපයන
සිඟිති පාසල් දරුවන් මෙන් බොළඳ
ලාබාල අඳබාල ගෝලයන් පිරිස
ෆේස්බුක් සමාජ ජාලය තුළ මා සමග ගැටුණාට
මට ඔහු ඒ පිළබඳව ඔහු සමග හෝ
ඔවුන් සමග පවතින ගැටළුවක් නෑ.

තවමත් ඔහුගේ දේශනාව අනුව
ඔහු රහත් නැහැ කියා මම තවමත් කිඔයනවා.
ඔහු උගන්වන විපස්සනාව වැරදියි.
රහතන් වහන්සේ කෙනෙක්
සමථය උගන්වන්නේ නෑ.

මහා සතිපට්ඨාන සූත්‍රය හදාරා
බුදුන් වහන්සේට ශ්‍රද්ධාවෙන්
කිසිවක් අඩු නොකර, කිසිවක් එක් නොකර
ඒ දේශනාව උගන්වන්නට අවශ්‍ය නම්
ඔහුට මූලික සුදුසුකම් තියනවා.

ජන්මයෙන්ම එන පුහු මාන්නයත්,
කලක් තිස්සේ පුරුදු වී ඇබ්බැහිවූ
ගණ සංගණිකාරමතාවයත් නිසා
ඔහු නොමග ගොස් සිටියත්
නැවත මගට වැටෙන්නට අවශ්‍ය
අපූර්ව නිහතමානී බවක් සහ
අල්ලාගෙන සිටින දේ වහා අත් හළ හැකි
දකුණේ එඩිතර බවත් ඔහුට තියනවා.
මටත් එහෙමයි.
මමත් මගේ වැරදි
තේරුම් ගත් මොහොතේම හදා ගන්න කෙනෙක්.
ඔහු පිළිබඳවත් මට ඒ විශ්වාසය තියනවා.
අප එකට ගත කළ පැය දෙක තුළ
ඒ විශ්වාසය මට ඇති වුණා.

කවදාක හෝ
ඔහු නැවත මට මුහුණ දෙනවා නම්
එදින වන විට
ඔහු කායානුපස්සනා වේදනානුපස්සනා දෙක
අලුතෙන්ම අත්දැකලා  හඳුනාගෙන ඉඳීවි.
චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා නිවැරදිව
අත්දැකීමෙන් හඳුනාගෙන ඉඳීවි.
ඔහුගෙ ප්‍රබල සමථය ඔහුට සහායක් වෙයි.

ඔහු එක මොහොතකට හෝ
නිවැරදිව විපස්සනා වැඩුවොත්
ඒ මොහොතේම
ඔහු ආර්යශ්‍රාවකයෙක් වෙනවා.
ඒ මොහොතේම
ඔහුගෙ වැරදි බොහෝ ප්‍රමාණයක්
ඔහු තේරුම් ගනීවි.
දා ඡායාවක් මෙන් දුටු මාත්
ඔහුට පැහැදිලිව පෙනේවි.

ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වුණොත්
එකම තලයකට පා තබා ඇති
අප අතර ගැටුමක් නෑ.
මට එදිනට ඔහු විපස්සනා සහෘදයෙක්..

ගිහි ආර්ය ශ්‍රාවකයෙක් විසින්
පැවිදි ආර්ය ශ්‍රාවකයෙකුට දක්වන ගරුසරු
ඔහුට එදිනට සුදුසු අයුරින් මගෙන් ලැබෙයි.
අපට සුහදව කථා කළ හැකි බොහෝ දේ තියනවා.

කායානුපස්සනා වේදනානුපස්සනා .
චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හතරම
සමස්තයක් ලෙස
නිවැරදිව වඩා
ආර්ය ශ්‍රාවකයෙකු වන්නට
ඔහුට තෙරුවන් සරණ ලැබේවා.

20160524

- නොවිඳීම -VFM සංවාදයෙන් කොටසක් - සිරිධම්ම හිමි සහ අතුල සිරිවර්ධන

පුහුදුන් තැනැත්තාට
නොවිඳීම යනු මෝහයයි.
සැපත් දුකත් හැරුණු විට
අන් සියලුම අත්දැකීම් තුළ ඇත්තේ
ඝණ අඳුරක් වැනි නොවිඳීමයි.
ඔහු ඒ කාලය ගත කරන්නේ
සිතිවිලි වලිනි.

රහතන් වහන්සේගේ නොවිඳීම වනාහි
ඔහුට ඇතුළත සහබැහැර දැනෙන
සියලුම වේදනා, සංඥාත්
සිතෙහි නැගෙන විතර්කත් පිළිබඳ සිහියෙන්
ඒ සියල්ලම කෙරෙහි උපේක්ෂාවෙන් විසීමයි.

පුහුදුන් තැනැත්තාගේ නොවිඳීම
ඝණ අන්ධකාරය වන අතර
රහතන් වහන්සේගේ නොවිඳීම
පතළා වූ ආලෝකයයි. පින්වත් සාරිපුත්‍රයෙනි,
නිවන සැපයි, සුවදායකයි යයි ඔබ කියයි,
විඳින්න කෙනෙක් නැති නිවනේ කවර සැපයක්ද සුවයක්ද?
“උපාලි, විඳින්න කෙනෙක් නොමැති වීමමයි එහි ඇති සැපය,
විඳින්න කෙනෙක් නැති වීමමයි එහි ඇති සුවය..”
සංයුක්ත නිකාය නිබ්බානාසුඛ සූත්‍රය
=============================

ඇසු පිරූ තැන් ඇති ඒ ආර්ය ශ්‍රාවකයන් සමග
ඇසු පිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයා
ඉතාම සරලව සංසන්දනය කරමින්
අප බුදුන් වහන්සේ
සල්ල සූත්‍රයේ මෙසේ ප්‍රකාශ කළහ.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1 සුව වේදනාවත් විඳියි.
2 දුක් වේදනාවත් විඳියි.
3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?

මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

මුගලන් මහ රහතන් වහන්සේගේ කයෙහි ඇට කුඩු වෙනතුරු
ජීවත්විය නොහැකි තරමට සොරුන්ගෙන් පහර කෑවද
ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ. නො වැලපුණෙහිය.
ළෙහි පැහැර නො හැඬීය. මුළාවට නො පැමිණෙහිය.
කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
චෙතසික වේදනාව වින්දේ නැත..

