20151129

භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&uact=8&ved=0ahUKEwjFsubkz7XJAhWKco4KHdidAWAQFgg5MAM&url=http%3A%2F%2Fwww.mindfulnessfoundation.org.uk%2F&usg=AFQjCNEzuBZbn--AdEZZxTWd2ejWHO3lBw&sig2=Kx6UuMQOjpsx12OMejyh9g


බ්‍රිතාන්‍ය විෂය මාලාවටත් එක් කරයි

පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන්  භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.

ළමා සිත්හි ඇති ව්‍යාකුල සිතුවිලි වලින් අත්මිදීම සඳහා සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකිවූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරුවරියක් පැවසුවේය. භාවනා වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට සතුට පල කල සිසු සිසුවියන් කණ්ඩායමක් යොදා සිදුකළ අත්හදා බැලීමකින් ළමා සිතුවිලි යහපත් තත්වයකට හරවා ගැනීමටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇති අවධානය සෑහෙන දුරකට වර්ධනය කර ගැනීමටත් ආතතිය අඩුකර ඉගෙනුම දියුණු කර ගැනීමටත් හැකිවූ බව ඒත්තු ගිය නිසා බාලාංශ පන්තිවල සිට සතියකට පැය භාගයක් සියලුම සිසුන්හට භාවනාව ප්‍රගුණ කරගැනීම සඳහා පන්තියක් පැවැත්වීමට ආරම්භ කල බව එම ගුරුවරිය කීවාය.
පාසල් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රීය කාර්ය සිද්ධිය ඉස්මතු කර ගැනීම ඉතාමත් වැදගත් වන බව පිළිගන්නා බවත් ඒ සඳහා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් ධනාත්මක ප්‍රතිපල ලබාගත හැකිනම් එයද වැදගත් ලෙස සැලකිය යුතු බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිනි නිකි මෝර්ගන් පවසා ඇත.

භාවනාව ප්‍රගුණ කිරීමෙන් දරුවන්හට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් එය අනුන් ලවා විසඳා ගැනීම කෙරෙහි විශ්වාශයක් තබාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම විසඳා ගැනීමට අවස්තාවක් ඇති බව ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇති බවත් සතිපට්ඨාන භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යන බවත් බර්ක්ෂයර් ප්‍රාන්තයේ පාසලක සේවය කරන භාවනා උපදේශක වරයෙක් පැවසුවේය.

2015 නොවැම්බර් මස 27 11:43:14 | . , තිස්ස මඩවල
https://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=2021109399964862776&target=facebook 
 ============================================================================================================
ඉන්දියාවේ සහ ලංකාවේ
පාසල් සිසුන්ට ආනාපාන සති ඉගැන්වීම
මේ වන විටත් වසර ගණනාවක සිට සිදුවෙයි.

 http://www.mitraupakram.org/index.php

මිත්‍ර උපක්‍රම - 
ආනාපාන සති භාවනාව
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පාසල් සිසු සිසුවියන්
දශ ලක්ෂ 25කට ඉගැන්වීම.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පූනා නගරයෙහි පාසල් සිසු සිසුවියන්
ආනාපාන සති භාවනාව වඩන අයුරු


















බටහිර ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ආරම්භ කරන ලද
පාසල් සිසු සිසුවියන් දශ ලක්ෂ 25කට සහ ගුරුවරුන් ලක්ෂයකට
ආනාපාන සති භාවනාව ඉගැන්වීමේ
මිත්‍ර උපක්‍රම ඓතිහාසික වැඩසටහනෙහි අරමුණ වන්නේ
ඔවුන් වඩාත් හොඳ මිනිසුන් සහ හොඳ පුරවැසියන් බවට පත් කිරීමය.

MITRA (Mind In Training for Right Awareness) වචනයෙහි
මරාති භාෂාවෙනුත් මිතුරා යන අදහස ඇත.
මිත්‍ර උපක්‍රම මෙවැනි ආකාරයේ 
මිනිස් සම්පත් සංවර්ධනයෙහි විශාලතම වැඩ සටහනයි.
2014 අගෝස්තු වන විට මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙහි 
විපස්සනා මධ්‍යස්ථාන 24ක් පිහිටුවා තිබිණ..

ආනාපාන සති පුහුණුව නිසා
මනස සමාහිත කරගන්නට හුරුවෙන
පාසල් සිසු සිසුවියන්ගේ සිතේ සන්සුන් බව, පැහැදිලි බව, ඍජු බව,
තමා පිළිබඳ සිහිය ආදී ගුණාංග වර්ධනය වෙයි.
කෝපයක් හෝ බියක් ඇති වෙන විට
ආනාපාන සතියෙන් ක්‍රියා කිරීම නිසා
අවස්ථානෝචිතව සන්සුන් මනසකින් ක්‍රියා කරන්නට
දරුවා හුරුවෙයි.
දරුවා  ශක්තිමත්, සන්සුන් මනසින් ක්‍රියා කරන විට
අධ්‍යාපනයෙහි, විභාග වලදී, පාසලෙහි, නිවසෙහි සහ පවුලෙහි ගැටළු වලට
වඩාත් හොඳ සහ නිවැරදි විසඳුම් සොයාගත හැකි වෙයි.
නිරන්තර ආනාපාන සති පුහුණුව නිසා
ආත්ම විශ්වාසයෙන් යුතුව හැඩ ගැසෙන දරුවා
සමාජය දෙසට තියන ආරම්භක පියවර කිහිපය
නිවැරදිව තබන්නට හුරුවෙයි.

වංචනික නොවී අප මේ තරඟකාරී ලොව ජයගන්නේ කෙසේද?

ප්‍රධාන විපස්සනා ආචාර්ය එස් එන් ගොයෙන්කා තුමා
පාසල් දරුවෙකුගේ පැනයකට පිළිතුරු දෙයි.

= යහපත්, තෘප්තිමත් ජීවිතයක පදනම වන්නේ  
වංචනික වීමට නිදහසට කරුණු නොසෙවීමය.
ඔබ කරන වැරදි වලට හේතුවක් මෙන් පෙනෙන දෙයක් සොයාගන්නට ඔබට හැකිය.
අන් සියලු දෙනා වැරදි කරමින් වේගයෙන් දියුණු වෙන නිසා ඔබත් එසේම කළ යුතු යැයි
ඔබ වැරදි සිතිවිල්ලක් ඇති කරගනු ඇත.
එසේ නොකළොත් ඔබ අතරමග තනි වෙතැයි ඔබ සිතනු ඇත.

එවැනි සිතුවිලි ඇතිවන්නේ මනසෙහි දුර්වලතාවයක් නිසා බව තේරුම් ගන්න.
පළමුව ආනාපාන සති සහ දෙවනුව විපස්සනා වැඩීමෙන්
මනස ශක්තිමත් වෙන ප්‍රමාණය නිසා
ඔබ දුරින් හෝ වංචනික, හානිකර ක්‍රියාවන්හි යෙදීමට හෝ
කූට උපක්‍රම භාවිතා කිරීමට නොසිතනු ඇත..
අවංක ලෙස සාර්ථක වීමට ඔබට හැකියාව ඇති අතර
ඔබ සාර්ථක වීමද සහතිකය.

අනික් අතට ධනවත්, ප්‍රසිද්ධ කෙනෙකු නොවුණත්
අවංක පුද්ගලයා තෘප්තිමත්ය. කාරුණිකය.
සැබැවින්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන උතුම් කෙනෙකි.

ඔබ මෙතරම් ලාබාල වියේදී ආනාපාන සති ඉගෙන ගන්නේ
කිසිදු දෙයක් උදෙසා ඔබ වැරදි පාරක නොයනු සඳහාය.
 නිවැරදි අරමුණක් සඳහා හෝ වැරදි ක්‍රම භාවිතා නොකරන්න.
ධාර්මික ඉලක්කයකට ළඟාවන්නට
ධාර්මික මාර්ගයම උපයෝගී කරගන්න.
ආනාපාන සති වැඩීමෙන් අවංකව සාර්ථක වන්නට
ඔබට ශක්තිය ලැබෙනු ඇත.


ශ්‍රී ලංකාව තුළ
මේ ආකාරයට
ළමුන් සඳහා ආනාපාන සති භාවනාව ඉගැන්වීම
 
 
 

2013 මැයි 21වන දින
නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ පැවති
ළමා ආනාපාන සති භාවනා පාඨමාලාව.





 
 
දේශනයට සහ උපදෙස් වලට සවන් දෙමින්.




========================================================

ශ්‍රී ලංකාව තුළ
පාසල් ළමුන් සඳහා ආනාපාන සති භාවනාව ඉගැන්වීම
පහත දැක්වෙන මධ්‍යස්ථානවල දායකත්වයෙන් සිදු වෙයි.





ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම
කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 225-3955

================================================================

 ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව,
කුරුන්දන්කුලම
අනුරාධපුර
Phone: [025] 222 6959
================================================================
 ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල,
පේරාදෙනිය
මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, Fax: [94](081) 238-5774
================================================================
වැඩිහිටියන් සඳහා
දසදින නේවාසික විපස්සනා භාවනා පාඨමාලා පැවැත්වීමද
මෙම මධ්‍යස්ථාන මගින් සිදු කෙරෙයි.

