20150925

සේයා සදෙව්මි, මාධ්‍ය කරුවෝ සහ දෙමව්පියෝ.



අප ජීවත්වෙන රටේ වෙසෙන වැසියන්
අතර කවර ආකාරයේ ම්ලේච්ඡයන් සිටිනවාද,
ඔවුන්ට අපරාධයක් කිරීම කොතරම් පහසුද යන්න
මේ දෙමව්පියන් නොදන්නාකමත්
ඒ අනුව නිවසේ අනාරක්ෂිතව ජීවත් වීමත්
මේ අනතුරට ප්‍රධාන හේතුව බව
අපරාධකරුගේ ප්‍රකාශයෙන්
පැහැදිලි වෙනවා.

“මම දරුවාගේ ගෙට ඇතුළු වුණෙත් ඉස්සරහින්. පස්සේ දරුවව අරගෙන එළියට ගියෙත් ඉස්සරහ දොරෙන්. මගදී දරුවා නැගිටලා අඬන්න ගත්ත නිසා දරුවාගේ උඩ ඇඳුම ගලවලා බෙල්ලට තියලා තද කළා. ඊට පස්සේ දරුවා කිසිම ශබ්දයක් කළේ නැහැ” යැයි කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත රහස් ‍පොලිසිය හමුවේ පා‍පෝච්චාරණය කරමින් පවසා ඇත.
කවුලුවත් හැරදමා, දොරත් හැර තිබියදීත්
සේයා නිවසේ සිටිනවාදැයි සොයන්නට ඔවුන් නොපෙළඹුණේ
අද සමාජය පවතින තැන ගැන
ඔවුන්ට ඇති නොසැලකිල්ල නිසා නොවේද?

සේයාගේ දෙමව්පියන්
මෝහයෙන් පසුවෙන දෙදෙනෙක් බව
ඔවුන්ගේ අසාමාන්‍ය හැසිරීමෙන් වැටහුණා.

මේ හැසිරීම සැසඳිය යුත්තේ
තමන්ගේ නැගණිය දූෂණය කොට මැරූ
සිවු දෙනෙකුට පුද්ගලිකව මරණ දඬුවම දුන්
සුමතිපාලගේ පුවත සමගයි.

ඔවුන් සේයාගේ මරණයෙන් පසුවත්
බොහෝ අවස්ථාවල හැසිරුණේ
හැඟීමෙන් තොරවයි.
මළගෙදරට පැමිණි පිටස්තර අය හඬද්දී
ඔවුන් කතා කළේ හැඟීමකින් තොරවයි.
බොහෝ දෙනෙක් ඔවුන්ගේ නරුම හැසිරීමෙන්
කම්පාවට පත් වුණා.
මේ ස්වභාවය ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවය බව
අපරාධකරුගේ ප්‍රකාශයෙන් සහ
රාත්‍රියේ සේයා ගැන සැලකිලිමත් නොවීමෙන්
වැටහෙනවා.

දැරිය අම්මේ අම්මේ යැයි කියමින් දැඟලීමට පටන් ගත් නිසා දරුවාගේ කටතද කර වඩාගෙන නිවසේ ඉදිරිපස දොරටුවෙන්ම කැලයට රැගෙන ගොස් අතවර කර මරා දැමූ බව සැකකරු පවසා තිබෙනවා.
නිවසෙන් පිටතට රැගෙන යන මගදී දරුවා යළිත් ඇහැරී කෑ ගැසීම නිසා දැරිය ඇඳ සිටි බැනියම ගලවා බෙල්ලට දමා තද කළ බවත්, එවිට දැරිය කෑ නොගැසූ බවත්, ඔහු පවසා තිබෙනවා. දරුවා ඒ වෙලාවේ මැරෙන්නට ඇතැයි සැක කළ බවත්, අතවර කිරීමෙන් පසුවද යළිත් එම පටිය තද කර කැලයට දමා සහෝදරියගේ නිවසට නොගොස් ගම්පහ ගෙදරට ගිය බවත්, ඔහු පවසා තිබෙනවා.
එසේම පසුවදා උදේ සේයාගේ අතුරුදන්වීම සොයන්නට ගත් අවස්ථාවේදී අයියා “උඹ මොකද බයවෙලා” කියා මගෙන් අහන්න ගත් බවත්, එවිට දරුවා දූෂණය කර විසිකර ඇලට දමා ආවේ මම බවත්, කාටවත් හරි කිවුවොත් උඹ මරනවා කියා අයියාට තර්ජනය කර එම ගමෙන් පිටවී කැලෑවැදී තැන් තැන්වල ජිවත් වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

මේ අපරාධය මුල සිටම
සවිස්තරව වාර්තා කළ මාධ්‍ය වලට
අප ස්තූතිවන්ත විය යුතුයි.

උපන්දා සිට මැරෙන තුරු
තමන් ජීවත්වෙන රටේ
සිදුවෙන්නෙ මොනවාද කියා
සමස්ත ජනතාවම දැනගත යුතුයි.
ඔවුන්ට වැරැද්දට ලක්වෙන්නාටත්
වරදට පෙළඹෙන්නාත්, වරද කරන්නත් ගැන
නියම ආකාරයෙන් දැනගන්න ලැබෙන්නෙ
ඒ මගිනුයි.

මෙවන් සිදුවීමක් මින්පෙර සිදුවී තිබුණා නම්
මේ දෙමව්පියන් දැනුවත්වී තිබුණා නම්
සේයා සදෙව්මිගේ දිවි ගැලවෙන්න තිබුණා.

තවත් සේයා සදෙව්මිලා රැසකගේ දෙමාපියන්
මේ සිදුවීමෙන් ලද කම්පනයෙන් තැති ගෙන
ඔවුන් පසුවෙන නින්දෙන් අවදිවෙන්න ඇති. 
 ==============================================
තොරතුරු අන්තර්ජාලයෙන්.