සම්පූර්ණ විවාදය
http://tinyurl.com/VFMvideo

20160522

තෙළෙස් ධුතාංග - සිල්වත් භික්ෂූන් වහන්සේ වඩන ආර්යවංශ ධර්ම



අප්පිච්ඡතා, 
සන්තුට්ඨිතා ගුණ දෙක නොමැති 
පැවිද්දාට හෝ ගිහියාට සැපතක් 
අත් විඳීමට නොහැක. 
මෙම ගුණ දෙක නැති පුද්ගලයාට 
ජීවිතය සිරගෙයක් මෙන් හැඟෙයි. 
මෙම ගුණ දෙකෙන් යුතු පුද්ගලයාට 
මුළු ජීවිතයම සැපයක් මෙන් වැටහෙයි.


‘අප්පිච්ඡතා’ යන්නෙන් අදහස් කරන්නේ බොහෝ දෙයට ආශා නොකරන බවය. ‘සන්තුට්ඨිතා’ යනු යහපත් වූ හෝ අයහපත් වූ හෝ මද වූ හෝ තමන්ට තිබෙන ප්‍රමාණයෙන් සතුටු වීමයි. මෙම ගුණ දෙකම එකට බැඳී පවතියි. මෙම ගුණ දෙකෙහි පිහිටි පුද්ගලයාට අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා යන දුර්ගුණයන් ඇති නොවේ.

‘අත්‍රිච්ඡතා’ යනු, 
ලද දෙයින් සතුටු නොවී 
වඩා හොඳ දේවල් පැතීමයි. 
කෙතෙක් ලැබුණත් සෑහීමට පත් නොවී 
තව තවත් බලාපොරොත්තු වීම 
‘මහිච්ඡතාවයයි’. 
තමන් තුළ නැති ගුණ ප්‍රදර්ශනය කිරීම 
‘පාපිච්ඡතා’ පුද්ගලයාගේ ලක්‍ෂණයයි. 

ඉහත සඳහන් කළ 
අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ගුණයන් නිසා 
සීලයෙහි ගුණාත්මක බව වඩාත් වර්ධනය වෙයි.


සීලය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාමට කැමති භික්‍ෂූන් වහන්සේලාට අතිරේක වශයෙන් සම්පූර්ණ කළ යුතු ධුතාංග දහතුනක් ඇත. හැකි සෑම විටම මෙම ධුතාංග පිරිහීමට, වැඩීමට උත්සාහ කළ යුතු ය. තමන්ගේ ජීවිත කාලයටම ධුතාංගයන් පුරා නොමැති නම් එය පැවිදි ජීවිතයට විශාල අඩුවක් වශයෙන් සැළකෙයි. ශ්‍රමණ, බ්‍රාහ්මණ, පණ්ඩිතයන් විසින් ඉතා උසස් කොට අගය කරන පිළිවෙත් සතරක් ඇත. තථාගතයන් වහන්සේ එම පිළිවෙත් සතර ‘ආර්යවංශ ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත්තාහ. මෙම පිළිවෙත් සතරට ඉහත සඳහන් කළ ධුතාංග දහතුන අයිති වෙයි. 

එම පිළිවෙත් හතර නම්,
1. ඉතරීතර චීවර සන්තුඨිතාව (ලැබුන සිව්රකින් සතුටුවීම)

2. ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතාව (ලද ආහාරයකින් සතුටු වීම)


3. ඉතරීතර සේනාසන සන්තුට්ඨිතාව (ලද සේනාසනයකින් සතුටු වීම)


4. භාවනාරාමතාව (භාවනාවෙහි ඇලී වාසය කිරීම)


ධුතාංග දහතුන 
ඉහත දැක් වූ ආර්යවංස ධර්ම හතර අනුව 
බෙදී යන්නේ මේ ආකාරයටය.
1. ඉතරීතර චීවර සන්තුට්ඨිතාව - තේචීචරිතාංගය, පාංසුකූලිකාංගය

2. ඉතරීතර පිණ්ඩපාතය – පිණ්ඩපාතිකාංගය, ඛලුපච්ඡාහත්තිකාංගය, සපදානචාරිකාංගය, පත්තපිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය


3. ඉතරීතර සේනාසන – ආරඤ්ඤකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාඝත්ථතිකාංගය,


4. භාවනාරාමතාවය - නේසජ්ජිකාංගය


මෙම ධුතාංග දහතුන සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී නම් උන්වහන්සේ වෙතින් හෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින් හෝ රහතන් වහන්සේලා වෙතින් හෝ අනාගාමී, සකෘදගාමී, සෝවාන්, යන ආර්යයන් වහන්සේලා වෙතින් හෝ ත්‍රිපිටකධාරී, ද්වීපිටකධාරී ඒකපිටකධාරී, ඒක සඟිධාරී, අට්ඨකතාධාරී, ධූතාංගධාරී වැනි උතුමන් වෙතින් සමාදන් විය යුතු ය. 
එවැනි උතුමන් නොමැති විට තමන් විසින් සමාදන් වීම සුදුසු ය. 

එහෙත් තමන් ධුතාංග සපුරන බවක් කිසිවෙකුට නොපැවසිය යුතු ය. නොඇඟවිය යුතු ය. 
මෙම එක් එක් ධුතාංගය 
1. සමාදානය, 
2. විධානය, 
3. ප්‍රබේධය, 
4. භේදය, 
5. ආනිශසය යනු පස් ආකාරයකට විග්‍රහ කළ හැකි ය. 
කෙලෙස් ධුතාංග පිළිබඳව කෙටි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දරමු.