=====================================================================================================

  ආනාපාන සති භාවනාව විනාඩි දහයක් ප්‍රායෝගිකව වඩන්න


Practice Session (10 mins - audio only)


.
 Play and Practice for 10 minutes
https://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=2021109399964862776&target=facebook

20151128

සිරිපා පියුමේ – රොන් සුණු තැවරේ -

සටහන : දයාපාල ජයනෙත්ති

ශ්‍රී ලංකාද්වීපයේ මධ්‍ය කඳුකරයේ කොතක් බඳුව අහසට නැඟුණු සමන්ත කූට පර්වතය මුදුනේ, තමන් වහන්සේගේ වාම පාද ලාඤ්ඡනය බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළේ ශ‍්‍රී සම්බුද්ධ ශාසනය හා බුදු දහම මේ පින්බර දිවයිනේ ස්ථාපිතව පන්දහසක් කල් සුරැකිව පවත්නා බව අවබෝධ කොට ගත් හෙයිනැයි සිතමි. බුදු දහම පවත්නා ආසියා මහද්වීපයේ කවරම දේශයක වත් සිරිපා පහස ලද මෙබඳු උතුම් ගිරි ශිඛරයක් නො දක්නා විරූ ය. සමනොළ ගිරි හෙවත් ශ‍්‍රී පාද කන්ද ලෝකයේ සෑම ආගමිකයෙකුගේ ම පුදබිමක් බවට පත්ව තිබීම බෞද්ධ ජනකායගේ නිහතමානී අබිමනට හේතුවක් වෙයි.
මෙම අති උතුම් සිද්ධස්ථානයේ පූජනීය වටිනාකමත්, එහි ස්වභාවික සෞන්දර්යයේ අගයත් ආස්වාදනය කළ ජනතාවගේ මුවින් නිතැතින් ම කවි ගී කියවුණේ වෙහෙස, මහන්සිය සන්සිඳවා ගැනීමේ අරමුණින් පමණක් නොව දයාව, කරුණාව, මෙත් සිත සියලූ ලෝ සතුන් වෙත පතල කර හැරීමේ පුණ්‍ය චේතනාව ද පෙරදැරි කොටගත් හෙයිනි. ශ‍්‍රී පාද පද්මය වැඳ පහළට බසින පිරිස වෙත එහි නගින බැතිමතුන් විසින් :
‘‘වඳින්ට යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් ආසිරි පතන විට ම, ‘‘වැඳලා බහින ඔය නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් පිළිතුරු දීම, සිරිපා හිමේ දී සියලූ ජනයා මානව දයා හිතවාදී හැඟුමින් පිරිපුන් එකම මිනිස් වර්ගයක් ලෙස සැලකීමක් වැන්න. එය වූ කලී මහා කාරුණිකයාණන් වහන්සේගේ සදහම් පණිවිඩය සමන්ත කූට පර්වත පරිසරය තුළින් දෝංකාර දී මුළු මිහිතලය සිසාරා පැතිර යාමක් සේ සැලකිය හැකි ය. සමනොළ ගිරි නැඟීම, ‘සිරිපා කරුණා කිරීම’ යන පොදු වදනකින් හඳුන්වනු ලබන්නේ එහෙයිනි.
සෑම වසරක් ආරම්භ වනවාත් සමග ම එකම කාල වකවානුවක දී සැදැහැති ලාංකික ජනකාය සිරිපා වඳිමින් තම පූජෝපහාරය බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන අතර සාහිත්‍ය කලාකාමී සද්ජනයා ඈත අතීතයේ සිට ම කවි ගී පද බඳිමින් – ගයමින් සමනොළ ගිර පුද බිමට සිය උතුම් ගෞරවය දැක්වූහ. පුරාණ ජන කවියෙකු විසින් පබඳින ලද ‘තුන් සරණය’ කාව්‍යයේ එන කවි ගායනය කරමින් වන්දනාකරුවන් සිරිපා කරුණා කරන්නේ බුද්ධං සරණේ සිරස දරාගෙන ය. බුදුරජාණන් වහන්සේගේ වාම සිරිපා සටහන ලක් දෙරණ සිරස මුදුනේ පිහිටා ඇති අයුරු එ් ශ්‍රේෂ්ඨ ජන කවියා අපට සිහිපත් කර දුන්නේ මෙපරිද්දෙනි:
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිව්රු දරාගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන

‘හිමගත වර්ණනාව හෙවත් සිරිපා වැඳීම’ නම් කාව්‍ය රචනා කළ ජන කවියාගේ කවි අදත් සිරිපා වන්දනාවේ යන බැතිමතුන් මුවින් නැගෙන අයුරු අපි අසමු:
‘අපේ බුදුන් අපි වඳින්ඩ
සමන් දෙවියෝ පිහිට වෙන්ඩ
නළල තබා ගොස් වඳින්ඩ
පෙරළි පෙරළි අපි වඳින්ඩ
සාදු සාදු නිවන් යන්ඩ
උත්තම සිරිපා වඳින්ඩ’

රන් පන්හිඳ ගෙන සුරතින් බුදු ගුණ රන්පොත ලියූ පුරාණ හිමගත වර්ණනාව පබැඳු කවියා ද ‘පුරාණ සමනොළ වන්දනා කාව්‍යය’, ‘සමනොළ ශ‍්‍රී පාද වැඳීම සහ සමන්ත කූට වරුණ’ ලියු ජන කවියා ද ශ‍්‍රී පාද පද්මයට සිය කාව්‍යෝපහාරය පුද කළේ අදින් අවරුදු හාරසියයකටත් ඉහත දී ය.
කෝට්ටේ යුගයේ සන්දේශ රචනා කළ කවීන්ගේ වැනුම් අතර ද සමනොළ ගිර පිළිබඳ වර්ණනා දැක්ක හැකි ය. සැළලිහිණි සන්දේශය ලියු තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ වැනුම එ් අතර වෙසෙසින් කැපී පෙනේ;
සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැුඳි මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර
සමන් දෙවිඳුන් සුරඟනන් සමග පැමිණ ශ‍්‍රී පාද පද්මයට පරසතු මල් පුජා කිරීම සිහි ගන්වන්නේ නිශ්ශංකමල්ල රජු දවස දෙවඟනන් මල් නෙළාගෙන සමනොළ ගිර වෙත ගිය මඟ ඔස්සේ ගොස් ශ‍්‍රී පාද ස්ථානය සොයා ගැනීම පිළිබඳ පුවතයි.
පූර්වයෙහි සඳහන් කළ පරිදි සමනොළ ගිර තරණය කිරීමේ දී ජන කවීන් සිය හද තුළ ජනිත බුදු බැතිය පල කළ ආකාරය වියත් කවීන්ට වඩා බෙහෙවින් ම හෘදයාංගම වෙයි.
මං පැද අඟුල බැස යමි ගෙත්තම්පාන
පින් මඳ අයට සීමා පවුරකි එතන
ඉන් නැඟ ගිය කලට මළුවට සෝපාන
වම් සිරි පතුල වැඩියා සමනොළ මුදුන
අතීත යුගයේ දී සිරිපා වන්දනා කිරීම සඳහා හිමේ නැඟීමට පිටත්ව ගිය සැදැහැවතුන් දින සති මාස ගණන් පේවී සූදානම් වුයේ පුණ්‍ය චේතනාව හෙවත් ශ‍්‍රද්ධාව පෙරදැරි කොටගෙන ය. එසේ පිළිවෙත් සපුරා නො යන අයට ගෙත්තම්පානෙන් ඔබ්බට යා නො හැකි බව ය ඉහත කවියෙන් පැවසෙන්නේ.
එසේ ගද්‍ය පදය සාහිත්‍යකරුවන්ගේ වැනුම්වලට පාත‍්‍ර වෙමින් අතීතයේ සිට ශ‍්‍රී පාද පද්මය පූජෝපහාරවලට ලක්වූවා සේ ම සිංහල ගීත සාහිත්‍යයෙන් ද වරින්වර පිදුම් ලද්දේ ය. ‘මුනි නන්දන සිරිපාදෙ වඳිම් සමනොළ කන්දේ – විහිදෙන මෝක්ෂ සුගන්දේ’,‘‘සිරිපා වඳිමු මුනිගේ’, ‘ශ‍්‍රී පාද හිමේ දෙයියන්ගේ රටේ මේ ශාන්ත උදේ’ ආදි වශයෙන් පැවති සිරිපා බැති ගී අතරට එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේ දී අතිශය සුන්දර පද කැටයමකින් උපශෝභිත වුත්, ශ‍්‍රාවක ජනයාගේ සිත නිවා සනසාලන බුද්ධාලම්බන ප‍්‍රීතිය දනවන්නා වූත් ස්වර සංගතීන් හා නාද රටාවන්ගෙන් පිරිපුන් ගීතයක් ගුවන් ගැබ සිසාරා පැතිර ගියේ ය. එ් වූ කලී 1967 දී තිරගත කළ ‘රන්සළු’ සිනමා සිත්තම වෙනුවෙන් මහගම සේකර සූරීන් විසින් රචනා කරන ලද, පණ්ඩිත් අමරදේව සූරීන් ගායනා කළ ‘‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ” යන ගීතය යි.
පාලි ගාථා හා පිරිත් අතරින් නැඟී එන ස්වර සංගතීන් එම ගීතයේ සංගීත ආකෘතිය සාධනය කර ගැනීමේ දී ඉවහල් කොට ගත් අයුරු අමරදේව සූරීන් පැහැදිලි කොට තිබේ. එම ගීතයේ පද රචනය පමණක් වුව ද ගීතයක් ලෙසින් ගලා යන ආකාරය අසිරිමත් ය.
‘‘සිරිපා පියුමේ – රොන් සුණු තැවරේ ගිමන් නිවන පවන් හමා එ් නිවී පහන් වී ළය සැනහේ නිවන් දොරට මඟ පානා සමනොළ රන්කොත මුදුනේ බැන්ද වියන් සේ…. අරුණු වලා රන් සළු පැටලේ හද කිමිදේ ලොව්තුරු සුවඳේ කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවී යයි නිසංසලේ…. මහා රහතන් වැඩි මඟ ඔස්සේ වලා අතුළ කඳුවැටි අතරේ සිරිපා පියුමේ – රොන් සුණු තැවරේ”
මේ අපුරු ගීතය ගැයූ අමරදේවයන්ගේ උදානය රසික ජනයාගේ ප‍්‍රසාද මාධූර්යය උදෙසා මෙසේ උපුටා දක්වමි:
‘‘මහගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැුගත් මේ ගීතය, ස්වර ගැන්වීමේ දී ගීතයේ ප‍්‍රස්තුතාර්ථයට ගැළපෙන සංගීතමය ආවේශයක් ලබන අටියෙන් සිංහල බොදු හැඟුම් පුබුදුවන නාද රූප සොයා ගිය ගමනේ ඵල විසින්, සැහැල්ලූ කරලා, සැහැල්ලූ සිතින්, සැහැල්ලූ ගතින් සමනොළ නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන, ‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන තුන්සරණේ නාද මාලාවන්ගේ ආහාසය පරිපුර්ණ ගීයක් කරා විහිදුවාලීමි. මෙපරිද්දෙන් මනෝභාව රඳවමින් ජන ආර ඔස්සේ ම පරිසමාප්ත ගීතයක් නිර්මාණය කර ගැනිමේ මං සැලසිණි.”
(නාද සිත්තම් – අමරදේව 93-94 පිටු)
බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ උතුම් පහස ලැබූ සමනොළ ගිරි මුදුන හා පවන් රොදින් පාවී යන වලාරොද ආශ‍්‍රිත අවට පරිසරය මුළු මහත් ගීතයේ ම පසුබිම ලෙස චිත‍්‍රණය වී තිබේ. ගිමන් නිවන පවන් රොද හමා එන්නේ සිරිපා පියුමේ රොන් සුණු තවරාගෙන ය. බෝසතාණන් වහන්සේ මවු කුසින් බිහිවූ දා සිඟිති පා පිළිගන්නේ මිහි මතින් පැන නැගුණු පියුම් සතකිනි. එහෙයින් ‘සිරිපා පියුම’ යන යෙදුම සමනොළ ගිර මත පිහිටි සිරිපා සටහන උදෙසා හැඳින්වීම අතිශය උචිත ය. ගීතයේ කොතනකවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් නො කොට සිරිපා පියුම යයි යෙදීම එහි පූජනීය අගය වැඩි වීමට හේතුවක් වෙයි. සිරිපා පියුම රැුඳි කඳු මුදුන පිස හමන පවනින් භව ගිමන් නිවී සිත් පහන් වී ළය සැහැල්ලූ වී යයි.
‘නිවන් දොරට මඟ පානා
සමනොළ රන්කොත මුදුනේ
බැන්ද වියන් සේ
අරුණු වලා රන්සළු පැටලේ
හද කිමිදේ ලොව්තුරු සුවඳේ’
සිරිපා පියුම රැඳි ගිරි හිස රන් කොතක් වැන්න. නිවන් දොරට මඟ පෙන්වන එ් රන්කොතෙහි පැටලී වෙලී යන රන්සළු වන් අරුණු වලා දිස් වන්නේ අහසේ බැඳි වියන් ලෙසිනි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැනුදු මහා පෙළහර පාන සමනොළ ගිර ඉහළ අහස තලය දකින කවරෙකුගේ හද වුව ද ලොව්තුරු සුවඳේ කිමිද නැහැවී යාම නියත ලෙස සිදුවන්නකි.
දැහැනකට සමවැදුණකුගේ කෙලෙස් මල පහව ගිය සිතෙහි ගලන නිෂ්කාමී හැඟුම් ධාරා පරිද්දෙන් කවි සිතේ උනන නික්ලේශී සිතුම් මධුර ගායන ස්වරයත් සමග එ්කාත්මිකව බැඳී නිසංසලේ ගලා යන අයුරු මනරම් ය.
‘හද සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහා රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳුවැටි අතරේ’
රන් හුයක ඇමිණූ මුතු මෙන් බැඳී සුසංගතව එකිනෙක ලූහුබැඳ දිවෙන වදන්වැල් සිහිපත් කරවන්නේ පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ සමනොළ ගිරට වැඩම වූ එ් අති උතුම් දිනයයි. සමනොළ රන්කොත මුදුණේ සිරිපා ලාඤ්ඡුනය තබා වදාළ බුදුරජාණන් වහන්සේ එ් අසල සුවිසල් ගිරි ලෙනෙහි දිව විහරණය කොට රහතන් වහන්සේලා පන්සිය නම සමඟ ඍද්ධියෙන් දීඝවාපියට හා සේරුවාවිලටත්, එතැනින් අනුරාධපුරයටත් වැඩම වූ අයුරු ‘‘මහා රහතුන් වැඩි මඟ ඔස්සේ වලා අතුළ කඳුවැටි අතරේ” යන ගායන හඬ සවන් පත්හි වැකෙන විට ම හැඟී යන්නේ ය; මනසින් දකින්නේ ය.
ගීත නිබන්ධක මහගම සේකරයන් ‘සිරිපා පියුමේ’ නම් ගීතය සඳහා වූ අත්දැකීම් ලබන්නට ඇත්තේ ගැමි බෞද්ධ ජීවන පිළිවෙතින් ලබා ගත් හික්මීමත්, අරුණෝදයේ සමනොළ ගිර හිස අවට සුන්දර දර්ශනය නැරඹීමෙන් ලබාගත් ආස්වාදයත් නිසා යයි සිතමි. මහවැලි ගීතය නිර්මාණය කිරිමේ දී ද එම අත්දැකීම ඔහු උපයෝගී කොට ගත් බව පෙනී යයි:
‘සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ ’
‘මෙම ගීතයන්හි වදන් හා දැවටී ඇත්තේ සීත හිමේ ඔහු විඳි සොඳුරු ආස්වාදයක් ම යි. ‘සිරිපා පියුමේ’ ගීතය රචනයේ දී ඇස්. මහින්ද හිමියන්ගේ:
‘මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ’
යන දරු නැළවිලි කවිය ද ඔහුගේ යටි සිතට පිවිසෙන්නට ඇත.
කෙසේ වුව ද මහගම සේකරයන් මෙම ගීතයේ ඉදිරිපත් කරන කාව්‍යමය චින්තනයට සමවන වෙනත් නිර්මාණයක් සිරිපා පින්බිම අරභයා මෙතෙක් ලියැවී නැත. කාව්‍යයේ සීමිත වාච්‍යාර්ථයත්, සංගීතයේ අසීමීත භාවාර්ථයත් අතැඹුලක් සේ පසක් කොටගත් අමරදේව සූරීන් මනා සංයමයෙන් යුතුව සංගීතය හා හඬ හසුරුවා ගනිමින් නිර්මාණය කළ ‘සිරිපා පියුමේ’ ගීතය බුදුරජාණන් වහන්සේ හා ශ‍්‍රාවක මහා රහතන් වහන්සේලා උදෙසා පිදු ශ‍්‍රද්ධා භක්තිමය උපහාරයක් වන්නේ ය.

