20191102

සිහිය දියුණු කරන රසායනිකයක් විද්‍යාවට සොයා ගන්න බෑ...

 Ranga Deshapriya [[[මත් පැන් වලින් මෝහයට පත් වෙනව කියන්නේ අනෙක් පැත්තට සිහියට පත්වෙන රසායනිකත් තියෙන්න ඕන.]]]

සිහිය දියුණු වෙද්දි
ඇති වෙන රසායනික නෑ රංග..

මෝහයට හේතු වෙන රසායනික
ඉවත් වීමෙනුයි සිහිය පිහිටන්නෙ.

ඒ රසායනික ඉවත් වෙන විදියට
අලුතෙන් රාගය හා ද්වේශය ඇති නොවෙන්න
සිහිය විවේකීව පවත්වා ගැනීමයි
විපස්සනා වඩන්නෙක් කරන්නෙ..
විමසා බලන්න.
සිහිය පිහිටුවන කෙනෙක් කියන්නෙ
සිතේ සහ කයෙහි මේ මොහොතෙ
සිදු වෙන කිසිදු වෙනසකට
මමත්වයෙන් සහභාගි වීමක්
විපස්සනා වඩන්නා තුළ නෑ...

ඒ සිහිය තුළ චිත්ත විවේකය පූර්ණයි.
කයත් සිතත් පිරිසිදු වෙනවා...
කෙලෙස් නැසෙනවා කියන්නෙ
මෝහයට හේතු වෙන රසායනික
ඉවත් වීමයි

මත්පැනෙන් එකතු වෙන රස්සයනික
ප්‍රනි රසායනික අවුස්සනවා...
සිහිය දියුණු වෙද්දි
අලුත් රසායනික ඇති වෙන්නෙ නෑ.

මඩ වතුර වීදුරුවක මඩ නැති වෙලා
වතුර පිරිසිදු වීමක් වෙනවා.
මත්පැන් බිව්වාම වතුරෙ මඩ ඇවිස්සෙනවා...
ඒ නිසයි වියරුවෙන්, මෝහයෙන් හැසිරෙන්නෙ.
හුදකලාවෙන්, දුකෙන්, තනිකමෙන්
ඒ වියරුව මානසික සුවයක්...

රසායනික සංයෝග වලින් සිහිය නැති කිරීම තමයි
මනෝ වෛද්‍යවරු ප්‍රතිකාර කියලා කරන්නෙ.

රාගයෙන් ද්වේශයෙන් මනස විකල් වුණාම
රසායනික වලින් මෝහයට පත් කරනවා.
රාගය හෝ ද්වේශය ඇතිවීම නවතිනවා.

රස්සාව නැති වුණාම පෙම්වතිය නැති වුණාම
මිනිස්සු මත්පැන් බොන්න යනවා.
දුක හිතෙන අරමුණු නිසා
දුකෙන් ඉන්න මිනිස්සු මත්පැන් බීල
දුකෙන් මිදෙන්නෙ සිහිය අවුල් කර ගැනීමෙන්.
සිහිය දියුණු කෙනාට ඒ අවුලත් පෙනෙනවා.
ඒ අවුල, මෝහයට පත්වීම හානියක් නිසයි
සිහිය දියුණු කරන අය මත්පැනෙන් මිදෙන්නෙ.

මත්පැනෙන් කරන්නෙ රසායනික සමථයක්.

මත්පැන් පානය කාලා
"මනසට එක අරමුණක ඉන්න බැරි වීම"
දුක් විඳින අරමුණු මතුවෙන
මානසික පරිසරයෙන් මිදිලා
අවසිහියට මෝහයට පත් වීම
දුක් විඳින මිනිසාට සැනසිල්ලක්..
රෑ තිස්සෙ දුක් විඳින මිනිහෙක්
හැන්දෑවට බිව්වාම හිත අඩපණ වෙලා
එක අරමුණක් පස්සෙ දුවමින් වින්ද දුක
මත්පැනෙන් නතර කරනවා...
ඔහු කෘතිම සැනසිල්ලක් ලබනවා
පසුවදා පහන් වෙන තුරු.
දවල් දවස අලුත් ප්‍රශ්න ඇති කරනවා.
ඒ ප්‍රශ්න තුළ හුදකලාව නෑ.
හැන්දෑවට ආයෙත් බොනවා.

සිහිය දියුණු වෙද්දි රසායනික ඇති වෙනවා නම්
විපස්සනා පානයක්, විපස්සනා පෙත්තක්
විපස්සනා එන්නතක් හදන්න පුලුවන්.
කවදාවත් එහෙම වෙන්නෙ නෑ.

