20130128

අද සසුන



පිළිමයකින් සිදුවෙන්නෙ
අපේ ශ්‍රද්ධාව
උත්තේජනය කිරීමයි..

පිළිමයකින් කොටසක් දැක්කාම
ද්වේශය ඇතිවෙන හිතේ
ඒ කොටස දැකලා
ශ්‍රද්ධාව පහළ නොවෙන්නෙ ඇයි.
 =========================================================================================
 


























20130119

යකා යකැදුරාට තොවිල් කිරීම


===================================
Facebook සමූහයක
පැටලීමක් ඇතිකර ගන්නට
වෙර දරන වෑයමක පෙර නිමිති දැක
ඒ අරබයා ලියූ සරල සටහනකි.
මෙහි පළ කරන්නේ හුදෙක්ම
විනෝදය සඳහාය.
===================================



මේ ඇමතුම
මෙන්ඩිස් සහ තිරෙන් පිටුපස සිටින
පැරණි යකැදුරන් පිරිසකටය.
"අන් අයට අදාළ නොවේ."
--------------------------------------------------

ජීවිතය රෝසමල් යහනාවක් නොවන හෙයින්ම
කටු යහනක වුවද රෝසමල් යහනාවක මෙන්
සුවසේ සැතපෙන්නට අප පුරුදු විය යුතුය.

ජීවිතය ඉඳහිට පාහේ
තොවිල් පළක් බවටද
පරිවර්තනය වන්නේ
අප තොවිල් නැටීමටද
තොවිල් බැලීමටද
කැමති නිසාය.

යකාට බය යකැදුරන්ද
යකැදුරන්ට බය යකුන්ද
එකිනෙකා නොගැටීමට
ප්‍රවේශම් වෙති.

තොවිලය වඩාත් සිත්ගන්නේ
තමන් යකැදුරන් යයි සිතන අය
තමන්ට යකුන් මෙන් පෙනෙන අයට එරෙහිව
පන්දම අතට ගත් විටය.

මා මෙහි සිටි කෙටි කාලය තුල
යකැදුරන් යයි සිතන අය
තමන්ට යකුන් මෙන් පෙනෙන අය
පළවා හරින්නට
තමන්ගේ ශක්ති පමණින්
මෙහි තොවිල් නටති.

රෑ පුරා මොන කරණම්,
බඩපිණුම් ගැසුවත්
පාන්දර එළිය වැටෙන විට
තොවිලය හමාර වෙයි.
නරඹන්නෝ නිදිගැට කඩමින්
ගෙවල් බලා යති.

තොවිල් නටන්නන්ට වඩා
ඉන් තෘප්තියක් ලබන්නේ
තොවිල් බලන පිරිසයි.
තවත් තොවිලයක් යැයි
මේ දැනුත්
ඔවුන් ඇස් දල්වාගෙන
බලා සිටිනු ඇත.

මේ විවරණය
තොවිල් නටා, නරඹා හුරු
සහෘදයන් සඳහාය.

අද මේ නටන්නට සූදානම්
වන්නේ සොකරි නැටුමකි.
කවර පන්නයට
සොකරි නැටිය යුතුදැයි
මා මින් පෙර සිතා නැත.
මට මේ තවත් අලුත් අත්දැකීමකි.

සොකරි නටන්නට
ඊට දක්ෂකම් ඇති
සොකරි නටන්නට හුරු
යකැදුරෙක් ලැබිය යුතුය.
මින් පෙරත් මුලු රැයක්ම ගත කළද
මා හරි හරියට නැටුවේ නැත.
අත්වැල් ඇල්ලුවා පමණෙකි.
එද නරඹන්නන් සඳහාය.

මේ නැටුම නටන්නට
මමද බලා සිටිමි.

මෙය මගේ ආරම්භක සුරලයි.

සොකරි නැටුම නරඹන්නන්
ඉතාම කැමති නැටුමකි.
දෙදෙනෙක් සොකරි නටන විට
ඔවුන් එකිනෙකාට හිනැහෙති.
නරඹන්නෝ ඊටත් වඩා හිනැහෙති.
වඩාත් කුල්මත්වන නරඹන්නෝ
පිටියට පැන අත්වැල් අල්ලති.

කොතරම් රස වින්දත්
තොවිල් නටන අය තරම්
බලා සිටින්නන් ඉගෙන ගන්නේ නැත.
තොවිල් නටන අය
වඩාත් හොඳින් තොවිල් නටන්නට
ඉගෙන ගනිති.
නැත්නම් තොවිල් නැටීම
අත්හැර දමති.

සාමාන්‍යයෙන්
යකැදුරා සහ නරඹන්නන් ලබන
කටුක වින්දනය
හැම යකාම විඳින්නේ නැත.
බොහෝ මුදු මොළොක් යකුන්
තොවිලය අතරමග
ආතුරයා වී පලායයි.
තොවිලය දරන්නට බැරිව
පලායන නරඹන්නන්ද ඇත.
එනමුදු, හොඳ රසඥතාවයක් ඇති
ඕනෑම යකෙකුට
හිත හදාගත්තොත්
තමා එළවන්නට කරන
තොවිලයක් වුවද
රස විඳිය හැකිය.
කටුක රසයත් රසයකි.

ආතුරයාත් ලෙඩ නොකර
යකැදුරාටද හානි නොකර
යකුම නටන්නට
යකා ඉගෙන ගත යුතුය.
තොවිලයෙන් නොමිලේ පරල වනවා වෙනුවට
යකැදුරා කැමති ආකාරයට
යකැදුරා දෙන ඇඳුමක් ඇඳගෙන
යකුම ප්‍රගුණ කිරීම
දක්ෂ යක්ෂයාගේ සිරිතය.

මාත් ස්වභාවයෙන්ම
තොවිල් නටන්නට කැමැත්තෙමි.
විවිධ තොවිල් පලවල
විවිධ යකුන්ට ඇඳ
විවිධ තොවිල් නැටුවෙමි.
මතුවටත්
නටන්නට කැමැත්තෙමි.

මා වඩාත් කැමති වන්නේ
යකාගේ චරිතයේ සිට
යකැදුරාගේ චරිතයට මාරුවී
යකැදුරා ආතුරයෙකු කොට
ඔහු තුළ සිටින
යකුන් පළවා හරින්නටය.

නැටූ තොවිල් වලින්
මාද බොහෝ දේ උගත්තෙමි.
නොයෙක් අලුත් බෙර පද මෙන්ම
අලුත් අලුත් පන්නයේ මන්තරද
වයිවාරන්න නැටුම්ද ඉගෙන ගත්තෙමි.
තොවිලයේ වඩාත්ම සුන්දර කොටස
ඉන් ලබන අමිල අධ්‍යාපනයයි.

ඉතින්...
තොවිල් නැටීම හොඳයි.

තොවිල් නටන යකැදුරා
එළවීමට උත්සාහ කළයුත්තේ
සැබෑ යකුන්ය.
යකුන් සමග ඇසුරු කරන අයට
මන්තර පුහුණුව ඉබේම ලැබෙයි.
යකුන් පළවන්නට හැකි
බලගතු මන්තරද ලැබෙයි.

යකුන්ට කියන මන්තර කියා
මිනිසුන් එළවන්නට බැරිය.
මිනිසෙකු එලවන්නට නම්
ඔහුගේ යකා ඇවිස්සිය යුතුය.
යකා ඇවිස්සෙන්නේ නැති
මිනිසුන් යකුන්ට බය නැත.

යක් වෙසින් එන යකැදුරාට
මිනිසුන් සමග කටයුතු කිරීමට
වෙනම භාෂාවක් ඇත.
එහෙයින්
යකාට කියන අපූර්ව මන්තරය
මිනිසාට රසවත් නාද මාලාවකි.

යකා වෙනුවට වෙස් බඳින මිනිසාට
කටුක මිහිරක් දෙන නාද මාලා,
බෙරපද, යකැදුරු නැටුම්, යාතිකා,
අත්වැල් ආදී සියල්ලම ඇතුලුව
මුලු තොවිලයම
සුන්දර අත්දැකීමකි.

තොවිල් නටන්නට පැමිණෙන
යකැදුරු ගුරුන්නාන්සේට
තොවිලය වැරදුණහොත් සිදුවන්නේ
ආතුරයාත් අතහැර
ගෝල පිරිසත් සමග
හූ කියාගෙන පලා යන්නටය.

20130116

දුටු නිවනට යන මිනිස්සු.


බුදුන් වහන්සෙ
දුකෙන් මිදෙන මග විදියට විස්තර කරන්නෙ
හිස් වචන නෙමෙයි.

දිග ඇරගෙන පෙරළ පෙරළා බලමින්
කාලය කා දැමියයුතු හිස් වචන නෙමෙයි.

උන් වහන්සෙ විස්තර කරන්නෙ මාර්ගයක්.
තමන් තුළ දැකපු,
තමන් ගමන් කළ මාර්ගයක්.

උන් වහන්සෙ විස්තර කරන්නෙ
තමන් අත්විඳපු, අනික් කෙනෙකුටත්
විඳින්න පුලුවන් අත්දැකීම්.

