ප්‍රඥාව පහළ නොවෙන
කිසිදු ඉගැන්වීමක් සම්පූර්ණ නෑ.
බුදු දහම දිහා වුණත් තර්කයෙන් බලන කෙනෙකුට
බුදු දහම තුළින් ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙන්නෙ
බුදු දහමට අනුව විදසුන් වැඩීමෙන්.
ප්‍රඥාව කියන්නෙ
යමක් ගැන අසා කියවා දැන ගැනීම නොවෙයි.
ඒ ගැන සිතමින් තර්ක කරමින්
න්‍යාය ගොඩ නැගීම නොවෙයි.
විඳින කෙනෙක් ඒ පිළිබඳව දන්න ප්‍රමාණය
ඔහුගෙ ප්‍රඥාවයි.
මත්පැන් බොන හැම කෙනෙක්ම
මත්පැන් ගැන හොඳින් දන්නවා.
කායික සහ මානසික සෞඛ්‍යයටත්
තමන්ගෙ පවුලටත්, ආර්ථිකයටත්
සමාජයක සාමාජිකයෙක් විදියටත්
මත්පැන් නරක බව තර්කයෙන් දන්නවා.
මත්පැන් බොන කෙනෙක්
තමන්ගෙ කුඩා දරුවන්ට මත්පැන් දෙන්නෙ නෑ.
ඒත්
මත්පැන් වලින් ලබන වින්දනය
ඉන් තාවකාලිකව ලබන සුවය
මානසිකව ලබන නිදහස ආදිය පමණක්
දකින නිසා මත්පැනට ගිජු වෙනවා.
මත්පැනට ගිජු කෙනෙකුට
සමස්ත මැණික පෙනෙන්නෙ නෑ.
ඔහු දකින්නෙ ඔහු කැමති වර්ණ කිහිපයක් විතරයි.
ඒ වර්ණ කිහිපය දකින්නා
මහා දැනුම් සම්භාරයක් රැස්කරගත්
උගත් විද්වත් බුද්ධිමතෙක් වෙන්න පුලුවන්.
ඒත් ප්‍රඥාව පහළ වෙනතුරු
ඔහු මත්පැනෙහි වහලෙක්.
විඳ පසක් කිරීම කියන්නෙ
අත්දැකීමෙ එක කොටසක් දැකීම නොවෙයි.
සමස්ත අත්දැකීම විඳ පසක් කිරීමයි.
අත්දැකීමෙ තමන් කැමති හෝ අකමැති කොටසට
රාගයෙන් හෝ ද්වේශයෙන් තොරව
යමක් සිහියෙන් විඳින කෙනෙකුට
ඉහළම ප්‍රඥාව පහළ වෙනවා.
මත්පැන් බොන කෙනෙක්
මත්පැන් පානයට ඇබ්බැහිවී සිටිද්දි
ඉන් මිදෙන්න හිතාගන්නෙ
යම් ප්‍රඥාවක් පහළ වීමෙන්.
ඒ අරමුණෙන් විදසුන් වඩන්නෙක්
විදසුන් පුහුණුවෙන් පසුව මත්පැනෙන් වළකින්නෙ
ඔහු තුළ ප්‍රඥාව පහළ වෙන නිසයි.
අත්දැකීමෙ තමන් කැමති හෝ අකමැති කොටසට
රාගයෙන් හෝ ද්වේශයෙන් තොරව
යමක් සිහියෙන් විඳින කෙනෙකුට
ඉහළම ප්‍රඥාව පහළ වෙනවා.
මත්පැන් බොන කෙනෙක්
මත්පැන් පානය කිරීමෙ ''ආස්වාදය''
එහි ''ආදීනව'' කියන දෙකම
විඳ පසක් කරන විට
නිරායාසයෙන්ම
මත්පැනට ඇති ගිජු බවෙන් මිදෙනවා.
ඔහු ''නිස්සරණය'' පසක් කරනවා.
ඔහු මත්පැන් බීම නවත්වන්නෙ
මත්පැන් පිළිබඳ ප්‍රඥාව පහළ වුණාමයි.
''නිස්සරණය'' පසක් කරන ඔහුට
මත්පැන් පානයෙන් වළකින්න
සිල් සමාදන් වෙන්න අවශ්‍ය නෑ.
ඔහුට මත්පැන් පොවන්න
කිසිම තර්කයකට බැහැ.