සුභාවිත ගීතයක රස විඳුම
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති

20151117

අසාධාරණ ලෝකයට සාධාරණ පාඩමක්...


මගේ ළමයි දැන් යන්නෙ
පුංචි ගමක පුංචි පාසලකට.
දෝණිගෙ පන්තියෙ
එක ළමයෙකුට කතා කරන්න බැහැ.
ඒත් ඔහුගෙ කන් ඇසෙනවා.

ඊයෙ ඒ පන්තියෙ ගුරුතුමිය
පාසල ඇරෙන්න යන වෙලාවෙ
වෙනදා අනිත් ළමුන්ගෙන් කෙනෙක් දෙන
මෙත් වැඩීමේ භාවනාව
ඒ ළමයාට කරන්න කියලා තියනවා.
ඒ ළමයාත් ඔහුට හැකි විදියට
ඔහුට සීමිත නොපැහැදිලි ශබ්ද මාලාව
ඉදිරිපත් කරද්දි
අනිත් ළමුන් ඔහු අනුව
භාවනාව කරල තියනවා..
" එයා කියන්නෙ මොනවද කියල අපි දන්නවනෙ..
අපිත් කිව්වා" දෝණි කිව්වෙ එහෙමයි.

අනුකම්පාව නිසා හෝ හෙළා දැකීමෙන්
ගුරුවරුන් එවැනි දරුවන් කොන් කිරීමත්
දරුවා හීන මානයෙන් කොන් වී සිටීමත්
සම වයසේ ළමුන් වැඩිහිටියන් අනුව
ඔවුන් ද්වේශයෙන් හෝ අනුකම්පාවෙන් හෙළා දැකීමත්
සාමාන්‍ය දෙයක්..

මෙම ගුරුතුමිය ඒ අවස්ථාව ඔහුට දීමත්
ඔහු ඒ වගකීම බාර ගැනීමත්
අනෙක් ළමුන් ඔහුට හැකි ප්‍රමාණයෙන්
ඔහු දෙන දේ පිළිගැනීමත්
ඉතාම කලාතුරකින් සිදුවෙන
ඉතා සුවිශේෂී සිදුවීම්.

මම දකින විදියට
ඒ ගුරුතුමියත්, ඒ දරුවාත්
අනික් දරුවනුත් එකතු වෙලා
අඩුපාඩු ඇති ළමයින්
විශේෂ ළමුන් ලෙස නම් කර කොන් කරන
අසාධාරණ ලෝකයට
සාධාරණ පාඩමක් උගන්වනවා.

අප ඔවුන්ට සැළකිය යුත්තේ
අනුකම්පාවෙන් නොව
සමානාත්මතාවයෙන් යුතුව බවත්
ඔහුගේ ප්‍රතිචාරය සැලකිය යුත්තේත්
එබඳුම වූ සමානත්මතාවයෙන් යුතුව බවත්
ඔවුන් අපට කියාදෙන අගනා පාඩමයි.

20151114

ඔබේ ජීවිතය ගතවන්නේ සිහියෙන් නොවේ.



මේ මොහොතෙහිත් මුළු දවස පුරාමත්
ඔබ තුළත් ඔබ අවටත් බොහෝ වෙනස්කම් සිදු වෙයි.
මේ තොරතුරු ඔබ වෙත ඇස්, කන් නාසාදියෙන්
නොකඩවාම ලැබෙන නමුත් ඔබ ඉන් කොපමණක් දන්නවාද?


ඔබේ ජීවිතය ගතවන්නේ සිහියෙන් නොවේ.

ඔබේ ජීවිතයෙන් කොටසක්
අවසිහිය සමග මුසුවූ සිහියෙන්
සහ ඉතිරිය මෝහයෙන් ගතවෙයි.

ඔබේ ප්‍රඥාව තීරණය වන්නේ
ඔබේ සිහියෙහි ප්‍රමාණයටය.
ඔබ උගතෙක් බුද්ධිමතෙකු වූ පමණින්
ඔබ ප්‍රඥාවන්තයෙකු වන්නේ නැත.
උගත්කම සහ බුද්ධියට පදනම් වන්නේ
ඔබ බැහැරින් ලබාගත් වචනමාත්‍ර දැනුමයි.

ගින්නට පිළිස්සීමෙන් තුවාල වන බව
ඔබට පතපොත මගින් හෝ
කිසිවෙකුගේ දේශනයක් මගින් දැනගත හැක.
ගින්නට පිළිස්සීමෙහිදී සිදුවෙන රසායනික වෙනස්කම්
විද්‍යාඥයෙකු මෙන් විස්තර කළත්
ගින්නට පිළිස්සීම ගැන
ප්‍රඥාව පහළ වන්නේ
ගින්නට පිළිස්සෙන විට
ඔබ ඒ අත්දැකීම
සිහියෙන් විඳින ප්‍රමාණයටය.

