20140910

ඔබ ජෛව රසායනික සත්වයෙක්.

නිරාගමිකයන්ට බුදු දහම දකින්න හොඳ මගක් මේ.
අදහන්න කිසිම දෙයක් නෑ..

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIBCuWa2Y8sG062zqj4Sxg0S5BJnrxjdKr1p0qeanHmW9rvlyF0Sam1rgBXO4-KwanfUZh4ARKNqo4ttd1qlhpfvBGIa5VAzlpTYH1b7beQr3iu8kUGlh-pfZDCTeWtGkccgoWACLYugOX/s400/Chemical+Reaction.png
ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.

කයෙහි දැනෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.
සිතෙහි ඇතිවෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.

බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.

නොදැනෙන ජෛව රසායනික වෙනස් කම් මෝහ.
ප්‍රිය ජෛව රසායනික වෙනස් කම් රාග.
අප්‍රිය ජෛව රසායනික වෙනස් කම් ද්වේශ.

රූපයක් දකින විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ශබ්දයක් ඇසෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සුවඳක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
රසක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ස්පර්ශයක් දැනෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සිතෙහි හැඟීමක් උපදිනවිට,
සිතෙහි සිතුවිල්ලක් ඇතිවෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.

බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.

ඔබ නොදැනුවත්ව හා නොදැනුවත්ව
බාහිර සහ අභ්‍යන්තර වෙනස් කම් නිසා
මුලු දවස පුරාම
කායිකව හා මානසිකව
ජෛව රසායනික වෙනස්කම් සිදු වෙනවා.

ඉන්ද්‍රිය ඇසුරෙන් පහළ වෙන
ජෛව රසායනික වෙනස්කම්
සියල්ලම අනිවාර්යයි..

වතුරට යමක් වැටුණාම
ඉබේම නැගෙන තරංග වගෙයි.
ඔබට පැනල යන්න හෝ වළක්වන්න බැහැ.

ඒත් මේ වෙනස්කම් වලට ප්‍රතික්‍රියාවක් ලෙස
ඔබ කායිකව හා මානසිකව කරන දේ
අනිවාර්ය නැහැ.

බාහිර අරමුණක් ප්‍රිය නම් හෝ අප්‍රිය නම්
අදාළ ජෛව රසායනික වෙනස සිදු වෙන්නෙ
ඒ අරමුණ ස්පර්ශ වෙන කාලය තුළ පමණයි.

ඒත්
පරිසරයෙන් ඒ අරමුණ ඉවත් වුණාට පසුව
අරමුණ  ගැන සිතමින් සතුටු වෙමින් හෝ
අරමුණ  ගැන සිතමින් තැවෙමින්
මානසිකව ඔබ දක්වන ප්‍රතික්‍රියාවත්
නව ජෛව රසායනික වෙනස් කම්
ඔබ තුළ ඇති කරනවා.

අරමුණ මතක් වෙන හැම විටම
ඒ අරමුණ විසින් ඔබ තුළ
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.

ඒ අරමුණ සිහිකරමින්
ඔබ මවන චිත්ත රූප ජෛව රසායනිකයි.
ඒ  චිත්ත රූපත් 
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.

අපිට ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්,
අපිට නොදැනුණත්,
මේ හැම ජෛව රසායනික වෙනස්කමක්ම
කයට බරක්.
ජෛව රසායනික වෙනස් කම් විඳින වෙලාවට
සතුටෙන් වින්දත් දුකෙන් වින්දත්
ඒ හැම බරක්ම පසුව ගැටළු ඇති කරනවා.

අපි සැප හෝ දුක් විඳින්නෙ
අපිට ලැබෙන හෝ නැති වෙන දේ නිසා නොවෙයි.

අපි සැප හෝ දුක් විඳින්නෙ
අපි තුල ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා සහ
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිතමින්, තැවෙමින්,බැඳෙමින්
අපි ඇති කරගන්නා
නව ජෛව රසායනික වෙනස් කම් නිසයි.

අප තුල සිදුවෙන
ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිහියෙන් ඉන්නත්..
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
උපේක්ෂාවෙන් ඉන්නත් පුහුණු වුණොත්
අපිට දුකෙන් මිදෙන්න පුලුවන්.

නැත්නම් 
ජෛව රසායනික වෙනස් කම් වලට
පුරුදු විදියට ප්‍රතික්‍රියා දක්වමින්
දුක් විඳින්නත් පුලුවන්.

ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.

ඔබ ජෛව රසායනික සත්වයෙක්.

20140909

වෛද්‍ය සුදර්ශන බාලගේ කළ කම් පළ දේ.

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා තරුණියක ඝාතනයට ලක්විය. ඇය මොනරාගල පදිංචි  කටුනායක ඇගලුම් කම්හලක සේවය කළ දුප්පත් පවුලක 23 හැවිරිදි චමිලා නම් වු තරුණියකි.

මරණ පරීක්ෂණයේදී මේ තරුණිය උඩුමහලින් තල්ලු කිරීමට පෙර දුෂණයට ලක්ව සිටි බවද හෙළි විය. මේ  ඝාතනය සම්බන්දයෙන් සැකකරු වුයේ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මීගමුව රෝහලේ සේවය කල  සුදර්ශන බාලගේ නමැති සීමාවාසික වෛද්‍යවරයාය.

මරදන්කඩවල සිට වෛද්‍ය විද්‍යාලයට ගොස්  අමාරුකම් මැද  ඉගෙන ගත් සුදර්ශන බාලගේ තමා වැනිම පීඩිත පන්තියකින් පැමිනි දුගී පවුලක තරුණියක් වූ වෛද්‍ය වාර්තාවක් පෙන්වීමට යැයි රවටා රැගෙන ගොස්  චමිලාව දුෂණය කොට  මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනය කළේය.
.
චමිලා සිය වැටුප වියදම් කලේ සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුතු   පවුලේ  බාල සාමාජිකයන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. මෙම සාපරාධී අපරාධය කල මිනීමරු දොස්තර දැන් නිරුපද්‍රිතව යලිත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට තිබේ. මේ සඳහා මොහුට දුෂිත වෛද්‍යවරු කිහිප දෙනෙකුගේම සහය ලැබී  තිබෙන බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා ලෙසින් කටයුතු කරන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ  සංගමයේ හිටපු විධායක නිලධාරියෙකු වූ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පානාවැන්න තමන්ට අයත් මීගමුව කුරණ අංක 7 දරණ ස්ථානයේ පිහිටි ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර්හි පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීමට සුදර්ශන බාලගේට පහසුකම් සලසා දී තිබිණ.

සුදර්ශන බාලගේ ප්‍රසිද්ධ මිනීමරුමක මෙන්ම විභාග වන මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකරු වීමෙන් පසුව තමන්ගේ නම වෙනස් කරගෙන  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දූෂිත වෛද්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහයෙන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමටද සමත් වී තිබිණ.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වීමෙන් පසුව සුදර්ශන  බාලගේ  වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය සදහා  ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ මහතාගෙන් අත්සන ලබාගැනීමද ප්‍රශ්නයට භාජනය කල යුතු ක්‍රියාවකි. මොහුගේ වර්තමාන නම වෛද්‍ය ඉන්දික. එස් .බාලසුරිය වන අතර වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි කල අංකය  22692 විය.

සැකකරුට සහය පිණිස මිගමුව රෝහලේ , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මෙන්ම 
වෛද්‍ය සභාවේ වෛද්‍යවරු කිහිප දෙනෙකු තිරය පසුපස සිට ක්‍රියා කරන බව හෙළි වී තිබිණ.

සත් වසක් තිස්සේ නොසැලී සිටි 
මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියට ගෞරවය!
චමිලා දිසානායක ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන එල්. එම්. බ්‍රියට්‍රිස් මහත්මියගේ  ඇසින් දුටු සාක්ෂිය මෙම නඩුවේ තීරණාත්මක සාක්ෂිය විය. මෙම ඝාතනයත් සමගම රෝහලේ  කම්කරු සේවිකාවක වූ බ්‍රියට්‍රිස් මහත්මියට රෝහල් බලධාරීන්ගෙන්  විවිධ චෝදනා,බලපෑම් එල්ල වු අතර ඇයට සේවයෙන් පවා අයින් වීමට සිදුවිය.ඒ වනවිට ඇය විල්ෂයින් ආයතනයේ  කම්කරු සේවිකාවක් ලෙස සේවය කළාය.  සිය හෘද සාක්ෂියට පිටු නොපා සියලු වරප්‍රසාද, මුදල් ඉදිරියේ නොසැලී සිටිමින් මෙම නඩුවේ සාක්ෂි විමසීම් 2013 වසරේ ආරම්භ කරන තෙක්ම සෘජුව සිටි කාන්තාවක් ලෙස ඇය අද  ගෞරවයට ප්‍රාත වූවාය. මෙම නඩුවේවි විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ ප්‍රසන්න ලාල්ද අල්විස් මහතා විසින් ඇයට සිය ගෞරවය පුදකරන ලදී.