කිසිදු ඉගැන්වීමක් සම්පූර්ණ නෑ.
බුදු දහම දිහා වුණත් තර්කයෙන් බලන කෙනෙකුට
බුදු දහම තුළින් ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ.
ප්‍රඥාව පහළ වෙන්නෙ
බුදු දහමට අනුව විදසුන් වැඩීමෙන්.
ප්‍රඥාව කියන්නෙ
යමක් ගැන අසා කියවා දැන ගැනීම නොවෙයි.
ඒ ගැන සිතමින් තර්ක කරමින්
න්‍යාය ගොඩ නැගීම නොවෙයි.
විඳින කෙනෙක් ඒ පිළිබඳව දන්න ප්‍රමාණය
ඔහුගෙ ප්‍රඥාවයි.
මත්පැන් බොන හැම කෙනෙක්ම
මත්පැන් ගැන හොඳින් දන්නවා.
කායික සහ මානසික සෞඛ්‍යයටත්
තමන්ගෙ පවුලටත්, ආර්ථිකයටත්
සමාජයක සාමාජිකයෙක් විදියටත්
මත්පැන් නරක බව තර්කයෙන් දන්නවා.
මත්පැන් බොන කෙනෙක්
තමන්ගෙ කුඩා දරුවන්ට මත්පැන් දෙන්නෙ නෑ.
ඒත්
මත්පැන් වලින් ලබන වින්දනය
ඉන් තාවකාලිකව ලබන සුවය
මානසිකව ලබන නිදහස ආදිය පමණක්
දකින නිසා මත්පැනට ගිජු වෙනවා.
මත්පැනට ගිජු කෙනෙකුට
සමස්ත මැණික පෙනෙන්නෙ නෑ.
ඔහු දකින්නෙ ඔහු කැමති වර්ණ කිහිපයක් විතරයි.
ඒ වර්ණ කිහිපය දකින්නා
මහා දැනුම් සම්භාරයක් රැස්කරගත්
උගත් විද්වත් බුද්ධිමතෙක් වෙන්න පුලුවන්.
ඒත් ප්‍රඥාව පහළ වෙනතුරු
ඔහු මත්පැනෙහි වහලෙක්.
විඳ පසක් කිරීම කියන්නෙ
අත්දැකීමෙ එක කොටසක් දැකීම නොවෙයි.
සමස්ත අත්දැකීම විඳ පසක් කිරීමයි.
අත්දැකීමෙ තමන් කැමති හෝ අකමැති කොටසට
රාගයෙන් හෝ ද්වේශයෙන් තොරව
යමක් සිහියෙන් විඳින කෙනෙකුට
ඉහළම ප්‍රඥාව පහළ වෙනවා.
මත්පැන් බොන කෙනෙක්
මත්පැන් පානයට ඇබ්බැහිවී සිටිද්දි
ඉන් මිදෙන්න හිතාගන්නෙ
යම් ප්‍රඥාවක් පහළ වීමෙන්.
ඒ අරමුණෙන් විදසුන් වඩන්නෙක්
විදසුන් පුහුණුවෙන් පසුව මත්පැනෙන් වළකින්නෙ
ඔහු තුළ ප්‍රඥාව පහළ වෙන නිසයි.
අත්දැකීමෙ තමන් කැමති හෝ අකමැති කොටසට
රාගයෙන් හෝ ද්වේශයෙන් තොරව
යමක් සිහියෙන් විඳින කෙනෙකුට
ඉහළම ප්‍රඥාව පහළ වෙනවා.
මත්පැන් බොන කෙනෙක්
මත්පැන් පානය කිරීමෙ ''ආස්වාදය''
එහි ''ආදීනව'' කියන දෙකම
විඳ පසක් කරන විට
නිරායාසයෙන්ම
මත්පැනට ඇති ගිජු බවෙන් මිදෙනවා.
ඔහු ''නිස්සරණය'' පසක් කරනවා.
ඔහු මත්පැන් බීම නවත්වන්නෙ
මත්පැන් පිළිබඳ ප්‍රඥාව පහළ වුණාමයි.
''නිස්සරණය'' පසක් කරන ඔහුට
මත්පැන් පානයෙන් වළකින්න
සිල් සමාදන් වෙන්න අවශ්‍ය නෑ.
ඔහුට මත්පැන් පොවන්න
කිසිම තර්කයකට බැහැ.