රාගය කියන්නෙ
සීතල, උණුහුම වගේ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ කාමය වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

ද්වේශය කියන්නෙ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ දැඩි කෝපය වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

මෝහය කියන්නෙ
කයට දැනෙන දැනෙන අත්දැකීමක්.
[ නිදිමත වගේ ගොරෝසු හැඟීමක් ආවම
කයට දැනෙන දේ බලන්න. ]

සියුම් රාගික සිතිවිල්ලකදි වුණත්
අප්‍රසාදයකදි වුණත්
වෙනස් කම් වෙනවා..
ගොරෝසු, අවුල් හිත් වලට
පෙනෙන්නෙ නැහැ.

සිතේ ඇතිවෙන දේයක් නම්
ශරීරය තුළ විඳින්න පුලුවන්..

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

ඒ වේදනාව දකිද්දි
ඉපදෙන දේ නිරුද්ධ වෙනවා.

ඒ නිරුද්ධ වීමත්
වින්ඳින්න පුලුවන්.

සමස්ත ශරීරයට
පටි සංවේදී කෙනෙකුට
මේ වෙනස් කම් පෙනෙනවා.
අනිත්‍යය දකිනවා.

ඉරියව් වෙනස් වෙනව පෙනෙනවා.
වේදනා වෙනස් වෙනවා පෙනෙනවා.
හිත වෙනස් වෙනවා පෙනෙනවා.
හිතේ ඇතිවෙන ධර්මතා
වෙනස් වෙනවා පෙනෙනවා.
අනිත්‍යය දකිනවා.

මේ අත්දැකීම ඇති තැනැත්තා
වචන කෑලි වලට කඩලා පෙන්වීමෙන්
නොමග යවන්න බැහැ.

ඒ අත්දැකීම විඳලා
තමාතුළ ඇත්ත දකිනවා විනා
වචන කෑලි වලට කැඩුවා කියල
තේරුම් ගන්න බැහැ.

ප්‍රඥාව පහළ වෙන්නෙ
අත්දැකීම සමස්තයක් ලෙස
සමස්ත කයට සංවේදීව
විඳීමෙන්.

ඒ විඳින මොහොතට
නාම රූප දෙකක් නැහැ.
ඒ දෙකම එකක් බව
ඔහු දන්නවා.

හිත එක තැනකට එකඟ කිරීමෙන්
මේ සත්‍යය අවබෝධ කරගන්න බැහැ.

සක්මන් භාවනාව වඩනවා කියමින්
දෙපා ගැටෙන තැනට හිත එකඟ කරලා
හිතේ අවුල සමනය කරගන්න පුලුවන්.
හිත නිද්‍රෝපගත කරන්න පුලුවන්.
ඒත් ඇවිදීම සහ
ඊට අදාළ වෙනස්වීම්
හරියටම දැනගන්න නම්
මුලු සිරුරටම දැනෙන දේ ගැන
සිහියෙන් ඉන්න අවශ්‍යයි

අනිච්ච කියන්නෙ
ඕනෑම මොහොතක
අපේ මුළු කය පුරාම
1, කය මට්ටමෙන් සිදුවෙන වෙනස් වීම..
එනම් ඉරියව් සහ වේදනා
සහ
2, සිත මට්ටමෙන් සිදුවෙන වෙනස් වීම්
එනම් රාගාදී සිත් සහ
නීවරණාදී ධර්මතා.

බුදුන් වහන්සේ දකින්න පුලුවන්
ධර්මය තුළයි.
ධර්මය දැකිය හැක්කේ
තමා තුළයි.

අනිච්ච වගේ වචන වලට
පුහු විකාර තෙරුම් දුන්නාම
තමන් වටා රොක්වෙන
අනාථ, අසරණ කල්ලියක් හදාගන්න පුලුවන්.
ඒ කල්ලියට නායකයා හැර
වෙනත් සරණක් නැහැ.
ඔවුන් බුදුන් වහන්සේගෙන් බිඳිලා..
ධර්මයෙන් බිඳිලා.
සංඝයාගෙන් බිඳිලා.
ඔවුන්ට දිවි තෙක්
ගැලවීමක් නැහැ.

කල්ලි නායකයා දෙන
විකෘති තේරුම් ගැන හිත හිතා
තමන් අමතක කරලා
මිථ්‍යා දෘෂ්ඨික කල්ලියක් ලෙස
ජීවත් වෙනවා හැර
ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ.

ධර්මය කියල
හිතේ මවාගන්න දෙයකට මුළාවීම මත
මෝහය ප්‍රබලවීම හැර
වෙනත් සිදු වෙන යමක් නැහැ.

මෝහය ප්‍රබල වීම නිසා සිදුවෙන
වේදනා නොදැනී යාම
නිවන ලෙස හිතාගෙන
දුටු නිවනට යනවා කියමින්
එකතැන ඇවිදින්න පුලුවන්.

මිථ්‍යා දෘෂ්ඨිය කියන්නෙ
කාලයක් තිස්සෙ
මොහොතින් මොහොත සිදුවෙන
සිය දිවි නසා ගැනීමක්..

පුරුෂයාගේ නිදහස - කාන්තා විමුක්තිය

.

.
මම විශ්වාස කරනවා,
ගැහැණියක් සහ පිරිමියෙක්
වෙනත් සමීප සබඳතාවන්ගෙන්
කිලිටි නොවී දිගු කලක්
එකට විසිය යුතු බවට.

බොහෝ දෙනාට
ඒ තුළින් සිදුවෙන පරිණාමය
දැනගන්නට, විඳින්නට
ලැබෙන්නේ නැහැ..

ගැහැණියක් සහ පිරිමියෙක්
මොන ප්‍රශන ආවත්

වෙන් නොවී එකට ඉන්නවා නම්
ඔවුන්ගේ සබඳතාවය
බොරතෙල්, කළුතෙල් බවටත්..
කළුතෙල් ඩීසල් බවටත්,
ඩීසල් පෙට්‍රල් බවටත්
පත්වෙමින් ගොරෝසු,
ඕලාරික සබඳතාවයක සිට
සියුම් මෘදු සබඳතාවයකට
වර්ධනය වෙනවා.

පුරුෂයාගේ නිදහසත්,
කාන්තා විමුක්තියත් ඇත්තේ
ඒ තුළයි.

සැබෑ සබඳතාවයක
හිස් වුණොත් පිරවිය නොහැකි
අවකාශයක් ඇතිවෙනවා.

මෙවැනි සබඳතාවයක්
අපි සමීප මිතුරන් සමග
අත් විඳිනවා.

සහකරු හෝ සහකාරිය
එතැනට පත්වීමයි වියයුතු.

ගැහැණිය ජලය වගෙයි..

Mermaid, splash, splash, water, girl, tail

ගැහැණියට
තමන්ගෙ ආරක්ෂාව
තමන් සලසා ගත හැකි විදියෙ
මනසක් නැහැ.


එක විදියකින් බැරි නම්
වෙනත් විදියකින්
ගැහැණිය පොළඹවන්න පුලුවන්.
එක් පිරිමියෙකුට බැරි නම්
වෙනත් පිරිමියෙකුට
ගැහැණිය පොළඹවන්න පුලුවන්.

ගැහැණිය ජලය වගෙයි..
ඇගේ හැඩය සකස් වෙන්නෙ
ඇය දිනාගන්නා පිරිමියාට
රිසි විදියටයි.

ඔහු පියා වෙන්න පුලුවන්
සොයුරා වෙන්න පුලුවන්.
නෑදෑ පිරිමියෙක්,
මිතුරෙක් වෙන්න පුලුවන්..
සැමියා වෙන්න පුලුවන්,
අනියම් සැමියා වෙන්න පුලුවන්..
ගුරුවරයා වෙන්න පුලුවන්.
ආයතනයේ විධායක
නිලධාරියෙක් වෙන්න පුලුවන්.
පන්සලේ භික්ෂුවක් වෙන්න පුලුවන්..
පල්ලියෙ, කෝවිලේ,
පූජකයා වෙන්න පුලුවන්..
ඕනෑම පුරුෂයෙක් වෙන්න පුලුවන්..
ශිව ලිංගය වගේ
සංකේතයක් වෙන්නත් පුලුවන්..

ඇය තුටුපහටු කරන,
ඇයට ආරක්ෂාව සපයන බවට
ඇය විශ්වාස කරන
ඕනෑම කෙනෙකුට ඇය
කොයි මොහොතක හෝ
නැමෙනවා.

බොහෝ පිරිමින් ඇය
දිනාගන්නේ සහ
අවශ්‍ය නම්
අපයෝජනය කරන්නේ
ඒ මොහොතෙදියි.

ඒ මොහොතෙදි
ඇයට ඇය අයිති නැහැ.
ඇය ඔහු අතේ මැටි පිඩක්.

ඒ මොහොතෙදි ඇය
අගනා කලාකෘතියක් වෙන්නත් පුලුවන්..
වැඩකට නැති
මැටි ගුලියක් විදියට
කාණුවට විසි වෙන්නත් පුලුවන්..