 ප්‍රධාන සාක්ෂිකාරිය වන

                 මම, ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්‍රිස්. කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියට්‍රිස්. මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි විල් ෂයින් කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි. මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ.

                 පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ  ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා.,

                 මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම්.

                 මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.

                 අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර).

                 එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්. මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා.

                 ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා. ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා .

                 ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා. නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා.

                 එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ. ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ.

                 ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද.? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට මේ බව කිව්වා.

                 එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා. බ්‍රියට්‍රිස් ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ. ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා.

                 මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ තියෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ.

                 ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපවයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා.

                 එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා.

                 එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා.

                 එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි.

                 එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා. මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා.

                 මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල්, සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.

================================================================

වෙදකම් කෙරුවත් කළ කම් පළදේ..
-------------
                    වෛද්‍ය වෘත්තියට මෙරට සමාජයේ ඇත්තේ වෙනත් කිසිදු වෘත්තියකට නොමැති තරමේ ඉහළ පිළිගැනීමකි. වෛද්‍යවරුන් දෙවියන්ට සම කරනුයේ ද එබැවිනි. නමුත් පසුගිය කාලයේ මේ දෙවිවරුන් සම්බන්ධයෙන් අසන්නට, දකින්නට ලැබුණු කාරණා නම් එතරම් යහපත් දේවල් නොවේ. තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට බැණ තර්ජනය කිරීම්, පහරදීම් මෙන්ම රෝගීන්ට අතවර කළ අවස්ථාද එමටය. ඒ අතර ගැබිනි කාන්තාවන්ට හිරිහැර කිරීම්ද නැතුවාම නොවේ.
                    එසේ තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියක රවටා රෝහ‍ලේම කාමරයකට රැගෙන ගොස් දූෂණය කර, රෝහ‍ලේ මහල් ගොඩනැගිල්ලෙන් ඇයව බිමට දමා මැරූ බවට චෝදනා එල්ල වූ නරුම වෛද්‍යවරයෙකු පිළිබඳ සිද්ධිය මේ අතරින් මහත් අවධානයටත්, ආන්දෝලනයටත් ලක් වූවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම සිද්ධිය සිදුවන්නේ මීගමුව රෝහල තුළදීය.
මෙරට ඉතිහාසයේ කිසිදු වෛද්‍යවරයෙකු රෝගියකු මරා දැමූ අවස්ථාවක් ගැන වාර්තා වන්නේ නැත.                     එහෙත් මේ නරුම වෛද්‍යවරයා තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණිය මරා දමන්නේ ඇය කෙරෙහි ඇතිවූ පහත් ආශාවන් ඉෂ්ට කරගැනීමටය. එපමණක් පමණක් නොව, ඇය සියදිවි හානිකර ගත් බවට පෙන්වීමටද ඔහු උත්සාහයක් ගත්තේය. ඒ සියල්ල අනාවරණය කරගනිමින් ඉහත කී නරුම වෛද්‍යවරයා නීතියේ රැහැනට කොටුවන්නේ මීගමුව ‍පොලීසියේ විමර්ශකයන්ගේ දක්ෂකම නිසාය. එසේ නොවන්නට ඒ මරණය සිය දිවි හානිකර ගැනීමක් ලෙස වැලලීයන සිදුවීමක් වන්නට පවා ඉඩ තිබිණි.
                    2007 වසරේ නොවැම්බර් 12 වෙනිදා සිදුවූ ඒ සිදුවීම් පෙ‍ලේ අවසානය සටහන් වන්නේ ඉකුත් 03 වෙනිදාය. ඒ මීගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගෆූර් මහතා විසින් ස්ත්‍රී දූෂක මිනීමරු වෛද්‍යවරයාට මරණීය දණ්ඬනයෙන්ම දඬුවම් නියම කරනු ලැබිමත් සමගිනි.
එසේ මරණීය දණ්ඩනයෙන් තම වෛද්‍ය වෘත්තියේ ඉදිරි ගමන හමාර කරන මේ කියන වෛද්‍යවරයා නමින් ඉන්දික සුදර්ශන බාලගේය. මරදන්කඩවල පැත්තේ පදිංචිකරුවෙකු වන ඔහු එක්දරු පියෙකි. මරණීය දණ්ඩනට අමතරව ඔහුට මහාධිකරණ විනිසුරු ගෆූර් මහතා විසින් බරපතළ වැඩ ඇතිව පහළොස් වසරක සිරදඬුවමක්ද, රුපියල් දස දහසක දඩයක්ද නියම කරනු ලැබිය. එම දඩය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසරකුත් මාස පහකින් දීර්ඝ වනු ඇත. ඒ දඬුවම වෙන කිසිවක් නිසා නොව, තරුණිය දූෂණය කළාට වූ දඬුවමය. මරණීය දණ්ඩනය හිමිවන්නේ ඔහු තරුණිය මරා දැමීම සම්බන්ධයෙනි.
                    පරිවේක්ෂණ සාක්ෂි පදනම්කරගෙන විභාගයට ගත් මෙම නඩුව මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩුවක් බවටද මේ වන විට පත්ව හමාරය. ඒ විත්තිකරු වෙනුවෙන් කිසිදු සාක්ෂියක් කැඳවීමකින් තොරව මෙම නඩු විභාගය පවත්වා තිබිම නිසාය. එසේම මෙම නඩුව විභාගයට ගන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් තොරවය. ඒ නීතිපතිවරයා විසින් ඝෘජුවම මහාධිකරණයේ නඩුවක් ගොනුකරන බැවිනි. ඒ 2013 වසරේ අප්‍රේල් 29 වෙනිදාය.මහාධිකරණ විනිසුරුවරයා එකී නඩුව විභාගයට ගන්නේද ජූරි සභාවකින් තොරවය. ඒ වෛද්‍යවරයාගේ එකඟත්වය මතය.
                    එකී වෛද්‍යවරයා අතින් දූෂණය වී ඝාතනය වූ තරුණිය චමිලා දිසානායකය. ඝාතනය වන විට ඇය විසි දෙහැවිරිදි වියේ පසු වූවාය. මොණරාගල තම්පාවිල ප්‍රදේශයේ, දැඩි ආර්ථික ගැටලුවලට මැදිවී ජීවත්වන, දරුවන් අට දෙනෙකුගෙන් යුත් ගොවි පවුලක සිව්වැනි දරුවා ලෙස ඉපදුණු ඇය මොණරාගල සිට කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවිකාවක ලෙස සේවයට එන්නේ ආර්ථික ප්‍රශ්නවලින් තරමක් හෝ දුරට තම පවුල ගොඩගැනීම අරමුණු කරගෙනය.
ඒ පැමිණි ඇය මීගමුව රෝහලට එදා පැමිණෙන්නේ සායනයකට සහභාගි වීමටය. ඒ ඇගේ පියයුරක තිබුණු ගැටිත්තක් ඉවත්කරලීමෙන් පසු පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගි වන්නටය. රෝහලට පැමිණි ඇගේ මළ සිරුර හමුවන්නේ ඊට පැය කිහිපයකට පසුවය.
                    ඒ බව මීගමුව මූලස්ථාන ‍පොලීසියට දැන ගන්නට ලැබෙන්නේ නිර්නාමිකව ලද දුරකථන ඇමතුමකිනි. එවකට මීගමුව මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේය. මීගමුව හොස්පිට්ල් එකේ උඩ තට්ටුවෙන් ගෑනු ළමය වැටිල මැරිච්ච එක පස්සේ අබිරහසක් තියෙනව. ඒ ගැන හරියට හොයල බැලුවොත් වැඩේ අල්ල ගන්න පුළුවන් වේවි.