සිහිය නැති වුණ මිනිහෙකුගෙ සිහිය ගන්න
මේ ලෝකෙ බෙහෙතක් තියනවාද?
සිහිය නැති වෙනතුරු මත්පැන් දෙන්නෙ පුලුවන්.
වෙන රසායනිකයකින් සිහිය නැති කරන්න පුලුවන්.

මොන රසායනිකයෙන්ද සිහිය ඇති කරන්නෙ.
එහෙම රසායනිකයක් හදන්න බැරි නිසා තමයි
සත්වයාගේ විශුද්ධියට ඒකායන මාර්ගය
සතර සතිපට්ඨානය කියා කියන්නෙ.

රාගය කියන්නෙ එක ප්‍රිය රසායනික වෙනසක් නිසා
අලුතෙන් ඇතිවෙන ප්‍රිය රසයනික වෙනස් වීම.
රාගය කියන්නෙ එක අප්‍රිය රසායනික වෙනසක් නිසා
අලුතෙන් ඇතිවෙන අප්‍රිය රසයනික වෙනස් වීම.

සිහිය දියුණු වෙන කෙනා කරන්නෙ
මොන වෙනසක් තමා තුළ වුණත්
ඒ වෙනස දිහා උපේක්ෂාවෙන් විසීමයි.

කයෙහි රාග සංස්කාර ඇතිවුණාට
ඒ මොහොත තුළ රාගය නෑ...
අලුත් රාග සංස්කාර ඇති වෙන්නෙ නෑ..
කයෙහි ද්වේශ සංස්කාර ඇතිවුණාට
ඒ මොහොත තුළ ද්වේශය නෑ..
අලුත ද්වේශ සංස්කාර මතු වෙන්නෙ නෑ..
ඒ මොහොත අලුත් සංස්කාර වලින්
විනිර්මුක්ත පිරිසිදු මොහොතක්..
විපස්සනා කියන්නෙ එක මොහොතකට
රාග ද්වේශවලින් විනිර්මුක්ත වීම.
ඒ මොහොතෙ සත්වයා පිරිසිදුයි.
පැරණි සංස්කාර නැසෙනවා...
මඩ වතුරෙන් මඩ ඉවත් වෙනවා.

සත්තානං විසුද්ධියා
මඩ වතුරෙන් මඩ ඉවත් වීම.
කෙලෙස් නැසීම.
රාග ද්වේශ මෝහ ක්ෂය වීම..
එක මොහොතකට නිවන.

රසායනික වශයෙන් කතා කළොත්
කයෙහි ප්‍රිය රසායනික ඇතිවුණාට
ඒ මොහොත තුළ රාගය නෑ...
අලුත් ප්‍රිය රසායනික ඇති වෙන්නෙ නෑ..
කයෙහි ප්‍රිය රසායනික ඇතිවුණාට
ඒ මොහොත තුළ ද්වේශය නෑ..
අලුත් අප්‍රිය රසායනික මතු වෙන්නෙ නෑ..
ඒ මොහොත අලුත් ප්‍රිය අප්‍රිය රසායනික වලින්
විනිර්මුක්ත පිරිසිදු මොහොතක්..
පැරණි රසායනික ඉවත් වෙනවා...

මඩ වතුරෙන් මඩ ඉවත් වෙලා
කෙලෙස් නැසෙනවා.
රාග ද්වේශ මෝහ ක්ෂය වෙනවා..
එක මොහොතකට නිවන අත් දකිනවා.

ඒ මොහොත තුළ දුක් දොම්නස් සෝ තැවුල් නෑ.
අවසිහිය, මෝහය, අවිද්‍යාවත් නෑ.
විපස්සනාවෙන් අවිද්‍යාව නැසෙනවා
කියන්නෙ ඒකයි..

සිහිය පිහිටුවන්න රසායනිකයක් මේ ලෝකෙ නෑ.
එකම ක්‍රමයයි තියෙන්නෙ.

 1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

20190906

බුදු දහම හිත ගැන මොනවද දන්නෙ...?




Athula Siriwardhane
අපේ හිත ගැන....
විද්යාව මොනවද දන්නෙ?
 

Gayantha Vitharanage
Gayantha
ආගම් හිත ගැන මොනවද දන්නෙ? 

Athula Siriwardhane
Athula Siriwardhane
එක දෙයක්.....
ස්පර්ශයේ ඉඳලා
වේදනාවෙ ඉඳලා...
ඒ ලැබෙන තොරතුරු
හිත ඇතුළෙ රැස් වෙන ආකාරය
බුදු දහමෙ කියල තියනවා..
 