20130115

සියල්ල දෘෂ්ඨීන්. - සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්


ගෙදර විදුලි බුබුලු නිවල තියන වෙලාවට
නිවසට විදුලිය ඇතැයි සිතීම
දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
ඒ නිවෙස් වල වරදක් නිසා
ඔවුන්ට විදුලිය ඇතැයි සිතීම
මිථ්‍යා දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
තම නිවසේ පරිපථයෙ දෝෂයක් නිසා
තමන්ට විදුලිය නැතැයි සිතීම
සම්‍යක් දෘෂ්ඨියක්.

ඒ දෝෂය සොයා ගැනීමට සහ
එය නැති කරගැනීමට
කටයුතු කරන්නා
දෘෂ්ඨියෙන් මිදේ.
----------------------------------
බුදු දහමෙහි නම්
සම්මා දිට්ඨි කියන්නෙ
1, දුක,
2, දුක ඇතිවීමට හේතුව,
3, දුක නැති කිරීම,
4, දුක නැති කර ගැනීමේ මාර්ගය
පිළිබඳ ශ්‍රද්ධාවයි.

දුකෙන් මිදෙන්නට
ඒකායන මාර්ගය වන
විදසුන වඩන්නා
දුක කුමක්දැයි හඳුනාගෙන
කෙමෙන් කෙමෙන් දෘෂ්ඨි වලින් මිදෙන්නේ
මෙතෙක් තමා ශ්‍රද්ධාවෙන් පිළිගත්
ධර්මතාවයන් තමාතුළම දැකීමෙනි.
ඒ දක්ම දෘෂ්ඨියක් නොවේ.
විඳ ප්‍රත්‍යක්ෂ කිරීමකි.

එසේ විඳ ප්‍රත්‍යක්ෂ
කල නොහැකි
සියල්ල දෘෂ්ඨීන්ය.
සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්ය.

20130114

සම්‍යක් දෘෂ්ඨියක්ද? මිථ්‍යා දෘෂ්ඨියක්ද?

 අපේ අරමුණ
    1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
    2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
    3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
    5, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?
     කියා  වටහා ගැනීම   හෝ
    1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
    2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
    3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
    5, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද? කියා
    නොදන්නා බව වටහා ගැනීමයි.

    අහන දේම පටිගත කරල හුරු වුණාම
    පටියක් වාදනය කරල
    විසඳුමක් ගන්න බැරි
    ප්‍රශ්නයක් ආවම හිර වෙනවා.

    ජීවිතේ වුණත් එහෙමයි..

    දෘෂ්ඨිය කියන්නෙ මොකක්ද කියල
    තේරුම් ගන්න එක වැදගත්..

පුංචි සරල ප්‍රශ්න ටිකක්..
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
5, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?

බණට අහපු දේවල් අමතක කරලා
තමන්ම හිතලා පිළිතුරු දෙන්න..
අපි මෙහෙම හිතමු..

    ඇ, නිශ්චිත රෝගයක් වැළඳුන
    රෝගීන් පිරිසක් ඉන්නවා.

    ඹ්, සැබෑම ඔසුවකුත් තියනවා.

    C, සැබෑම ඔසුව සොයාගත්
    තැනැත්තෙක් ඉන්නවා.

    ඪ්, ඔහුගෙන් ඔසුව ගැන දැනගන්නා
    රෝගීන් ඉන්නවා.

    E, ඔසුව නිවැරදි බව
    පිළිගන්නා රෝගීන් ඉන්නවා.

    F, ඔවුන් අතරෙන් ඔසුව පානය කොට
    රෝගය සුවකරගත් තැනැත්තන් ඉන්නවා.

    ඝ්, ඔසු මෙන් පෙනෙන
    රෝගය අසාධ්‍ය කරන
    පැණි වර්ගත් තියනවා.

    H, පැණි වර්ග ඔසු මෙන්
    පිළිගන්නා පිරිසකුත් ඉන්නවා.

    මේ විස්තර උදාහරණයට අරගෙන
    1, සම්‍යක් දෘෂ්ඨිය
    2, මිථ්‍යා දෘෂ්ඨිය
    3, හරි දැක්ම.
    පැහැදිලි කර ගන්න පුලුවන්ද.

    ඇ, නිශ්චිත රෝගයක් වැළඳුන
    රෝගීන් පිරිසක් ඉන්නවා.

   B, සැබෑම ඔසුවකුත් තියනවා.

    C, සැබෑම ඔසුව සොයාගත්
    තැනැත්තෙක් ඉන්නවා.

    D, ඔහුගෙන් ඔසුව ගැන දැනගන්නා
    රෝගීන් ඉන්නවා.

    E, ඔසුව නිවැරදි බව
    පිළිගන්නා රෝගීන් ඉන්නවා.

    F, ඔවුන් අතරෙන් ඔසුව පානය කොට
    රෝගය සුවකරගත් තැනැත්තන් ඉන්නවා.

    G, ඔසු මෙන් පෙනෙන
    රෝගය අසාධ්‍ය කරන
    පැණි වර්ගත් තියනවා.

    H, පැණි වර්ග ඔසු මෙන්
    පිළිගන්නා පිරිසකුත් ඉන්නවා.

    මේ විස්තර උදාහරණයට අරගෙන
    1, සම්‍යක් දෘෂ්ඨිය
    2, මිථ්‍යා දෘෂ්ඨිය
    3, හරි දැක්ම.
    පැහැදිලි කරන්න පුලුවන්ද.

    මෙම උදා හරණයෙ
    සම්‍යක් දෘෂ්ඨිය තියෙන්නෙ කාටද
    මිථ්‍යා දෘෂ්ඨිය තියෙන්නෙ කාටද
    හරි දැක්ම තියෙන්නෙ කාටද

    සරලව වචන වල තේරුම අරන් බලන්න..

    දෘෂ්ඨියක් කියන්නෙ පෙනෙන දෙයක් කියල
    අරන් අදාළව හිතල කියන්න.

    මගේ අත පිච්චුණා කියල
    මම ඔබට ෆෝන් එකෙන් කිව්වොත්
    ඒක බොරුවක් වෙන්නත් පුලුවන්.
    ඒ ප්‍රකාශය
    ඔබට දෘෂ්ඨියක්ද නැද්ද?..

    මම එහෙම කිව්වෙ
    ඇත්තටම මගේ අත පිච්චිලා නම්
    ඒක ඇත්ත කියල ඔබට පෙනෙනවා නම්
    ඒක සම්‍යක් දෘෂ්ඨියක්ද?
    මිථ්‍යා දෘෂ්ඨියක්ද?

    මම එහෙම කිව්වෙ
    මගේ අත පිච්චෙන්නෙ නැතුව
    බොරුවට නම්
    ඒක ඇත්ත කියල ඔබ හිතනවා නම්
    ඒක සම්‍යක් දෘෂ්ඨියක්ද?
    මිථ්‍යා දෘෂ්ඨියක්ද?

    මට අත පිච්චීම ගැන
    හරි දැක්මක් තියෙද නැද්ද?

    දෘෂ්ඨියක් කියන්නෙ
    දෙයක් පෙනෙනවා.
    ඒත් අත්දැකීමෙන් දන්නෙ නෑ.

    මිථ්‍යා දෘෂ්ඨියක් කියන්නෙ
    සැබැවින්ම නොපවතින
    එහෙත් පවතිනවා කියල
    කෙනෙක් දකින දේකට.

මිථ්‍යා දෘෂ්ඨියක්
    පිපාසෙන් ඉන්න කෙනෙකුට
    මිරිඟුව වගේ.
    වතුර නෑ..
    තියනවා වගේ පෙනෙනවා.

    සම්‍යක් දෘෂ්ඨියක් කියන්නෙ
    තියන දෙයක් බව දන්නවා.
    ඒත් අත්දැකීමෙන් දන්නෙ නෑ.

    පිපාසෙන් ඉන්න කෙනෙකුට
    ඈත තියන දිය ඇල්ලක් වගේ.

20130113

"මධුර ජවනිකා" දර්ශන දෙකම බැලුවා.


 අද "මධුර ජවනිකා" දර්ශන දෙකම බැලුවා.
2013 01 13
  
ජැක්සන් අද වෙනදාටත් වඩා හොඳයි.
  • ජැක්සන් කුඩා කල සිට ලද
    විවිධ ජීවන අත්දැකීම් අළලා
    ඔහුම ලියන ලද ඉතාම රසවත්
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    කියවීමෙන් පසු
    මා ඔහු දැක්කේ අදයි.


    ඔහුගේ ජුගුප්සාජනක, නොගැලපෙන
    දේශපාලනික රංගනය නිසා
    මා තුළ පිරිහී තිබුණ රසික සහෘදභාවය
    තිබුණාටත් වඩා ඉහළ නැංවීමට
    'මතක වස්තුව' හේතුවුණා.