                    මේ දුරකථන පණිවුඩය සෝමසිරි ලියනගේට ලැබෙන්නේ එදින සවස් වරුවේදීය. ඒ කාන්තාවකගෙනි. තම නම ඉදිරිපත් කිරීමට ඇය කැමැත්තක් දැක්වූයේ නැත. සර්ල හරියට පරීක්ෂණ කරන්න. අපි සර්ලට උදව් කරනව. අපි හැම දෙයක් ගැනම බලාගෙනයි ඉන්නේ ඇය එහිදී සෝමසිරි ලියනගේට එසේද සඳහන් කර තිබිණි.
                    මේ ඇමතුම සෝමසිරි ලියනගේට ප්‍රහේළිකාවක් විය. මන්ද යත්, මීගමුව රෝහ‍ලේ ගොඩනැගිල්ලෙන් වැටී මරණයට පත්වූ කෙනෙකු ගැන එතෙක් කිසිවක් ‍පොලීසියට වාර්තා වී නොතිබුණූ බැවිනි. වහාම ක්‍රියාත්මක වන සෝමසිරි ලියනගේ මීගමුව රෝහල් ‍පොලීසියට ඇමතුමක් ගත්තේය.
                    ඔව් සර්, ගෑනු ළමයෙක් උඩ තට්ටුවේ ඉඳන් වැටිල. එයාව රාගම හොස්පිට්ල් එකට අරගෙන ගියා. එහෙදි එයා මැරුණ කියල ආරංචියි. ඒ රෝහල් ‍පොලීසියේ රාළහාමිගෙන් ‍පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබෙන පිළිතුරය.
                    එවකට මීගමුව කොට්ඨාසය භාර ‍පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටියේ විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වන ප්‍රේමසිරි විතානගේය. තමන් ලද දුරකථන ඇමතුම ගැනත්, රෝහලින් තරුණියක් බිමට වැටී මියගොස් ඇති බවත් විතානගේ මහතාට පවසන සෝමසිරි ලියනගේ ‍පොලිස් කණ්ඩායමක්ද රැගෙන මීගමුව රෝහලට යන්නේ ඔහුගේද උපදෙස් ඇතිවය. ඔහු සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාරද සිටියේය. රස්නායකපුර ‍පොලීසියේ වත්මන් ස්ථානාධිපති ලෙස සේවය කරන්නේ ඔහුය.
                    රෝහලට ගිය ‍පොලිස් කණ්ඩායමේ මූලික නිරීක්ෂණයට ලක්වන්නේ තරුණිය ගොඩනැගිල්ලෙන් බිමට වැටුණු ස්ථානයයි. එ තැන ආරක්ෂාකාරීව තැබිමට ඒ වන විටත් රෝහල් ‍පොලිස් නිලධාරීන් වගබලාගෙන තිබිණි .ඒ අවට ‍ලේ පැල්ලම්ද විසිරී තිබුණේය. එම ‍ලේ පැල්ලම් විසිරී තිබුණේ ඇය බිමට පැන්නේ යැයි සඳහන් ගොඩනැගිල්ලෙහි බිත්තියේ පාමුල සිට අඩි හතරක් පහක් ඈතිනි. මෙම මරණය පිටුපස කිසියම් අබිරහසක් තිබිය හැකි බව සෝමසිරි ලියනගේ ඇතුළු ‍පොලිස් නිලධාරීන්ට දැනෙන්නේ ඒ නිරීක්ෂණයත් සමගිනි. ඒ සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු සියදිවිහානිකර ගැනීමේ අරමුණින් ඉහළ මහලකින් පැන්නේ නම් ඔහු හෝ ඇය බිමට වැටිය යුත්තේ අඩි විස්සක් පමණ ඈතකින් විය යුතු බැවිනි. ඒ බිමට පැනීමේදි යම් ගැම්මක් ගන්නා නිසාය. ඒ පුද්ගලයා ජනේලයක් අසල සිටියදී යමෙකු තල්ලු කළත් එහිදීද යම් ගැම්මක් ඊට ලැබෙන බැවින් ඒ අවස්ථාවේද අදාළ පුද්ගලයා වැටිය යුත්තේ අඩි විස්සේ සීමාවෙන් එපිටටය. මෙහිදී ‍පොලීසියට නිරීක්ෂණය වූයේ ඇය බිමට වැටී ඇත්තේ එක එල්‍ලේ බවය. එම ගොඩනැගිල්ලෙහි පිහිටීම අනුවත්, ජනෙල් මට්ටම් අනුවත් තල්ලුකර යමෙකු බිමට වට්ටන්නට බැරි බවද ‍පොලීසියට නිරීක්ෂණය විය. ඒ අනුව මෙම මරණයේ යම් අබිරහසක් ඇති බව සෝමසිරි ලියනගේ ප්‍රමුඛ ‍පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. ඒ සැකය ඇති වන්නට නිර්නාමික දුරකථන ඇමතුමද යම් හේතුවක් වන්නට ඇත.
                    පොලීසිය මෙහිදී සැක කරන්නට වූයේ කිසියම් අයෙකු ඇයව ඉහළ මහ‍ලේ සිට බිමට අතහැර ඇති බවකි. ඇයව එසේ බිමට අතහැරියේ කුමන මහලෙන්ද, ඒ කවුරුන් විසින්ද, ඇය කාගේ කවුද ආදී බොහෝ කරුණු ‍පොලීසියට සොයාගන්නට තිබුණේය. රාගම රෝහලින් ඉතා වැදගත් තොරතුරක් ‍පොලීසියට ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඒ බිමට වැටී මියගිය ඇගේ යට ඇඳුම් සිරුරේ නොමැති බවටය.
                    ඒ ගැනද ‍පොලිස් නිලධාරීන්ට ඇති වන්නේ දැඩි සැකයකි. ඒ තරුණියක් යට ඇඳුමක් හැඳ නොසිටීම අසාමාන්‍ය කරුණක් වන බැවිනි. එසේම තරුණියගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමට හැකි කිසිදු සාක්ෂියක් සොයා ගන්නටද ‍පොලීසියට නොවීය. ඇය නේවාසික රෝගියෙකුද නොවූවාය. ඇය වැටුණු තැන අඩුම තරමින් ඇගේ පාවහන් යුවලවත් නොවීය.
                    ඔය ගෑනු ළමයා උදේ ඩොක්ටර් කෙනෙක් එක්ක ලිෆ්ට් එකේ උඩට යනව දැක්ක රෝහල් ආරක්ෂකයෙකුගෙන් මේ තොරතුර ලැබෙන්නේ පරීක්ෂණ කොතනින් පටන්ගන්නදැයි සිතා ගැනීමට නොහැකිව ‍පොලීසිය අන්ද මන්දව සිටියදීය. එහෙත් ඒ දෙදෙනා ගමන් ගත්තේ කීවෙනි තට්ටුවටදැයි ආරක්ෂක නිලධාරියා දැන සිටියේ නැත.
                    ඇය සමග සෝපානයේ ගියේ යැයි සඳහන් වූ ඒ වෛද්‍යවරයා වෙන කිසිවෙක් නොව, ඉන්දික සුදර්ශනය. ඔහු එවකට මීගමුව රෝහ‍ලේ ශල්‍යාගාරයේ සේවයේ නිරතව සිටියේ සහයක වෛද්‍යවරයෙකු ලෙසිනි. පශ්චාත් සීමාවාසික පුහුණු කාලය සම්පූර්ණ කරමින් සිටි ඔහු ඒ වන විට වෛද්‍ය ක්‍ෂේත්‍රයට පිවිස එතරම් කාලයක්ද නැත.
                    මම එහෙම ‍ලේඩි කෙනෙක් එක්ක උඩට ගියේ නැහැ. සමහර විට මම ලිෆ්ට් එකේ යනකොට ඒ ළමයා ඉන්න ඇති. ඒත් මට එහෙම ළමයෙක් ගැන මතක නම් නැහැ.වෛද්‍ය සුදර්ශන ඒ ගැන ‍පොලීසියට කීවේ එවැන්නකි. ඔහු එසේ පවසමින් ලිස්සා ගියද රෝහල් පවිත්‍රතා අංශයේ බියටී්‍රස්ගෙන් බේරිල්ලක් නොවීය. එම තරුණියගේ මරණයේ අබිරහස විසඳන්නට යායුතු මග ‍පොලීසියට කියා දෙන්නේ ඇයය.
                    ඩොක්ටර් සුදර්ශන, කාඩ්බෝඩ් එකක ගෑනු ළමයෙක් දාගෙන අමාරුවන් ඇදගෙන යනව මම දැක්කා. බියට්‍රිස් තමා එදා දුටු දෑ පවසමින් ‍පොලීසියට සහයක් දැක්වූයේ එසේය. ඇය ඒ දසුන දකින්නේ හයවෙනි මහ‍ලේදීය. වෛද්‍ය සුදර්ශනගේ හිස කෙස් ඒ වන විට අවුල් වී තිබූ බවද ඇය සඳහන් කළාය. ඇය පවසන්නට වූ තොරතුරුවලට අනුව ඒ කාන්තාවට සිහියක් තිබි නැත. වෛද්‍ය සුදර්ශන ඇයව දැමූ කාඩ්බෝඩ් එක ඇදගෙනගොස් ඇත්තේ ඉතා අමාරුවෙනි. මාව ඩොක්ටර් දැක්ක. ඒ නිසා මම ඩොක්ටර්ගෙන් ඇහුව උදව්වක් ඕනෙද කියල. එයා ඒ වෙලාවේ ඕනෙ නැහැ කිව්වා යැයිද බියට්‍රිස් ‍පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට වූවාය.
                    ඒත් සමගම ක්‍රියාත්මක වන සෝමසිරි ලියනගේ ප්‍රමුඛ ‍පොලිස් කණ්ඩායම ඇයවද රැගෙන යන්නේ හයවෙනි මහලටය. මහල් හතකින් සමන්විත ඒ රෝහල් ගොඩනැගිල්ලෙහි හයවෙනි මහල වෙන්ව ඇත්තේ වෛද්‍යවරුන් සඳහාය. ඒ අයගේ විවේක කාමර ඇත්තේ එහිය. අන්න අර හරියෙදි තමයි මම දැක්කේ ඩොක්ටර් ගෑනු ළමයව ඇදගෙන යනව බියට්‍රිස් ඒ තැන ‍පොලිස් නිලධාරීන්ට පෙන්වූවාය.
                    ඒ ස්ථානය සියුම් පරීක්ෂාවකට ලක්කිරීමේ වගකීම එහිදී පැවරෙන්නේ මීගමුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ටය. ඒ අයගේ සියුම් පරීක්ෂාවේදී කොරිඩෝවේ බර යමක් ඇදගෙන ගිය සලකුණුද, කාන්තා කොණ්ඩා කටු දෙකක්ද සොයා ගනු ලැබිණි. ඇදගෙන ගිය සලකුණු ඔස්සේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ගමන් කරන්නට විය. ඒ ගමන් මගෙහි එක් කෙළවරක් වූයේ වෛද්‍ය විවේක කාමරයයි. අනිත් කෙළවර වූයේ අතහැර දැමුණු ගබඩා කාමරයකි. එහිදී ‍පොලිස් කණ්ඩායමේ පරීක්ෂාවට මුලින්ම ලක්වන්නේ ගබඩා කාමරයය. දුහුවිල්ලෙන් වැසී ගිය ඒ කාමරයේ එක් තැනක හොඳින් දුහුවිලි පිසදමා ඇති බවත් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු දුටුවෝය. ඒ තැන සිය නිරීක්ෂණයට නතුකර ඡායාරූපගතකර ඒ අය කාමරයේ කොනක තිබුණු අගුල් නොදැමූ ලොකරයක් විවෘත කර බලන්නේ ඇති වූ යම් සැක සහිත තත්ත්වයක් හේතුවෙනි.
                    කාන්තා අත්බෑගයක්, කුඩයක්, කාන්තා පාවහන් යුවලක්, කාන්තා උඩුකය යට ඇඳුමක් සහ යටිකය යට ඇඳුමක් ඒ ලොකරය තුළ තිබි හමු විය. එය වෙන කිසිවෙකුගේ නොව, රෝහල් ගොඩනැගිල්ලෙන් වැටී මිය ගිය තරුණියගේ විය හැකි බව සැක කළ ‍පොලිස් කණ්ඩායම මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් විය නොහැකි බව තව දුරටත් තහවුරු කර ගත්තේය. ඒ ඇය සියදිවි හානිකර ගන්නට ගොඩනැගිල්ලෙන් පැන්නේ නම් තම යට ඇඳුම් උනාදමා පනින්නට වුවමනාවක් තිබිය නොහැකි නිසාය.

