20190309

ඍණ ගණනකින් ඍණ ගාණක් වැඩි කරන්න පුලුවන්ද?


 Athula Siriwardhane ගේ ඡායාරූපය

ගණිතයෙදි
-2 x -3 සමානයි +2 x +3
-2 x -3 = 6
+2 x +3 = 6
මේක වෙන්නෙ කොහොමද?

ඍණ ගණනකින් ඍණ ගාණක් වැඩි කළාම
උත්තරය ධන වෙන්නෙ කොහොමද ?

කියල හොයාගෙන යද්දි
මම හොයාගත්තෙ
මේකයි..

"වැඩි කිරීම හා බෙදීමෙදි
ඒ සඳහා භාවිතා කරන
සංඛ්‍යාව ධන හෝ ඍණ නොවෙයි.."

=========================

ඍණ ගණනකින් ඍණ ගාණක් වැඩි කළාම
උත්තරය ධන වෙන්නෙ ඇයි.?

ඍණ ගණන් දෙකක් වැඩි කළාම
උත්තරය ධන වෙන අවස්ථා
පන්ති කාමරයේ සහ විභාග ශාලාවේ හැර
සැබෑ ලෝකයේ ප්රශ්න වලදී
හමුවෙන වෙනත් තැනක් තියනවාද?

(-100) x (-10) = 1000
වෙන්නෙ කොහොමද?

මම හිතන්නෙ මෙහෙමයි...

"වැඩි කිරීම හා බෙදීමෙදි
ඒ සඳහා භාවිතා කරන සංඛ්‍යාව
ධන හෝ ඍණ නොවෙයි.."


(-100) x 10 = 1000

-A x B
+A x B
B ධන හෝ ඍණ නොවෙයි.

ධන ඍණ
එකතු කිරීම සහ අඩු කිරීමෙදි
සංඛ්‍යා දෙකම ප්‍රමාණාත්මකයි.


එකතු කිරීම සහ අඩු කිරීමෙදි
ධන වුණත් ඍණ වුණත්
දෙකටම ප්‍රායෝගිකව අගයක් තියනවා.
ලාභය සහ අලාභය, ආදායම වියදම
තාපය අඩුවීම තාපය වැඩිවීම
සංඛ්‍යා දෙකම ප්‍රමාණාත්මකයි.

ගුණ කිරීමෙදි සහ බෙදීමෙදි
ගුණ කරන්න හෝ බෙදන්න
භාවිතා කරන සංඛ්‍යාව කරන්නෙ
අනෙක් සංඛ්‍යාවෙ විශාලනය
අඩු වැඩි කරන එකනෙ.
ඒ සංඛ්‍යාව ධන හෝ ඍණ නෙමෙයි.
එයින් අදහස් වෙන්නෙ වාර ගණනක්..

2+2+2 = 2 x 3

ප්‍රායෝගිකව මෙතන වාර 3 ඍණ වෙන්න පුලුවන්ද?
( 2 ඍණ හෝ ධන වෙන්න පුලුවන්...)

ගුණ කරනවා කියන්නෙ
එකම දෙයක් වාර ගණනක් එකතු කිරීම..
ඍණ වාර ගණනක් තියෙන්න පුලුවන්ද?
වාර ගණන ධන හෝ ඍණ නෙමෙයි.

ලාභය සහ අලාභය
කිසියම් සංඛ්‍යාවකින් ගුණ කළත් බෙදුවත්
ඒ දෙවෙනි සංඛ්‍යාවෙන් කරන්නෙ
විශාලනය කිරීමක් පමණයි..

ඒ නිසා
ඒ සංඛ්‍යාව ධන හෝ ඍණ නෙමෙයි.

ප්‍රායෝගික ප්‍රශ්නවලදි
අපි වැඩි කරන්න ගන්න ගණන
ධන හෝ ඍණ වෙන්නෙ නෑ.