අත්දැකීම සිහියෙන් විඳින ප්‍රමාණය තීරණය වන්නේ
ඔබට ඒ අවස්ථාවේ පවතින උපේක්ෂාවේ ප්‍රමාණයටය.
සිහියත් උපේක්ෂාවත් ඇති තැනැත්තා තුළ
ගින්නට පිළිස්සීම පිළිබඳව
ඔහු තුළ ඇත්තේ ප්‍රඥාවයි.

අත්දැකීමක ආධාරය රහිතව
පතපොත මගින් හෝ
කිසිවෙකුගේ දේශනයක් මගින්
ඔබට ප්‍රඥාව පහළවිය නොහැක.

ගින්නට පිළිස්සීම පිළිබඳ
පොත් ගණනාවක් ලියා
දීර්ඝ ගැඹුරු දේශන පවත්වා
සම්මාන දිනූ මහාචාර්ය තුමා
යාබද අසුනේ පොතක් කියවමින්
සැනසිල්ලේ පසුවෙද්දී
ගින්න ගැන දන්නා ප්‍රඥාවන්තයා
සිය නාසයේ තැවරෙන දුම් ගඳින් අවදිවී
ගින්නට හේතුව සොයා යයි.
එවන් මහාචාර්යවරුන්ගේත් දිවි ගැලවෙන්නේ
මෙතෙක් පහළවූ ප්‍රඥාවන්තයන් නිසාය.
මේ දෙදෙනාටම වඩා
ගින්නට පිළිස්සීමේ අත්දැකීම විඳ
ඒ අත්දැකීම ගැන හැදෑරීමෙන්
මහාචාර්ය පදවිය ලබා ගත්
ප්‍රඥාවන්ත මැහැදුරුතුමා උතුම්ය.

ගින්නට පිළිස්සෙන අත්දැකීම දරාගත නොහැකිව
වේදනාවෙන් වියරු වැටී කෑ ගසන විට
ඔබේ හිතේ පවතින ද්වේශ සහගත කැළඹීම නිසා
ඔබට අත්දැකීම නොපෙනෙයි.
ඔබ පසුවන්නේ මෝහයෙනි.

ගින්නට පිළිස්සෙන වේදනාව දරාගත නොහැකිව
ඔබ සිහිසුන් විය හැක.
සිහිසුන් අවස්ථාව සපුරාම මෝහයයි.

ඔබේම උවමනාවෙන්
ඔබම සිහිය පිහිටුවා නොගතහොත්
සිහියෙන් පසුවෙන අවස්ථාවක්
ඔබේ ජීවිතයෙහි නැත.
ඔබේ ජීවිතය ගතවන්නේ
මද සිහියත් අවසිහියත් අතර
දෝලනය වෙන චංචල පරාසයකය.

ඔබට කොතෙක් වුවමනා වුණත්
ඔබට ඔබ පිළිබඳව සිහිය
සියයට සියයක් ඇති කරගත නොහැක.
ඒ සඳහා ඔබ රහත් විය යුතුය.
එවිට ඔබේ සිහිය
පැය විසිහතර පුරාම
නොකඩවාම සියයට සියයේම පවතී.

රහතන් වහන්සේ නිදා නොගනී.

සව් කෙලෙසුන්ගෙන් විනිර්මුක්තවීම නිසා
සපුරාම පිරිසිදුවූ නිර්මල සිත
සපුරාම විවේකයෙන් පසුවෙද්දී
කාය විවේකය අවශ්‍යවූ විට
රහතන් වහන්සේ සිහියෙන් යුක්තව
සැතපී සිටියි.

කාය විවේකය සඳහා
ඔබ මදකට ඇලවුණත්
ඔබ නින්දට වැටෙන්නේ
කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිත
විවේකය සොයන නිසාය.
නිදිමත යනු මෝහයට වැටීම
මූලික අවස්ථාවයි.
මොහොතකින් ඔබ මෝහයට පත්වෙයි.

ඔබ නිදන විට
ඔබ තුළ හෝ ඔබ අවට සිදුවෙන කිසිවක්
ඔබ නොදනී.
ඔබේ සිත අකර්මණ්‍යය.
සිත මදක් අවදිවී සිහිනයක් දුටුවොත්
තුනී සිහියක් ඇත්නම්
ඔබ දකින සිහිනය
අවදි වූ පසුව සිතට නගා ගත හැකි වුවත්
සිහිනය සැබෑ අත්දැකීමක් නොවේ.

සිහිනය සිත තනාගන්නා මායාවකි.
දහවල් දවසේද ඔබ අසන දකින දේ ඇසුරෙන්
මෙවැනි මායාවන් සිය දහස් ගණනාවක්
ඔබ තනා ගනියි.
එවන් අවස්ථාවන්හිදීද ඔබේ සිහිය දුර්වලය.
සිත වෙනතක යොමුකරගෙන
මහමග ගමන් කරන විට
ඔබ පසුපසින් ආ රියක නළා හඬින්
එහි රියදුරා කුපිතව දෙසන අසැබි වදනින්
ඔබ පසුවෙන නින්දෙන් අවදි වෙයි.
ඔබ පසුවූයේ  අවසිහියෙනි, මෝහයෙනි...

නින්දේදී පූර්ණ මෝහයෙන්
ජීවිතය ගත කරන ඔබ
නින්දෙන් අවදිවී එදිනෙදා කටයුතු වල
සාර්ථක ලෙස යෙදෙන්නට
ඔබේ චිත්ත ශක්තිය නාභිගත කරද්දී
ඡායාරූප ගන්නා කැමරාවට මෙන්
රාමුවෙන් පිට ලෝකය කැපී ඉවත්වෙයි.

මේ මොහොතේම ඔබ තුළත් අවටත්
දහසක්දේ සිදුවෙමින් පවතියි.
මේ ලිපියෙන් එක මොහොතකට සිත මුදාගෙන
අවට ලෝකයට සිහිය යොමු කරන්න.
මෙතෙක් ඔබට නොඇසුන
දැන් ඇසෙන ශබ්ද කොතෙක් ඇත්ද?
ඒ ශබ්ද පිළිබඳව
ඔබ තුළ ඇත්තේ මෝහයයි
ඔබ කියවන මේ වචන පෙළෙන් පිට
ඔබේ ඇසට පෙනෙන නමුදු
ඔබ සිහියෙන් තොරව පසුවෙන කොතෙක් දේ
ඔබේ ඇස් ඉදිරිපිට ඇත්ද?
ඒ ඇස දකින නමුත් ඔබට නොපෙනෙන දෑ ගැන
ඔබ තුළ ඇත්තේ මෝහයයි.

ඔබ මෙතෙක් පසුවූ ඉරියව්ව කුමක්ද.?

මා විමසන තුරුම ඔබ පසුවූයේ
ඔබේ ඉරියව්ව ගැන මෝහයෙනි.

රාත්‍රියේ නින්දෙන් පසුවෙන ඔබ
උදෑසන අවදි වූ නමුත්
තවමත් පසුවන්නේ
ඊට වඩා අඩු අවසිහියෙනි.

ඔබ වෙහෙස වූ විට විඩාව නිසා
ඔබේ අවසිහිය තවත් දියුණු වී
ඔබ මෝහයට පත්වෙයි.

මත්පැන් ගැනීමෙන්
සිත නාභිගත කිරීමේ හැකියාව වැඩිවී
සියල්ල පිළිබඳ සිහිය දුර්වල වී
ඔබ තුළ හා අවට සිදුවෙන දේ ගැනත්
ඔබ වෙසෙන සමාජයෙහි සදාචාරය, නීතිරීති ගැනත්
අවසිහිය දියුණු වෙයි.
ඒ මෝහය ඔබට සුවයක් වන නමුත්
ඔබේ අවසිහිය තවත් වර්ධනය වී
ඔබ මෝහයට වැටෙයි.

පොත්පත් හා දේශන මගින්
තර්කයට හුරු සිත මෙහෙයවමින්
මත්පැන් බීම සාධාරණීකරණය කරමින්
තර්කානුකූල හේතුකාරණා සපයාගන්නා
බුද්ධිමතුන් හා උගතුන් මත්පැනට ඇබ්බැහිවන නමුත්
සිහියෙන් පසුවෙන ප්‍රඥාවන්තයා
මත්පැන අප්‍රිය කරයි.

මද පමණින් මත්පැන්ගත් තැනැත්තෙකු මෙන්
අවදියෙන් සිටින දවල් දවසත් ගතකරන විට
ඔබ තුළත් ඔබ අවටත් සිදුවෙන දේ ගැන
ඔබ තුළ මෙතෙක් පැවතිඋන අවසිහියෙන්
මිදෙන්නට ඔබට ක්‍රියා කළ හැක.

හැකි හැම විටම
තමාතුළත් අවටත් සිදුවෙන දේ ගැන
සිහියෙන් පසුවීම මගින්
අවසිහිය දුර්වල වන අතර
සිහිය කෙමෙන් වර්ධනය වෙයි.

ඔබේ සිහිය කොපමණද?
මෝහය කොපමණද?

ඔබ කිසියම් කාර්යයක යෙදෙන විට
ඒ කාර්යයට අදාළ සංවේදනා ගැන
සිහියෙන් පසුවෙනවාද?

ඔබ අත සෝදන විට
වතුර අතේ ස්පර්ශ වෙන අයුරු
වතුරෙහි ස්වභාවය, වතුරේ සීතල
ඔබ කවදා හෝ සිහියෙන් විඳ තිබෙනවාද.?

ආහාර සපන විට
ආහාර දිවෙහි හා  මුවෙහි තැවරෙන අයුරු
ආහාර සැපෙන අයුරු සිහියෙන් විඳ තිබෙනවාද.?

මේ අවස්ථාවන්හි
ඔබේ සිත පවතින්නේ කොතැනකද?
සිත කොතැනක පසුවුණත්
ඔබ පිළිබඳව ඔබ පසුවන්නේ
සිහියෙන් නොව මෝහයෙනි.

දැන් මේ අවස්ථාවේ
ඔබේ සිරුරෙහි ස්පර්ශ වන දේ මොනවාද?

ඔබ හිඳගෙන සිටින අසුන ඔබට දැනෙනු ඇත.
ඔබේ ඇඳුම ස්පර්ශ වන තැන සහ
ස්පර්ශ නොවෙන තැන් අතර වෙනස
ඔබට දැනෙනවාද?
බේ ඇඳුමට වැසුණ තැන් සහ
ස්පර්ශ නොවැසුන තැන් අතර වෙනස
ඔබට දැනෙනවාද?