                                        පොලිස් කණ්ඩායම අනතුරුව ඇතුළු වන්නේ වෛද්‍ය නේවාසිකාගාරය වෙතය. ඒ තැන වෛද්‍ය සුදර්ශනගේ නේවාසික කාමරයයි. රාගම රෝහ‍ලේ සේවයේ නිරතව සිටි හෙද නිලධාරිනියක් සමග ඒ වන විට විවාහ වී සිටි ඔහු වසරක පමණ කාලයක සිට ඇය සමග නතර වී සිටියේ එම කාමරයේය. ‍පොලීසිය එම කාමරය විවෘත කර ගන්නේ වෛද්‍ය සුදර්ශනව එහි කැඳවාය. මුළු කාමරයම පෙරලා පරීක්ෂා කරමින් වැදගත් සාක්ෂියක් සොයා ගන්නට වෙහෙසුණද ‍පොලීස් කණ්ඩායමට එහිදී ලැබෙන වැදගත්ම සාක්ෂිය වන්නේ තරුණියක් දමාගෙන වෛද්‍ය සුදර්ශන බිම දිගේ ඇදගෙන යනු බියට්‍රිස් දුටු බව පැවසූ කාඩ්බෝඩයයි. එය තිබුනේ ඇද යට සඟවාය. එම මරණයට වෛද්‍ය සුදර්ශන වගකිව යුතු යයි සැක කළ හැකි තවත් වැදගත් හෝඩුවාවක් ‍පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ එම කාමරයේ මුළුතැන්ගේ ලෙස යොදාගෙන තිබුණු කොටස තුළදීය. වැසිකිළිය තිබුණේද එම කොටසේය. වැසිකිළියේ ජනේලයෙන් බිම බැලූ කල ‍පොලිස් නිළධාරීන් දුටුවේ තරුණිය වැටී සිටි තැනය. මෙම නිරීක්ෂණය මෙම මරණයට වෛද්‍ය සුදර්ශන වගකිව යුතුය යන සැකය වඩාත් තහවුරු කරන්නක් විය.
                    ඔහුව අත්අඩංගුවට ගැනීමට එය ප්‍රමාණවත් වූවත් තවදුරටත් ‍පොලීසිය පරීක්ෂණ පවත්වමින් සාක්ෂි රැස්කරන්නට ගත්තේය. සොයාගත් අත්බෑගයේ තිබුණු, කටානේ ඇඟලුම් කම්හලකින් නිකුත් කළ හැඳුනුම්පතකින් මියගිය තරුණිය කවුරුන්දැයි නිශ්චිතවම හඳුනා ගන්නට මහත් පිටුවහලක් ලැබිණි. ඇය රෝහලට පැමිණෙන්නේ ඇගේ පියයුරේ තිබුණු ගැටිත්තක් ශල්‍යකර්මයකින් ඊට සතියකට පෙර ඉවත්කර ගත් බැවින් එහි සායනයට බව අනාවරණය වන්නේත් එහිදීය. ඒ සඳහා ඇය කටානේ ඇති බෝඩිමේ සිට සායනයට එන්නේ උදේ 6.15 ට පමණය. ඇය රෝහලට පැමිණි බව රෝහල් සායනයේ ‍ලේඛනයෙන්ද තහවුරු විය.
                    ඒ අතර ඇගේ මරණය ගැන අධිකරණ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණද ‍පොලිස් විමර්ශකයන්ට ලැබුණේය. ඊට අනුව ඇය බිමට වැටී මිය යන්නට පෙර දූෂණය වී තිබිණි. ඇගේ කන්‍යාභාවය නැතිවන්නේ මරණය සිදුවීමට ටික වේලාවකට පෙරය. ඒ බව සනාථ කිරීමට වෛද්‍ය විද්‍යාත්මක විමර්ශන සාක්ෂිද රැසකි. ඒ ලිංගික කටයුත්ත සිදුව ඇත්තේ බලහත්කාරයෙන් බවද අධිකරණ වෛද්‍යවරු තහවුරු කළෝය. ඒත් සමගම අධිකරණ වෛද්‍යවරුන් තවත් දෙයක් පැහැදිලිවම පවසා තිබිණි. ඒ ඇයගේ ගෙල මිරිකා ඇයව අඩපණ කිරීමකින් පසු සියල්ල සිදුකර ඇයව පහළට දමා ඇති බවය. ඒ බව සනාථ කිරීමට අවශ්‍ය විද්‍යාත්මක සාක්ෂි ඕනෑවටත් වඩා අධිකරණ වෛද්‍යවරුන් අත විය.
                    එකී අධිකරණ වෛද්‍ය සාක්ෂි සහ ‍පොලිස් විමර්ශන සාක්ෂිවලින් අනුමාන කළ හැකි වූයේ වෛද්‍ය සුදර්ශන එම තරුණිය අඩපණ කර, දූෂණය කර, අවසානයේදී ඇයව කාඩ්බෝඩ් එකක දමා ඇදගෙන ගොස් තම නේවාසිකාගාරයේ ජනේලයෙන් බිමට දැමූ බවය. පරිවේක්ෂණ සාක්ෂි හැරුණු කොට ඒ බව සනාථ කිරීමට බියට්‍රිස්ගේ ඇසින් දුටු සාක්ෂියද තිබුණේ්ය. ඒ අනුව වෛද්‍ය සුදර්ශන අත්අඩංගුවට ගත් ‍පොලීසිය ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය.
                    මරණීය දණ්ඩනයෙන් ඔහුට දඬුවම් හිමිවන්නේ එම සාක්ෂිවල ඇති බලවත්කම නිසාය. එහෙත් ඔහු පවසා ඇත්තේ නියම සැකකරුවන් තවමත් මීගමුව රෝහ‍ලේ සිටිනා බවය. තමාව ඉලක්ක කර ‍පොලීසිය ඊට සාක්ෂි සොයන්නට උත්සාහ ගත්තා මිස නියම සැකකරුවන් සොයාගත්තේ නැති බව වෛද්‍ය සුදර්ශන අධිකරණයේදී පවසන්නට වූයේ තමාගේ පැත්තෙන් කියන්නට තිබුණේ එපමණක් නිසා වන්නට පුළුවන. වෛද්‍ය සුදර්ශන එසේ කීවද තරුණියක් මරා දැමුවාට මරණීය දණ්ඩනය මෙන්ම ස්ත්‍රී දූෂණයකට වසර පහළොවක් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ද හිමිවන්නේ ඔහුට එරෙහිව තිබුණු කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් බොරුකරන්නට නොහැකි වූ තැනය.
-----------------------------
ගයාන් කුමාර වීරසිංහ