1. පංසුකුලිකංගය - මෙම ධූතාංගය සමාදන් වනු කැමති පුද්ගලයා ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමී. තේවීවරි කං සමාදියාමි’ යන මේ වාක්‍ය දෙකෙන් එකක් පැවසීමෙන් සමාදන් විය යුතු ය. එතැන් සිට තමන් කැමති, තෝරා ගත් චීවරයක් පරිභෝග කළ යුතු ය. ධුතාංග වලට ගැළපෙන චීවර වර්ග විසි තුනක් ඇත. 
එනම්,
1. සෝසානික - සොහොනෙහි දැමූ වස්ත්‍ර, 2. පාපනික - වෙළෙඳපලෙන් ඉවත දැමූ වස්ත්‍ර, 3. රථියචෝල – වීදියෙහි ඉවත දැමූ වස්ත්‍ර, 4. සංඛාරචෝල – කසළගොඩෙහි දැමූ වස්ත්‍ර, 5. සොත්ථිය – ගැබ් – මල පිස දැමූ වස්ත්‍ර, 6. නහානචෝල – යක්ෂාවේශ වූවන් පෙරවූ වස්ත්‍ර, 7. තීත්ථචෝල – නාන තොටෙහි හැරදැමූ වස්ත්‍ර, 8. ගතපච්චාගත - සොහොනට ගියවුන් හැර දැමූ වස්ත්‍ර, 9. අග්ගිදඩ්ඩ – අඩක් දැවුනු වස්ත්‍රය, 10. ගෝඛායිත – හරකුන් කෑ වස්ත්‍රය, 11. උපව්කාඛායිත - වේයන් කෑ වස්ත්‍රය, 12. උන්දුරඛායිත – මීයන් කෑ වස්ත්‍ර, 13. අන්තච්ඡින්නය – අග කඩා ගිය වස්ත්‍ර, 14. දසාච්ජින්නය – දාවලු කැඩී ගිය වස්ත්‍ර, 15. ධජාහටය – නැවෙහි හෝ යුද බිමෙහි හැර දැමූ වස්ත්‍ර, 16. ථූපචීවරය – තුඹස්වල බැඳී වස්ත්‍ර, 17. සමණචීවරය – භික්‍ෂූන් සතු වස්ත්‍රය, 18. ආභිසේතිකය – රාජාභිෂේක කළ තැන දැමූ වස්ත්‍ර, 19. ඉද්ධීමය – ඒහිභික්ෂු චීවරය, 20 - දේවදත්තිය - දෙවියන් දුන් වස්ත්‍රය, 21. වාතාහටය - සුළඟට පැමිණි වස්ත්‍රය, 22. පන්ථිකය – මහමඟ වැටී තිබුණ වස්ත්‍රය, 23. සාමුද්දිය – මුහුදු රළින් පැමිණි වස්ත්‍රය යන මෙම විසිතුන් ආකාර වස්ත්‍ර වලින් එකක් පාංසකූල චීවර වශයෙන් ගත හැකි ය. මෙම ධූතාංගය සමාදන් වූ පසු, ගිහියන් විසින් පිදූ වස්ත්‍රයක් පිළිගතහොත් ධූතාංගය බිඳී යනු ඇත.
 
2. තෙචීචරිතංගය – ‘චතුත්ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකංගං සමාදියාමි’ මෙම වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. තුන් සිව්ර හැර වෙනත් චීවරයක් පිළි නොගැනීමයි. යම් හෙයකින් වෙනත් චීවරයක් පිළිගත හොත් ධූතාංගය බිඳී යනු ඇත.

3. පිණ්ඩපාතිකංගය – ‘අතිරේක ලාභං පටික්ඛිපාම්. පිණ්ඩපාතිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා ලබන ආහාරය හැර වෙනත් කිසිම ආහාරයක් නොපිළි ගැනීමයි. පිඬුසිඟා වැඩි පසු යමෙක් ‘අපගේ නිවසෙහි භික්‍ෂූන් පිණ්ඩපාතය වළඳයි. ඔබ වහන්සේද පැමිණ වැළඳුව මැනව යනුවෙන් ඇරයුම් කළහොත් පිළිගැනීම සුදුසුයි. යම් දිනක අතිරේක පිණ්ඩපාතයක් පිළිගතහොත් එම ධුතාංගය බිඳී යයි.

4. සපදානචාරිකංගය – ‘ලෝලුප්පචාරං පටික්ඛිපාමි. සපදානචාරිකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගෙපිලිවෙලින් පිඬු සිඟා යාමයි. ගෙලිපිවෙල ඉක්මැවූ විටෙක ධුතාංගය බිඳී යයි.

5. ඒකාසනිකංගය – ‘නානාසන භෝජනං පටික්ඛිපාමි. ඒකාසනිතංගං සමාදියාමි’ යනුවෙන් සමාදන් විය යුතු ය. වළඳන විට ප්‍රධාන ආසනයෙහි වාඩි නොවීමයි. එසේම පළමුව අත තැබූ භෝජනය පමණක් වැළඳීමයි. අන් ආසනයක හිඳ වැළදුවහොත් ධුතාංගය බිඳී යයි.

6. පත්තපිණ්ඩිකංගය – ‘දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකංගං සමාදියාමි’ මෙයින් කැමති වාක්‍යයක් කියා සමාදන් විය යුතු යි. ලැබෙන භෝජන පාත්‍රයෙන් පමණක් පිළි ගැනීමයි. දෙවන භාජනයක් පිළිගත් මොහොතේම මෙම ධුතාංගය බිඳී යයි.

7.ඛලු පච්ඡාභත්තිකාංගය – ‘අතිරේක භෝජනං පටික්ඛිපාමි. ඛලු පච්ඡාහත්තිකාංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් විය යුතු ය. දන් වළඳා අවසන් වූ පසු නැවත කිසිවක් නොවැළඳීමයි. එනම් ළඟට ගෙනෙන භෝජනය අතින් වසා ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ලැබෙන භෝජන නොවැළඳීමයි. එසේ වැළඳුවහොත් මෙම ධුතාංගය බිඳී යයි.

8. ආරඤ්ඤකංගය – ‘ගාමන්ත සේනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකංගං සමාදියාමි’ මෙම වාක්‍ය දෙකෙන් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු ය. ගමෙහි වාසය නොකොට වන ගතව සිටීමයි.අරුණ නැගෙන තුරු ගමෙහි විසුවේ නම් මෙම ධුතාංගය බිඳී යයි.

9. රුක්ඛමූලිකංගය – ‘ඡන්නං පටික්ඛිපාමී. රුක්ඛමූලිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු වෙයි. රාජ්‍ය සීමා දක්වන වෘක්ෂ, මිනිසුන්ගේ පූද පූජා වලට ලක්වන වෘක්‍ෂ, ලාටු, මල්, ගෙඩි ඇති වෘක්‍ෂ, වවුලන් වසන වෘක්‍ෂ, සිදුරු ඇති වෘක්‍ෂ, විහාර මැද පිහිටි වෘක්‍ෂ යන මේවා අත් හැර, විහාර කෙළවර පිහිටි වෘක්‍ෂයක් වාසයට ගත යුතු යි. ;ගයක විසූ විට ධූතාංගය බිඳී යයි.

10. අබ්හෝකාසිකංගය – ඡන්නංච රුක්ඛමූලංච පටික්ඛිපාමි. අබ්හෝකාසිකංගං සමාදියාමි’ යන වාක්‍ය වලින් සමාදන් විය යුතු යි. ගෙවල් වලත්, රුක් මුල්හිත් වාසය නොකොට, එළිමහන්හි විසීමයි. බණ ඇසීමට, පොහොය කිරීමට, වර්ෂාවෙන් බේරීමට, ඉගෙනීමට, උගැන්වීමට ගෙවලට යාමෙහි වරදක් නොවේ.

11. සෝසානිකංගය – ‘න සුසානං පටික්ක්‍ඛිපාමි. සෝසානිකංගං සමාදියාමි’යන වාක්‍ය වලින් සමාදන් වීමට හැකි ය. රාත්‍රිය සොහොනක වාසය කිරීමයි. සොහොනට නොගොස් ගෙයක විසුවහොත් ධූතාංගය බිඳෙයි.