    ඔහු නාට්‍යකලාවට දැක්වූ ආදරය
    සහ ඊට දැක්වූ ලැදියාව
    පළමුව ඔහුගේ රංගනයෙන්
    අපිට පසක් වෙනවා.
    ඒත් ඒ පසුබිම සවිස්තරව
    දැනගත හැක්කේ
    පනාපුත්‍රගේ  මතක වස්තුවෙන්.
    ------------------------------------------------------------
    "කරදර කම්කටොලු රාශියක් මධ්‍යයේ චිත්‍රපටයේ රූ ගැන්වීම් ආරම්භ විය. ධර්මසිරි චිත්‍රපටය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටී. ඔහුගේ වෙහෙසට සීමාවක් නැත. එලෙස වෙහෙසෙන අධ්‍යක්ෂක වරයෙකු මා මීට පෙර දැක නැත.

    ධර්මසිරි නිතර මා මුණ ගැසීමට හඳපාංගොඩ එයි. දිනෙන් දින පාරම්පරික ගැමි නැට්ටුවෙකු බවට පත්වන පනාපුත්‍ර දෙස හේ සෙනෙහසින් බලා සිටියි. පුහුණුකාලය නිම කරන්නට වූයේ චිතරපටයේ රූ ගැන්වීම් යෙදී තිබුණ නිසාය. නො.එසේ නම් මා තවදුරටත් හඳපාංගොඩ වැසියෙකු වන්නට ඉඩ තිබුණි. සේදරමන් ගුරුන්නාන්සේ ධර්මසිරි අමතන්නේ "අපේ මහත්තයා"යනුවෙනි. පුහුණුව අවසාන කළදිනයේ සුදු මාමා අපේ මහත්තයාට ගෝලයා පිළිබඳ සහතිකයක් දුන්නේය.
    "අපේ මහත්තයා බය නැතිව එක්ක යන්න. මයෙ පුතා දැන් මළකටුවා ගාණට ඉන්නවා."
    මළකටුවා යනු මීට දශක කිහිපයකට පෙර පහත රට මඩු නැටුම් ආශ්‍රිතව සිටි ශ්‍රේෂ්ඨ නැට්ටුවෙකි."

    ----------------------------"පනාපුත්‍රගේ මතක වස්තුව" ----------------------------



    සුපුරුදු ලෙස
    ඉතා සියුම් ඉඟිබිඟි රැසක්
    ජැක්සන්ගේ රිද්මයානුකූල රංගනයෙහි
    අදත් තිබුණා.
    ඔහු අනික් නළු නිළියන් සමගත්
    ප්‍රෙක්ෂකාගාරය සමගත්
    පවත්වන සබඳතාවය
    ඉතාම ප්‍රිය ජනකයි.
    ජැක්සන් දෙබස් වලට සහ ගැයුම්වලට
    ඉතාම නිරායාසයෙන් එක් කරන
    අමතර විච්චූරණ නිසා
    අපේ උද්‍යෝගය නොකඩවා
    උත්තේජනය වෙනවා.
    ඔහු කිසිදු වෙහෙසකින් හෝ
    පූර්ව සූදානමකින් තොරව එක්කරන
    විවිධ අනුපාන නිසා
    රසික අවධානය අලුත් වෙනවා.


    අනිත් නලුනිළියන්ද
    සුපුරුදු ලෙසින්ම ඉතා හොඳින් රඟපෑවා.
    අලුතෙන් එක්වූ මාධනී මල්වත්ත තුලින්
    දක්ෂතාත් සමග අවුල් සහගත ආධුනික ගතියක් තිබුණත්
    පෙරහුරු වලින් සහ
    රංගනයෙන් ඒ ගතිය
    මග හැරෙතැයි සිතෙනවා.
    ඇය කුවේණි චරිතයෙදි ඇල්මැරුණු ගතියක් සහ
    රෝස නෝනා චරිතයේදී විරාමයන්ගෙන් තොර අධිරංගනයක්
    දකින්නට ලැබුණා..ඇයට අමතක වූ දෙබස් දරුවෙකුට මෙන් මතක් කරදෙමින්
    ජැක්සන් රැඟූ විලාසය අගෙයි.

    මධුර ජවනිකා
    යළි රඟ දැක්වෙනතුරු
    බලා සිටින්නේ ඉතා ආසාවෙන්.
    ===============================

    දයානන්ද ගුණවර්ධනයන්ගේ සටහනක්

    මධුර ජවනිකා නාටකය රචනා කිරීම මා ආරම්භ කළේ 1979 වර්ෂයේ සිට පමණ යැයි කිව හැක. මේ කාලයේ මා රූපවාහිනී සැලසුම් මධ්‍යස්ථානයේ සේවය කළ අතර, විශේෂයෙන් සිංහල විනෝද වැඩ සටහන් සැලසුම් කිරීමේදී මා ලද අත්දැකීම් ‘මධුර ජවනිකා’ නිර්මාණයට බලපා ඇත.

    සංගීත සංදර්ශන ස්වරූපයෙන් මේ රටේ බහුල ව පැතිරෙන්නට පටන් ගත් “සරල විනෝදාස්වාදය” වත්මන් ආර්ථික රටාව හා බැඳුනු බටහිර තාක්ෂණික ප්‍රවාහයේ අංගයක් වෙමින්, නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කලාකරුවන්ට තර්ජනයක් වන ලෙසක් ද පෙනේ. රට ජාතිය ආගම පිළිබඳ හැඟීම් ජනතාව තුළින්, විෂේශයෙන් තරුණ පරම්පරාවෙන් ඉවත්ව යන බවට ද බොහෝ දෙනා මෙකල අදහස් පළ කරන්නට වී ඇත. නිර්‍මාණ ක්‍ෂෙත්‍රයේ කටයුතු කිරීම ද අතිශය වියදම්කාරී වී ඇති අතර, ඉන් ලැබෙන ප්‍රථිලාභයන් ද ඉතා අල්ප වන්නට වී ඇත. සරල විනෝදාස්වාදය මුදල් ආයෝජනය අතින් ඉතා වා‍සිදායක වී ඇත්තේ අලුත් ධනවතුන් ගේ සංස්කෘතික විලාසිතාව එය වීමට පටන් ගැනීම නිසාය. සෙනග අද්දවා ගැනීමේ ශක්තිය මත වාණිජ හා දේශපාලන අනුග්‍රහය ද සරල විනෝදාස්වාදයටම නැඹුරුවීම පුදුමයට කරුණක් ද නොවේ. “මධුර ජවනිකා” වේ තේමාවද එය වේ. මෙම තර්ජනය අදට සීමාවුණු ප්‍රශ්ණයක් ද නොවේ. එමෙන්ම විදේශීය බලපෑම්වල තර්ජනය ද කවදත් කොයි දිනත් පවතී. ඒ සනාතනික ගැටුම තුලින් අ‍පේ සංස්කෘතිය වර්ධනය වේ.

    මේ තේමාව වත්මන් ප්‍රේක්‍ෂකයා වෙත ගෙන යෑම සඳහා ඔවුන් අතර ප්‍රචලිත වී ඇති සංගීත සංදර්‍ශන මාධ්‍යම මම තෝරා ගතිමි. මධුර ජවනිකා සංදර්‍ශනය මෙහෙයවන්නා වශයෙන් කථක ‍වෙයි. ඔහු පිටරටින් එන අය සෝදිසි කරන්නෙකි. නාට්‍යයේ ඒ එන අය ගැයුම්, වැයුම්, නැටුම් ඉදිරපත් කරන්නෝ වෙති. නමුත් ඔවුන් ගයන්නේ, වයන්නේ, නටන්නේ අපේ ජන ශ්‍රැතියෙන් ගත් ගායන, වාදන හා නැටුම් ය. කියන්නේ අපේ සංස්කෘතිය ගැනය. එමෙන්ම ඔවුහු වර්‍තමානයේ ප්‍රශ්න සමගද සම්බන්ධ වෙති.

    මධුර ජවනිකා මට්ටම් කීපයකින් යුත් රැඟුමක් වශයෙන් අදහස් කොට ලීවෙමි. එය මෙරට ඉතිහාසය දෙස හෙලන විමසුම් බැල්මකි. එමෙන්ම මෙරට ආගමික සිතුම් පැතුම් වල, විශේෂයෙන් බෞද්ධාගම පිළිබඳව සිදුවූ වෙනස්කම් ද එහි නිරෑපණය කෙරේ. මෙ රටට පැමිණි විදේශීකයන් හා ඔවුන්ගේ බලපෑම්, සංගීත ‍ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය ආදිය ‘මධුර ජවනිකා’ මගින් විදහා දැක්වීම මගේ අරමුණ විය. මේ සියල්ලක් කෙරෙහි ම මා බොහෝදුරට බැලුවේ ජන ශ්‍රැතිය මුල් කරගෙනය.

    දයානන්ද ගුණවර්ධන
    1984-11-06
    උපුටා ගැනීම: http://www.dayanandagunawardena.org/work/madhura-javanika
    ---------------------------------------------------------"වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටය යන මාධ්‍ය තුනේම
    හොඳම නළුවා වීමේ වීරල භාග්‍යය හිමි කරගෙන ඇත්තේ ද ජැක්සන්ය.
    මා සිතන පරිදි එය අප රටේ සුවිශේෂ වාර්තාවකි.