========================================================

වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ :ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම





වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ විසින් කරන ලද ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම පිළිබඳව මම අධ්‍යනයක් කලෙමි. මේ සඳහා වෛද්‍ය   බාලගේ සමග මීගමුව රෝහලේ එකට සේවය කරන ලද වෛද්‍යවරු , හෙදියන් සහ ඔහුව දැන සිටි රෝහල් කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් දුරකථන සම්මුඛ සාකච්ඡා මම ලබා ගතිමි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සන්සුන් නමුත් ගුප්ත චරිතයකි. ඔහු රෝහලේ වැඩ හොඳින් කලේය​. ඔහුගේ වැඩ පිළිවෙලය​. අත් අකුරු ඉතා ලක්‍ෂණය​. එහෙත් ඔහු ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි  අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් එක් තරුණ කාන්තාවකට රෝගී පරික්‍ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවද අනෙකුත් වෛද්‍යවරු එක්ව එය සමථයකට පත් කරනු ලැබීය​. ඔහු පිළිබඳ පරීක්‍ෂණ කල මීගමුව පොලිසිය සහ රහස් පොලිසිය තවමත් නොදැන සිටින කරුණක් නම් බාලගේ කරාටේ ශූරයෙකි. කොට පුද්ගලයෙකු  වූවද ඔහු ශක්තිමත් ය​. 

චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත​. එසේම වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය​. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට  විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැන්මක් ලෙසටය​. 

මගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි. ඔහු චමිලා මුලා කරගෙන පාළු කොරිඩෝවට ගෙනියන ලදි. එහිදී අනපේක්‍ෂිත ලෙස ඔහු ඇයගේ මුහුණට පහර ගසා ඇයව බිම දමයි. බිම වැටෙන චමිලා ගේ හිස පොලවේ ගට්ඨවන බාලගේ ඇයව සිහිසුන් කරයි. ඔහු චමිලාව දූෂණය කරන්නේ ඉන් පසුවයි. දූෂණය කිරීමේදී  ඔහු කොන්ඩොමයක් පළඳියි. එම නිසා ඔහුගේ ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් සොයා ගැනීමට අධිකරන වෛද්‍යවරයා අසමත් වේ. ඇයව දූෂණය කිරීමෙන් පසු ඝන කාඩ්බෝඩ්  එකක තබා ඇදගෙන යන ඔහු ඉන් පසු චමිලාව ඉහළ මාලයේ ජනේලයකින් බිමට දමයි. චමිලා දූෂණයට ලක් වන අවස්ථාව දක්වා කන්‍යාවක් බව පසුව පශ්චාත් මරණ ප්‍රීක්‍ෂණයේදී හෙලිවේ. තවද ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය​ (වෛද්‍ය රුවන් එම් ජයතුංග).



චමිලාගේ කතාව 
චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක්‌ සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි.  මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපන් ඔවුනගේ ජීවිත ගලාගෙන ගියේ දුක, කඳුළ හා සුසුම් මැදිනි. ඇයගේ ගම පිහිටියේ ශුෂ්ක, දුෂ්කර, කටුක පරිසරයක්‌ මැදය. ලඳු කැලෑ මැද ගෙවුණ ජීවිතේ මහ දුක්‌බර එකකි. නගරයට යැමට, පාසලට යැමට මහ දුරක්‌ පයින්ම යා යුතුය. කුසට හරිහමන් කෑමක්‌ බීමක්‌ නොමැතිව පාසල් ගිය වාර අපමණය. තවදුරටත් මට ස්‌කෝලේ යන්න බෑ. මම රස්‌සාවකට යනවා.” ඇය සාමාන්‍ය පෙළ දක්‌වා පමණක්‌ පාසල් ගොස්‌ පාසලට ආයුබෝවන් කීවේ නංගිලා, මල්ලිලාට ඒ දුක නොදී ඔවුන්ව මේ ජීවන දුකින් එතෙර කිරීමේ අදිටනිනි. 

 ඥති පුංචි අම්මා කෙනකු ඒ වනවිට කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරමින් සිටින බව ඕ දැන සිටියාය.  ඒ අනුව පාසල් ගමන නතර කර දැමූ චමිලා, පුංචි අම්මා සමග කටුනායකට ආවේ 2004, 2005 වර්ෂවලදීය.  චමිලා මාසෙට උපයන සොච්චම් මුදල, නිවසට යෑව්වේ මහත් ආශාවෙනි.  අම්මේ මේ මුදල්වලින් නංගිලා මල්ලිලා පාසල් යවන්න. ඇඳුම් අරන් දෙන්න. කඩේ ණය පියවන්න ආදී දේ කියමින් චමිලා හැම සතේම නිවසට යෑව්වේ ඇය විඳි වේදනා පවුලේ අයට උරුමකර නොදීමේ දැඩි අදිටනිනි.  

චමිලාගේ පියා ගොවියෙකි. මව ගෙවිලියකි. පියා නමින් ඩී. එම්. අප්පුහාමිය. මව එන්. ඩබ්ලිව්. එම්. කරුණාවතී ය.  චමිලා කටුනායක ඇඟලුම් කම්හලට පැමිණි පසු නැවතුණේ මිතුරියන් සමග කුඩා නැවතුම්පළකය. එය ද අතිශය අවම පහසුකම්වලින් සමන්විත වූ කාමරය. කටුකූරමණ්‌ඩිය වැනි ගමක ඉපිද විඳි වේදනාවලට නොදෙවෙනි වේදනාවක්‌, දුකක්‌ විඳිමින් ඈ සියල්ල කැප කළේ නංගිලා මල්ලිලා, අයියලාගේ ජීවිත සැපවත් කරන්නටය.  