12. යථාසන්ථිතිකංගය - සේනාසන ලෝලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථිතකංගං සමාදියාමි’ යන වාක්‍යයෙන් සමාදන් විය යුතු ය. දායකයකු විසින් තමන්ට පූජා කළ ආරාමය හැර, වෙනත් ආරාමයක නොවිසීමයි. වෙනත් ආරාමයක් ඉල්ලූ විටෙක ධුතාංගය බිඳී යයි.

13. නේසජ්ජිකංගය – ‘සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකංගං සමාදියාමි’ යන මෙම වාක්‍ය වලින් සමාදන් වී නිදා ගැනීමෙන් වැළකීමයි. අනික් ඉරියව් තුනෙන් රාත්‍රිය ගත කළ යුතු ය. නිදා ගතහොත් ධූතාංගය බිඳී යයි.
 ____________________________________________________


අප දන්නා ඉතිහාසය තුළ
රහතන් වහන්සේ ලෙස ලෝකයා සැලකූ
රහත් වූ කෙනෙකු ලෙස පිළිගත හැකි
වෙබු සායාඩෝ නමැති
මේ බුරුම ස්වාමීන් වහන්සේ
දහතුනක් වූ ධුතාංග අතුරෙන් දුෂ්කරම ධුතාංගය වන
සයනයෙන් වැළකී ඉතිරි ඉරියව් තුනෙන් පමණක් දිවි ගෙවන
නේසජ්ජික ධුතාංගය සමාදන්වී
මුළු ජීවිතයම සයනයෙන් තොරව ගත කළහ.

බුදු දහමෙන් ප්‍රයෝජනයක් ලැබීම පිණිස
විදර්ශනා වැඩීම අනිවාර්ය ලෙස සැළකූ
මේ ස්වාමීන් වහන්සේ
පතපොත හැදෑරීම අත්වැලක් වුවද
අනිවාර්ය නොවන ලෙස සැළකූහ.

බුදුන් වහන්සේ වදාළ භාවනා ක්‍රම අතුරෙන්
ආනාපාන සතිය තෝරා ගත් උන්වහන්සේ
ආශ්වාසය ප්‍රශ්වාසය ස්පර්ශ වන ස්ථානය
අරමුණු කොට කය සමග සම්බන්ධව
ආනාපාන සතිය වැඩීම ඉගැන්වූහ.
කවර කාර්යයක යෙදුණද
ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව සිහියෙන් විසීම
උන් වහන්සේගේ ඉගැන්වීම විය.

_________අතුරු සටහන - අතුල සිරිවර්ධන_________


තෙළෙස්  ධූතාංග අතුරෙන් ‘තෙචීචරිතංගය’ හැර අනෙක් දොළොස සාමණේරයන්ට රැකිය හැක. සික්ඛමානාවන්ට සහ සාමණේරීන්ට තෙචීචරිකංගයද, භික්‍ෂුණීන්ට තහනම් කැර තිබෙන ධූතංග පහ හැර අනෙක් ඒවාද, උපාසක උපාසිකාවන්ට ඒකාසනිකංගය සහ පත්තිපිණ්ඩිතංගය යන දෙකද ආරක්‍ෂා කළ හැකි ය. කෙළෙස් ධූතාංග ‘උත්තෘෂ්ඨ, මධ්‍යම, මෘදුක වශයෙන් තුන් ආකාරයකට රැකීමට පිළිවෙන. එසේම මෙම ධූතාංග රැකීමෙන් ලැබිය හැකි ආනිසංසද වෙන වෙනම දැක්විය හැකි ය. ද්වේෂ චරිතයක් ඇති අයට ආරඤ්ඤකංගයත්, රුක්ඛමූලිකංගයත් යන දෙක ද, අනෙක් ධූතංගයෝ රාග චරිතයක් ඇති අයටත්, මෝහ චරිතයක් ඇති අයටත් ගැළපේ.

සියල්ල අනිත්‍යයි කියන්නෙ නෑ. -Facebook සංවාදයක්


  ෆේස්බුක් සමාජ ජාලයෙහි සංවාද කිරීම
සෙක්කු පැදීමක් වැන්න.


එහෙත් 

කිසිවෙකු සත්‍යය වටහා ගන්නට හෝ වටහා දෙන්නට සූදානම් වූ විට
ඔහු හෙළා දැකීම හෝ මග හැරයාම නොකළ යුතුය.



Koshala Kombale Colambage== http://www.youtube.com/playlist...

අතුල මහතා හැකිනම් සවන් දේන්න
හැකිනම් වැඩසටහනකට සහබාගි වෙන්න
ඔබ තුමන් ඉන්නෙ කොහෙද කියලා තේරේවී
Badulle Sooriyarathana Thero Parts  -
Dhamma talk organized by Samadhi Buddhist Foundation -July th  NJ USA
youtube.com
------------------------------  


Athula Siriwardhane====
මම බුදුන් වහන්සේට හැර
වෙනත් අයට සවන් දෙන්නෙ නෑ.
සිරිධම්ම හිමිට සවන් දුන්නෙ
වාද කරන්න අභියෝග නිසා..
මම ඔබ සමග කතා කරන්නම්..
ෆේස්බුක් එන්නෙ නැති
පිට අය කියන දේ අහල
වැඩක් නෑ.
------------------------------  ·  

Koshala Kombale Colambage== බුදුන් වහන්සේට සවන්දෙන්නෙ radio එකෙන්ද?
------------------------------  

Athula Siriwardhane== ත්‍රිපිටකයෙන්... මා තුලින්
------------------------------   

Koshala Kombale Colambage== මෙතරම් දර්මය දන්නා ඔබතූමත් සසරේ රැදි ඉන්නකොට අපි ගැන් මොන කතාද ?
------------------------------  

සංසරණී: හැම කෙනෙකුට මේ ජීවිතයෙම සෝවාන් වෙන්න පුලුවන්ද?
------------------------------    

Koshala Kombale Colambage== තමා තුලින දකින සියල්ල අනිත්‍ය බව තවම දැක්කෙ නැතිද ?
------------------------------  

Athula Siriwardhane====ඔබ අනිත්‍ය දකිනවා නොවෙයි..
හිතනවා.
------------------------------   

Koshala Kombale Colambage== ඔබතුමන් දැන් කියුවානෙ සවන් දෙන්නෙ බුදුන්ට පමනයි කියලා
ඇයි මේ blog tag කරන්නේ
------------------------------  

Athula Siriwardhane====මේ මගේ බ්ලොග් එකක් smile emoticon
------------------------------   