මේ වෙනස්කම් දකිනවිට
මෝහය පහවී සිහිය පහළ වෙන අයුරු
ඔබට දැනෙනවාද?
ඔබේ සිත සමාහිත වන බව
සන්සුන් වන බව ඔබට දැනෙනවාද?

සිහියෙන් පසුවෙනවිට
කයෙහි ඇතිවෙන සංවර බවත්
සිතෙහි ඇතිවෙන සමාහිත බව
මෝහයෙන් පසුවෙන්නා තුළ පවතින
අකර්මණ්‍ය බවට වඩා සපුරාම වෙනස්ය.
මෝහයෙන් පසුවෙන්නා නැවූ කම්බියක් නම්
සිහියෙන් පසුවෙන්නා තදකළ දුන්නකි.
හැම මොහොතකම සිහියෙන් පසුවෙන නිසා
ඔහු ක්‍රියාශීලී වීමට සූදානම්ය.

නින්දේදීත්, වෙහෙස වූ විටත්, මත්පැන් ගත්විටත්
සිතේ ඇතිවෙන සමාධිය මිථ්‍යා සමාධියකි.

කුඩා දරුවෙකු සමග උයනක ඉන්නා
මහල්ලෙකුගේ සිතේ පවතින සමාධිය
ජීවිතය පුරා වෙහෙසට පත්වී
මොළයත් ස්නායු පද්ධතියත් මඩවී පල්වී
ඉතිරි වී ඇති අංශුමාත්‍ර සිහිය යොදාගෙන
සිතන්නට බැරි තරම් අප්‍රමාණවත් නිසා
ඔහු තුළ ඉබේම ඇතිවූ අකර්මණ්‍ය බවකි.
වෙහෙසටපත්වූ සිතේ පවතින නිද්‍රාව
සම්ම්මා සමාධිය නොවේ.
සම්මා ස්මාධිය ඇතිවන්නේ
තමාතුළත් අවටත් ගැන සම්පූර්ණ සිහියන්
සම්පජානෝ සිටින විට සිතේ පවතින
සමා සතිය නිසාය.

මහල්ලාගේ සිත අකර්මණ්‍යව පවතිද්දී
කුඩා දරුවා අවට සිදුවෙන බොහෝ දේ දකියි.
තමා අමතක කොට
බැහැර ගැන සහ ප්‍රිය අප්‍රිය දේ ගැන
පමණ ඉක්මවා යොමුවීමෙන්
කුඩා දරුවාගේ
පිරිසිදු මොළයත් ස්නායුපද්ධතියත්
මඩවීම ඇරඹී ඇත.

අවසිහියට හේතු දෙකකි..

1, 
කායික හා මානසික වෙහෙස.
2, 
සිහිය එක් තැනකට යොමු කරමින්
අන් සියල්ල නොසලකා හැරීම.

" අම්මෙ, වතුර ඉවර වුණොත් මාළුන්ට මොකද වෙන්නෙ?"
මින් මැදුර නරඹමින් සිටින කුඩා දරුවා
ප්‍රචලිත සූපවේදිනියක් වූ සිය මවගෙන් විමසුවේය.
ස්මාර්ට් ෆෝන් එකෙන් නෙත් ඉවතට නොගෙනම
ඇය දුන් පිළිතුර....
" මාලු ටික පිච්චේවි පැටියෝ." කියායි.

අවසිහිය යනු
සිතත් කයත් වෙහෙසට පත්වීම නිසා
සහ
සිහිය එක් තැනකට යොමු කරමින්
තමා තුළත් තමා අවටත් සිදුවෙන සියලු දේ
නොසලකා හැරීම.නිසා ඇතිවෙන
බරපතල මානසික ව්‍යාධියකි.
.

අන්ධයන් සමූහයක් අතර අන්ධ බව සාමාන්‍ය දේකි.
එමෙන්ම
සියල්ලෝම අවසිහියෙන් පසුවෙන නිසා
අවසිහිය සාමාන්‍ය දෙයක් බවට පත්වුවද
ජීවිතය දියුණු කරගන්නට නම්
මහළු වියේදී අවසිහියට පත්වී
මෝහයට නොවැටෙන්නට නම්
සිහියත් උපේක්ෂාවත් වැඩිය යුතුය.


තමා තුළත් තමා අවටත් සිදුවෙන සියලු දේ ගැන
තමා පසුවෙන ඉරියව්ව පිළිබඳව,
තමන්ගේ හුස්ම පිළිබඳව,
වාහනයක යන විට වාහනයහි චලනය අනුව
කය වෙනස්වෙන ආකාරය පිළිබඳව ආදී ලෙසින්
දවස පුරා තමාට අදාළ දේ ගැන සිහියෙන් පසුවීමෙන්
සිහිය කෙමෙන් කෙමෙන් වැඩෙනු ඇත.

ඔබ නිරන්තරයෙන් පසුවෙන මෝහයෙන්
කෙමෙන් කෙමෙන් බැහැර වෙමින්
සිහියත් උපේක්ෂාවත්
කෙටි කලකින් වැඩි දියුණු කරගන්නට
ඔබට උපකාර වෙන
දසදිනක පූර්ණකාලීන නේවාසික පාඨමාලා පෙළක්
දිවයිනේ ස්ථාන තුනක වසර පුරා පැවැත්වේ.

ඒ සඳහා අදාළ විස්තර
මේ වෙබ් අඩවියෙන් ලබා ගන්න.

විපස්සනා පුහුණුව


20151113

"දේවදත්තයාගෙන් පරිස්සම් වෙන්න." සෝභිත හිමිගේ මව



මේ වගේ වචන අපෙ අම්මගෙ ශබ්ද කෝසේ පිරිලා තිබුණා. ඒ ඔක්කොම බෞද්ධ පරිසරයෙ වචන.- මාදුළුවාවේ සෝභිත හිමි




මගේ ගම් පළාත මාදුළුවාව. මහා පිටිසර ගමක්. හරිම ලස්සනයි. කඳුවැටි, ළඳු කැලෑ, කුඹුරු, ඇළ, දොළ, ගහකොළ පිරි සුන්දර ගමක්. එහි ජීවත් වූ මිනිස්සුන් හරිම අහිංසකයි. කාටවත් හිංසා පීඩා නෑ. සතා සීපාවාටත් ආදරෙයි. වවා ගත් බත බුලත බෙදා හදා ගෙන කමින් සාමයෙන් ජීවත් වුණා. මගේ ගම ගැන සිහි වන විට මට හැම විටම මතක් වෙන්නේ සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සුදෝ සුදු හි කියැවෙන ඒ ගම්මානයයි.
ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය
කටුරොද ගම්මාන තරමක් පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය

ඇත්තටම ඒ වගේමයි මගේ ගමත්. කුරුල්ලන්ගේ ගී සින්දු අප උදේම අහනවා. ඒ පරිසරය විඳගන්න අපට මුලසිට කියා දෙන්නෙ අම්මා තාත්තා උදෙන්ම නැගිටලා වෙලට යනවා පෙරදා හැදු වක්කඩවල් යළි සකසන්න. අපේ ගමේ කාටත් වහු පැටියෙක්, එළදෙනෙක් හිටියා. අපේ ගෙදරත් එහෙමයි. වසු පැටියා කෑ ගහන සද්දෙට අපි අවදි වන්නෙ. අම්මා උදේම අපට කෑමට යමක් උයලා වැස්සිගෙන් කිරි දොවන්ට පටන් ගන්නවා. මාත් පුංචි කොල්ලා, අම්මා පස්සෙන්මයි හැම තිස්සෙම. මේ වැස්සි වසුපැටියා අපේ පවුලෙ අනිත් අය වගේම එකට හැදෙන්නෙ. ඒ අයත් අපේ පවුලෙ සාමාජිකයෝ. අපේ අම්මලා තාත්තලා අපට උගන්නුවේ ඒ විදියට.
මාදුළුවාවේ අපේ තාත්තගේ ගම. අම්මා ඊට හැතැප්ම පහක් විතර ඈත. මලගල ගමේ. තාත්තා අම්මව මාදුළුවාවේ ගමට කැන්දාගෙන ඇවිත්. අම්මගෙ නම කරලිනාහාමි. පියා පතිරගේ දොන් අප්පුහාමි. අපේ පවුලෙ දරුවො අයියයි, මායි, නංගියි. තාත්තා ගොවි රජෙක්. මං එහෙම කිව්වෙ යායක් අස්වද්දන්න කටයුතු කළ මහ ගොවියෙක්. ඒ වගේම වඩු කාර්මික වැඩත් තාත්තට පුළුවන්. ඒ වුණාට ගෙදර හැම දෙයක්ම අම්මා තමයි කළේ දරුවන්ගේ වැඩ සතුන්ගේ වැඩ, ගහකොළ වත්ත පිටිය, ගේ දොර මේ හැම දේම අම්මා යෝධ ශක්තියක්ව සිටියා.
මං ඉපදුණේ 1942 දී. ලෝක යුද්ධ කාලේ. අම්මයි තාත්තයි මට නම් දීලා තියෙන්නේ රත්නසේකර කියලා. ඒ අනුව මගේ ගිහි නම පී.ඩී.රත්නසේකර. ලෝක යුද්ධ කාලයේ දී කොළඹ හා තදාසන්නයේ බොහෝ ඉස්කෝලත් වැහුණා. නගරවැසියන් අපේ ගම් වගේ පිටිසර ගම්වලට ආවා. අපේ ගමටත් ආපු පිරිස විශාලයි. අපේ අම්මයි තාත්තයි අසරණවෙලා මේ විදියට අපේ ගමට ආපු පිරිසට නවතින්ඩ තැනක් දෙන්න කල්පනා කළත් එහෙම කියලා ලොකු තැන් අපට නෑ. ඒ නිසා තාත්තාගෙ මහගෙදර එහෙම ආපු පිරිසකට නවාතැනට දීලා තාත්තා වත්තෙම තිබුණු පුංචි වඩු මඩුවට ඇවිල්ලා තියෙනවා. අපේ අම්මා තාත්තා විතරක් නොවෙයි එදා ගැමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිත්‍යාගශීලි මිනිස්සු. මෙහෙම අය අපේ ගමේ ගොඩක් ඉඳලා තියෙනවා. ඇඳි වත පිටින් සිදාදියේ ඉඳලා ආපු ඇත්තන්ට ගමේ අය සැළකුවේ එහෙම. අපේ අම්මා තාත්තත් ඒ විදියට දරුවන් අරගෙන වත්තෙ මුර මඩුවට ගියා. ඒ වෙලාවේ අයියා විතරයි ඉපදිලා හිටියේ. මං ඉපදුණේ අර මුර මඩුවෙ මහත්තයො. අපේ අම්මා හරිම කඩිසර කාන්තාවක්. මුර මඩුවේ උපන්න එතුමිය මහවැඩ. පාන්දර නැගිටිලා වැස්සිගෙ කිරි දොවලා දරුවන්ට කන්ට දෙයක් හදනවා. අපේ අම්මා උණ ගැනිලා වැටිලා හිටපු දවසක්වත් මට මතක නෑ. දෙයියනේ කියලා ඉහෙන් බහින රෝගයක් එදා ගමේ හිටි කඩිසර ගැහැනුන්ට තිබුණේ නැහැ.
එතුමිය එළවළු කොටුවකුත් කළා මතකයි. කඩෙන් ගෙනාව නම් දුරු මිරිස් ටික විතරයි. මිරිස්,තක්කාලි, බණ්ඩක්කා, නිවිති, කරවිල මේ හැම දෙයක්ම අම්මගෙ කොටුවේ තිබුණා.
වැස්සිගෙන් පොහොර ටික ලැබෙනවා. ඒවා ගිහින් දාන හැටි අම්මා අපට කියා දෙනවා. තාත්තාගෙ කුඹුරෙ වැඩ කරන කොට සකලයන් හඹන්ට(කුරුල්ලන් එළවන්නට) යන්නෙ මායි අයියයි. නංගි අම්මගෙ උදව්වට ඉඳලා අම්මත් එක්ක ඇඹුල ගේනවා. අම්මා නාන්ඩ ගියත් කීර ටික අරන් එන්නෙ. ගොටුකොළ ටිකක්, කිරි හබරල මේ වගේ දෙයක් හැමදාම අපට හදලා දෙනවා. ඒත් අපේ ගමේ අය මස් කෑවේ නෑ. හාල්මැස්සෝ කරවිල ටිකක් නම් ඉඳහිට හැදුවා. හැබැයි හොඳ පෝෂණීය ඇට වර්ග, කොළ වර්ග, පලතුරු අපේ අම්මලා අපට කැව්වා. කිසිම ක්ෂණික ආහාර නෑ. ගොයම් කපලා පාගලා දාපු තැන යටින් මතුවෙන පිදුරු හතු හරිම රසවත් දෙයක්.
අම්මගෙ මේ ව්‍යාඤ්ජනවල සුවඳ මගේ නැහැයට තවමත් දැනෙනවා. ඊළඟට අම්මා අපිට හදන්නෙ ලොකු වැටුණු ගස් කඳන් යට සෑදෙන කඳන් හතු වගේ දේවල්. මේවා ලෝකයේ මොන ආහාර ගත්තත් ඊට වඩා පෝෂ්‍ය පදාර්ථයෙන් අනූනයි. කැලේ ගිහින් සෙල්ලම් කරන්ට අපේ අම්මලා අපට තහනම් කළේ නෑ. ඒ මොකද? මුළු ගමේම හිටියෙ නෑදෑයෝ. හිතුණු ගෙදරකින් කනවා බොනවා. ඇළේ දොළේ, නානවා. පීනනවා. තිත්තයො අල්ලනවා.ඒවා ගෙදර ගේන්නේ ඇතිදැඩි කරන්ඩ නම් අම්මා ඉඩ දෙන්නෙ නෑ. කජු වාරෙට පුහුලන් මෙන්ම ගමේ කොල්ලො කැලේ ගාටනවා. මාත් එහෙමයි. ඒත් මං නිවුණුු ළමයෙක් කියලා තමයි අම්මා කීවේ. දඟ නෑ. හරි කීකරුයි කියලයි කියන්නෙ.
අම්මා, උදෙන්ම හදන හාතාවාරිය, එරමුසු, රණවරා, මොණරණකුඩුම්බිය, පෙනෙල කැඳ කෝප්පයක් බීලා අලගෙඩියක් ගිලදාලා අපි පාසල් යන්නෙ හැතැප්ම එක හමාරක් පයින්ම අපි උදේ හවා ඉස්කෝලෙ ගියා. මං ගියේ මාදුළුවාවේ බෞද්ධ විද්‍යාලයට.දැන් නම් ඒක මහා විද්‍යාලයක්. අපේ ගමේ කාටවත් කාර් තිබුණෙ නෑ. ගමේ රාළහාමිට උළුගෙයක් තිබුණා. මට අපේ ගෙවල්වලට උඩහින් හිටි භද්‍රාවතී ඉස්කෝලේ හාමිනේ තවම මතකයි. එතුමිය තාමත් ජීවතුන් අතර ඉන්නවා. අපට යුනිෆෝම් නෑ. පොල් අතු සෙවිලිකළ පුංචි ඉස්කෝලෙක අපි ඉගෙන ගත්තෙ. ළමයින් පාසලට ඇන්දෙ සරම හා කමිසය. සෙරෙප්පු සමහරුන්ට තිබුණා.
සමහරුන්ට නෑ. මටත් අඩුපාඩු තිබුණා. අපිට ඉස්කෝලෙන් බත් දුන්නා. බනිසුත් දුන්නා. ඒත් පාසල ඇරිලා එන ගමන් පාර අයිනෙ තියෙන ගස්වල ගෙඩි ටික ඉවරයි. මාදං, හිඹුටු, පේර, දිවුල්, වැල, වරකා මේ ගස්වල වඳුරන් වගේ අපි නගින්නෙ. ඒවා කාලත් ගොයම් කපන කාලෙට නම් කුඹුරකට ගොඩ වැදිලා ඒ ගොවි මාමලා එක්ක ඇඹුලත් රහ බලනවා. මේක පුදුම රසයක්. මුළු ගමම නෑදෑයො නෙ. කිසිම භේදයක් නෑ.
ඕනෑ තැනක බත් බෙදනවා. වැල වරකා, පේර, මේ ඕනෑම දෙයක් කඩා ගන්න අපට වැඩිහිටියො අවසර දීලා තියෙන්නෙ. ඒ කාලෙ ජීවන රටාවත් හරිම පහසුයි. කන බොන දේවල් ඕනෑ තරම් ගම්වල තියෙනවා. ඇඹුල කාලා සමහර විටක මාත් ගමේ කොල්ලොත් එක්ක අම්බරුවො පස්සෙ ගොම්පස් අල්ලන්ඩ පිදුරු තියාගෙන දුවනවා. ඒ ගොම්පස් එකතු කැර වෙනම තැනක ගොඩ කරන එක අපේ සතුට. ඒ කාලෙ අප ගත්තෙ තුන් වේලටම බත්. ඒ නිසා පාන් කෑල්ලක් කන්ට පුදුම ආසාවක් තියෙන්නෙ. අම්මා ගමේ පොළට ගියාම අපට පාන් ගෙඩියක් ගෙනැල්ලා පෙති කපලා දෙනවා. පැදුරු වියන්ඩ හරිම දක්ෂයි. පන් කොටුවක් අම්මා වෙනම හදාගෙන තිබුණා. බුලත් කොටුවකුත් තිබුණා. බුලත් ආදියත් මේ පැදුරුත් විකුණන්නෙ අම්මා. පොළට ගිහින් ඒ ටික කරන කොට සමහර දාට මාත් යනවා. පන්සල් යන්නෙත් අම්මා එක්ක. ඇය පන්සලට ගිහින් අපට නොයෙක් දේ පෙන්නා කියලා දෙනවා. විකෘති අත් පා නැති කෙනෙක් ගියොත් එයාව හොරෙන් පෙන්නලා ගිය ආත්මෙ මේ මේ අකුසල් කළ නිසාය මෙහෙ ඉපදුණේ කියනවා. අපේ අම්මලා ලොකුවට උගත් අය නම් නොවේ. ඒත් පන්සලේ බණ මඩුවෙ අහපු කතා හොඳට මතකයි. බණ දහම් ගාථා හොඳට දන්නවා. අම්මා පයින්ම තමයි. ඕනෑම දුරක් යන්නෙ පොළට පන්සලට අම්මගේ අම්මා බලන්නට යද්දිත් පයින්ම තමයි එතකොට මාත් කොන්දේසි දානව. ඒ කොන්දේසි ඉටුකරනවා අම්මා කොහොම හරි. අයිස්ක්‍රීම් සරුවත්, රෝස් පාන්, බනිස් ඒ විදියට මාත් ලබා ගන්නවා. ඒ කාලෙ පාන් ගෙඩියක් ශත 25 යි. රෝස් පාන් ශත 3 යි. බනිස් ගෙඩිය ශත 3 යි. ඒ මොනවා කෑවත් ගෙදරදි අම්මා හදන සව්දොදොල් තලප කන්ට මං ආසයි.
හැබැයි! අම්මා උදේට කැඳ දීලා කියන්නෙ හීල් බත් කන්ඩ බඩ කට පුරා කන්ට දෙන මේ හීල හරිම රසයි. කොච්චර කන්ට බොන්ට තිබුණත් හරක් මස් නම් ගමේ කිසිම තැනක නෑ. හරක් මස් කන අරක්කු බොන අය ගමම පිළිකුල් කළා. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළේ. ගමට රේඩියෝ එකක් තිබුණෙ ගමේ රාළහාමිට විතරයි. මහ රාත්තිරියට වුණත් අම්මා කුප්පිලාම්පු එළියෙන් පැදුරු වියන්නෙ. පින්කම්වලට කීයක් හරි එකතු කරන්ඩ කියලා මට හිතුණෙ ගෙදර අඩුම කුඩුමවලටත් ඇය වියදම් කරනවා. ඒ තරම් අහේනියක් අපේ ගම්වලද තිබුණෙ නෑ. ඕනෑ තරම් කන්ට බොන්ට කොයි ගෙදරත් තිබුණා. මඤ්ඤොක්කා, කිරි හබරල, කොස්, පොළොස් ඕනෑ තැනක. මාදුළුවාවේ මගේ පාසල් ජීවිතේ පහේ පන්තිය දක්වා පමණයි.
අපේ අම්මා බණ දහම් අපට කියා දුන්නෙ සාමාන්‍ය පොදු දේ ඇසුරින්. සමහර දාට මාත් නැතුව පයින්ම පොළට යන අම්මා දවල් වෙලා ගෙදර ඇවිත් ඈඳිගෙන පුතේ, නිකම් අපාය වගේ රස්නෙ වතුර ටිකක් දියන් බොන්ට කියනවා. මං දුවලා ගිහින් ගෙනැත් දෙන වතුර ටික බීලා ගිමන් හැරලා ඇය එහෙදි දුටු දේ විස්තර කරනවා. බරවා කකුල් තියෙන මිනිස්සු ගැන. ආබාධිත අය ගැන කියලා එහෙම ඉපදුණේ අකුසල් කරලා බව විස්තර කරනවා. අපෙ අම්මලා අපාය මහ රස්නේ තැනක් කියලා දැන හුන්නා. (රෞරවය, මහා රෞරවය වැනි අපායත් මහා රස්නය ඇති ගිනිදැල් විහිදුවන නිරයක් බව අපි දනිමු.)