    ජැක්සන් අපට සිටින බුද්ධිමත් නළුවන් කීප දෙනාගෙන් කෙනෙකි.
    (අනිත් නළුවන් මැටි මෝලුන් යැයි මම මෙයින් අදහස් නොකරමි).

    ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් කියූ දෙයක් මෙහිලා මා සිහියට එයි.
    ‘ජැක්සන් ප්‍රඥාවත් රුවත් එක සේ දායාද කර ගත් නිර්මාණශීලී නළුවකු ලෙස මම දකිමි.’

    අද මෙරට සිටින සිනමා නළුවන්ගෙන් එකම ශාස්ත්‍රවන්තයා ජැක්සන්ය. 

    කලාව පමණක් නොව ජනසන්නිවේදනය, ඉතිහාසය, පුරා විද්‍යාව වැනි විෂයයන් අරභයා වූ 
    ඔහුගේ දැනුම් සම්භාරය අති පෘථුලය. 

    ජැක්සන් රංගනය සලකන්නේ ද ගැඹුරු ශාස්ත්‍රයක් ලෙසිනි."
    සුනිල් මිහිඳුකුල

     
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    නවක නළු නිළියන්ට හොඳ පාඩමක්.
    ඔවුන් දැන් කරන දේත්
    සැබැවින්ම කළයුතු දේත් අතර
    වෙනස වටහා ගන්නට
    හොඳ පාඩමක්.
    --------------------------------------
    "පනාපුත්‍රගේ මතක වස්තුව"
    ප්‍රකාශක 0777363633
    සුපිරි වෙළඳ සංකීර්ණය
    බොරැල්ල.
  • ================================================

20130112

ඔබට ආගමක්, නීතියක් අවශ්‍යද?

.

ඔබට ආගමක් නැතුව
ජීවත් වෙන්න පුලුවන්,
ඔබ දැනටමත්
රහතන් වහන්සේ කෙනෙක් නම්.

ආගම අවශ්‍ය නැත්තේ
පව්කාරයන්ට,
සල්ලාලයන්ට,
වංචාකාරයන්ට සහ
රහතන් වහන්සේලාටය.

නීතිය තියෙන්නෙ
තිරිසන්නු
න් වගේ
සමාජය නොදැනෙන පිරිසගෙන්
සමාජය රැකගන්නයි.

ඔබ මිනී මරනවා නම්,
හොරකම් කරනවා නම්,
අනාචාරයේ හැසිරෙනවා නම්,
දූෂණ වංචා කරනවා නම්,
නීතියට ඔබ අවශ්‍යයි..

ආගම තියෙන්නෙ
තමන්ගෙ හැසිරීම නිසා
සමාජයට හානිවෙන බව
තමන්ට හානිවෙන බව
වැටහෙන පිරිසටයි.

ඔවුන්ගෙන්
අරතරම් ලොකු කරදරයක්
සමාජයට නෑ.
ඒත් තමන් පාලනය කරගන්න
ඔහුට ආගමික උපක්‍රම අවශ්‍යයි.
ආගමක, නීතියක අවශ්‍යතාවය
ඉක්මවා යන්න පුලුවන් වෙන්නෙ
ඒ දෙකටම පිටින්
වැරදි නොකරන කෙනෙකුටයි.

ඔබට තරහ එනවා නම්
බය හිතෙනවා නම්
කාමය උත්සන්න වෙනවා නම්
දුක හිතෙනවා නම්
ඔබට ආගම අවශ්‍යයි.

ඔබ මිනී මරනවා නම්,
හොරකම් කරනවා නම්,
අනාචාරයේ හැසිරෙනවා නම්,
බොරු කියනවා නම්,
මත්පැනට ඇබ්බැහි වෙලා නම්
ඔබට ආගම අවශ්‍යයි..

ඒ දුර්වලකම් තියාගෙන
නිදැල්ලේ හැසිරෙනවා නම්
ඔබ සමාජයට වෛරසයක්.

එයින් දුක් විඳින්නෙ
ඔබ විතරක් නෙමෙයි.
ඔබ හමුවෙන හැම කෙනෙකුටම
ඔබේ රෝගී තත්වය බලපානවා,

සමාජය ඔබෙන් රැක ගන්න
නීතිය විසින් ඔබව පාලනය කරන්න
උත්සාහ කරනවා.
ඔබට ඔබේ රෝග සුව කරගන්න
හෝ යටපත් කරගන්න
ආගම උදව් කරනවා.

ඔබ මේ දෙක ප්‍රතික්ෂේප කරනවා නම්
එක්කෝ ඔබ රහත් වෙලා.
නැත්නම් සමාජය නොතකන
අත්තනෝමතික නරුමයෙක්.

එවැන්නන් බහුතරයක්,
පවුලෙ තනි දරුවා හෝ
පවුලෙ බාලයා.
එහෙම නැත්නම් පවුලෙ
වඩාත්ම කොන්වූ දරුවා.

කුඩා කල පවුල තුළ
දෙමාපියන් දුර්වල නිසා හෝ
තමන්ගෙ දරුණු කම නිසා
අත්තනෝමතිකව ජීවත් වෙලා
ඊට ඇබ්බැහි වුණ අයට
විනය හුරු නැහැ.
ඔවුන් නීතිය ආගම
ප්‍රතික්ෂේප කරනවා.

නීතියට අනුකූලව
ජීවත් වෙන කෙනාට
ශික්ෂණයක් තියනවා.

ආගමට අනුකූලව, සිල්වත්ව
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය ඊට ඉහළයි.

ආගමට අනුකූලව,
සමාධියෙන් යුක්තව
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය ඊටත් ඉහළයි.

ආගමට අනුකූලව,
ප්‍රඥාවෙන්
ජීවත් වෙන කෙනාගෙ
ශික්ෂණය අන්තිම ඉහළයි.

ආගමක් නීතියක් නැතිව
අත්තනෝමතිකව
නිදහසේ හැසිරෙන කෙනා
සමාජ දේහයේ වෛරසයක්...
ඔහු ඉන්නෙ
සමාජෙ අන් සියල්ලන්ටම පහලින්.

ආගමත් නීතියත්
වැඩියෙන්ම අවශ්‍ය ඔහුටයි..

20130109

නිරුවත සහ කෑම




 කෑමක් කනකොට
පෙනුම, රස, සුවඳ, හැඩය,
හැපෙනකොට එන ශබ්දය,
හැපෙනකොට දැනෙන ගතිය,
මතුපිට පෘෂ්ඨය,
මේ ආදී නොයෙක් දේ නිසා
කෑම රුචිය ඇති වෙනවා.

කෑම විවෘත කළාම
කෑමට තියන කෑදරකම නැති වෙනවා කියල
ආකල්පයක් තියනවා.



 


ඇරල තියන කෑමකින් නැතිවෙන්නෙ
කාම රාගය නෙමෙයි.
කෑම රුචිය සහ කුසගින්නයි..
එයින් නැති වෙන්නෙ
මිනිසාගෙ සංවේදී බවයි..

ඔහුගෙ ඉන්ද්‍රිය වෙහෙසට පත්වීමෙන්...
ඔහු නිර්වින්දනය වීමක් වෙනවා.
අස්වාභාවික ලෙස නිර්වින්දනය වෙනවා.

 
ගැහැණිය නිරුවත් කිරීම
විසඳුම නෙමෙයි..

මිනිසාගෙ සංවේදී බව නැති කිරීම
ඔහුට කරන හානියක්
ඔහුට කෑමක් කන්න ගියත්
පමණට ආහාර ගන්න බැහැ..
කැම රුචිය ඇති කරන්න
රසායනික උත්තේජ අවශ්‍ය වෙනවා.

වහලා තියන කෑමකින්
අවට හැසිරෙන අයගෙ හිත්වලට
බලපෑමක් එන්නෙ නැහැ.


ඒත් විවෘත කළොත්
පිරිස කලබල නොවුණත්
හිත් කලබල වෙනවා.

 
 

කෑම නිසා වගේම
නිරුවත විසිනුත්
කෙනෙකුගෙ ඇවිස්සෙන හැඟීම
රාගයයි.

ඒ රාගය මත
විඳින්න එන ආශාව
කාමයට ඇති කැමැත්තයි.


ශීල සමාධි ප්‍රඥා කියල තුනක්
බුදු දහමෙ තියනවා.
ශීලයෙදි සංවරය ඇති කරගන්න
වාරණය පාවිච්චි කරනවා.

පැවිද්දන්ට සිවුර..
ගිහියන්ට උතුරුසලුව, පත්කඩය
ඔහුගෙ හැසිරීමට සීමා දානවා.

නොදැමුණු හිත් ඇති මිනිසුන්ට
පටන් ගන්න වෙන්නෙ එතනින්..

ඔහුගෙ ශීලය, සමාධිය,
ප්‍රඥාවෙන් වැඩෙන විට
ඔහු කොහොම හිටියත් හිත නිදහස්.