Athula Siriwardhane== ත්‍රිපිටකයෙන්... මා තුලින්...
------------------------------  

Koshala Kombale Colambage== තමන්ට වාසීයට සකසා ගත් blog එකක් ක‍යුවොත්

ත්‍රිපිටකය සකස් වෙන්නෙ කොයී කාලයේද අතුල මහතා
------------------------------  

Athula Siriwardhane====වසර කට ඉහතදී..
බුදුන් වහන්සේ විසින්..
------------------------------   

Koshala Kombale Colambage== ?
------------------------------  

Koshala Kombale Colambage== වැරදී නේ ?
අද අපි දකින ත්‍රිපිටකය සකස් වෙන්නෙ වලගම්බා රජ්ජුරුවන්ගේ කාලයේ බව ඔබතුම දන්නේ නැද්ද

එතකල් මේ සියල්ල පැවත අවේ මුක පරම්පරාවෙන් බවත් දන්නේ නැතිද?
------------------------------  

Athula Siriwardhane====දන්නවා..
එයින් හානියක් වෙලා නැහැ..
------------------------------   

Koshala Kombale Colambage== කොහොමද කියන්නෙ?
------------------------------  

Koshala Kombale Colambage== පදනම?
------------------------------  

Athula Siriwardhane== හානි වුණ තැනක් පෙන්වන්න..
මම ඔබට පෙන්වන්නම්..
------------------------------  

Athula Siriwardhane== විඳ පසක් කළ හැකි සූත්‍ර පමණක් ගන්න..
------------------------------  

Koshala Kombale Colambage== ඔබතුමාගේ දැනුවත් බාවය ගැන මට පුදුම සිතුනී
ජය වේවා
------------------------------  

Athula Siriwardhane====
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
------------------------------  

Athula Siriwardhane== වැරදිද?
------------------------------  

Koshala Kombale Colambage== මුක පරම්පරාවෙන් රැගෙන ආ දර්මය අසා ඔබ මට කියනවා
බුදුන්ට පමනක් සවන් දෙමි කියලා
------------------------------  

Athula Siriwardhane====
, සත්වයාගේ විශුද්ධියට,
, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
, දුක් දොම්නස් අස්තංගත වීමට
, ප්‍රඥාව ඉහළ යාමට
, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
------------------------------  

Koshala Kombale Colambage== ඔබතුමාගේ තර්කය මුලින්ම ඉගිල්ලුවා වගේ වැඩක්නේ උනේ
------------------------------  

Athula Siriwardhane== ඔබ පුහුදුන් අයගෙ බස් අසා නොවිමසා බැහැර කරනවා.
ඔවුන් මිසදිටුවන් විය හැකියි..

විදසුන් වඩන්න..
------------------------------  

Koshala Kombale Colambage== අදාල නැත්
------------------------------  

Athula Siriwardhane== මම තර්ක කරන්නෙ නෑ..
මම ත්‍රිපිටකයෙ විඳ පසක් කළ කොටස
නිවැරදි බව දන්නවා..
ඒ නිසා ඉතිරි කොටසත්
විමසා බලන්න සුදුසු බව පිළිගන්නවා.
------------------------------  

Koshala Kombale Colambage== ඔබ බුදුන්ට සවන් දුනා යැයි කියුවේ
බුදුන්ගෙන අසා මුක පරම්පරාවෙන පැවතී ආ තවත් මහන බික්ශුවක් විසින් ලේකන ගත කල දර්මකට නේ ?
------------------------------  

Athula Siriwardhane== මුළු ලොවම බැහැර කළත් මම පිළිගන්නවා..
------------------------------  

Athula Siriwardhane== ඔබ පිළිගන්නෙ
අද ඉන්න සිරිධම්ම වර්ගයෙ
රස්තියාදු කාරයෙක්
කියපු දෙයක් වෙන්න පුලුවන්.
------------------------------  

Koshala Kombale Colambage== ඔබට පෙනෙන දේ ඔබ දන්නා දේට සීමා වෙනවා පුතා grin emoticon
------------------------------  

Athula Siriwardhane==
------------------------------  

Koshala Kombale Colambage== සිරි දම්ම නිවැරදි කරන්න මම කොහෙවත් උත්සහ කලාද මහත්මය ?
------------------------------  

Koshala Kombale Colambage== හැකි නම මාන්‍යය බිද මම දුන්නු link එකට ගොස් සවන් දේන්න
මොකද ඔබ නොදැනුවත්වමත් කරලා තියෙන්නෙ එ ටිකම තමා
------------------------------  

Athula Siriwardhane== ඔහුත් සිරිධම්ම වර්ගයෙ රස්තියාදු කාරයෙක්
------------------------------   

Athula Siriwardhane== ඔහු සිහියෙන් ඉන්න කෙනෙක් නොවෙයි... අසංවරයි..
------------------------------  

Koshala Kombale Colambage== පෙන්වා දෙන දර්මය සතයය නම්
ඔහුගේ දිරා යන පිටත රූපයේ හෝ නැති වන සන්වර කමේ වටිනාකම කුමක්ද ?
------------------------------  

Koshala Kombale Colambage== ඔබතුමා රැදි ඉන්නෙ පිටත රූපයේ නම්
එතනින්ම බුද්ද දර්මය ඉවරයි
------------------------------  

Koshala Kombale Colambage== නේ?
------------------------------  

Athula Siriwardhane== සත්‍යයි කියන්නෙ ඔබනෙ.. smile emoticon
------------------------------  

Koshala Kombale Colambage== අසත්‍යයී කියන්නෙ ඔබ නේ?

තමා තුලින් දකිමින් සත්‍යයක් කියා මා පිලිගන්නවා ඔබ කියු අයුරින්
------------------------------  

Athula Siriwardhane== සිරිධම්ම කරන්නෙත් ඒකමයි..
අහන මිනිහාගෙ දිදාලෙට හරියන්න
ලුණු වගේ පෙන්නලා බිංදුවක් දෙකක් වක්කරනවා..
ඔහුත් සාගරය එපා කියලා
අර මඩ වතුර බිංදු දෙකෙන් සැනසේනවා.
------------------------------  

Athula Siriwardhane== ඔහුගෙ දේශනාවකින්
ඔබ දුටුව එක සත්‍යයක් කියන්න..
------------------------------  

Koshala Kombale Colambage== ඔහුගේ සීයලු දේශනා වලින් මා දුටු එකම දේ
සියල්ල අනිත්‍යය බවයි
------------------------------  

Athula Siriwardhane== ඒක ඔහු සොයා ගත් දෙයක්ද?
------------------------------  

Athula Siriwardhane== සියල්ල අනිත්‍යයයි කියද්දි...
ඔබ කියන සියල්ලට අයත් වෙන්නෙ මොනවාද?
------------------------------  