Athula Siriwardhane
Athula
තව දේවල් තියනවා... 

Gayantha Vitharanage
Gayantha
ඒව ඇත්තද කියල බලාගන්න විදියක් තියේද? 

Athula Siriwardhane
Athula Siriwardhane
තියනවා... 

Athula Siriwardhane
Athula Siriwardhane
'හැමෝටම තියනවා' කියන්න බෑ...
ඔබ වගේ අයට තියනවා... Gayantha
 

Gayantha Vitharanage
Gayantha
කොහොමද? 

Athula Siriwardhane
Athula Siriwardhane .
හිසේ කැක්කුමක් වගේ
අප්රිය වේදනාවක් දැනෙන වෙලාවට
ඔබට දැනෙන සියල්ලටම
සංවේදීව ඉන්න අතරෙම
ඒ වේදනාවට ද්වේශ නොකර ඉන්න.
"වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,"
ඔබ පිළිපදින්නෙ මේ උපදෙසයි...

හිසේ කැක්කුම අඩු වෙන්න පටන් ගන්නවා...

හිසේ කැක්කුම ගැන තිබුණ හිතේ කැක්කුම
ඒ මොහොතෙම සමනය වෙලා ඉක්ම යනවා...
"සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
'එකම මාර්ගය' සතර සතිපට්ඨානයයි."

ඔබට ඒ ටික කරගන්න පුලුවනි නම්
"දුක් දොම්නස් අස්තංගත වීමට
'එකම මාර්ගය' සතර සතිපට්ඨානයයි."
මේ කතාව ඇත්ත කියලා
ඔබට දැන ගන්න පුලුවනි.

බැරි නම් 'ඔබ' දුර්වලයි...

කතාව ඇත්ත.

Gayantha Vitharanage
Gayantha 
ඔව්, එහෙම කරන්න පුලුවන් වුනා නම් කොච්චර දෙයක්ද

Athula Siriwardhane
Athula Siriwardhane 
මම කරනවා...
තව දුරටත් පුහුණුවෙනවා.

Athula Siriwardhane
Athula Siriwardhane 

Athula Siriwardhane
Athula Siriwardhane 
හිසේ කැක්කුමකදී විතරක් නෙවෙයි..
පුංචි දුකක් තරහකදී වුණත්
අදාළ කායික වේදනාවක් තියනවා.
ඒ වේදනාවටත් මේ විදියටම
සලකන්න පුලුවන්...

Athula SiriwardhaneAthula Siriwardhane .
ශ්රැතවත් ආර්ය ශ්රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
  • .--------------------------------------

  • 1, සත්වයාගේ විශුද්ධියට,
    2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
    3, දුක් දොම්නස් අස්තංගත වීමට
    4, ප්‍රඥාව ඉහළ යාමට
    5, නිවන සාක්ශාත් කිරීමට
    “එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

    කවර වූ සතරෙක්ද?

    ___මහණෙනි, යම් මහණෙක්,
    1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

    2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [කයෙහි වෙනස් වීම්]
    වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

    3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

    4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
    පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
    [සිතෙහි වෙනස්වීම්]
    දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි සල්ල සූත්‍රය
    ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
    1 සුව වේදනාවත් විඳියි.
    2 දුක් වේදනාවත් විඳියි.
    3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.
    මහණෙනි,
    ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
    1 සුව වේදනාවත් විඳියි.
    2 දුක් වේදනාවත් විඳියි.
    3 නොදුක් නොසුව වේදනාවත් විඳියි.

    මහණෙනි,
    එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
    ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
    වෙසෙස කිමෙක් ද?
    අදහස කවරේ ද?
    වෙනස කිමෙක්ද?

    මහණෙනි,
    අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
    දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
    ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
    ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
    හෙතෙමේ
    1, කායික වේදනාව ද
    2, චෙතසික වේදනාව ද යන
    වේදනා දෙකක් විඳී.
    මහණෙනි,
    ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
    දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
    ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
    ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
    හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
    චෙතසික වේදනාව නො විඳියි. .

    මුගලන් මහ රහතන් වහන්සේගේ
    කයෙහි ඇට කුඩු වෙනතුරු
    ජීවත්විය නොහැකි තරමට
    සොරුන්ගෙන් පහර කෑවද
    ශෝක නො කළෙහිය. ක්ලාන්ත නො විණ.
    නො වැලපුණෙහිය. ළෙහි පැහැර නො හැඬීය.
    මුළාවට නො පැමිණෙහිය.
    කායික වූ එක් වේදනාවක් වින්දා පමණි.
    චෙතසික වේදනාව වින්දේ නැත..,