ඉඳුරන් නිර්වින්දනය කරගෙන හෝ

ඉඳුරන්
නිර්වින්දනය වීම නිසා
මෝහයෙන් කල්ගත නොවුණොත්..
ශීල සමාධි ප්‍රඥා නැති මිනිසුන්
මද කිපුණු ඇතුන් මෙන්
නිරුව
සොයනවා.

නිරුවත විසින්
මුලින්ම අවුලුවන්නෙ රාගයයි.
නිරුවත හිතා මතා පෙන්නුවත්
පෙන්වන
නිරුවත වින්දත්
පෙන්වන කෙනාගෙත්,
විඳින කෙනාගෙත්

හිත්වල ඇවිලෙන්නෙ
රාගයම තමයි.


රාගය ඇති වුණාම
ඒ රාග සංස්කාර
තමන් තුළ එකතු වෙනවා.

 
රාගික සිහින මවන්නන් තුළ
ස්වාභාවික ප්‍රමාණය ඉක්මවූ
කාමයක් තියනවා.

 
බඩගින්නෙ ඉන්න කෙනෙකුට
කෑමට එන උවමනාව
සාමාන්‍යයි.

ඒත් රස කෑම දැකලා.
රස කෑම ගැන හිතලා,
රස කෑම ගැන කතා කරලා
හිතේ කාමයට කැමැත්ත
තියුණු වුණ අයගෙ හිතේ  

කාමය ඇතිවුණාම
කුසගින්නෙන් පෙළෙන මෘගයෙ
කු වගේ
හි
දරුණු වෙනවා.

ඔහු සාමාන්‍ය මිනිහෙක් වගේ
සමාජයෙ හැසිරෙන්න පුලුවන්.
ඒත් ඔහුගෙ එන්ජිම
නිතරම රේස් වෙමිනුයි තියෙන්නෙ.
හිතේ හැටියට යන්න පුලුවන් පාරක්
සහ වල ගොඩැලි සහිත පාරක් දැක්කාම
ඔහු තෝරා ගන්නෙ පහසු පාර.



 
අනාරක්ෂිතව යන දැරියන්
කරදරේ වැටෙන්නෙ
දෙමාපියන්ගෙ නොසැලකිල්ල නිසා.

 
අඩ නිරුවතින් යන දැරියන් කරදරේ වැටෙන්නෙ
දරුවන්ගෙ අඟපසඟ ප්‍රදර්ශනය කරලා
දරුවන්ට ලැබෙන අවධානයෙන් තෘප්තිමත් වෙන
දෙමාපියන් නිසයි.

--------------------------------------------------------
අදාළ සටහන්

20130105

අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සීලය කියන්නෙ
හිත අසංවර වුණත්
කය වචනය දෙක
අසංවර කරගන්නෙ නැහැ
කියන එකයි.

පුහුදුන් මිනිස්සු
හැමතිස්සෙම හොඳත් නැහැ.
හැමතිස්සෙම නරකත් නැහැ.

ශීලය කියන්නෙ
සංවර බාහිර පෙනුමට.
අපරාධකාරයෙකුට වුණත්
සිල් රකින්න පුලුවන්.

සිල් රකින වෙලාවට
අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සිල් බිඳගත්ත වෙලාවට
හොඳ මිනිහත් නරකයි.

හොඳම උදාහරණය මත් පැන්බීමයි.

කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
මත්පැන් පානය කළාම
කය වචනය දෙක අසංවර වෙනවා.

ශීලය කියන්නෙ
සංවර බාහිර පෙනුමට
සහ බාහිර සමාජයට
ගැටළු ඇති නොකර
ජීවත්වීමටයි.

සිල් රකින වෙලාවට
අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

සිල් බිඳගත්ත වෙලාවට
හොඳ මිනිහත් නරකයි.

මොබයිල් ෆෝන් පැවිද්දට අකැපද?


Photo by Athula Siriwardhane

  • Thilina Wijesiri සීලේ රකින්නට නැතුවම බැරි හෑන්ඩ් පෝන්...

  • Susiri Ranjan Bulukumbura
    Thilina Wijesiri මල්ලි ඔය කතාවට මමනම් එකග නැහැ...

  • U Rasta G Bandaragoda ප්‍රභල හැඟිම් ප්‍රකාශ්ණයක්......!
    සීලය ගැන නම් කතා නොකරමි පින්තුරෙන් වත් ෆෝන් එකෙන් වත් ඕක මැනිය නොහැකි නිසා
    ඔබට ජය

  • Athula Siriwardhane .
    සුසිරි කියන්නෙ
    ශීලය රකින්න හෑන්ඩ් ෆෝන් අවශ්‍ය නෑ කියලද?

  • Susiri Ranjan Bulukumbura නැහැ අතුල සර්..
    මම කියන්නේ සීලය කියන දෙය ඔය වගේ දේවල් වලින් මනින්න බැහැ..
  • Thilina Wijesiri වෙනසක් තිබිය යුතු නැද්ද සර්? අපි ලෞකික දේවල් වලට බැඳිලා ඉන්න අය, උන්වහන්සේලා ඒවා අතහැරලා නිවන කරා යන අය, ඉතින් මේ දෙගොල්ලෝ අතර වෙනසක් තියෙන්නේ නැද්ද?


    Athula Siriwardhane .
    වෙනසක් තියෙන්නම ඕනද? තිළිණ
     
  • Athula Siriwardhane .
    ප්‍රඥාව බාහිර පෙනුමෙන්
    මනින්න බැහැ..
    ඒත් සීලය කියන්නෙම
    බාහිර පෙනුම...
  • Susiri Ranjan Bulukumbura තිලිණ මල්ලි... එහෙනම් හාමුදුරුවරුන්ට මේ යුගයේ ජීවත් වෙන්න බැරි වෙයි. අවශතා සහ උවමනා කිල දෙකක් තියෙනව. දුරකථනයක්, පරිගණකයක් කියන්නේ දැන් අවශතා..

  • Susiri Ranjan Bulukumbura අර පොඩි හාමුදුරුවෙන් මඩ වලෙන් පැන්න කතාව මට මතක් උනා..

  • Chinthaka Pitigalaarachchi මොනවා උනත් පූජ්‍ය පක්ශය විවෙචනය කරන්න යාම ටිකක් විතර හරි නෑ නේද...??
    මම කියන්නේ එතකොට ඇතිවෙන ප්‍රතිරූපයත් එක්ක සමස්ත සන්ඝරත්නය කෙරෙහිම අපේ අය තරමක නොගැලපෙන විදියට බලන්න පෙළඹෙනවා නෙද...??
    එතනදි පසුකාලීනව නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුලුවන් නේද...??
    මම දන්නේ නෑ.
    මම අහන්නේ මොකක්ද වඩාත් ගැලපෙන දේ කියලා...
    මෙතන කතා කරන වැඩිහිටියන්ගෙන්.......

  • U Rasta G Bandaragoda සක්විති කියන්නෙත් අන්න ඒ වගේ සීලෙන් හිටපු මනුස්සයෙක්ලු..... ඇයි බාහිරෙන් හරිම සිල්වත්ව ඉඳලනේ
    හවසට කැසිනෝ ගහපුවයි වෙච්ච දේවලුයි
    ඒ උදේට පෙන්නපු බාහිර සීලෙන් ඒව ඔන්න නෑලු

  • Athula Siriwardhane .
    සීලය කියන්නෙ
    හිත අසංවර වුණත්
    කය වචනය දෙක
    අසංවර කරගන්නෙ නැහැ

    කියන එකයි.

    ශීලය කියන්නෙ
    සංවර බාහිර පෙනුමට.
    අපරාධකාරයෙකුට වුණත්
    සිල් රකින්න පුලුවන්.
    ඒ වෙලාවට ඔහු හොඳ මිනිහෙක්..

    හොඳම උදාහරණය මත් පැන්බීමයි.
    කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
    කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
    මත්පැන් පානය කළාම
    කය වචනය දෙක අසංවර වෙනවා.

  • Athula Siriwardhane .
    ගිහි පැවිදි වෙනසක් නැහැ.. තිළිණ..
    සුගතියට යන අයගෙත්
    දුගතියට යන අයගෙත්
    පැහැදිලි වෙනස්කම් තියනවා.

  • Thilina Wijesiri ඔව් ඒක ඇත්ත, සුගතියට යන අයගෙත්
    දුගතියට යන අයගෙත්
    පැහැදිලි වෙනස්කම් තියනවා.
    පැවිදි කෙනෙක්ගේ අරමුණ නිවන අවබෝධ කර ගැනීමනම් එයට කාලයේ තාලයට හැඩ ගැසීමක් ඕන ද?

  • Athula Siriwardhane .
    සිවුරට ගැලපෙන්න ජීවත් නොවුණ අයට
    බුදුන් වහන්සෙ පවා නින්දා කළා, චින්තක.

    බස් කම්පැනි කාරයො

    පූජ්‍ය පක්ෂය කියන්නෙ
    වෙන පිරිසකට.
    අපි පූජ්‍ය පක්ෂය කිවයුත්තෙ
    සිත නැතත්
    කය හෝඅ වචනයවත්
    සංවර අයටයි..