Athula Siriwardhane== සියල්ල???
------------------------------  

Koshala Kombale Colambage== ඔහු එය දර්මය තුලින් අප වගේ මෝඩයින්‍ට පැහැදිලි කරන්වා

ඔව් සියල්ල
සියල්ල යනු සියලුම දේ
------------------------------  

Koshala Kombale Colambage== ඔබ ම්‍ය්ත්‍රි බාවනාව වඩන්නෙ කෙසේද ?
------------------------------  


Athula Siriwardhane== Track Paninna epa..
------------------------------  

Athula Siriwardhane== සියල්ල යනු සියලුම දේ
ඔබ ඔය කරන්නෙ ප්‍රකාශයක් විතරයි..
බුදුන් වහන්සේ අනිත්‍යයි කියන්නෙ
පැහැදිලි අත්දැකීමක්..
------------------------------  

Koshala Kombale Colambage== ඒ අත්දැකීම අප අත් දකින්නේ කෙසෙද?
------------------------------  

Koshala Kombale Colambage== බුදුන්ට නය ගෙවීම මගින්ද ම්
------------------------------  

Koshala Kombale Colambage== එතුමන් අනිත්‍යයි කියු පසුත් නය ගෙවීමට පසු පස හබා යන්නෙ මොඩයින් නෙවෙයිද?
------------------------------  

Athula Siriwardhane== ඔබ අනිත්‍ය දන්නෙ නැහැ..
අනිත්‍යය කියන්නෙ
මේ මොහොතෙ...
ඔබ ඔබ තුළම අත් විඳිය යුතු දෙයක්..
හුස්ම බලා ඉන්න..
ඔබ ඉන්න තැන ඉඳන්
ඔබට අනිත්‍යය දැකිය හැකි
හොඳම ක්‍රමය එයයි..
------------------------------  

Koshala Kombale Colambage== බුදුන් වහන්සේ අත්දැකපු දේ ඔබ තුමන් මට පැහැදිලි කරන්නෙ කොහොමද?
එය අත් දැක්කෙ බුදුන් වහන්සේ
------------------------------  

Koshala Kombale Colambage== ඔබ අනිත්‍යය අත්දැක තිබෙනවාද ?
------------------------------  

Athula Siriwardhane== මුළු කයම අනිත්‍යයි..
ඇස අනිත්‍යයි.. රූපය අනිත්‍යයි..
චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි..
වේදනාව අනිත්‍යයි..
මේ ටික විඳින්න...
------------------------------  

Athula Siriwardhane== විදසුන් වඩන්නෙක් අනිත්‍යය අත්දකිනවා.
ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නෙ ඒ නිසයි..
------------------------------  

Koshala Kombale Colambage== ඔබ නොවිදපු දෙයක් ගැන මට පැහැදිලි කරන්නෙ කොහොමද ?
තවත් ප්‍රකාශයක් පමනයි නේ
------------------------------  

Athula Siriwardhane== මම මේ මොහොතෙත් විඳිනවා..
------------------------------  

Koshala Kombale Colambage== අනිත්‍යය අත් දකින ඔබ
සිරිදම්ම පසු පස හබා යනව
ඔබෙ අනිත්‍යය පවතින්නේ කොහෙද?
------------------------------  

Koshala Kombale Colambage== ඔබ දකින දේ ඔබ දන්නා දේට සීමා වෙනවා
------------------------------  

Athula Siriwardhane== මම අනිත්‍යය මා තුළ දකිමින් සිටියෙ..
ඔහු තුළ දකිමින් සිටියෙ..
විවාදය වෙලාවෙ
මම ඔහු මෙන් දැඟලුවෙ නැත්තෙ...ඒ නිසා තමයි

මට ඒ දර්ශනය චිත්‍රපටියක් වගෙයි..
ඔහු ඔහුගෙ කොටස කළා.
මම මගේ කොටස කළා ..
------------------------------  

Athula Siriwardhane== දනුත් එහෙමයි..
මම මගේ කොටස කරනවා.
ඔබ ඔබගෙ කොටස කරනවා..
------------------------------  

Koshala Kombale Colambage== ඇයි අනිත්‍යය දෙවල් පසපස හබා යන්නෙ
------------------------------  

Koshala Kombale Colambage== ඔබෙ කොටසත්
මගේ කොටසත් සියල්ල අනිත්‍යය බව තේරුමක් නැතිවද ?
------------------------------  

Athula Siriwardhane== මම හඹා යන්නෙ නෑ..
නිර්මාණය වෙද්දි
මගේ ප්‍රතිචාරය දක්වනවා.
පිරිය යුතු පාරමිතා තියනවා.
------------------------------  

Athula Siriwardhane== සියල්ල අනිත්‍යයි කියන කෙනා
කියන්නෙ බොරුවක්
------------------------------  

Athula Siriwardhane== සියල්ල නොදන්න කෙනෙක්
සියල්ල අනිත්‍යයි කීම
අලි බොරුවක්
------------------------------  

Koshala Kombale Colambage== අවතාවදී පිලිතුරක්

අනිත්‍යය අත්දකින පුද්ගලයින් මොන හෙතුවක් මතද අබියොග කරන්නෙ හෝ බාරගන්නෙ
------------------------------  

Koshala Kombale Colambage== % හරි
ඔබ ඔබ ගැන අවසානයේ හෝ තේරුම ගැනීම වටිනවා
------------------------------  

Athula Siriwardhane====
අනිත්‍ය අත්දකින පුද්ගලයාට
මොකක්ද වෙන්නෙ ඔහු අක්‍රිය වෙන්න..
------------------------------  

Athula Siriwardhane== මම සියල්ල අනිත්‍යයි කියන්නෙ නෑ.
------------------------------  

Koshala Kombale Colambage== ඔබ දන්නා තරම දන්නේ ඔබයි
මා දන්නා තරම දන්නේ මමයි

ඔබට තවකෙකු විනිශ්‍යය කිරීමට කිසි දිනක සිදුකල නොහැකී
------------------------------  

Athula Siriwardhane== මම අනිත්‍ය මොනවාද කියා කියනවා.
------------------------------  

Koshala Kombale Colambage== ඔබ කියන දේ ඔබේ වගකීමක්
එය බුදු දහමට පටලවා ගැනීමෙන් වලකින්න

සිරිදම්මත් කරන්නේ ඔය ටිකම තම

ඔබ දේපලේ වෙනසක් දක්නට නැත්
------------------------------  

Koshala Kombale Colambage== අනිත්‍යය මොනවාද කියා කියන්න තරම් දන්නා බව කියමින් ඔබව ඔබ විසින්ම සම කරන්නෙ බුදුන්ටද ?
------------------------------  