ඒ කාලෙ අම්මගෙ ගමේ ප්‍රභූවරයෙකුගෙ මඟුල් ගෙයක අම්මත් ගියා. ඒ්ක නොයෙක් ඉසුරුමත් දේවලින් සමන්විත මන්දිරයක්. ඒ ගෙදර දිව්‍ය ලෝකෙ වගේ පුතේ. අම්මා ඒ විදියට ඒ ගෙදර විස්තර මට කීවේ හරියට දිව්‍ය ලෝකෙ ඉසුරුබව හිතට අරන්. ඕකා පෝරිසාදයා, මේකා, අංගුලිමාලයා වගේ. දේවදත්තයාගෙන් පරිස්සම් වෙන්න. එයා මසුරු සිටාණ කෙනෙක්. එතුමා අනේ පිඬු සිටාණන් වගෙ දන් දෙන්නෙ. මේ වගේ වචන අපෙ අම්මගෙ ශබ්ද කෝසේ පිරිලා තිබුණා. ඒ ඔක්කොම බෞද්ධ පරිසරයෙ වචන. අප ගෙදර බුදුන් වැන්දත් පන්සලේ බුදුන් වැන්දත් ගාථා මහ හයියෙන් ශබ්ද නඟා කියන්න ඕනෑ. මේවා කටපාඩමින් කියන්නෙ. ඒ විදියට කියන එක අපේ අම්මලා ප්‍රායෝගිකව දැන හිටියා. එහෙත් අම්මා අපට කිව්ව එහෙම කිව්වම තමයි හඬ ලස්සන වෙන්නෙ කියලා. මල් පූජා කරනකොට තමන්ගෙ රූපෙ ලස්සන වෙනවා කියලයි මගේ අම්මා මාව මල් පූජාවට පෙලඹුවේ.
අපේ පවුලට ශාසනික සම්බන්ධයක් තිබුණා. ඒ එක්කම මං කියන්ඩ ඕනෑ අපේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පුද්ගලයන් දෙන්නෙක් නිසා කියලා. එක්කෙනෙක් තමයි මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො. අනෙක් කෙනා පොඩි ගුරුන්නාන්සේ රට පිළිගත් නැකැත් කේන්දර කරුවා. මහා ඡ්‍යොතිෂවේදියා. ඒ අය හම්බවෙන්ඩ ඒ කාලේ සෙනඟ අපේ ගම්වලට ආවෙ. කාර් එකක් හරි ගමට ආවෙ ඒ විදියට. මාදුළුවාවේ ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවො මගෙ බාප්පා. උන්වහන්සේ තමයි කොටාරෝඩ් එකේ ජයවර්ධනාරාමය හැදුවෙ. මහ ප්‍රතාපවත් පෙනුමක් උන්නාන්සේට තිබුණා. පොඩි ගුරුන්නාස්සේ තමයි බණ්ඩාරනායක මහත්මයාව රටේ නායකයා වෙන්ඩ රාජයෝග තියෙනවා.
පින තියෙනවා කියලා මුලින්ම කීවෙ. අපේ ගමට ටිකක් ඈතින් තිබුණු මීරියගල්ලකන්ද එදා ගල්ගුහාවේ වැඩ වාසය කළ හිමිනමක් හිටියා. උන්වහන්සේ මීරියගල්ලේ වනරතන හාමුදුරුවෝ දැන් නම් ඒ ස්ථානය පැරකුම්බා පිරිවෙන නමින් හැඳින්වෙන්නෙ. උන්වහන්සේ පයින්ම අපේ ගමට වඩිනවා. ගමේ කුඹුරුවලින් වී ටික ටික එකතු කරලා ඒවා විකුණලා උන්වහන්සේ පන්සල හැදුවේ.
මේ නාග විහාරෙ නායක හාමුදුරුවො මුල්ලේරියාවේ රේවත හාමුදුරුවො අර මුලින් කී හාමුදුරුවන් හඳුනනවා. උන්වහන්සේ නුගේගොඩ රාම චන්ද්‍ර ජයලත් (ලීබඩු) මහත්මයාවත් දන්නවා. දවසක් මේ අය මට ටොෆි ලොසින්ජර් අරගෙන අපේ ගෙදරට ආවා. මහණ කරන්ඩ මේ පවුලෙන් දරුවෙක් ඕනෑ බව කලින්ම තාත්තාට කියල තිබිලා තියෙන්නෙ. අම්මා මේ බව දන්නේ නෑ. මට මතකයි මොරිස් මයිනර් කාර් එකකින් ආවෙ.
මාත් ඉතින්! එතරම් දඟ ළමයෙක් නොවෙයිනේ.ඒ නිසා තාත්තා නිතර කිව්වෙ පුතාට මේ කුඹුරු වැඩ බෑ. ඔයා හොඳයි මහණ වෙන්ඩ කියලා. මටත් ඒකෙ වරදක් පෙනුණෙ නෑ. මං තාත්තා කී දේ ඇහුවා. ඒත් අම්මනම් ඒක ඇහුවම ඒකට නොසතුටු වුණා. පොඩි එකා නැතිව මං ජීවත් වන්නෙ කොහොමද? ඇය එහෙම කියලා ඇඬුවා. මට එතකොට වයස අවුරුදු 13 යි. හරිම කෙට්ටුයි. ඔතෑනියි. සෝමාරියි.
අම්මයි නංගියි එක දිගට අඬනවා. අම්මගෙ ඇසේ දිලිසෙන කඳුළු කැටි මගේ හෘද ස්පන්දනයද වැඩි කළා. මං ඒ විදියට තමයි කෝට්ටේ නාග විහාරයට ආවේ. මේ පන්සලේ එදා තිබුණෙ කැඩුණ චෛත්‍යයක්. සංඝාවාසයත් අඳුරුයි. කිළිටියි. පරණ ගොඩනැගිල්ලක්.
සර්පයො මැඩියො විතරක් නොවේ තවත් නොයෙක් විදිහෙ භයානක කෘමි සත්තු පවා ගරා වැටුණ පන්සල් වත්තෙ හිටියා. ලොකු හාමුදුරුවන්ට තනියෙන් මේවා ශුද්ධ පවිත්‍ර කරගන්ට බෑ. මහ කට්ට පාළුයි. දවස් දෙක තුනක් යනකොට මං අම්මා ළඟට යන්ඩ ඕනෑ කියලා ඇඬුවා. ඒත් ලොකු හාමුදුරුවො කාරුණිකව මට සලකලා පැවිදි ජීවිතයේ සුවය පැහැදිලි කරලා දුන්නා. පරණ ටයර්, රිම් අරගෙන වෙල් ඉපනැල්ලෙ උඩින් තිබුණු ගුරු පාරෙ ගිය හැටි මතක් වුණා. අම්මා අඬන හැටි කල්පනා වුණා. අම්මා මං එනකොට එවපු රසවත් කැවිලි, තලප, මුං කැවුම්, කෙහෙල් පෙට්ටිය ඉවර වෙනකොටම මගෙ අම්මා පන්සලට ආවා. මගෙ ඔළුව අත ගාලා ඇය යළිත් ගමට යනකොට මට දරාගන්න බැරි දුකක්.හාමුදුරුවො මාව එකපාරටම මහණ කළේ නෑ.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට 6 පන්තියට දැම්මා. උදේට ශත 10 ක් අතට දෙනවා. දැන් යාළුවොත් ඉන්න නිසා පාළුව ටිකක් මැකුණා. අම්මා තාත්ත නිතර එනවට ලොකු හාමුදුරුවො කැමැති වුණේ නෑ. අපේ ලොකු හාමුදුරුවො ආයුර්වේද වෛද්‍යවරයෙක්. කැඩුම්, බිඳුම්, පීනස් වෙදකමට දක්ෂයි.
1955 දී මම මහණ වුණා. උපසම්පදාව ලැබුවේ 1962 දී. මගෙ ජීවිතේ මුල්වරට මා කිව්වෙ මේ පළාතේ අසාධ්‍යව සිටි මහලු පියතුමෙකුට ආසන්න බණක්, මගේ අධ්‍යාපන පැත්ත දියුණු කරන්ට ලොකු හාමුදුරුවොත් උදව් කළා. යක්කඩුවේ ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ ,බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවෝ, වල්පොළ රාහුල හාමුදුරුවෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වගේ උගත් ප්‍රඥාවන්ත හිමිවරුන් යටතේ අධ්‍යාපනය ලබන්න මාත් ආසා කළා. ඒ අනුව තමයි මං විද්‍යාලංකාරයට යන්නේ. 56 මහ පෙරැළිය සංවිධාන වෙන්නේ කැලණියේ විද්‍යාලංකාරයත් සම්බන්ධ කරගෙන ඒ පෙරැළියේ ආශිර්වාදය තමයි මාව මේ දක්වා ගෙනැත් තියෙන්නෙ. මං එතැනින් අධ්‍යාපනය ලබා ඊළඟට ජයවර්ධනපුර විශ්වවිදාලයට ඇතුළු වෙනවා.
සෝරත හාමුදුරුවො විතරක් නොවේ එල්ලාවල හාමුදුරුවො මැන්දිස් රෝහණධීර මහත්මයා එහෙ ඉතිහාස ගුරුවරු. මං රටේ ජාතික ආගමික ප්‍රශ්නවලදි කටයුතු කරන්න පටන් ගත්තෙ එතැනදී. මහාචාර්ය සරත්ච්න්ද්‍ර මහත්මයාටත් මටත් එකවතාවක් කාණු පල්ලෙ දාලා ගැහුවා මැරයො. මේ අවස්ථාවල උදෙන්ම අම්මා අඬාගෙන එනවා. මගෙ අම්මා මං පැවිදි වුණු දවසෙ වැන්ද වෙලාවෙ මට විශාල අපහසුවක් දැනුණා. ඒ වගේමයි අර සිද්ධිවලත් පාන්දර අම්මගෙ කඳුළුබර මුහුණ දකින එකත්. අපෙ හාමුදුරුවනේ, පරිස්සම් වෙන්න. එහෙම කියලා අම්මා මට වැඳලා යනවා. ඒ මං සටන් කළේ මගෙ අම්මා වගෙ තවත් දහස් ගණනක් අම්මලාට සුවපහසුව ජීවත් වෙන්ඩ අවශ්‍ය පරිසරය හදන්ට කියලා මගෙ අම්මා දැන සිටියේ නෑ.
අභයාරාම සිද්ධියෙන් වෙඩි තබලා මිනිස්සුත් මැරුවා. එහිදී මගෙ පන්සල ආරක්ෂා කළේ මේ රටේ අහිංසක මිනිස්සු. මේ පාරෙත් හතර දෙනෙක් වෙඩි වැදිලා මළා. මට පන්සල දාල හැංඟෙන්ඩත් යන්ට වුණා.
ආරක්ෂ අංශවල ලොකු ඇත්තො මට කිව්වා පෙනෙන්ඩ හිටියොත් මරනවාමයි. ඒ නිසා හැංගෙන්ඩ කියලා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඒ වෙලාවෙ හරියට උදව් කළා. මං එහෙ මෙහෙ ගියෙ එතුමාගේ වාහනේ. “සෝභිත හාමුදුරුවො මරලා” මේ වගේ කතාවක් රට පුරා ගියා. මං ගිහින් දුෂ්කර පළාතක ලොකු මහත්තයෙකුගෙ වත්තක ජීවත් වුණා. මට කෑම උයන්ට වයසක මහත්මයෙකු තියලා ඒ මහත්මයා බංගලාව වහලා පිටත් වුණා.
මේ නාග විහාරෙ බණ මඩුව විවෘත කරන්ට කාලයක් තිස්සෙ අපි දහදුක් විඳලා හදලා ලොක්කෙක් ගේන්න කලින් දායක සභාව හිතලා තිබුණෙ මං දායක මහත්වරුන්ට කීවා රටේ නායකයා ගේනවට වැඩිය මගෙ අම්මා ලවා මේක විවෘත කරන එකට මං සතුටුයි කියලා. ඒ අය බොහොම සතුටින් කැමැත්ත දුන්නා. මගෙ පන්සලේ බණ මඩුව 1988 දී විවෘත කළේ මගේ අම්මා. ඒ විශේෂය මගේ අම්මා 2003 දී නැතිවුණාම මාදුළුවාව ගමේ ගෙදර මිනිය තිබ්බෙ එක දවසයි. මිනියේ කටයුතු අහවර වෙනකම් ඇගේ මිනිය තිබුණෙ අපේ බණ මඩුවෙ. හාමුදුරු කෙනෙක් තමන්ගෙ අම්මගෙ මිනිය මුල්වතාවට මේ විදියට මා දන්නා හැටියට තමන්ගෙ පන්සලේ තියා ගන්නෙ. හාමුදුරුවරු 1000 ක් වැඩමවල මං අම්මගෙ දානයත් දුන්නෙ මෙහෙමයි. හැම අවුරුද්දෙම අම්මා වෙනුවෙන් මං ඒ දානෙ දෙනවා.
මොන තරම් භයානක දේවල් මා අබියස සිදුවුණත් මගෙ රත්තරං අම්මා අදෘෂ්‍යමානව මා ළඟ ඉඳලා මා බේරාගන්නා බව මා දන්නවා. අද නිවන් ගමන යන්ඩ මං එනකම් සසර පුරා බලා ඉන්නවා.