  • Susiri Ranjan Bulukumbura මල්ලි හාමුදුරුවරු දෙපිරිසක් ඉන්නව ඔයා දන්නවනේ...
    ආරණ්‍ය වාසීව බණ භාවනා කරමින් තම ආත්මාර්ථය උදෙසා නිවන් අවබෝධ කරගන්න කටයුතු කරණ ගරු ස්වාමීන්වහනසේලා
    සහ
    ග්‍රාම වාසීව හිදිමින් තම දායක දායිකාවන්ගේ යහපත පතමින් පරාර්ථය උදෙසා කටයුතු කරන ගරු ස්වාමීන්වහන්සේලා කියල..

    ඉතින් මල්ලි දුරකථනයක්, පරිගණයක් පාවිච්චි කිරීම වගේ සාමාන්‍ය දේවල් (රියදුරු බලපත් ඉල්ල සිද්ධි අදාල නැහැ) වලින් සීලයටවත් ප්‍රඥාවටවත් හානියක් වෙන්නෙ නැහැ.

  • Athula Siriwardhane .
    පැවිදි කෙනෙක්ගේ අරමුණ
    නිවන අවබෝධ කර ගැනීම නම්
    එයට කාලයේ තාලයට හැඩ ගැසීමක්
    අවශ්‍යයිනෙ තිළිණ..


    ගිහි පැවිදි බහුතරයක්
    දුසිල්වත් වුණ සමාජයක
    ඔවුන්ටත් ඒ සමාජයට
    ගැලපෙන පරිදි
    හැඩ ගැහෙන්න වෙනවා.

    ඒත් එයින් අදහස් වෙන්නෙ නෑ
    කාලයේ තාලයට හැඩගැසෙන්න
    ගිහියන් මෙන් හෝ
    ඊටත් අන්ත අයුරින්
    හැස්‍රිය යුතුයි කියලා.

    මම හිතන්නෙ,
    එවැනි කාලයක ජීවත් වෙන
    පැවිදි කෙනෙක්ගේ අරමුණ
    නිවන අවබෝධ කර ගැනීම නම්
    ඔහු වඩාත් තිර අදිටනකින්
    විනය රැකිය යුතුයි,
    විදසුන් වැඩිය යුතුයි..
    සිත කය වචනය
    සකස් කරගත යුතුයි.

    කාලයට හා පරිසරයට
    හැඩ ගැසෙන්නේ ඒ ආකාරයෙන් විය යුතුයි.

  • Chinthaka Pitigalaarachchi Athula Siriwardhane, mahatha
    මම කියන්නේ ගිහියන් විසින් ස්වාමීන්වහන්සේ විවේචනය කිරීම නිසා
    ඇතිවෙන ප්‍රථිඵල.......
    පැවිදි අය අතර දෙයක් ගැන නෙවෙයි....

  • Athula Siriwardhane .
    සුසිරි,
    බුදු දහමට අනුව නම්
    ආත්මාර්ථය සලසා නොගන්නා කෙනෙකුට
    පරාර්ථය සැලසීමක් ගැන හිතන්නවත් බැහැ.


    ඔබ කියන එක කොටසක්
    බුදුන් වදාළ මග යන අය.
    ඔබ කියන අනික් පිරිස
    එසේ යන්නාක් මෙන් පෙන්වමින්
    තමන්ගේම මගක යන අය.

    වඩාත් ආත්මාර්ථකාමී එම පිරිසයි.
    මන්ද ඔවුන් තම ගමන යන්නේ
    තමන්ගෙන් කිසිම සේවයක්
    සිදු නොවෙන පිරිසකගේ
    කරපිටින් නිසයි.

  • Susiri Ranjan Bulukumbura Athula Siriwardhane >> ඔබ කියන්නේ ග්‍රාම වාසී ස්වාමීන් වහන්සේලාගෙන් සේවයක් නැහැ කියලද..

  • Thilina Wijesiri සර් ගේ පිළිතුර පැහැදිලියි.
    ඒ ලෙස වෙනස් විය යුතුයු.
    එතකොට පැවිදි වීමේදී සියල්ල අත්හල යුතු නැද්ද?
    ජංගම දුරකථන, පරිඝනක වැනි දේ පාවිච්චිය තවත් දේ අල්ලා ගන්නවා, ආශා කරනවා, තන්හාව වැඩි වෙනවා නෙවෙයි ද?


  • Athula Siriwardhane .
    ගිහියන්ට පැවිද්දන් විවේචනය කරන්න එපා
    කියල මම බුදුන් වහන්සේ වදාළ තැනක්
    මම නම් දන්නේ නැහැ.

    මම බුදු සසුනට සම්බන්ධ
    සියල්ල තීරණය කරන්නට
    ක්‍රියා කරන්නේ ඒ වචන අනුවයි.

    දුසිල් බව, පව්කාර කම,
    අපරාධ සමග
    නින්දා අපහාස එකටයි යන්නේ.

    සිල්වතෙකුට නින්දා අපහාස කළොත්
    ඒ සිල්වත් බව දියුණු කරගන්න
    හේතුවෙන අභියෝගයක්.

    දුසිල්වතාටත්
    තමන්ගෙ වැරදි දිගටම කරනවද
    නැද්ද කියල හිතා බලන්න
    නින්දා අපහාස ප්‍රයෝජනවත්....

    ගරු නම්බු වගේම
    නින්දා අපහාසත්
    ජීවිතයක අංග.

    හොඳ මිනිස්සු දෙකෙන්ම හැදෙනවා.
    නරක මිනිස්සු දෙකෙන්ම නැති වෙනවා.

  • Athula Siriwardhane .
    තිළිණ, සියල්ල අත්හළ යුතුයි
    කියන්නෙ කිසි දෙයක් නැතිව
    ජීවත් වෙනවා කියන එක නෙමෙයි.
    මට මොබයිල් ෆෝන් එකෙන්

    නිතර කතා කරන
    පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා.
    ඒ හාමුදුරුවො පැයක් දෙකක් කතා කළත්
    මම කතා කරනවා.
    ඒත් ඕපදූප වගේ දේවල් වලට
    කතාව හැරුණාම මම
    ඒ බව කියනවා.

    හිත සංවර කෙනෙකුට
    ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
    ඒත් අසංවර කෙනා
    ප්‍රවේශම් වියයුතුයි.

    අවශ්‍යතාවයට ෆෝන් එක
    තියාගෙන ඉන්න කෙනාත්
    විනෝදෙට ෆෝන් එක තියන් ඉන්න කෙනාත්
    දැක්ක ගමන් පෙනෙනවා.

    මත් පැනෙන් වෙන ලොකුම හානිය
    හිත, කය, වචනය අසංවර වෙන එකයි..
    අත්හළයුත්තෙ ඒ දේ නරක නිසා නෙමෙයි.
    තමන් නරක නිසයි.
    ෆෝන් එක නරක දෙයක් නෙමෙයි.
    පාවිච්චි කරන කෙනා
    අනුවයි නරක් වෙන්නෙ.

  • Athula Siriwardhane .
    බුදුන් වහන්සෙත්
    මොබයිල් ෆෝන් පාවිච්චි කළේ නැතුවාට
    තවමත් නවීන විද්‍යාවට කරන්න
    හිතන්නවත් බැරි දේවල් කළා.

    ඒත් උන්වහන්සෙ
    කිසිම දෙයක් චූන් එක බලාගෙන
    කළේ නැහැ.

    භාණ්ඩයක උපයෝගිතාවය එකක්.
    චූන එක තවත් දෙයක්.

    ෆෝන් එක චූ
    න් එකට
    පාවිච්චි කිරීම
    කවුරු කළත් බොළඳ වැඩක්.

  • Susiri Ranjan Bulukumbura වයස අවු. 10-12 කාලයේම
    දෙමාපිය සහෝදර සහෝදරියන් අත්හැරල
    නෑදෑ හිතවතුන්, යහළුවන් , කෙලිසෙල්ලං අතහැර
    ඒ ගමන යන්න උත්සාහ කරන්න අපිට කාටවත් බැරිනිසා
    ගිහියො විදියට ජීවත් වෙනව


    නිවන් දකින්නට
    මහන වෙන්න
    සාසනය රැකෙන්න ඕන
    මෙච්චරකල් ගමේ අපේ ලගින් ඉදගෙන
    මේ සාසනය
    ධර්මය
    රැකපු නිසා
    තමයි මේ
    අහිංසක ස්වාමීන් වහන්සේලා
    ගිහියන්ගෙන් අපහාස විදින්නේ..

  • Chinthaka Pitigalaarachchi well said Susiri Ranjan Bulukumbura...

  • Athula Siriwardhane .
    අහිංසක ස්වාමීන් වහන්සේලාට
    ගිහියන් අපහාස නින්දා අපහාස කළොත්
    ඒ සිල්වත් බව දියුණු කරගන්න
    හේතුවෙන අභියෝගයක්.


    දුසිල්වතාටත්
    තමන්ගෙ වැරදි දිගටම කරනවද
    නැද්ද කියල හිතා බලන්න
    නින්දා අපහාස ප්‍රයෝජනවත්....