Athula Siriwardhane====ත්‍රිපිටකය නොපිළිගන්නා ඔබ
බ්දු දහම රකින්නේ කොහොමද?
------------------------------  

Athula Siriwardhane== මම අනිත්‍ය මොනවාද කියා කියන්නම් ..
රූපං අනිච්‌චං,
වෙදනා අනිච්‌චා ,
සඤ්‌ඤා අනිච්‌චා ,
සඞ්‌ඛාරා අනිච්‌චා,
විඤ්‌ඤාණං අනිච්‌ච’න්‌ති.
ඉති ඉමෙසු පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු
අනිච්‌චානුපස්‌සී විහරති.
අයං වුච්‌චතානන්‌ද, අනිච්‌චසඤ්‌ඤා.
------------------------------  

Athula Siriwardhane== ‘‘කතමා චානන්‌ද,
සබ්‌බසඞ්‌ඛාරෙසු අනිච්‌ඡාසඤ්‌ඤා?
ඉධානන්‌ද, භික්‌ඛු
සබ්‌බසඞ්‌ඛාරෙසු අට්‌ටීයති
හරායති
ජිගුච්‌ඡති.
අයං වුච්‌චතානන්‌ද,
සබ්‌බසඞ්‌ඛාරෙසු
අනිච්‌ඡාසඤ්‌ඤා.
------------------------------  

Koshala Kombale Colambage== සියල්ල අනිත්‍යය බව දන්නා මම කුමක් රකින්නද පින්වත?
------------------------------  

Koshala Kombale Colambage== අනිත්‍යය නොවන දෙයක් කියන්න බලන්න මහත්මයා
------------------------------  

Athula Siriwardhane====ඔබ සියල්ල අනිත්‍යයි කියන්නෙ සියල්ල දැනගෙනද?
මම සියල්ල නොදන්නා නිසා
අනිත්‍ය නොවන දෙයක් නොදන්නෙමි.
------------------------------   

Koshala Kombale Colambage== මම පාලී නම ඔය තරම් දන්නේ නෑ
සින්හලෙන් කියුවොත් වටිනවා
------------------------------  


Athula Siriwardhane== ඔබ සියල්ල අනිත්‍යයි කියන්නෙ සියල්ල දැනගෙනද?
මම සියල්ල නොදන්නා නිසා
අනිත්‍ය නොවන දෙයක් නොදන්නෙමි.
------------------------------  

Koshala Kombale Colambage== දැන් ඔබ මනේ කියුවේ සියල්ල අනිත්‍යය නෑ කියලා
------------------------------  

Koshala Kombale Colambage== සියල්ල අනිත්‍යය නෑ කියන ඔබට අනිත්‍යය නොවන දෙයක් හොයාගන්නත් බැ
------------------------------  

Athula Siriwardhane== Kothanada?
------------------------------  Koshala Kombale Colambage




























Koshala Kombale Colambage== ලැජ්ජයි මහත්මයා
------------------------------  

Athula Siriwardhane== සියල්ල අනිත්‍යය නෑ kiwwe kothanadha?
------------------------------  

Athula Siriwardhane== Mama mea wachana tika witharak kiwwa thenak penwanna..
------------------------------  

Athula Siriwardhane== Mama සියල්ල අනිත්‍යය නෑ kiwwe kothanadha?
------------------------------  

Koshala Kombale Colambage==
------------------------------  

Athula Siriwardhane== Mama සියල්ල අනිත්‍යය නෑ kiwwe kothanadha?
------------------------------  

Koshala Kombale Colambage== දැන් ගිහින් නිදාගන්න
එක්කෝ retire වෙන්න
------------------------------  

Athula Siriwardhane== Mama kiwwe
මම සියල්ල අනිත්‍යයි කියන්නෙ නෑ. kiyalayi..
oba kiyanne wena ekak..
------------------------------  

Koshala Kombale Colambage== ඔබතුමාගේ ඇස් පරික්ශාවක් එහෙම අවශ්‍යද ?
------------------------------  

Athula Siriwardhane== Sansun wenna..
------------------------------  

Athula Siriwardhane====
සියල්ල අනිත්‍යයි කියා හෝ
සියල්ල අනිත්‍ය නෑ කියා හෝ
බුදුන් වහන්සේවත් කියා නෑ.
------------------------------  

Koshala Kombale Colambage== ඔබතුමා කොහොමද එහෙම කියන්නෙ?
------------------------------  

Athula Siriwardhane== එහෙම කිව්වා නම්
බුදු දහම විඳ පසක් කළ හැකි
අකාලික දහමක් වෙන්නෙ නෑ.
------------------------------  

Athula Siriwardhane====
සබ්බේ අනිච්චාති කියා කවදාවත් අසා තියනවාද?
------------------------------  

Koshala Kombale Colambage== අකාලික දහමක් කියලා කොහෙවත් නෑ
බුදු දහමත් අවසන්වී බුද ශුන්‍ය කාලයක් පැමින් නැවත් බුදුවරයෙක් පැමිනෙනවා කියාවත් දන්නවාද?
ග්‍යුතම බුදුන්ට පෙර බුදුවරුන් මොකටද එහෙනම
පලමුව වැඩමවූ බුදුන්‍ට පසු නැවත බුදු වරු අවශ්‍යම නැත
------------------------------  

Athula Siriwardhane== පචගස් යට ඉන්න
රස්තියාදුකාරයන්ගෙන් දහම අසා
ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන තැනට වැටුණාට පස්සෙ
ගොඩ එන්න අපහසුයි..
------------------------------  

Koshala Kombale Colambage== ඔබතූමා සමග ගොන් තර්කම් කරමින් මා කාලය කා දමනවා
එක මතයක පිහිටීමට නොහැකි ඔබ අනුන් විනිශ්‍යය කරන්නෙ කෙසේද ?
------------------------------  

Koshala Kombale Colambage== ත්‍රිපිටකය නිමවුනේද ඔය කියන්නාවු බික්ශු පරපුරෙන්මයි
------------------------------  

Athula Siriwardhane== අකාලිකයි කියන්නෙ
මේ මොහොතට සත්‍යයි කියන එකයි..
කවදාටත් සත්‍යයි කියන එකයි..
------------------------------  

Athula Siriwardhane== ත්‍රිපිටකය භික්ෂූන්ට ලියන්න බෑ..
ඒ දහම තනි බුදුන් වහන්සේට හැර
වෙනත් පිරිසකට ලිවිය නොහැකියි.
------------------------------  

Koshala Kombale Colambage== සියල්ල අනිත්‍යය පිලිනොගන්න ඔබ බුදුන්ගේ ශ්‍ර්‍රාවකයෙක්ලු
සිනහා විය යුත්තේ මුකයෙන්ද?
අදොමුකයෙනද ?
------------------------------  

Koshala Kombale Colambage== බුදුන්වහන්සේ ත්‍රිපිටකය ලියුවෙ නෑ
------------------------------  

Athula Siriwardhane== සබ්බේ අනිච්චාති කියා කවදාවත් අසා තියනවාද?
------------------------------  

Koshala Kombale Colambage== පිට පනින්න එපා
------------------------------  

Athula Siriwardhane====
සියල්ල අනිත්‍යයි කියා හෝ
සියල්ල අනිත්‍ය නෑ කියා හෝ
බුදුන් වහන්සේවත් කියා නෑ.
------------------------------  

Koshala Kombale Colambage== බුදුන් වහන්සේගේ දර්මයේ සරලම නිගමනය කුමක්ද ?