මේ අල්ල පනල්ලේ ඇයගේ එක තනපුඩුqවක පුංචි ගැටිත්තක්‌ අත ගැටිණි. ඇයට බියක්‌ දැනිණි. පියයුරු පිළිකා පිළිබඳ ඇයට සිහියට නැගිණි. ඇයගේ වැඩපළේ මිතුරියකට කී පසු ඇය කීවේ දොස්‌තරවරයකුට පෙන්වන ලෙසය. චමිලා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගොස්‌ රෝගී තත්ත්වය පිළිබඳ කියා සිටියාය.  වෛද්‍යවරයා චමිලාගේ රෝගය පරීක්‍ෂා කර බලා, මීගමුව රජයේ රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට නිර්දේශ කළේය.  චමිලාට තනිකම පුරුදුය. තනිවම ගමන් බිමන් ගොස්‌ පුරුදුය. චමිලාට පෙම්වතෙකුද විය. නමුත් ඒ පෙම්වතා සිටියේ ගමේය. 

චමිලා මීගමුව රෝහලට ගොස්‌ වෛද්‍ය පරීක්‍ෂණවලට භාජන කළ පසු ශල්‍යකර්මයක්‌ ද සිදු කෙරිණි. මේ ශල්‍යකර්මයෙන් පසු වරින්වර වෛද්‍ය සායනයට ගොස්‌ රෝගී තත්ත්වය පරීක්‍ෂා කරගන්නා ලෙසට නිර්දේශ කෙරිණි. ඇය වෙනුවෙන් රෝහලෙන් සායන පොතක්‌ ද ලබාදෙන ලදී.  2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය.  එදින ඇය හමුවේ පෙනී සිටියේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා ය. ඔහු තරුණ වෛද්‍යවරයෙකි. විවාහකයකු වූ එම වෛද්‍යවරයා එවකට කෙළිලොල් දියණියකගේ පියකුව සිටියේය. බිරිඳ හෙදියකි. ඇය සේවය කළේ රාගම රෝහලේය.  

චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි වියේ උන් තරුණියගේ පියයුරු සැත්කම පිළිබඳ වෛද්‍ය සායනයේදී රෝග තත්ත්වයන් නිරීක්‍ෂණය කරන්නට සූදානම් වුවද සායන පොත අස්‌ථානගත වී තිබිණි.  වෛද්‍යවරයා කළේ චමිලා ද කැඳවා ගෙන සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හත්වැනි මහලට යැමය. විදුලි සෝපානයේ නැඟී මොවුන් දෙදෙනා පස්‌වැනි මහලට ගිය පසු සිදුවූ දේවල් මීගමුව අධිකරණයේදී එකින් එක හෙළි වූයේ සාක්‍ෂිකරුවන්ගෙන් සාක්‍ෂි විමසීමේදීය.  මේ කියන වෛද්‍යවරයාට අයත් නේවාසිකාගාරය පිහිටා තිබුණේ රෝහලේ හයවැනි මහලේය. එම වෛද්‍යවරයාගේ, බිරිඳ ද, දියණිය ද, මේ නේවාසිකාගාරයට පැමිණෙති. මේ කියන දවසේ නේවාසිකාගාරයේ බිරිඳ සිට නැත.  සායන පොත සොයන්නට ගිය වෛද්‍යවරයා හා චමිලා විදුලි සෝපානයේ නැඟී ඉහළට යන අයුරු දුටු බව සාක්‍ෂිකරුවන් අධිකරණයේදී කියා සිටියහ.  මෙලෙස දෙදෙනා සෝපානයේ නැඟී ඉහළට ගොස්‌, පැයකට පමණ පසු සයවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල සහිතව චමිලා මියගියේ කොයි කවුරුත් කම්පාවට පත් කරමිනි.  

මේ සිද්ධිය පිළිබඳ පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කළේ ඊට පසුවය.  වෛද්‍ය සායනයට ගිය ඇඟලුම් කම්හල් සේවිකාව, මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට පැන්නේ මන්ද? සිද්ධිය පිළිබඳ විවිධ දේ කියෑවිණි.  පොලිසිය සාක්‍ෂි සටහන් කර ගනිද්දී, පොලිසියේ තවත් කණ්‌ඩායමක්‌ සයවැනි මහලේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම පරීක්‍ෂා කරන්නට විය. සෝදිසි කරන්නට විය.  ඒ අනුව ඇඟලුම් කම්හල් සේවිකාවගේ කුඩය, අත්බෑගය, ජාතික හැඳුනුම්පත, සායන පොත හා ලේ තැවරුන යට ඇඳුම් දෙකක්‌ද පොලිස්‌ බාරයට ගැනිණි. එම නඩු භාණ්‌ඩ සඟවා තිබුණේ.. චමිලා සමග සෝපානයේ නැඟී ඉහළ මහලට ගිය වෛද්‍යවරයාගේ නේවාසිකාගාරයට ඉදිරිපිට තිබූ පාළු ගබඩා කාමරයේය. 

මෙම මරණය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා පොලිස්‌ අත්අඩංගුවට පත් විය.  මේ අතර හත්වැනි මහලේ සිට හයවැනි මහලට එමින් සිටි බියටි්‍රස්‌ නමැති රෝහල පිරිසිදු කරන (සමාගමකට සම්බන්ධ) සේවිකාවක්‌ සයවැනි මහලට එමින් සිටියාය.  සැකකාර වෛද්‍යවරයා කාඩ්බෝඩ් එකක යමක්‌ තබාගෙන ඇදගෙන යන අයුරු ඇය දැක ඇත.  “සර්… මොනවද? මගෙන් උදව්වක්‌ ඕනෙද? එම සේවිකාව වෛද්‍යවරයාගෙන් විමසුවේ වෛද්‍යවරයාට ගරු කරමිනි.  “ආ නෑ. අවශ්‍ය නෑ” වෛද්‍යවරයා සිනාසෙමින් කී බව එම සේවිකාව අධිකරණය හමුවේ කියා ඇත.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගොනු කළ නඩුව මීගමුව අධිකරණය හමුවේ වසර හතක්‌ තිස්‌සේ විභාගයට ගැනිණි.  අධිකරණයේදී විමසා බැලූ සාක්‍ෂි අනුව මෙම වෛද්‍යවරයා චමිලා නමැති සායනයට පැමිණි තරුණිය ඉහළ මහලයට රැගෙන ගොස්‌ ඇත.  සයවැනි මහලේ වෛද්‍යවරයාට වෙන්ව තිබූ නේවාසිකාගාරයේදී ඇය දූෂණය කර, පසුව කාඩ්බෝඩ් මත තබා ඇය ඇදගෙන විත් ඉහළ මහලින් බිමට දමා ඇතැයි පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.  

මෙම වෛද්‍යවරයා ඉතා අමාරුවෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටී. මෙම වෛද්‍යවරයා මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස්‌ අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් අයෙකි. ඔහුගේ මව ගුරුවරියකි. ඒ ගුරු මව දැන් විශ්‍රාමිකය. පියා රියෑදුරෙකි.  මෙම වෛද්‍යවරයාගේ ඉරණම තීන්දු කෙරෙන නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණේ පසුගිය බදාදා (03 වැනිදා) ය.  මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරයේ රඳවා සිටියදී දෙවරක්‌ම සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි.  

මෙම වෛද්‍යවරයාට පෙර වැරදි සම්බන්ධ චෝදනා හෝ වෙනත් කිසිදු නඩුවක්‌ නැතැයි සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.  මෙම වෛද්‍යවරයා අතින් දූෂණය වූ තරුණිය. සයවැනි මහලින් බිමට දැමූ පසු චමිලාගේ සිරුරේ බරපතළ තුවාල හැට දෙකක්‌ පමණ සිදුව තිබී ඇත.  වෛද්‍යවරයකු, මෙලෙස ක්‍රියා කළේ මන්ද?  පියයුරු ප්‍රතිකාරයට ගිය චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි තරුණිය සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි කර ගත්තේ රජයේ පිළිගත් රෝහලක, පිළිගත් වෛද්‍යවරයකුගේ අතින් නම් එය මහා අවාසනාවන්ත තත්ත්වයක්‌ නොවේද?  මෙම වෛද්‍යවරයා ඒ වනවිට සහාය ශල්‍ය වෛද්‍යවරයකු හා සහාය නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුටද වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරමින් ජීවිත දස දහස්‌ ගණන් බේරන්නට තිබූ වටිනා අවස්‌ථාව ඉරණම විසින් මහා අවාසනාවන්ත ලෙස ඔහු විසින්ම වනසාගෙන ඇත.  