    ගරු නම්බු වගේම
    නින්දා අපහාසත්
    ජීවිතයක අංග.

    හොඳ මිනිස්සු දෙකෙන්ම හැදෙනවා.
    නරක මිනිස්සු දෙකෙන්ම නැති වෙනවා.

  • Athula Siriwardhane .
    සුසිරි කතා කරන්නෙ
    දේශපාලනය කරන අය වගේ
    පාක්ෂිකවයි.. පක්ෂපාතීවයි.

    සිවුරු දරන හැම කෙනෙක්ම
    බෞද්ධ භික්ෂුවක්ද?.
    දෙව්දත් පවා සිවුර දරා හිටියා.
    ඔහු බෞද්ධ භික්ෂුවක්ද?

    සැබෑ ස්වාමීන් වහන්සේලා කියන්නෙ
    කවුද කියල දැනගන්න
    ශාසනාවතරණය කියවන්න..

  • Chinthaka Pitigalaarachchi ස්වාමීන්වහන්සේ ගිහියන් විසින් විවෙචනය කිරීම තුලින් සමාජයට ඇතිවෙන ප්‍රතිලාභය මොකක්ද.....???
    එයින් කුමන ආකාරයේ ප්‍රථිඵලයක්ද ගිහියන් බලාපොරොත්තු වන්නේ...???
    එයාලව නිවැරදි කරලා, යහමඟට ගන්නද...??
    ඒක කල යුත්තේ ගිහියන්ද....???
    අපේ සමාජයේ ස්වාමීන්වහන්සේගේ තැන පහලට වැටුනොත් වෙන්න පුලුවන් දේවල් බොහොම නරකයි..

  • Athula Siriwardhane .
    සමාජයේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට
    එම සමාජයේ කෙනෙක්ගේ
    හොඳ හා නරක දෙකම පිළිබඳව
    තමන්ගේ අදහස් පළ කරන්න
    අයිතියක් තියනවා.

    ගිහියන් මත යැපෙන කෙනෙක්
    ඔවුන් විශ්වාස කරන ආකාරයට
    ජීවත් වෙනවාද යන්න සෙවීමට
    හැම බෞද්ධයෙකුටම අයිතියක් තියනවා.

    පිරිසිදු චේතනාවෙනුත්
    නින්දා අපහාස කරන්න පුලුවන්.

    සත්‍ය නින්දා අපහාස කියන්නෙ
    වැරදි කරන කෙනෙකුට
    රෝගයක් වගෙයි.

    සුව වෙන්න නම් ඔහුට
    තමා නිවැරදි කර ගන්න වෙනවා.
    ඔහුට ලැබෙන ප්‍රතිලාභය එයයි.

    කරන කෙනාට යටි අරමුණු නැත්නම්
    ඔහුටත් එයින් ප්‍රතිලාභ තියනවා.

    එකක් ඔහු හරි වැරැද්ද
    හැදෑරිය යුතුයි.
    තමන් ඒ අනුව ජීවත් වීමට
    වෙර දැරිය යුතුයි.
    ඔහු හෙළා දකින විදියෙ වැරදි
    ඔහු අතින් සිදු වෙන්න යනකොට
    ඔහුට කලින්ට වඩා
    ඒ වරද කලුවට පෙනෙනවා.

    නින්දා අපහාස විඳින කෙන
    නිදහසට කරුණු හොයාගෙන
    තමන්ගෙ තුවාල වහගත්තත්
    කරන කෙනා හෝ හැදෙනවා.

  • Athula Siriwardhane .
    අපේ සමාජයේ
    ඉහළ සිටින සැබෑ ස්වාමීන්වහන්සේගේ තැන
    පහලට දාන්න ගිහියන්ට බැහැ, චින්තක..

    එහෙම නම් බුදුන් වහන්සේගෙ තැනත්
    පහළට දාන්න ගිහියන්ට පුලුවන් වේවි.

    ඒ තැන ගිහියන් හෝ රජය
    සකස් කර දුන් එකක් නෙමෙයි.

    තමන්ගෙ ශීලය හා ශික්ෂාකාමී බව තුළින්
    ලබාගත් පදනමක් ඇති තැනක්..
    • Susiri Ranjan Bulukumbura ඔව් මම ඒක පාක්ෂිකයි මෙතනදි කතා වුණු දේවල් වලදි.
      ස්වාමීන් වහන්සේලාගේ වැරදි තියෙනව ඒත් ඒව කතාකරන්න ‘‘මම‘‘ සුදුසු නැහැ.

      සංඝාධිකරණය ගැන ඔබලා දන්නවාද නැද්ද දන්නේ නැහැ..
      එය ක්‍රියාත්මක කිරීමට අවශය තීන්දු තීරණ මේ රටේ දේශපාලුවන් කරන්න ඕන දෙයක්.


      එතකොට ගිහියන්ට බැහැ ස්වාමීන් වහන්සේලාට අපහාස කරන්න..
      ස්වාමීන්වහනසේලාම උන්වහන්සේලාගේ විනයට අනුව කටයුතු කරයි.

      ඒක ගිහියන්ට අදාල කටයුත්තක් නෙමෙයි.

    • Athula Siriwardhane .
      Susiri ,
      අපේ ගම්පළාතෙ භික්ෂුවක් නිසා
      අවුල්වුණ පවුලක් ගැන මා දන්නවා.
      ඒ එකක් පමණයි..
      තවත් ඇති..

      එවැනි අවස්ථාවක
      ගිහියන්ට මුනිවත රකින්නට
      බල කරන ඔබ වැන්නන් නිසා
      ඔහු අදත් නිදැල්ලේ හැසිරෙනවා.

      සමාජයට කරදරයක් වන භික්ෂූන්
      නින්දා අපහාස වලට බඳුන් වීම
      ඔවුන්ගේම වරදින් සිදු වන්නක්.


      • U Rasta G Bandaragoda දැන් යන්නේ පෞද්ගලික කතා බහවල් වගේ .......!

      • Susiri Ranjan Bulukumbura ඒකට තමා නීතිය තියෙන්නේ..
        (සංඝාධිකරණයක් අවශ වෙන්නෙත් ඒකයි)

        ගිහියන් කොච්චර පවුල් විනාස කරල තියෙනවද...?
        එක මකුනෙක් කෑවම ඔක්කොම මරණවලු..

        මෙතන ගෘප් එකට අදාල නැති වාද සහ පුද්ගලික වාද නොවිය යුතුයි..

        මින් ඉදිරියට මම අදහස් පළ නොකරමි..
      • Susiri Ranjan Bulukumbura මෙතන ගෘප් එකට අදාල නැති වාද සහ පුද්ගලික වාද නොවිය යුතුයි..

        මින් ඉදිරියට මම අදහස් පළ නොකරමි..

      • Athula Siriwardhane .
        ස්තූතියි..

        මෙහි මා පළ කළ සියලුම අදහස්
        කාගේ හෝ ප්‍රකාශයකට

        පිළිතුරු අදහසක් පමණි.

        කාගේවත් අදහසකින්
        නින්දා අපහාස සිදු වෙන්නේ නැහැ.
        තමන් කරන දෙයිනුයි
        නින්දා අපහාස සිදුවන්නේ.

        මෙහි සිටින භික්ෂුව ගැනද
        මා වචනයක් හෝ කියා නැත.

        මාත් ඇතුලුව
        ගිහි පැවිදි සියල්ලන්ගේම ශීලය ගැන
        මම නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙමි.

        එසේම සිල් රැකීම හෝ පව්කිරීම
        ඕනෑම කෙනෙකුගේ ස්වාධීන අයිතියක් බවද
        මා එක හෙළා පිළි ගනිමි.

      • Susiri Ranjan Bulukumbura වාද කොරන්නත් එපෑය අතුල සර් පොඩි ආතල් එකකටත් එක්ක...

      • Athula Siriwardhane .
        මට නම් ආතල් එක තියෙන්නෙ
        වාද කරද්දි මතුවෙන
        මීට කලින් පහළ නොවුණ අදහස් නිසයි.
        ---------------------------------------------
        මත් පැන සිල්පද වලට එක්වීමෙ
        නියම අරුත මට වැටහුණේ
        මේ සංවාදෙදි.

        "කොයි තරම් ප්‍රඥාවන්තයෙක් වුණත්
        කොයිතරම් යහපත් මිනිසෙක් වුණත්
        මත්පැන් පානය කළාම
        කය වචනය දෙක අසංවර වෙනවා."
        ----------------------------------
        මේකත් ඒ වගේ
        අලුතෙන්ම පැහැදිළි වුණ දෙයක්..

        "සිල් රකින වෙලාවට
        අපරාධකාරයත් හොඳ මිනිහෙක්..

        සිල් බිඳගත්ත වෙලාවට
        හොඳ මිනිහත් නරකයි."
        --------------------------------------
        සීලය කියන්නෙ
        කොයිතරම් පහසුවෙන්
        බිඳෙන දෙයක්ද?

    ================================================================