සියල්ල අනිත්‍යයි
සියල්ල අත හැර නිවන් මග තොරාගන්න
------------------------------  

Athula Siriwardhane== Koshala Kombale Colambage== සියල්ල අනිත්‍යය පිලිනොගන්න ඔබ බුදුන්ගේ ශ්‍ර්‍රාවකයෙක්ලු
සිනහා විය යුත්තේ මුකයෙන්ද?
අදොමුකයෙනද ?
===========================
.
සියල්ල අනිත්‍යයි කියා හෝ
සියල්ල අනිත්‍ය නෑ කියා හෝ
බුදුන් වහන්සේවත් කියා නෑ.
සබ්බේ අනිච්චාති කියා කවදාවත් අසා තියනවාද?
------------------------------  

Koshala Kombale Colambage== ඔබට කියන්නට තර්ක නැතිනම්
කරුනාකර දර්මය විකුර්ති නොකර
බුදියගන්න
------------------------------  

Athula Siriwardhane== පචගස් යට ඉන්න රස්තියාදුකාරයන් සියල්ල අනිත්‍යයි කියනවා
------------------------------  

Athula Siriwardhane== ඔබ පෙන්වන්න
බුදු දහම තුළ
බුදුන් වහන්සේ විසින්
සියල්ල අනිත්‍යයි කියූ තැනක්
------------------------------  

Koshala Kombale Colambage== සියල්ල අනිත්‍යය කිරීමේ වැරැද්ද ?

ඔබ මගෙ ප්‍රශ්නයට පිලිතුරු දී ඉන්න ඉස්සෙල්ලා

අනිත්‍යය නොවන දෙයක් පෙන්වා
------------------------------  

Athula Siriwardhane====පිට පනින්න එපා
බුදුන් වහන්සේ කිව්වා නම්
සබ්බේ අනිච්චාති කියා තිබිය යුතුයි..
ඔබ කවදාවත් අසා තියනවාද?
------------------------------  

Koshala Kombale Colambage== පිට පැන්නේ ඔබයී
------------------------------  

Athula Siriwardhane== සියල්ල ගැන තීරණ ගන්න අපිට පුලුවන්ද?
ඔබ කවුරු හරි කියපු
අභව්‍ය කතාවක් අදහනවා.
ඔබ සියල්ල දන්නෙ නෑ.
ඔහු සියල්ල දන්නෙත් නෑ.
සියල්ල අනිත්‍යයි කියා
ඔහු ඔබට කිව්වා..
දැන් ඔබ ඔහු අදහනවා.
------------------------------  

Athula Siriwardhane====
සියල්ල අනිත්‍යයි කියා හෝ
සියල්ල අනිත්‍ය නෑ කියා හෝ
බුදුන් වහන්සේවත් කියා නෑ.
------------------------------  

Athula Siriwardhane== අනිත්‍යය ගැන
බුදුන් වහන්සේ නොකිව් දෙයක්
මම කියන්න කැමති නෑ.
------------------------------  

Koshala Kombale Colambage== බුදුන් වහන්සේ කියුවේ මොකක්ද එහෙනම් ම්
------------------------------  

Athula Siriwardhane== සබ්බේ සංඛාරා අනිච්චාති.
------------------------------  

Athula Siriwardhane== මේ තියෙන්නෙ විපස්සනා අත්දැකීම..
.
සබ්බේ සංඛාරා අනිච්චාති...
යදා පඤ්ඤාය පස්සති...
අථ නිබ්බින්දති දුක්ඛේ...
ඒස මග්ගෝ විසුද්ධියා
------------------------------  

Koshala Kombale Colambage== කොහෙන්ද දැනගත්තේ?
------------------------------  


Athula Siriwardhane== විපස්සනා අත්දැකීම..
.
------------------------------  

Athula Siriwardhane== vipassanapuhunuwa.blogspot.com

------------------------------   

Koshala Kombale Colambage== අත්දැකීම එකදෙයක්
බුදුන් කියූ දේ තවත් දෙයක්

බුදුන් සියල්ල අනිත්‍යය නැතිබව තියෙන්නෙ කොහෙද ?
------------------------------  


Athula Siriwardhane== අපට දුකෙන් මිදෙන්න මේ අනිත්‍යය ප්‍රමාණවත්..
සියල්ල අදාල නෑ.
අපේ සංස්කාර සියල්ල අදාළයි.
------------------------------  

Athula Siriwardhane====
සියල්ල අනිත්‍යයි කියා හෝ
සියල්ල අනිත්‍ය නෑ කියා හෝ
බුදුන් වහන්සේ කියා නෑ.
අපට දුකෙන් මිදෙන්න මේ අනිත්‍යය ප්‍රමාණවත්..
සියල්ල අදාල නෑ.
අපේ සංස්කාර සියල්ල අදාළයි.
------------------------------  

Koshala Kombale Colambage== පිලිතුර අදාල නැත
------------------------------  

Koshala Kombale Colambage== ඔබේ දර්මයට අනුව
අනිත්‍යයි හැබැයි චුට්ටක් දේවල් අනිත්‍යය නෑ
------------------------------  

Athula Siriwardhane== දුකෙන් මිදෙන්න මේ අනිත්‍යය ප්‍රමාණවත්..
සියල්ල අපට අදාල නෑ.
අපේ සංස්කාර සියල්ල අදාළයි.
------------------------------  

Athula Siriwardhane== අනිත්‍යය ඔබ තුළ අත්විඳිය යුතුයි..
හුස්ම බලා ඉන්න
ඔබට සංස්කාර පෙනේවි
පසම්භයං කාය සංඛාරං
------------------------------  

Athula Siriwardhane====
ඒ සංස්කාර සියල්ලම අනිත්‍යයි කියා
විඳ පසක් කළ පසු
ඔබේ කාර්යය හමාරයි.
විශ්වාස කළාට පලක් නෑ.
------------------------------