20180411

අපේ දෝණි ඉපදුණේ ත්‍රීවීලරයක.


දෝණි ලැබෙන්න සති දෙකක් තියෙද්දි
අපි සීගිරිය මුදුනටම නැග්ගා.
ඇවිත් දවස් දෙකෙන් දෝණි ඉපදුණේ
රෝහලට යද්දි ත්‍රීවීලරය ඇතුළෙ.
දෝණි ආවෙ මගේ අතට.

දරු උපත ගැන තියන බොහෝ මත
වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සෙවිකාවන්ගෙ
පෞද්ගලික මිථ්‍යා මත.
දරු උපත ස්වාභාවිකයි.
මිනිසුන්ගේ ඇඟිලි ගැසීම් නිසා
අද කළල මරණ බහුල වෙලා.

මව දරුවා ගැන සිහියෙන්
කායික මානසික පිරිසිදු බවින් යුතුව
සෙනෙහසින් දරුවා සිහි කරමින්
සැනසිල්ලෙන් වාසය කළොත්
දරුවා පහසුවෙන් ලැබෙනවා.
කෑදර කමෙන්, බියෙන්, මාන්නයෙන්
දරුවා සැලසුම් කරන්න උත්සාහ කිරීමෙන්
දරුවාගෙ ජීවිතය අවුල් වෙන්නෙ
මවුකුසේදීමයි.

ස්වභාව ධර්මය දරුවා නිමවන්නේ
මවගේ ප්‍රමාණයට ගැලපෙන්නයි.
දරුවා ලොකු කරන්නට, ලස්සණ කරන්නට
නොයෙක් විකෘති උපදෙස් ලබාගෙන
අනවශ්‍ය රසායනික සංයෝග යොදාගන්නා
සින්තටික්වාදී මව්වරුන්
ඒ අස්වාභාවික විකෘති පෝෂණය නිසා
මාරාන්තික ගැටළු ඇති කරගන්නවා.

බොහෝ විට සීසර් කරන්න වෙන්නෙ
රසායනික පෙති කරල් මගින්
දරුවාට දෙන අනවශ්‍ය අමතර පෝෂණය නිසයි.
පමණ ඉක්මවා වැඩෙන කළලය
සීසර් කිරීමෙන් හොඳක් වෙන්නෙ
ඉන් ලාභ ලබන රෝහලට සහ
වෛද්‍යවරයාටයි.

කොස් දෙල් පලා කොළ එළවලු ධාන්‍ය ආදියෙන්
ස්වාභාවිකව පෝෂණය වෙන කළල
මවගේ ගර්භාෂ විවරය ඉක්මවා වැඩෙන්නේ නෑ.

අපි අපේ දරුවන් කුස තුළ
පුෂ්ටිමත් කරන්න කියා සැලසුම් කළා නම්
ඔහු දරාගැනීම බිරිඳට අපහසු වෙනවා.
අපේ ක්‍රමය නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට
වාණිජමය පාඩුවක් වුණ බව ඇත්තක්
ඒ නිසා වෛද්‍ය වරු විරුද්ධයි.
හැමෝම අපි වගේ හිතුවොත්
වෛද්‍යවරු බඩගින්නෙ නහිනවා.
ඔවුන් හිතන්නෙ එහමයි.
ඒත් එහෙම වෙන්නෙ නෑ..
අද ඉන්න අයට අපි වගේ කරන්න
මානසික ශක්තියක් නෑ.

වයස දෙකහමාරෙ පුතාගෙ
සීගිරි නගින්න තියන ආශාව ඉටු කිරීම
දෝණි ලැබුණොත් තවත් කල් යන නිසා
අපි සීගිරි නගින්න තීරණය කළා.
පඩි දාහම අපි නැග්ගා.
එදාම රෑ දුම්රියෙන් ඇවිත්
අපි රාගමින් බැස්සෙ පාන්දර පහට.

දෙවෙනි දවසෙ රෑ දෙකට විතර
බිරිඳට විලිරුදාව හැදුණා.
අපි කතා කරගෙන සිටිය වෑන් රිය හිමිකරු
දුරකථනය ඉදිරිපස කාමරයෙ තියලා
ගේ ඇතුළෙ නිදාගත්ත නිසා
දුරකථනය ගත්තෙ නෑ.