මීගමුව රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට, මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා නඩු තීන්දුව දෙමින් කළ ප්‍රකාශය හරි වැදගත්ය.  අධිකරණය හමුවේ ප්‍රකාශ වූ කාරණා හරි වැදගත්ය. එම සාක්‍ෂි හා ප්‍රකාශවලින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමු.   (ශිරාන් රණසිංහ)


වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ ප්‍රකාශය 

මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ ‍රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා. මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා. 

ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා. සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා. පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. ‍

මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්.නැවත එම රෝග මතුවෙලා මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා. එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බීලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා. සුළු සේවක කැමිලස් අප්පුහාමි සාක්ෂි දෙන විට කී පරිදි සායනයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ විශේෂඥ වෛද්‍ය ධම්මික, මටත් තවත් කීපදෙනෙකුට සීමාවාසික වෛද්‍ය පුහුණුව ඉවර වෙලා නිසා එදා රෑ තිබුණ පාටියට ඒමට කිව්වා. එවිට බිරියත් කැඳවාගෙන ඒමට කිව්වා. විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියට T.4 T.S.H. පරීක්ෂණය කරන්ඩ කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මගෙන් ඇසුවා මේක කොහෙන්ද කරන්ඩ පුළුවන් කියලා. පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනවා නම් රු.1700ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයාට දුන්නා. පුළුවන්කමක් තියනවා නම් කරන්ඩ කියලා. මම දවල් කෑමට කැන්ටිමට ගියා. 

මම බිරියට ෂෝටිස් හා යෝගට් එකක් අරගෙන ආවා. බිරිය කාමරයේ හිටියේ නැහැ. බිරියගේ දුරකථනයට කතා කළා. ඇය බැංකුවට හා මගේ පශ්චාත් උපාධිය සම්බන්ධ ලියවිලි වගයක් සකස් කර ගැනීමට මීගමුව ටවුමට ගිය බව කිව්වා. බිරියට මේ වනවිට තරමක සුවයක් තිබුණා. ඇය ඉක්මනට එනවා කියලා මට කිව්වා. මම 6 බී වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ එනවා කිව්වා. මම ශල්‍යාගාරයට එවන්ඩ කිව්වා. මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා. මම ශල්‍යාගාරයේ සිටින විට බිරිය දුරකථනයෙන් කතා කළා. මම එයාට එන්ඩ කියලා කාමරයේ යතුර දුන්නා. නැවත 3.30ට පමණ මම කාමරයට ගියා. මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.16 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා. 

කාමරය අසල පොලිසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලිසිය කිව්වා. පොලිසිය කිව්වා මගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව. මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරි ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කිව්වා පොලිස් පරීක්ෂණවලට සහාය දෙන්න කියලා. පොලිසිය කාමරය පරීක්ෂා කළා. මට රෝහල් පොලිසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත්තා. මට මුකුත් අදහගන්න බැරිවුණා. මුළු රෝහලේම අය බලන් සිටිනවිට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිය ජීප් එක ළඟට ඇවිත් කිව්වා” ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලිසියට ගෙනියලා අත්දෙක බැඳලා ඇඟිලිතුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වනතුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා. අපේ තාත්තා මට කිව්වේ පුතේ ඔයා මගේ පන කියලයි. ගමේ අය මම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පාස්වෙලා ඇවිල්ලා ගමට එනකන් බලන් සිටියා. මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුනේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා පොලිසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ බියට්‍රිස් ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා. මම කිව්වා පොලිසියේ දී වුණ දෙයනම් මෙහි දී කරන්ඩ එපා කියලා. මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. පවිත්‍රතා අංශයේ බ්‍රියටිස් නැමැත්තිය සාක්කිකාරිය වශයෙන් ඉදිරිපත් වුණා. මම කිව්වා බියට්‍රිස් මාව රෝහලේ දී දන්න නිසා මම එම පෙරෙට්ටුවට විරුද්ධ වුණා. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ.  


ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් ගේ ප්‍රකාශය 
මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්.  බියට්‍රිස්.    මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි., මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා., 

මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්., මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . 

ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා., නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ.  ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ., ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා., ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට  මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා.  බ්‍රියට්‍රිස්   ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ., ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා. 

මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ., ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා. 

එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා., මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා., මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.


ඝාතනය ගැන පරීක්‍ෂණ කල පොලිස්‌ නිලධාරියා කියන කතාව  

එවකට මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන කටයුතු සිදු කළ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර දැන් රස්‌නායක පොලිසියේ ස්‌ථානාධිපති වශයෙන් කටයුතු කරන පොලිස්‌ පරීක්‍ෂක තිලක්‌ කුමාර සුබසිංහ මහතා එම විමර්ශනය පිළිබඳ පැහැදිලි කරමින්, මෙම ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක (22) මෙනවියගේ මරණය සම්බන්ධයෙන් එය දිවි නසා ගැනීමක්‌ ලෙස සලකා 2007 නොවැම්බර් මස 12 දා උදේ වරුව සාමාන්‍ය ලෙස ගෙවී ගියා.  මට සවස්‌වරුවේ මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමන්ගෙන් පණිවුඩයක්‌ ලැබුණා. ඒ මරණය සැකසහිතයි. ඒ ගැන බලන්න කියා. මම එදා 4.30 ට මීගමුව මහ රෝහලට ආවා. රාත්‍රි 9.00 වනතුරු පුළුල් ලෙස විමර්ශන කටයුතු කළත් මට කිසිම තොරතුරක්‌ ලැබුණේ නැහැ.  මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක්‌ මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක්‌ අපේ ක්‌ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්‌ගෙන් දැනගත හැකියි කියලා.  

මම රාත්‍රි 10 ට පමණ කිඹුලාපිටියේ පත්තෑයම් (පත්තෑයම් වත්තේ) පිහිටි බ්‍රියටි්‍රස්‌ගේ නිවස සොයා ගෙන ගියා. ඇගෙන් මා මේ පිළිබඳව තොරතුරු අසද්දී වැදගත්ම තොරතුරු ලැබුණේ බ්‍රියටි්‍රස්‌ගෙන්. ඇය කිව්වා. ඇය රෝහලේ සේවය කරන පෞද්ගලික පිරිසිදු කිරීම් සමාගමක සේවිකාවක්‌. ඇය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වුණේ 7 වන මහලේ පිහිටි ශල්‍යාගාරයේයි.  මෙම සිද්ධිය වූ දින ඇය ශල්‍යාගාර පිරිසිදු කිරීමේ කටයුතුවලින් මඳක්‌ බැහැරවී විවේක ගනිද්දී ශල්‍යාගාරයට පහලින් පිහිටි 6 වැනි තට්‌ටුවේ ශබ්දයක්‌ ඇසිලා ඇය විපරම් කළා කියලා. එවිට පෙරවරු 11.00 ට ආසන්නයි. 7 තට්‌ටුවේ සිට 6 තට්‌ටුවේ මැද කොටස පේනවා.  