ලඳු දෙරණි පෙත් පීරා
මියුරු පලවැල සොයා
ඉරුණු පන්පැදුරේ ඉඳගෙන
කටු ඇනී රිදුම් දෙන
දෙපා පිරිමැදි
මගේ අම්මා
නිවන් ගමන කල් දමමින්
අපට කිරුළ පළඳවන්න
ඇහේ  කඳුළු හංගාගෙන
හීන මැවු අම්මා 

 ======================================================
අපවත්වන විට 73 වියෙහි පසුවූ මාදුළුවාවේ සෝභිත හිමියන්
1942 වසරේ මැයි 29 වනදා හෝමාගම - පාදුක්ක - මාදුළුවාව ගම් පියසේදී 
දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස උපත ලදහ.
සෝභිත හිමියන් පැවිදි බිමට එළඹුණේ 1955 වසරේ මැයි 9 වනදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදියි. 1962 වසරේදී උපසම්පදාව ලද උන්වහන්සේ විද්‍යාලංකාර සහ විද්යෝදය පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ 1964 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකරගත්තා. 1954 වසරේ සිට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වැඩ වාසය කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දීපව්‍යාප්ත ශාසනික මෙහෙවරක නිරතවූ අතර, සමාජ ගැටළු සෙවීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් කටයුතු කළහ.

  මුළු මහත් රටටත් ශාසනයටත් අති මහත් සේවයක් සිදුකරමින් සාධාරණ සමාජයක් සහ යහ පාලනයක් උදෙසා ජීවිතය පරිත්‍යාග කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහයේ ආදාහන පූජෝත්සවය 2015 නොවැ 12 දින පස්වරුවේ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. බෞද්ධ හා අන්‍යාගමික පූජකවරුන්, ජනතා නියෝජිතයින්, තානාපති නිලධාරීන් ඇතුළු අති විශාල ජනතාවක් උන්වහන්සේට අවසන් බුහුමන් දක්වන්නට පැමිණ සිටියහ.

20151109

මා මෙතෙක් දුටු හොඳම සිනමා දර්ශනය ( ENGLISH )

A Few Good Men
සත්‍යය හෙළිදරව් කිරීම
අන් සියල්ලටම වඩා අගනා බව පසක් කරවන
අති විශිෂ්ඨ චිත්‍රපටියකි.
මේ එහි කේන්ද්‍රීය ජවනිකාවයි.
Jessep: 
You want answers?!

Kaffee:
I want the truth!

තිර රචකයාත්, අධ්‍යක්ෂකත්, නලුවනුත්
සිය කාර්යය උපරිමයෙන් ඉටුකළ මේ ජවනිකාව
නැවත නැවත නැරඹිය හැකි
සුවිශේෂී ජවනිකාවක්.


Kaffee: Colonel, I have just one more question before I call Airman O'Malley and Airman Rodriguez. If you gave an order that Santiago wasn't to be touched, and your orders are always followed, then why would Santiago be in danger? Why would it be necessary to transfer him off the base?

Jessep: Santiago was a substandard Marine. He was being transferred because--
Kaffee: That is not what you said, you said he was being transferred because he was in grave danger.
Jessep: That's correct.
Kaffee: You said he was in danger, I said "grave danger?" You said "is there another kind?"--
Jessep: I recall what I said--
Kaffee: I can have the court reporter read back to you--
Jessep: I know what I said! I don't have to have it read back to me like I'm--!
Kaffee: Then why the two orders? Colonel?
Jessep: Sometimes men take matters into their own hands.
Kaffee: No, Sir. You made it clear a moment ago that your men never take matters in to their own hands. Your men follow orders or people die. So Santiago shouldn't have been in any danger at all, should he have, Colonel?
Jessep: You snotty little bastard.
Ross: Your Honor, I'd like to ask for a recess!
Kaffee: I'd like an answer to the question, Judge.
Judge: The court will wait for an answer.
Kaffee: If Lt. Kendrick gave an order that Santiago wasn't to be touched, then why did he have to be transferred? Colonel? Lt. Kendrick ordered the Code Red, didn't he, because that's what you told Lt. Kendrick to do!
Ross: Object!

Kaffee: And when it went bad, you cut these guys loose!
Judge: Lt. Kaffee!
Kaffee: You got Markinson to sign a phony transfer order! You doctored the log books!
Ross: Dammit, Kaffee!

Kaffee: You coerced the doctor!
Judge: Consider yourself in contempt!

Kaffee: Colonel Jessep, did you order the code red?!
Judge: You don't have to answer that question!

Jessep: I'll answer the question. You want answers?
Kaffee: I think I'm entitled.

Jessep: You want answers?!
Kaffee: I want the truth!

Jessep: You can't handle the truth! Son, we live in a world that has walls, and those walls have to be guarded by men with guns. Who's gonna do it? You?! You, Lieutenant Weinberg?! I have a greater responsibility than you can possibly fathom. You weep for Santiago and you curse the Marines. You have that luxury. You have the luxury of not knowing what I know: that Santiago's death, while tragic, probably saved lives. And my existence, while grotesque and incomprehensible to you, saves lives! You don't want the truth because deep down in places you don't talk about at parties, you want me on that wall! You need me on that wall! We use words like honor, code, loyalty. We use these words as the backbone of a life spent defending something. You use them as a punchline! I have neither the time nor the inclination to explain myself to a man who rises and sleeps under the blanket of the very freedom that I provide, and then questions the manner in which I provide it! I would rather you just said, "Thank you," and went on your way. Otherwise, I suggest you pick up a weapon and stand a post. Either way, I don't give a damn what you think you are entitled to!

Kaffee: Did you order the Code Red?
Jessep: I did the job I was sent to do--

Kaffee: Did you order the Code Red?!
Jessep: You're god damn right I did!!


    Col. Jessup: [Judge dismisses the jury] What is this? What's going on? I did my job, I'd do it again! [stands up defiantly] I'm gonna get on a plane and go on back to my base.
    Judge Randolph: You're not going anywhere, Colonel. MP's... guard the Colonel!
    [MPs take post]
    Judge Randolph: Captain Ross?

    Col. Jessup: What the hell is this?
    Capt. Ross: Colonel Jessup, you have the right to remain silent. Any statement you make...
    Col. Jessup: [while Ross continues reading his rights] I'm being charged with a crime? Is that what this is? I'm being charged with a crime? This is funny. That's what this is. This is... [turns to Kaffee and lunges at him while MPs hold him back] I'm gonna rip the eyes out of your head and piss into your dead skull! You fucked with the wrong Marine!

    Capt. Ross: Colonel Jessup, do you understand these rights as I have just read them to you?
    Col. Jessup: You fuckin' people. You have no idea how to defend a nation. All you did was weaken a country today, Kaffee. That's all you did. You put people's lives in danger. Sweet dreams, son.

    Kaffee: Don't call me son. I'm a lawyer, and an officer in the United States Navy.
And you're under arrest, you son of a bitch.

The witness is excused.