අපි හිතවතෙකුට කතා කළාම
වාහනයක් සොයාගන්න බැරුව
ත්‍රීවීලරයකින් ආවා.
අපි ඒ ත්‍රී වීලරයෙන්ම පිටත් වුණා.

අපේ දෝණි ලැබුණේ
රාත්‍රී දෙකට පමණ
රෝහලට යමින් සිටියදී
අප ගමන් කළ ත්‍රී වීලරය තුළම
මගේම අතටයි.

"ඔන්න ඔන්න එනවා"
බිරිඳ කිව්වෙ එපමණයි.
මම අත ඇල්ලුවා...
මවගේ කෙඳිරියකින් හෝ තොරව
ඉතා පහසුවෙන් ඇය ජනිත වුණා.

පෙකණි වැල බෙල්ල වටේ එතිලා.
මම පෙකණි වැල හෙමින් ගලෙව්වා.
දෝණි ඇස් ඇරලා වටපිට බැලුවා.
මම ඇඟිල්ලක් අතට තිව්වා.
දෝණි ඒ ඇඟිල්ල අල්ලා ගත්තා.

සුව පහසු දරු ප්‍රසූතිය
මමත් බිරිඳත් අත්දැකපු දෙයක්..
මේ ගැන අදහස් දක්වන කවුරුවත්
තමන්ගෙ ඇස් දෙකෙන් දරු ප්‍රසූතියක්
අත්දැකලා නැතුව ඇති.

මගේ අවුරුදු දෙකහමාරෙ පුතාත්
මේ දරු ප්‍රසූතිය දක්කා.
"බබාගෙ හොටු" කියලා එදා ඔහු කිව්වා.
ඒ දර්ශනය විතරක්
ඔහුට තාම මතකයි..
ත්‍රීවීලරයෙ පසෙක ළදරුවෙකුගෙ
පෝස්ටරයක් ගහලා තිබුණා.
මගේ බිරිඳ හිටියෙ
ඒ පැත්තට මුහුණ ලාගෙනයි.
පුතා, ඒ පෝස්ටරයත් දෝණිත්
මාරුවෙන් මාරුවට පෙන්වමින්
"බබා.... බබා...." කිව්වා.

බටහිර වෛද්‍ය විද්‍යාව අදහන අය ඉන්නවා.
ඒක ඇදහිල්ලක්..
ප්‍රත්‍යක්ෂය නොවෙයි.

දෝණි හෝ පුතා වෙනුවෙන්
අපි කිසිම රසායනික සංයෝගයක්
පෙත්තක්, කරලක් භාවිතා කළේ නෑ.
එදා රෝහලෙන් බිරිඳට
පැනඩෝල් වගයක් දීලා
ඇගේ ඇඟ කසලා පලු නැගුණා.

අපි අනුරාධපුරේ ඉන්න කාලෙ
පවුල් සෞඛ්‍ය සේවිකාව හමු වෙන්න
දෙතුන් වතාවක් විතර ගියා.
මොනවා හරි වෙලා මග හැරුණා.
අපි ඒකත් අත් හැරලා දැම්මා..

අපි උපදෙස් ගන්න ගියේ
ආයුර්වේද රෝහල් වලට.

දෝණි ලැබෙන්න ඉන්න දවස්වල
ඇය පරීක්ෂා කළ
ආයුර්වේද වෛද්‍යවරිය
යකඩ මදියි පැවසීම නිසා
කැරට්, බීට්, දියලබු, කරපින්චා,
කොත්තමල්ලි කොළ ආදිය
කොටා මිරිකා ගත් යුෂ බීමෙන්
ඒ අඩුව සම්පූර්ණ වුණා.

නැතුවම බැරි දෙයක් හැර
වෛද්‍යවරුන්ටත් කරන්න දෙයක්
තියෙන්න ඕන නිසා
මවට නොගැලපෙන ආකාරයට
රසායනික පෙති කරල් මගින්
දරුවාට දෙන "අනවශ්‍ය අමතර පෝෂණය"
ඔවුන් දෙදෙනාගේම
ජීවිත අවදානමට හෙළනවා.