ඇය දැකල තියෙනවා. වෛද්‍යවරයෙක්‌ විශාල කාඩ් එකක වැතිර සිටි තරුණියක්‌ ඇදගෙන යනවා. ඇය ඇයගෙන් උදව්වක්‌වත් අවශ්‍යවේදැයි සිතා “ඇයි ඩොක්‌ටර් කියලා ඇහැව්වම” ඩොක්‌ටර් ඇදගෙන ගිය දිහාව නවතා ආපසු හරෝගෙන ඇදගෙන ගොස්‌ තිබෙනවා. ඇය මේ පිළිබඳව ශල්‍යාගාරයේ සේවය කරන හෙදියකට දැන්වුවම මේ ගැන කාටවත් කියන්න එපා එයාගෙ වැඩ යයි කියලා තියෙනවා.  පසුව ඒ වෛද්‍යවරයා ගැන මම විස්‌තර අහද්දී බ්‍රියටි්‍රස්‌ මහත්මිය මට කිව්වා 6 වැනි තට්‌ටුවේ දෙවැනි කාමරයේ ඉන්න දොස්‌තර මහත්තයයි කිව්ව. නම මතක නැහැයි කිව්වා. මම නැවත රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගෙන් අවසර ගෙන මෙම සිද්ධිය වූ 6 තට්‌ටුවේ කාමර විවෘත කරගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ මහත්තයගෙ කාමරයෙ ජනේලය ළඟ සිට සෘජුව බලද්දි තරුණිය වැටී තිබූ ස්‌ථානයට හරියට කෙලින්. පසුව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරය පරීක්‍ෂා කළා. එහි කෙස්‌ රොදවල් වගයක්‌ වැටී තිබුණා. එම ස්‌ථානය සැක කටයුතු නිසා මම ඒ කාමරය සීල් කළා.  පසුව මම වෛද්‍ය සුදර්ශන බාලගේව හෙව්වා. ඔහු ඔහුගේ නේවාසිකාගාරය පහළ 5 වෙනි තට්‌ටුවේ කාමරයක ඉන්න බව දැනගෙන එහි ගියා. ඒ අවස්‌ථාවේ ඔහු දැඩි ලෙස තැතිගෙන තිබුණා. ඔහු පොලිසිය මගහැර යන්න තැත් කළ නිසා ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගත්තා. ඊට පසුදා අපේ විමර්ශන පුළුල් කළා. එහිදී දැනගන්නට ලැබුණා මෙම වෛද්‍යවරයා තරුණිය රැගෙන විදුලි සෝපානයෙන් ඉහළ තට්‌ටුවකට ගිය බව. එය දැක තිබෙන්නේ රෝහලේ 3 වාට්‌ටුවේ ළමයකුට සාත්තු සප්පායම් කිරීමට (තනියට) සිටි මවක්‌.  ඇය දැක තිබෙනවා විදුලි සෝපානය 3 තට්‌ටුවේදී ඇරුණු වෙලාවේ සෝපානය තුළ දොස්‌තරයි ගැහැනු ළමයයි සිටිනවා. ඔවුන් ඉහළට ගියා. ගැහැණු ළමයා (චමිලා දිසානායක) වැටුණ වෙලාවේ ඇය පැමිණ හැඳුනාගෙන තිබෙනවා. දොස්‌තර එක්‌ක ලිµaට්‌ එකේ ගිය ගැහැණු ළමයා කියා. ඇය දකින වෙලාවේ ලිµaට්‌ එක තුළ සිට තියෙන්නේ දොස්‌තර මහත්තයයි ගැහැනු ළමයයි විතරයි.  පසුව එම කාන්තාව (අම්මව) කැඳවාගෙනවිත් වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරයේ තිබූ ඔහුගේ මඟුල් පොටෝ එක පෙන්නුව වෙලාවේ එම වෛද්‍යවරයාව හඳුනාගත්තා. ඊට අමතරව රෝහලේ ආරක්‌ෂක නිලධාරියෙක්‌ හඳුනාගත්තා වැටී සිටි තරුණිය වෛද්‍යවරයා උඩට කැන්දාගෙන ගිය තරුණිය බව. පසුව සොකෝ අංශයේ (විශේෂ අපරාධ ස්‌ථාන නිලධාරී) පො.ප. සිරිවර්ධන මහතාගේ සහය ඇතුව සිදු කළ විමර්ශනයේදී වෛද්‍ය ඉන්දික ගැහැනු ළමයකු කාඩ්බෝඩයක දමා ඇදගෙන විත් බ්‍රියටි්‍රස්‌ මහත්මිය දැකීමෙන් පසුව ආපසු ඇදගෙන ගිය ස්‌ථානයේ තිබී කොණ්‌ඩ කටුවක්‌ සහ ක්‍රේල් කටු දෙකක්‌ එහි ටයිල් මත තිබී සොයා ගත්තා.  චමිලා දිසානායක මෙනවිය නැවතී සිටි නේවාසිකාගාරයේ මිතුරියන් දෙදෙනකු එම කොණ්‌ඩ කටු චමිලාගේ බවට හඳුනා ගත්තා.  වෛද්‍ය ඉන්දික සුදර්ශන සිටි කාමරයට ඉදිරියෙන් කාමරයක්‌ තිබුණා. එම කාමරය රෝහලේ සේලයින් බට ඇතුළු අබලි ද්‍රව්‍ය දමා තිබුණ පාළු කාමරයක්‌. එහි තිබුණා පරණ යකඩ අල්මාරියක්‌. ඒකෙ යට තට්‌ටුවේ තිබී චමිලා දිසානායකගෙ වෛද්‍ය සායන පොත, ලේ තැවැරුණු යට ඇඳුම් දෙකක්‌. හෑන්ඩ් බෑග් එක, ජාතික හැඳුනුම්පත, ඇය වැඩකළ ස්‌මාට්‌ ෂර්ට්‌ ආයතනයේ හැඳුනුම්පත, කුඩය, දුරකථන නාමාවලි ඇතුළු නඩු භාණ්‌ඩ 21 ක්‌ සොයා ගත්තා. ඒවා සියල්ලම ඇගේ මිතුරියන් චමිලා දිසානායකගේ බවට හඳුනා ගත්තා.  සොකෝ නිලධාරීන්ගේ සහය ඇතිව බ්‍රියටි්‍රස්‌ – දොස්‌තරවරයා සිටි ස්‌ථානය පේනවා දැයි ඡායරූපගත කළා. ඒ අනුව බ්‍රියටි්‍රස්‌ගේ ප්‍රකාශය හරි බවට ඔප්පු වුණා. මීට අමතරව දොස්‌තරගේ කාමරය තුළ තිබී ශක්‌ති ජනක “ව්‍යාඝ්‍රා” පෙති වගයක්‌ද සොයා ගත්තා.එහිදී විමර්ශනවලින් අනාවරණය වුණා දොස්‌තර ඇදගෙන යනවා බ්‍රියටි්‍රස්‌ දැක්‌කයින් පසුව ඔහු එම තරුණිය ආපසු ඇදගෙන ගිහින් ඔහුගේ කාමරයේ ජනේලයෙන් ඊට අඩි 2 ක්‌ පමණ පහළින් පිහිටි කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එකට දමා පහතට තල්ලුකොට ඇති බව. තරුණිය වැටෙද්දී අසලවූ ගසක අතු දෙකක වැදි කොළ හැලී ඇති බවත් දුටුවා.  වෛද්‍යවරයා තරුණිය 6 වැනි මහලේ ඔහු ඇයව ඇදගෙන ගිය පැත්තෙන් දැම්මා නම් විමර්ශන අවුල් වෙනවා. ඇය වැටුණෙ කොයි තට්‌ටුවෙන්ද කියලා. වෛද්‍යවරයා චමිලා දිසානායකව බිම දිගේ ඇදගෙන යන්න පාවිච්චි කළ කාඩ් බෝඩ් එකත් ඔහුගේ ඇඳයට තිබී අත්අඩංගුවට ගත්තා. රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් මට විශාල සහයෝගයක්‌ ලැබුණා.  වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වුණා. ඇය මිය යන්න ආසන්න අවස්‌ථාව දක්‌aවාම කන්‍යාවක්‌. ඇය දූෂණයට ලක්‌ව තිබෙනවා. ඇගේ ගෙල මිරිකාත් තිබෙනවා. අපේ විමර්ශනවලදී අනාවරණය වුණා තරුණිය බිමට දමා ඝාතනය කිරීමට පෙර ඇය අවසිහියෙන් සිටි බවයි. (සිහි නැතිව)  මෙම පරීක්‍ෂණයේදී එවකට අපරාධ විමර්ශන අංශයේ සේවය කළ පො. පරීක්‍ෂක ජනක බණ්‌ඩාර, පො. පරීක්‍ෂක සිරිවර්ධන, පො. සැ. (22192) සෙනවිරත්න, පො. සැ. (23152) සේනාරත්න, පො. සැ. (27801), සොකෝ නිලධාරී, පොලිස්‌ පරීක්‍ෂක සිරිවර්ධන හා ඇඟිලි සලකුණු නිලධාරීන් ද මට සහය වුණා. අවසන් වශයෙන් කිවයුත්තේ රෝහල් සේවිකා බ්‍රියටි්‍රස්‌ මහත්මිය නැතිනම් මෙම මරණයත් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක්‌ වෙනවා.  (ශිරාන් රණසිංහ)


පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ  මහතා ගේ ප්‍රකාශය​  

වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක්‌ වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක්‌ හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක්‌ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක්‌ ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස්‌ දෙයක්‌. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක්‌ තිබුණා.  



ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌  මහතා ගේ ප්‍රකාශය​

  "මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක්‌ කර යමක්‌ හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා.