20150331

කම් සුවයෙහි නොඇලී කම් සුව විඳිය හැකිද?



[[[ ඔබ රතිසුව විඳින්නේ නොඇලීද ?]]]

රති සුවය පමණක් නොව ඕනෑම කාමයක් විඳින විට
එහි නොඇලී වෙසෙන්නට බුදු දහමෙහි ක්‍රම 3ක් තියනවා.

අවම වශයෙන් දස දෙනෙක් ඉල්ලා සිටියහොත්
ශක්තිප්‍රමාණයෙන් පරිවර්තනය කර පළ කරනවා.

============================================
පළමු ක්‍රමය
සුඛං වෙදනං වෙදියමානො
‘සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති.

සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො
‘සාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති,

ඉති අජ්‌ඣත්‌තං වා වෙදනාසු වෙදනානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා වෙදනාසු වෙදනානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා වෙදනාසු වෙදනානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා වෙදනාසු විහරති,
වයධම්‌මානුපස්‌සී වා වෙදනාසු විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා වෙදනාසු විහරති.
‘අත්‍ථි වෙදනා’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති

යාවදෙව
ඤාණමත්‌තාය
පටිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු වෙදනාසු වෙදනානුපස්‌සී විහරති.

දෙවෙනි ක්‍රමය
 සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති,
වීතරාගං වා චිත්‌තං වීතරාගං චිත්‌තන්‌ති පජානාති.
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.

සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,

යාවදෙව
ඤාණමත්‌තාය
පතිස්‌සතිමත්‌තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.

තෙවෙනි ක්‍රමය
 සන්‌තං වා අජ්‌ඣත්‌තං කාමච්‌ඡන්‍දං
‘අත්‍ථි මෙ අජ්‌ඣත්‌තං කාමච්ඡන්‍දො’ති පජානාති,
අසන්‌තං වා අජ්‌ඣත්‌තං කාමච්‌ඡන්‍දං
‘නත්‍ථි මෙ අජ්‌ඣත්‌තං කාමච්ඡන්‍දො’ති පජානාති,
යථා ච අනුප්‌පන්‌නස්‌ස කාමච්‌ඡන්‍දස්ස උප්‌පාදො හොති තඤ්‌ච පජානාති,
යථා ච උප්‌පන්‌නස්‌ස කාමච්‌ඡන්‍දස්ස පහානං හොති තඤ්‌ච පජානාති,
යථා ච පහීනස්‌ස කාමච්‌ඡන්‍දස්ස ආයතිං අනුප්‌පාදො හොති තඤ්‌ච පජානාති.

ඉති අජ්‌ඣත්‌තං වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති,
සමුදයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති,
වයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා ධම්‌මෙසු විහරති
‘අත්‍ථි ධම්‌මා’ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,

යාවදෙව
ඤාණමත්‌තාය
පතිස්‌සතිමත්‌තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
පඤ්‌චසු නීවරණෙසු.

20150330

සුව අසපුවක මරණය



http://www.divaina.com/2015/03/29/nimna01.html



                    මරණයේ සෙවණැලි මත ජීවත් වූ රජරට වකුගඩු රෝගීන්ට ජීවන හුස්‌ම පොදක්‌ වැටුණේ මැදවච්චියේ දේශීය වකුගඩු සායනය ආරම්භ කිරීමත් සමගය. පසුගිය වසරේ ආගොස්‌තු මස 12 වැනිදා පර්යේෂණාත්මක මට්‌ටමින් ආරම්භ වූ මෙම වකුගඩු සායනයට අදට මාස හතක්‌ සම්පූර්ණ වී අවසානය. මෙම සායනයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගීන් විශාල පිරිසක්‌ මේ වන විටත් සුවපත් වී සිටින බව එහි ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීහු අපට පැවසූහ. එමෙන්ම නැඟිට ගැනීමටවත් වාරු නැතිව සිටි තවත් එවැනිම වකුගඩු රෝගීන් පිරිසකට කැත්ත, උදැල්ල සමග හරඹ කර ගොවිතැන් බත් කරගැනීමට හැකි තත්වයට රෝගය පාලනය වී ඇති බවත් ඔවුහු පැවසූහ.
                    පෙළ ගැසෙන කතාව අනුව සැබැවින්ම මැදවච්චි වකුගඩු සායනය විශ්මකර්ම සුව අසපුවකි. එහෙත් වකුගඩු රෝගීන් කියන ආකාරයට එහි ගෞරවය හිමි විය යුත්තේ එම සායනයේ කටයුතු කළ ප්‍රධාන වෛද්‍යවරිය වූ උත්පලා පෙරේරා මහත්මියටය. මන්ද වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ ප්‍රත්‍යක්‌ෂ ඖෂධ වට්‌ටෝරුව තිබී ඇත්තේ වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය ළඟය. එසේ නම් ඒ සුව අසපුවේ පහන දැන් නිවී ගොස්‌ය. රජරට වකුගඩු රෝගීන්ගේ මරණ ලියෑවිලි නැවතත් අලුත් වන ලකුණු පහළ වී ඇති සේය. මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කළ උත්පලා පෙරේරා මහත්මිය දැන් නාවින්න ආයුර්වේද රෝහලට පමණක්‌ සීමා වී ඇත. මේ තත්ත්වය මත රජරට වකුගඩු රෝගීන්ට අත්ව ඇති ඉරණම ගැන අපට විස්‌තර කරන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ නිලධාරීන්ය. මේ ඔවුන් කියන කතාවය.
                    ''මැදවච්චිය දේශීය වකුගඩු සායනය භාරව කටයුතු කළේ දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය. එතුමිය තමයි වකුගඩු රෝගය සුව කරන ඖෂධ සොයාගෙන තිබුණේ. දේශීය වෛද්‍ය ගමගේ, සහ තවත් දේශීය වෛද්‍යවරු දෙදෙනෙක්‌ මේ වකුගඩු වෙදකමට සම්බන්ධ කරගෙන තමයි එතුමිය සායනය පවත්වාගෙන ගියේ. එතුමිය කාලයක්‌ වකුගඩු රෝගය ගැන පරීක්‍ෂණ කරලා මේ බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන තියෙන්නෙ. මැදවච්චියේ වකුගඩු සායනය පටන් ගත්තට පස්‌සේ දවසින් දවස සායනයට එන රෝගීන් වැඩි වුණා. ඒ වගේම ප්‍රතිකාර ලබාගන්න රෝගීන් හිමීට සුව වෙන්න පටන් ගත්තා. පහුගිය කාලේ වෙනකොට වකුගඩු සායනයේ රෝගීන් දෙදහසකට වැඩියෙන් ලියාපදිංචි වෙලා තිබුණා. බ්‍රහස්‌පතින්දා, සිකුරාදා දවස්‌ දෙකේ සායනය පැවැත්වුණා. එක දවසකට රෝගීන් පන්සීයකට වැඩියි. මමත් වකුගඩු රෝගියෙක්‌...''
                    මැදවච්චිය දේශීය වකුගඩු සායනට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ එකමුතුවෙන් 'මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානය' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඇත. එකී සංවිධානයේ නිලධාරීන් ඇතුළු සියලුම සමාජිකයන් ද වකුගඩු රෝගීන්ය. දැන් අප සමග කතා කරමින් සිටින්නේ ඒ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන ඒ. කරුණාතිලකය.
''බටහිර වෛද්‍යවරු මට කිව්වා රුධිරය කාන්දුකරණයට යන්න කියලා. මම ඒකට යන්නේ නැතුව මෙතැනට ආවා. සායනය පටන්ගත්ත දවසෙ ඉඳල මම මෙතැනින් බෙහෙත් බොනවා. මට දැන් 80% විතර සනීපයි. හොඳට වැඩපළ කරගෙන යන්න පුළුවන්. මට වගේම මෙතැනින් බෙහෙත් ගන්න හැම රෝගියෙක්‌ම සුව පැත්තට හැරිලා තියෙන්නේ. එහෙම තියෙද්දී තමයි මේ ඖෂධ වට්‌ටෝරුව හොයාගත්ත උත්පලා පෙරේරා වෛද්‍යවරිය සායනට එන්නේ නැතුව ගියේ. උත්පලා වෛද්‍යවරිය සායන පටන් ගෙන ප්‍රතිකාර කරගෙන යනකොට දවසින් දවස රෝගීන් සුව වෙන්න පටන් ගත්තා. සමහර වෛද්‍යවරුන්ට වගේම සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඒ අය මේ සායනය පටන් ගත්ත දවසේ ඉඳලා අංචි ඇද්දා. අන්තිමේ සායනය පටන් ගෙන මාස හයක්‌ යන්න මත්තෙන් කුමන්ත්‍රණකාරයො දිනුවා. අපි ජීවිතයෙන් පරදුනා...'
                    මේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ ලේකම් කියන කතාවය.
ඉංග්‍රීසි බෙහෙත් කරලා මම ඇඳට වැටුණා. අන්තිමටම තමයි මේ සායනයට ආවේ. මම දැන් සිංහල බෙහෙත් බොන්න පටන් අරන් මාස හතරක්‌ විතර වෙනවා. දැන් මට හොඳටම සනීපයි. කුඹුරු කොටන්නත් පුළුවන්. උත්පලා මැඩම් අපිට දෙන්නේ අත්දුටු බෙහෙත් වට්‌ටොරුවක්‌. බටහිර වෛද්‍යවරුන්ට කරන්න බැරි දෙයක්‌ සිංහල වෛද්‍යවරියක්‌ කරනකොට බටහිර වෛද්‍ය විද්‍යාවට ඒක මදි පුංචිකමක්‌. ඒ නිසා තමයි උත්පලා මැඩම්ගේ කකුළෙන් අදින්න පටන් ගත්තේ. කවුරු කළත් මේක ජාතික අපරාධයක්‌. මේ සායනයට බෙහෙත් ගන්න එන අය දුප්පත් අහිංසක මිනිස්‌සු. සතියේa දවස්‌ දෙකකට වරක්‌ ලේ කාන්දු කරන්න වියදම් කරන්න අපිට සල්ලි නෑ. මේ සායනයෙන් ප්‍රතිකාර ගන්න අපිට රුපියලක්‌වත් වියදම් වෙන්නේ නෑ. ඇයි අපිට මෙහෙම කරන්නේ. අපි ජීවත් වෙලා ඉන්නවට සෞඛ්‍ය නිලධාරීන් කැමති නැද්ද...
                    බටහිර වෛද්‍ය ක්‍රමයේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විධි තුනක්‌ තියෙනවා. පළමුවෙන්ම පෙති දෙනවා. රෝගය මෝරපුවම රුධිර කාන්දුකරණය කරනවා. රෝගියාගේ ස්‌භාවය අනුව දින දෙකකට, තුනකට, හතරකට වරක්‌ රුධිර කාන්දුකරණය කරන්න ඕනා. ඒකත් අසාර්ථක වුණහම වගුකඩු බද්ධයට යනවා. ඒ කිසිම ප්‍රතිකාරයකට ඔරොත්තු දෙන්න නැතිව ගියහම රෝගියා මැරෙනවා. මැදවච්චිය දේශීය වකුගඩු සායනය පටන් ගෙන දැන් මාස හයයි. ඒ මාස හයට ප්‍රතිකාර ගත්ත කිසිම රෝගියෙක්‌ මිය ගියේ නෑ. ප්‍රතිකාර ගත්ත හුඟ දෙනෙක්‌ දැන් නිට්‌ටාවටම සුව වෙලා. ඒත් මේ ඇත්ත කතාව බලධාරීන් දන්නේ නෑ. වගකිවයුතු වෛද්‍යවරු රජයට අවබෝධ කරලා දෙන්නේ වකුගඩු රෝගයට තියෙන එකම ප්‍රතිකාර ක්‍රමය රුධිර කාන්දුකරණය විතරයි කියලා. ඒක අසාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌. අපි මේ කතා කරන්නේ අත්දැකීමෙන්. කොච්චර රුධිර කාන්දුකරණය කළත් රෝගියා වසර දෙක තුනක්‌ යනකොට මැරෙනවා. සිංහල වෙදකමේ එහෙම නෙමෙයි ඒකාන්තයෙන්ම රෝගියා සනීප වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අපි කියන දේ පිළිගන්න බැරි නම් ජාතියට ආදරය කරන වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දැනුම් තේරුම් ඇති අයගෙන් මේ ගැන අහලා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා...''
                    වෙඩිතිබ්බගල, පූනෑවේ ඇම්. කීර්තිරත්නගේ පවුලේ සියලුම දෙනා වකුගඩු රෝගීන්ය. සත් දෙනකුගෙන් යුත් පවුලේ මව සහ වැඩිමහල් සහෝදරයා දැනටමත් වකුගඩු මරයා ඩැහැගෙන අවසානය. ඉතිරිව සිටින අනෙකුත් සාමාජිකයන් පස්‌ දෙනාම මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලැබ වැසුණු ජීවන දොරටු නැවත විවෘත කරගෙන සිටින්නාහ.
''අපෙත් මරණ වරෙන්තු ලියෑවිලයි තිබුණේ. ඒ අතරේ තමයි මේ සායනය ගැන දැන ගන්න ලැබුණේ. පස්‌සේ අපි ඉංග්‍රීසි බෙහෙත් අතහැරලා සිංහල බෙහෙත් බොන්න පටන් ගත්තා. දැන් අපිට 90% ක්‌ සුවයි. ඇදෙන් නැඟිටගන්න බැරිව හිටපු මට දැන් වැඩ කරන්නත් පුළුවන්. මේ කන්නයේ කුඹුරු අක්‌කර දෙකක්‌ වැඩ කළා. බඩ ඉරිගු හේනක්‌ හැදුවා. වෛද්‍යවරිය එන්නේ නැති නිසා දැන් අපිට ප්‍රතිකාර ගන්න විදිහක්‌ නෑ. දැන් සායනයට එන වෛද්‍යවරු හරියට වෙදකම කරන්න දන්නෙත් නෑ...''
                    මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටි තවත් රෝගීන් විශාල පිරිසක්‌ අප සමග කතා කළහ. ඔවුන්ගේ ජීවිත ආඳෝනාව සටහන් කිරීමට මේ පත්ඉරුව ප්‍රමාණවත් නැති තරම්ය. ඒ තරමටම රෝගීන්ගේ කඳුළු කතා දිගය. අසා සිටීමට නොහැකි තරමට දුක්‌බරය. එහෙත් ඒ සියලු දෙනා කියන කතාවල හරය එකය. එනම් මැදවච්චිය දේශීය වකුගඩු සායනයට පැමිණි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට නොඑන තැනට වැඩ සැලැස්‌වීම රෝගීන්ගේ මිනීවළ කැපීමක්‌ වැනිය. වකුගඩු රෝගීන් කියන කතාවෙන් පැහැදිළි වන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට ද ආදළ සෞඛ්‍ය අංශවලින් බරපතළ ආසාධාරණයක්‌ සිදු කර ඇති බවය. එහෙයින් අපි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සමග ද ආදළ ගැටලුව සම්බන්ධයෙන් කතා කළෙමු. මේ ඇය කියන කතාවය.
''වකුගඩු සායන ව්‍යාපෘතිය කඩාකප්පල් වුණේ පරිපාලන නිල ධාරීන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසයි. මේක පටන් ගත්ත දවසෙ ඉඳලා මේකට අකුල් හෙළන අය හිටියා. මැරෙන්න යන මිනිසුන්ව බේරගන්න අපි කැමතියි. ඒත් අපිට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ඊට වඩා යමක්‌ ප්‍රකාශ කරන්න මට බෑ...''
                    වකුගඩු රෝගීන් සහ අසාධාරණයට ලක්‌ව සිටින වෛද්‍යවරියත් චෝදනා ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් වෙතටය. එහෙයින් මේ ගැටලුව සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය කොමසාරිස්‌වරයා දරන මතය ගැන ද දැන ගැනීම සඳහා අපි පාලිත කොහොන මහතාට කතා කළෙමු. මේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ දැනට මොකද වෙන්නේ...
                    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරගෙන යනවා.
එහි ප්‍රතිකාර ලබන රෝගීන් කියන්නේ සායනයේ ප්‍රතිකාර කරමින් සිටි උත්පලා පෙරේරා වෛද්‍යවරිය ප්‍රතිකාර ලබාදුන්නේ පර්යේෂණ මට්‌ටමින් ඇය විසින්ම සොයාගත් බෙහෙත් වට්‌ටෝරුවකට කියලයි...?
                    එහෙම දෙයක්‌ නෑ. ඇයත් කළේ ආයුර්වේද වෙදකම.
දැන් වකුගඩු සායනට සහභාගි වෙන වෛද්‍යවරුන් වකුගඩු රෝගය සම්බන්ධයෙන් සහ ආදළ වෙදකම ගැන පළපුරුදු වෛද්‍යවරුද...?
                    ඔව්... රජයේ උපාධිධාරී දේශීය වෛද්‍යවරුන්.
වෛද්‍ය උත්පලා පෙරේරාගෙන් දැන් වැඩක්‌ ගන්නවද...?
                    ඔව්... නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරියක්‌ ලෙස රාජකාරි කරනවා.
                    උත්පලා පෙරේරා මහත්මිය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සේවයේ නිරතව සිටියදී, වසර තුනකට වැඩි කාලයක්‌ වකුගඩු රෝගය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම සිංහල බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන ඇත. පර්යේෂණ කටයුතු කරගෙන යැමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ද ඇයට විවිධාකරයෙන් සහයෝගය ලබාදී ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මිලියන ගණනක ව්‍යාපෘතියක්‌ ලෙස වකුගඩු රෝගයෙන් පීඩා විඳින පළාත්වල වගුකඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වකුගඩු සායන තුනක්‌ ආරම්භ කළහ. එනම් කුරුණෑගල, මැදවච්චිය සහ නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේය. එහෙත් මේ වකුගඩු සායනයන් ආරම්භ කළ දිනයේ සිට බටහිර වෛද්‍ය හස්‌තය සහ එයින් යෑපෙන ඇතැම් සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් මේ සායනවලට අකුල් හෙලූහ. ආණ්‌ඩුව වෙනස්‌ වුවද දේශීය වකුගඩු සායන කෙරෙහි දක්‌වන කෙණහිලිකම් අබමල් රේණුවක්‌ තරම්වත් අඩු වුයේ නැත. සායනවලට සහභාගි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ටිකවත් ලබාදී නැත. එමෙන්ම සායනයට සහභාගි වන වෛද්‍යවරුන්ට විවිධ පුද්ගලයන්ගෙන් මරණ තර්ජන පවා පැමිණි අවස්‌ථා තිබිණි. මරණයට කැප වුණු මිනිසුන්ට ජීවන හුස්‌ම පොවන සිංහල බෙහෙත ජාතිය කම්බස්‌ කිරීමට බලා සිටින උන්ට වස විය. සියල්ල පෙළ ගැසුණේ සායන නතර කරන තැනටය. සායනවලට සහභාගි වූ වෛද්‍යවරු ඔවුන්ට පැමිණි ගැටලු සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ආදළ බලධාරීන් දැනුවත් කළ ද එයින් ද සාධාරණයක්‌ නොවූහ. අවසානයේ දේශීය වකුගඩු සායනවලට සහභාගි වෙමින් සිටි දේශීය වෛද්‍යවරු සායනවලට සහභාගි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිතව දැනුම් දුන්හ.                     අමාත්‍යාංශ බලධාරීහු ඒ ලිපිය සතුටින් භාර ගත්හ. උත්පලා පෙරේරා දේශීය වෛද්‍යවරිය නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණා ආයතනයට කොටු විය. මැදවච්චියේ සායනයට වෙනත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ පිටත් කර හැරිණි.
                    දේශීය වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් පහසුවෙන් අඩු පිරිවැයකින් වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාදීමට හැකි බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි. එවැනි වෛද්‍ය ප්‍රතිකාර තිබියදී කොමිස්‌වලට තියෙන කෑදරකමට දිගට හරහට රුධිර කාන්දුකරණ යන්ත්‍ර පිටරටවලින් ආනයනය කරමින් සිටින්නේය. මේ එක යන්ත්‍රයක්‌ ලක්‍ෂ විස්‌සකට වැඩිය. මැදවච්චිය, පදවිය, අරලගන්විල, බකමූණ, කැබිතිගොල්ලෑව යන මධ්‍යස්‌ථානවලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ලබාදෙන්න මේ වන විට සූදානම්ය. රෝගීන් කියන විදිහට මේ රුධිර කාන්දුකරණය තාවකාලික පැළස්‌තරයක්‌ පමණි. වකුගඩු මරයාට අභියෝග කිරීමට රුධිර කාන්දුකරණය සමතෙක්‌ නොවේ.
                    ලෝක සත්වයාට මරණය පොදු බව සැබෑය. එහෙත් බොහෝ මිනිසුන් දවසක්‌ හෝ වැඩියෙන් ජීවත්වීමට කැමතිය. මරණය ලියෑවුණු වකුගඩු රෝගීන් වුවද මොහොතක්‌ හෝ ජීවත්වීමට ආසය. ඔවුන් අපට මේ කියන්නේ ද නැති වී යන ජීවන හුස්‌ම පොද ලබා දෙන්න කියාය. එකී අසරණ වකුගඩු රෝගීන් ඉදිරියේ ඇතැම් සෞඛ්‍ය බලධාරීහු පැණි කන්නාහ.


එප්පාවල රත්න බී ඒකනායක
තරංග රත්නවීර

20150328

අව්ව, වැස්ස සහ දුකෙන් මිදෙන මග


 
එකමත් එක රටක මිනිසුන්
අව්වෙන් සහ වැස්සෙන් පීඩා වින්දා.
මේ දුකෙන් මිනිස්සු මුදවා ගන්නට සිතූ මිනිසෙක්
අව්වෙන් සහ වැස්සෙන් මිදීමට ක්‍රමයක්
සොයන්නට පටන් ගත්තා.

අව්ව ඇතිවිට සහ වැස්ස වහින විට
ගමන් බිමන් නොයන මෙන්ද,
සෙවණක් සොයාගෙන සමාහිත සිතින් ඉන්නා මෙන්ද,
එකල සිටි නුවණැත්තෝ ඔහුට ඉගැන්නුවා.
ඔහු ඒ උපදෙස් මනාව ක්‍රියාත්මක කළ නමුදු
ප්‍රතිඵල වලින් තෘප්තිමත් වුණේ නෑ.

ඔහු අව්වෙන් වැස්සෙන් පීඩා විඳින
බොහෝ වේලාවල් වලදී
ඔහු අසල සෙවණක් තිබුණේ නෑ
තවත් අවස්ථාවල
සෙවණ සොයා ගන්නා ව්ට
ඔහු ඕනෑවටත් වඩා දුක් විඳලා තිබුණා.

ඔහු සෙවණට වී දුක් නොවිඳ සිටින විට
මේ සෙවණ තැන තැන රැගෙන යා හැකි නම්
ගැටළුව විසඳෙන බව ඔහු දැන ගත්තා.

මේ අරමුණ පෙරදැරි කරගෙන
දුක් විඳින අවස්ථාවේදීම
මොහොතෙන් මොහොතටම
තමාට තමා සෙවණක් වී
දුකෙන් මිදෙන ක්‍රමය
ඔහු සොයා ගත්තා.

ඉන් පෙර ඔහු දන්නා අතීතය තුළ
කිසිවෙක් ඒ ක්‍රමය දැන සිටියේ නැහැ.

ඔහු දුක දැක්කා.
දුකට හේතුව හොයා ගත්තා.
දුකෙන් මිදෙන මග සොයා ගත්තා.
දුකෙන් මිදුණා.

ඉන් පසු මිනිසා කෙරෙහි කරුණාවෙන්
ගම් දනව් සැරි සරමින්
අව්ව ගැනත් වැස්ස ගැනත්
දුක ගැනත් දුකට හේතුවත්
දුකෙන් මිදෙන හැටිත් කියා දුන්නා.

පළමුව අව්වත් වැස්සත් ඇතිවිට
ගමන් බිමන් නොගොස් ආරක්ෂා වෙන්නට
අවශ්‍ය ශීලය, සංවරය ඔහු කියා දුන්නා.

දෙවනුව
අව්ව සහ වැස්ස ඇතිවිට
ගමන් බිමන් නවතා සෙවණක් සොයාගෙන
සෙවණට වී සමාහිත සිතින් විසීම
අනුමත කළා.

තෙවනුව,
අව්වත් වැස්සත් ඇතිවිට පවා
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ
කරන කටයුතු කරන්නට
තමාගේ සෙවණ තමාම සලසාගෙන
අව්වෙන් වැස්සෙන් පීඩා නොවිඳ වෙසෙන ආකාරය
නොයෙක් ආකාරවලින් කියා දුන්නා.

ඔහු සැක කළ අය ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහුගෙන් සෙවණ ලබා ගන්නා මාර්ගය වෙනුවට
ඔහුගෙන් සෙවණක් සෙවූ අයත් ඔහු ප්‍රතික්ෂේප කළා.
ඔහු කාටවත් සෙවණ දුන්නේ නැහැ.

"මම මාර්ගය කියන්නම්.
එහි ගමන් කොට සේවන සොයාගන්න.
තමා තමාටම පහණක් වෙන්න.
තමා හැර අන් සරණක් නොපතන්න."
කියා ප්‍රකාශ කළ ඔහු
තමා විසින් තමාටම සෙවණ ලබා ගන්නා ධර්මය
වසර හතලිස්පහක් පුරා
දිවා රෑ නොබලා කියා දුන්නා.

ඔහු ගැන ශ්‍රද්ධාවක් ඇතිවූ අය
ඔහුගෙන් ඉගෙන ගත්තා.
ඒ මාර්ගය නිවැරදිව ඉගෙන ගත් ප්‍රඥාවන්තයන්
ඔහු මෙන්ම ක්‍රියා කොට
දුක් විඳින වෙලාවටම
දුකෙන් මිදෙන ක්‍රමය ඉගෙන ගෙන
ඒ මොහොතේ පටන්ම,
මොහොතෙන් මොහොතට දුකෙන් මිදුණා.

ඔවුන් තවත් බොහෝ අයගේ හිත සුව පිණිස
චාරිකාවෙහි යෙදුණා.
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන් නිසා
සෙවණ සොයන්නට පෙළඹුණ ප්‍රඥාවන්ත මිනිසුන්
සෙවණ සදාගෙන දුකෙන් මිදී
අන් අයටත් මග පෙන්නුවා.

සෙවණ නැති වෙලාවට විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
ජංගම සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත් පිළිබඳ
දැනුම ලෙස ලබාගත් පිරිස
ඒ දැනුම තවත් අයට බෙදා දුන්නා.

එහෙත්
සෙවණ සදාගන්නා ආකාරය නොදන්නා අය
දැනුමෙහි අගය කියමින් දැනුම ප්‍රචාරය කළා.

දැනුම ආකර්ශණීය වූ නිසා...
දැනුම දෙන පුද්ගලයා ආකර්ශණීය වූ නිසා..
දැනුම උතුම්යැයි බුහුමන් ලද නිසා
දුකෙන් මිදෙන ක්‍රමය නොමැතිව දැනුම ලබාගන්නා අය
ඉන් ප්‍රයෝජන ගන්නට නොදත් බැවින්
රස නොදන්නා හැන්දක් මෙන්
රස නොදන්නා රස බෙදුවා.

නොදන්නා බව වසාගන්නට
දහම විකෘති කරන අය වටාත්
අනුගාමිකයන් රොක් වුණා.

අව්වෙන් වැස්සෙන් මිදෙන්නට මාර්ගය
දේශනා කරන අය මෙන්ම දේශනා අසන අයත්
දුක් විඳින අවස්ථාවේදී
සෙවණ නොසෙවූ නිසා
අන් අය මෙන්ම වැස්සෙන් අව්වෙන් පීඩා වින්දා.

සෙවණ සහ සෙවණෙහි ප්‍රයෝජනය පිළිගත් නමුත්
ඒ තොරතුරු දැන ගැනීමෙන් සහ
ඒ දැනුමට වන්දනා කිරීමෙන්
දුකෙන් නොමිදෙන බව තේරුම් ගත් නුවණැත්තන්
අව්වත් වැස්සත් ඇති විටම දුකෙන් මිදෙන ක්‍රමය දන්නා
සැබෑ පරිපූර්ණ ගුරුවරයෙක් හමු වෙනතුරුම
සෙවණ සොයා ගියා.

තමන්ට දුකෙන් මිදෙන්නට නොහැකි වුණත්
සෙවණ පිළිබඳව දේශනා කළ සත්පුරුෂයන්,
සෙවණ ලැබෙන තුරුම
සෙවණ සොයන්නට පෙළඹුණ
ප්‍රායෝගිකව සිතන ප්‍රඥාවන්ත මිනිසුන්ට
සෙවණ සදාගැනීමට දායකකාරකාදීන් වුණා.

සෙවණ පිළිබඳ දැනුම නිසා
දුක නැති නොවෙන බව දුටු ඔවුන්
දුකෙන් මිදෙන නිවැරදි ආකාරය
ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන්
විඳ ප්‍රත්‍යක්ෂ කර ගත්තා.
දුක් පැමිණෙණ මොහොතක් පාසා
දුකෙන් මිදෙන ක්‍රමය භාවිතා කරමින්
පැමිණි පැමිණි දුකෙන් අත්මිදුණා.

සෙවණ නැතිව මිනිසා විඳින දුක ගැනත්
සෙවණ ලැබෙන මාර්ගයත්
සෙවනෙන් ලැබෙන ප්‍රයෝජනත්
සැදැහැවතුන් බොහෝ වූ නමුත්
ලබාගත් දැනුම ප්‍රායෝගික නොවූ නිසා
ඔවුන් අව්වට වේලුනා. වැස්සට තෙමුණා.

සමහරු ශීලය අනුගමනය කොට
අව්ව වැස්ස ඇති විට ගමන් බිමන් යෑමෙන් වැළකුණා.
තවත් පිරිසක් අව්ව වැස්ස ඇතිවිට
සෙවණක් සොයාගත හැකි සීමාවේ රැඳී
සමාහිත සිතින් ජීවත් වුණා.

සෙවණ පිළිබඳව ඇති දහම
සත්‍යදැයි ඔවුන් විමසා බැලුවේ නැහැ..
දුකෙන් මිදුණ කෙනෙක් සෙව්වේ නැහැ.
හමු වුණත් ඔහුට සවන් දුන්නේ නැහැ.

සෙවණ පිළිබඳව ශ්‍රද්ධාවෙන් සෙවණට ගරු කරමින්
සෙවණ ගැන දැනුමට වඳිමින් පුදමින්
උගන්වන ගුරුවරුන්ට පුද සත්කාර කරමින්
අව්වෙන් වැස්සෙන් පීඩා විඳිමින් ජීවත් වුණා.
.
දහම අගය කරමින්, දහමට ගරු කරමින්
අව්වත් වැස්සත් නිසා දුක්විඳිමෙන්
ඔවුන් ගෙවන අඳුරු ජීවිත දකින සමහර විද්වතුන්
ඔවුන්ගේ දැනුම සැක කළා.
ඔවුන්ගේ මේ දැනුමෙන් ඇති ඵලය කුමක්දැයි සිතුවා.
මේ මෝඩයන් මෙන් විසීම අවමානයක් ලෙස සිතුවා.

වැරදි ආකාරයට නුවණ මෙහෙයවූ
තාර්කික මනසක් ඇති පිරිස
සෙවණ ගැන කියමින් දුක් විඳින
සැදැහැවත් පිරිස දෙස බලමින්
ඔවුන් සහ ඔවුන්ගේ ශ්‍රද්ධාව හෙළා දකිමින්
සෙවණ ලබාගන්නා දහම සපුරාම ප්‍රතික්ෂේප කළා.

අව්වට වේලීමත් වැස්සට තෙමීමත්
මිනිසාට ගැලවීමක් නැති,
ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස ඇදහූ ඔවුහු
ඔවුනොවුන් අතර සංවාද කරමින්
අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින්  ජීවත්වුණා.


දහම ප්‍රතික්ෂේප කිරීම
ඔවුන් අදහන දහම බවට පත්වුණා.

20150324

පසන් කොඩිකාර නික්ම ගොසිනි.


පසන් 
මට හමුවී ඇත්තේ
වරක් නැත්නම් දෙකකි.

මා ඔහු හඳුනාගත්තේ
"මාස්ටර් සහ මාගරිටා" පලමුවෙනි මුද්‍රණයට
කවරය නිර්මාණය කීරීම නිසාය.

එහෙත් කාලාන්තරයක් තිස්සේ
සමීපව ඇසුරු කළ කෙනෙක්
සමුගත් ආකාරයේ ශෝකයක්
හදවත හිර කරනු දැනෙයි.

නොගැලපෙන කාලයක ඉපිද
කාලයට පෑහෙන්නට නොහැකිවීම හෝ
පෑහෙන්නට අවශ්‍යතවයක් නැතිව
සමාජයට ආගන්තුකව විසූ පසන්ට
තනි රකින්නට ඔහු තෝරාගත් මධු විත
ඔහු අපෙන් පැහැරගත්තාද?
 
ලංකාදීප Online2015 මාර්තු මස 23 14:18:07 | අකිල බද්දෙවිතාන

ප්‍රවීණ සාහිත්‍යධරයකු, ගත්කතුවරයකු, පරිවර්තකයකු හා විශ්ව විද්‍යාල දේශකයකුවූ පසන් කොඩිකාර මහතා අද (23) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 52 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ප්‍රවීණ පුවත්පත් කලාවේදී සිරිලාල් කොඩිකාර මහතාගේ පුත්‍රයෙකි. අක්මාවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව සිටියේය.

සිංහල, ඉංග්‍රීසි හා රුසියා භාෂා හැසිරවීමේ මනා පරිචයකින් ඔහු සතු විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයකුද වන ඔහු රුසියානු සාහිත්‍යයේ ග්‍රන්ථ රාශියක් සිංහලට පරිවර්තනය කර ඇත.

කොඩිකාර මහතාගේ පරිවර්තන කෘතින් අතර නිරුවත් ගැහැණිය, මාස්ටර් සහ මගරීටා වැනි කෘතීන් වේ. 1859 දී චාල්ස් ඩාවින් ලියා පළ කළ The Origin of Species නම් සුප්‍රසිද්ධ කෘතිය 2010 දී සිංහලට නැගුවේද පසන් කොඩිකාර මහතාය.

සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ විද්‍යාර්ථියකුවූ පසන් කොඩිකාර මහතාගේ දේහය අවසන් ගෞරව පිණිස හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
 


 ========================================= 

ඉතින් යළි
යෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද
විස්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත

විශ්වයේ සෑම මුල්ලක ඔහෙ ඇවිද
කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ

ලෝක සිතියමක් කොට අවන්හල් මේසය
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය

ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි
ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...

---------------------------------
ඉන්දික ගුණවර්ධන


 =========================================

 අපේ සනුහරේ යන්න අරන්





                                        පසන් නික්ම ගොසිනි. 
හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.
මාස හයහතකට පෙර මත්තේගොඩ හර්ෂගේත් මගේත් නවාතැනේ මධුලෝලී රාත්‍රියකින් පසු පෙරඹර එළිය වැටෙද්දී ඔහු අපගේ ඒ අවසන් හමුවෙන් නික්ම ගියේය. පඩිපෙළ බැසයමින් ආපිට හැරුණු ඔහු මෙසේ කීවේය.
අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු. 
එහෙත් අප ආයිත් මුණ ගැසුණේ නැත. 
එහෙත් හෙට ඔහු මට මුණ ගැසෙයි.
ඔව්, පසන් උඹත් මාත් හෙට මුණ ගැසෙමු. නියෙට්ෂේගේ කෲරත්වයේ මානවීයත්වය ගැන උඹ කිවූ දැයින් සවිය ගෙන උඹ බලන්නට එන්නට මම උත්සාහ කරමි. එහෙත් මා නොදනිමි. එතරම් සවියක්  එළඹ ගන්නට මට හැකි දැයි මම නොදනිමි. 
වසර කිහිපයකට පෙර සෑම මසකම අවසානයේ, ඊළඟ මාසය එළඹෙන්නට පෙර අප වසර ගණනාවක්ම මුණ ගැසීමු. ඒ ගොඩගේ මහත්මාගේ පොත් සාප්පුවේදීය. සයිමනුත්, උඹත් මමත් සැමදා මාසයේ වියදම ගන්නට එසේ මුණ ගැසීමු. අප දෙදෙනා දුටු හැමවිටම ගොඩගේ මහතා සැමදාමත් කීවේ එකම එක වාක්‍යයකි.
'අයියයි මල්ලියි දෙන්නම ඇවිල්ලා. '
ඔව්, අයියයි මල්ලියි දෙන්නම හැමදාමත් එසේ සල්ලි ගන්නට ගියේය. ඒ අතරට එක්වූ තවෙකෙක් සිටියේය. ඒ සයිමන්ය. 
මගේ දුව උපන් පසු මා රාවයට ලිවූ කවක මෙසේ සඳහන් විය.
ඉතින් චූටි දුවේ මං යනකොට කඩාගෙන

හම්බවුනා මාමා කෙනෙක්


‘මොකද පසන් මේ ටිකේ කරන්නෙ?’


මං ඇහුවා


‘ණය ගෙවනවා බං’


‘ඒ කිව්වෙ’


‘පොත් ලියනවා’(ප්‍රකාශකයන්ගෙ ණය ගෙවන්න)


පයදෝර් දොස්තයෙව්ස්කිගේ 

වී. ඩී. ද. ලැනරෝල්ගේ පරපුර 

පියවරක් ඉදිරියට


රස්කොල්නිකොව් ඉවසාපන් පොඞ්ඩක්



DEATH OF THE AUTHOR OR

DEATH OF THE PUBLISHER

මධුමත ඉහවහා ගිය පසු ඔහු ඇතැම් විට ඇතැමුන් හා වාත වුනද ඔහු කිසිවිටෙකවත් මා සමග අරෝවක් සදාගෙන නැත. 
මගේ සර්පයකු හා සටන්වැද ගැන එය පළවී කිහිප දිනකින් ඇත්තට ලියන විට ඔහු පාසල් සිසුවෙක් විය. එහෙත් අප මුණ ගැසුනේ විභවියේ ඔහු ආටෝනියානු කුරිරු රංගයත් ග්‍රොටොව්ස්කිගේ දිළිඳු වේදිකාවත් ගැන කළ සාරගර්භ දේශනයේදීය. එහිදී මම ඔහුට එසඳ මම බලාසිටියෙමි පිටපතක් පිරිනැමුවෙමි. 
පසුකලෙක මා සංහිඳ ප්‍රකාශන සාහිත්‍ය නියෝජිත හා සම්බන්ධීකාරක ලෙස කටයුතු කරද්දී ඔහුගේ අර්බාත් දරුවෝ උපුල්ට හඳුන්වා දුනිමි. අන්තිමේ අප, මා තවත් පරිවර්තන කාර්යයක් සඳහාත්, ඔහු අර්බාත් දරුවෝ නිම කිරීමටත් කොළඹින් නික්ම ගියෙමු. ඒ උපුල්ගේ ඥාතියකු වූ වතු අධිකාරීවරයකුගේ නිවසක නවාතැන් ගන්නටය. 
ජීවිතයේ පළමු වරට වෙලාවට තේ එක, වෙලාවට කෑමවේල සහිතව මා ලිවූ එකම කාල  පරිච්ඡේදය ඒ මාස එකහමාරය. උදේ හයට තේ එක බී අපි ලියන්නට ගතිමු. හතහමාර වන විට කෑම කෑවෙමු. නැවත ලියන්නට ගතිමු. දහයාමාරට තේ බීවෙමු. හවස ඇවිදින්නට ගියෙමු.
කොළඹදී මා දුටු විට පුංචි උන් හැංගෙති. එහෙත් දෙනියායේදී ඔහු දුටු විට පොඩි උන් අම්මලා පිටිපස්සේ හැංගුනෝය. ඒ පසු කර යන ගමන් ඔහු මෙසේ කීවේය. 
මචං අපිව මෙහෙට පොඩ්ඩක් අවුට් වගේ නේද? 
යළි මද විරාමයකින්
 ‘කොහොමත් අපිව එහෙටත් අවුට්නෙ’ කීවේය.
එහා වංගුවේ බල්ලන් තිදෙනෙක් එමින් සිටී. අප්පට හුඩු බල්ලො තුන්දෙනෙක් කියා ඔහු කන්දකට ගොඩ විය. එහෙත් ඒ වංගුව වූයේ කිලෝමීටර් ගණනකට ඈතිනි. බසයක් එන විටද ඒ එසේම විය. 
නිවසේදී ඩොස්ටොව්ස්කි වූ ඔහු සැන්දෑ සක්මනේදී බල්සාක් විය. මා තෝරා ගත්තේ ලෝරන්ස්ගේ චරිතයයි. අපි එසේ අපට නම් දමා ගතිමු. 
‘දැන් ප්ලෙඛානොව් මොනවා කරනවා ඇද්ද?’ ඔහු අසයි. ඒ සුනිල් විජේසිරිවර්ධන ගැනය. 
කෙසේ හෝ නුඹ සොඳුරු මිතුරකු විය. අප ඒ මාස එකහමාරට හෝ කිසිදා එකිනෙකාගේ සිත් බිඳෙන වදනකුදු දොඩා නැත. 
යළි ලියන්නට අරඹන අප රාත්‍රී කෑමට පෙර දියෝනිසස් මුණ ගැසුනෙමු. මගේ බීම කවදත් මූඩියෙන් එකකි. අප ෙකාළඹ එන්නට දින දෙකතුනකට පෙර  සල්ලි ඉවරවූ විට යළි කොළඹ විත් ඔහු සල්ලි(මධු) හොයාගෙන ආවේය.  රුසියාව ගැන මා බොහෝ ඉගෙන ගත්තේ ඔහුගෙනි.ගෝර්කිට වසදීම ගැන, සෙවලෝද් මේයර්හෝල්ඩ් මරාදැමීම ගැන, බුල්ගාකොවේ ගැන, සොල්සිනෙට්සින් හා පැස්ටර්නැක්ට ආ වාරණයන් , ෂොලහෝව්, තුර්ගනීප් වැන්නන් ඇතැම් ලේඛකයන්ගේ ප්‍රතිභාවෙන් සැලී ඔවුන්ව පරිවර්තකයන් ආදීන්  බවට තල්ලු කළ ආකාරය, නිලධාරිවාදය විසින් රුසියාව තුළ කලාවට කළ අපරාධ ඔහු මුවින් ගලා අවේය. 
රුසියාවේ ගැහැණු දාර්ශනිකයන් ගැන මා ඇසූ විට වේදිකාවේ එහා කෙලවරට මට පිටුපා යමින් සිටි නුඹ මී විතත් සමග හැරී මෙසේ ඇසුවේය. 
‘දාර්ශනිකයො ගෑනු? ..... ගෑනු? .....ඔය කවි ලියපු, චිත්‍ර ඇඳපු, එන්ජී ඕ ජාතියෙ ගෑනු නං ඉන්නවා. දාර්ශනිකයො?.... ගෑනු?’
එහෙත් නුඹ කිසිවිටෙකවත් ජීවිතයේදී ගැහැණුන් සම්බන්ධව එසේ සිතුවේ නැත. මා මෙන් ගැහැණුන්ව දාර්ශනිකාවියන් කළේ නැතත් අප දෙදෙනාගේම අස්වැන්න එක වාගේ විය. 
දෙනියාය හේස් වත්තේදී නුඹ අර්බාත් දරුවෝ පරිවර්තනය කළද, මම ගිය වැඩය පසෙක දමා ජනේලයෙන් පෙනෙන රෝසමල් දෙස බලාගෙන ටෙලිපෝන් කම්බි උඩ ඉන්නා පොල්කිච්චන්, රෝසපඳුරු මත සිටින බට්ටිච්චන් දෙස බලාගෙන කවි ලීවෙමි. ඒ දිනවල මා ප්‍රේමාතුරව සිටි ගැහැණියට කවි දෙසිය ගණනක් ලීවෙමි. අවසන් වරට හමුවූ විටත් නුඹ ඒ ගැන කියා විහිලු කළේය.  
නුඹේ සම්ප්‍රදානනයන් අතර වේදිකා සඟරාව අතිශය තීරණාත්මක මැදිහත්වීමක් විය. එහෙත් නුඹේ දැනුමේ හෝ ප්‍රතිභාවේ ඵල නෙලා ගන්නට මේ රට වාසනාවන්ත නොවීය. රස්සා කට්ටක් සොයා ගන්නට දුවද්දී වැරදී විශ්ව විද්‍යාලවලට ආ සිසුකැළතට නුඹේ දැනුම සැබැවින්ම අවැසි නොවිණි. ඔවුන් අතර ඉතිරි වූයේ නුඹ කෙරේ වන ගරුත්වය පමණි. 
ඔව්, පසන් ගරුත්වය පමණක් කොට්ටෙට තියාගෙන නිදියෑම අපේ උරුමයයි. මා මෙන්ම නුඹත් ඒ ගරුත්වයන් බලුමැක්කෙක් තරමටවත් ගණන් ගත්තේ නැතත් ඒ හැටිය. 
අප කොතරම් දේ කරන්නට සිහින මැව්වෙමුද? ඒ සිහිනත් සමග නුඹ නික්ම ගොස් ඇත. 
මා ගැන මෙන්ම නුඹ ගැන මොන මොනවා කිව්වත්  නුඹ එක්ස් කණ්ඩායම ගැන ලිවුවේ ‘ඒ මතවාදී බෝම්බයට මං ආසයි’ යනුවෙනි. ඔව් නුඹ අපේ සනුහරේ අපේම කෙනෙකු විය.
රුසියාවට නුඹ පා තබන විට ඒ වසර තිහකින් පසු දරුණුතම ශීත කාලයක් බැව් නුඹ කීයේය. සියල්ලන් නුඹට අනුකම්පා කළේ හෙට මැරෙයි හෙට මැරෙයි කියා බැව්ද ඒ සමගම නුඹ කීවේය. ආරෝහ පරිනාහ දේහසම්පන්නයන් මිය ගියත් නුඹ නිරුපද්‍රිතව හුන්නේය.
එහෙත් පාසලේ කොල්ලන් කොස් ඇට මීයා යැයි විහිලු කළ, මැණික් කටුවෙන් ඇල්ලූ විට පුංචි ළමයෙකුගේ මෙන් වූ සිහින් වූ මිතුර..... නුඹ, නුඹ උපන් රටේදීම මේ ඝෝර හිමපතනයට හසුව මිය ගියේය.
කෙසේ හෝ හෙට මට නුඹේ නිසල කය බලන්නට එන්නට සිදුව ඇත. මට එයට සවියක් ඇති දැයි මම නොදනිමි. නාවොත් ආදරණීය පසන් අපි නැවත හමුවෙමු.
නුඹ ආධානග්‍රාහී භෞතිකවාදියෙක්ද නොවීය. අපගේ අවසන් දාර්ශනික සාකච්ඡාවේදී අපි පුනරුත්පත්තිය ගැන කතා කළෙමු. රුසියාවේ පාරමානසික පර්යේෂණයන් ගැන කතා කළෙමු. එහෙත් පුනරුත්පත්තියක් තිබුණත් නැතත්, ඒ දැනගත්තත් නැතත් නුඹට වගේ වගක් තිබුණේ නැත. 
එහෙත් වැරදීමකින් හෝ එවැන්නක් තිබුනොත් මේ දහදුරා කොදෙව්වේ නැවත නුඹ නොඉපදේවායි පතමි. නුඹ වෙනුවෙන් මට කළ හැකි එකම දෙය එපමණය. 
මා හා කී නුඹේ අවසන් වදන්ම පෙරලා මම අද මෙසේ නුඹට කියමි. 
අපේ හමුවීම සුන්දරයි. ආර්ට් කොච්චර කැත වුණත් මේ හමුවීම සුන්දරයි. ආයිත් හම්බවෙමු. 
-සර්පයා  
ආලේඛ්‍යය- නිලන්ත ගමගේ
 ===================================================================
එක් Facebook සංවාදයක්

  • මනෝරම වීරසිංහ
සුරාව නිසා අකාලයේ ලේඛකයන් මියැදීම පොත් කියවන අයට පාඩුවකි....උදාහරණ ඕනෑතරම් ඇත......
නමුත් ලේඛකයෙකු මධු ලෝලියෙකු නොවූයේ නම් ඔහුගේ නිර්මාණ ගැන කතාකරන්න දෙයක්
ඇත්තේද නැත!!!
Saman Nandalal, Dayananda Rathnayake, Madusanka Perera and 22 others like this.

Dayananda Rathnayake

Nelum Nisansala Wickramasinghe
එතකොට බොන්නෙ නැත්නම් ලියන්නෙ නැද්ද මනෝ

Niroshini Ranasinghe
maduvitaii lekanayai athara athi bandeema mokakda??????????

Dulip Herath
Niroshini,
ඒක දන්නේ ඉතිං අඩියක් ගහන මිනිස්සුම තමයි

Wickumsiri Munasinghe
ඒක දන්නේ ඉතිං අඩියක් ගහන මිනිස්සුම තමයි :-)2

Niroshini Ranasinghe
mmmmm ehenam itin matath adiyak gahalama balanna wenawa,
Dulip Herath & Wickumsiri Munasinghe

Athula Siriwardhane .

කිහිලිකරු නැතුව
රේස් එක දුවන්න ක්‍රම තියනවා.
දිනන්නත් පුලුවන්.
මත්පැන කිහිලිකරුවක්.
බාල මනසක්
පහසුවෙන් සොයාගන්න
බාල විසඳුමක්..

කිහිලි කරුවකින් රේස් එක දුවලා
ඇවිදින අය පරදවන අය
කිහිලිකරු නැතුව දිව්වොත්
රේස් එක අනිවා දිනනවා,
ඊටත් වඩා හොඳින්..

Athula Siriwardhane .
පසන් මිය ගියේ
අකාලයේ කියන්න පුලුවන්ද?

මත්පැන් නොබීපු වෙලාවක
හදිසි අනතුරක් නම්,
බෝවෙන රෝගයක් නම්
එහෙම කියන්න පුලුවන්.

ගතකළ ජීවිතය අනුව
ඔහුට සුදුසු කාලය තමයි මේ.

ජීවිතය කියන්නෙ
ඔහුගෙ කය සහ මනස
හැසිරෙන විදිය අනුව
සිහිය සහ උපේක්ෂාව අනුව
ගෙවී නිමාවෙන සීමිත ගිණුමක්.
නිසි ලෙස කළමනාකරණය නොකළොත්
ගිණුම කලින්ම ඉවර වෙනවා.

සිහිය දියුණු කරගතයුතු
සුවිශේෂී සංවේදී මනසක් ඇති
මෙවැනි නිර්මාණශීලී මිනිසුන්
බාලයන් ඇසුරෙන් නොමග යෑම
හරි මග නොයනවාටත් වඩා
අන්තරායදායකයි..

Prasanna Mudunkotuwa
නොබී ලියන අයගෙ ලියවිලි බලන්න ඉහත කොමෙන්ටුව කියවන්ඩ...පුදුම රහක් තියෙන්නෙ ඈ..

Athula Siriwardhane .
බොන අයගෙ ලියවිලි වල තියන රස
ඔහුගෙ අවසිහියත් සමග මුසු වුණ
වියරු රසයක්..
හොඳ නිර්මාණයක රසයක් නැතත්
පෝෂණයක් තියනවා.
රසවත් නම් තවත් හොඳයි..
රස නැතත් පෝෂණයක් ඇති දේ
කල් පවතිනවා.
සමාජයට යටත් නැති,
සමාහිත හිතක් ඇති කරගන්නට
වෙනත් ක්‍රම සොයාගන්නා කලාකරුවෙකුට
ඒ තැනට එන්න බොන්න අවශ්‍ය නෑ.
සමාජය ඔහු ගැන සිතන ආකාරයට
ඔහුගේ ඇති වහල්කමෙන් මිදීම
සහ සිත සමාහිත කරගැනීම
ඔහුට ප්‍රමාණවත්.

කලාකරුවන් මත්පැන තුලින් කරන්නෙ
සමාජය ඔහු ගැන සිතන ආකාරයට
ඔහුගේ ඇති වහල්බවෙන් මිදීමට හෝ
දුවන මනස මන්දගාමී කරගැනීමයි.
මේ දෙකෙන්ම
ඔහු තුළ ඇති නිර්මාණ ශක්තිය
වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනවා.

ඔහු ගෙ සංවේදී බවෙන් පෝෂණය වෙලා
ප්‍රබල ලෙස අවුල් වී ඇති කැළඹුණ මනසෙ
අනවරත අවුල මන්දගාමීවීමෙන් ලැබෙන
තාවකාලික දුර්වල සංහිඳියාව තුළ
ඒ නිර්මාණශීලී බව නිදහස් වෙනවා.
ඒත් ඔහුගෙ අක්මාවත් මොළයත් දෙකම
දුර්වල වෙනවා.

නිර්මාණකරණය සඳහා
උපයෝගී කරගත් මධුවිත
ජීවිතයෙ වෙනත් ගැටළු ආවලදිත්
ඔහුට සැඟවෙන්නට ගුහාවක් වෙනවා.
ඉන් පසුව ඇබ්බැහි වූ නිසාම
කිසිම මානසික අවශ්‍යතාවයකින් තොරව
කායික පෙළඹවීමට මත්පැන සොයනවා.
ඒ විෂම චක්‍රයට හසුවූවෙකුට
ගැලවෙන මංපෙත් සීමිතයි.

Janaka Inimankada
පසන් කිසි දිනෙක ලිවීම සදහා බීවේ නැත. පසන්ට ලිවීම යනුම මත් වීමකි. පරිවර්තනය කරන්නට පෙර අදාල කෘතිය දින ගණනාවක්ම යන යන තැන ගෙන යෑම ඔහුගේ පුරුද්දයි. 'එතකොට තමයි මචං පොත ඇගට දැනෙන්නෙ' ඒ පසන්ගේම වචනයි. පසන් සුරා ලෝලියෙකු මිස සුරා සොඩෙකු නොවේ.

Athula Siriwardhane .
ඔබ නිවැරදි නම් ඔහු ගෞරවනීයයි.. ජනක..

ඒත්
සුරා සොඬ බව සහ
සුරා ලෝලී බව අතර වෙනස
අපි තර්කනයෙන් පිළිගත්තාට
සුරා සොඬ බව සහ සුරා ලෝලී බව
වෙන් කර සලකන්න තරම්
සුරාව සුරාව ලෙසින්ම දකින අක්මාව
ඒ තර්කයට කොටු වෙන්න නැති බව
පසන් අපට කියා දෙනවා.

මනස රැකෙන්නට නම්
කය රැකගත යුතු බව
තවත් වරක් අපට පසක් වෙනවා.

20150322

අඩ නිරුවත නිහඬ ආයාචනයක්..?????



 
අඩ නිරුවත හැම කෙනෙකුටම බලපානවා.

වසාගත් නිරුවත බලපාන්නෙ
කාමච්ඡන්දයෙන් යුතුව.. කාමුක සිතින්
බලන කෙනෙකුට විතරයි.


ගැඹුරු ලිඳකට එබෙන කෙනෙකුට භයක් ඇති නොවෙනවා නම්
ඔහු මන්ද මානසික පුද්ගලයෙක් විය යුතුයි..
අඩ නිරුවත නිසා රාගය ඇතිවීම
එවැනි සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්..

අඩ නිරුවත හැම කෙනෙකුටම බලපානවා.
එතනින් එහාට යන කෙනෙකුට
එසේ යන්නට හේතුවක් වන්නේ
ඔහු තම විඥාණයෙන් තොරතුරු ලබාගෙන මවන
චිත්ත රූප වලින් ලබන පෝෂණයයි..

කාන්තා අඟ පසඟ දැකීමෙදි
මානසික මට්ටමෙන් රස විඳින
ඕනම කෙනෙක් රස විඳින්නෙ
ඇය දෙස බැලීමෙදි මනසෙ රාගය ඇති වෙලා
කය තුළ ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා
සිතෙහි ඇතිවෙන චිත්ත රූප මාලාවයි.

වසාගත් නිරුවත දකින කාමුක සිතක් ඇත්නම්
ඔහු සිතින් ඇය නිරුවත් කරනවා.
ඔහු සිතින් විඳින වින්දනය
සිත තුළම අවසන් විය හැකියි.

එහෙත් අඩ නිරුවත් කාන්තාවක් දකින
කාමුක සිතක් ඇත්තෙකුට
ඔහු හා හවුල් වන්නට
ඇගේ ඇති කැමැත්ත පිළිබඳව
නිහඬ ආයාචනයක්
ඇගේ නිරුවත දැක්වීමෙහි තියනවා.

අඩ නිරුවත හැම කෙනෙකුටම බලපානවා.

වසාගත් නිරුවත බලපාන්නෙ
කාමච්ඡන්දයෙන් යුතුව.. කාමුක සිතින්
බලන කෙනෙකුට විතරයි.

කාන්තා අඟ පසඟ දැකීමෙදි
මානසික මට්ටමෙන් රස විඳින
ඕනම කෙනෙක් රස විඳින්නෙ
ඇය දෙස බැලීමෙදි මනසෙ රාගය ඇති වෙලා
කය තුළ ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා
සිතෙහි ඇතිවෙන චිත්ත රූප මාලාවයි.

වසාගත් නිරුවත දකින කාමුක සිතක් ඇත්නම්
ඔහු සිතින් ඇය නිරුවත් කරනවා.
ඔහු සිතින් විඳින වින්දනය
සිත තුළම අවසන් විය හැකියි.

එහෙත් අඩ නිරුවත් කාන්තාවක් දකින
කාමුක සිතක් ඇත්තෙකුට
ඔහු හා හවුල් වන්නට
ඇගේ ඇති කැමැත්ත පිළිබඳව
නිහඬ ආයාචනයක්
ඇගේ නිරුවත දැක්වීමෙහි තියනවා.

රූපය තරම් වචන ප්‍රබල නැහැ..
කොහොමත් කාන්තාව කරන්නෙ පෙළඹවීමයි.
ඒ පෙළඹවීම
නිරායාසයෙන්ම ස්වාභාවිකව ඇය තුළ තියනවා.

විලාසිතා සහ රූප ලාවණ්‍යමය උපක්‍රම වලින්
ඇය ඒ ශක්‍යතාවයට තටු ලබා දෙනවා.

දිල්ලියේදී ස්ත්‍රී දූෂණයක් සිදු කළ කාමුක පුරුෂයා
 නිදහසට කරුණක් ලෙස
මේ ප්‍රවණතාවය දක්වනවා.
"ශීලාචාර කාන්තාවන්
නොකල්හි වීදි සංචාරයෙහි නොයෙදිය යුතුයි.."
රුදුරු වනසතුන් දියට යන වෙලාවට
අනෙක් සතුන් ප්‍රවේශම් වෙනවා.

සිතැඟි පරිදි නිදැල්ලේ හැසිරෙන්නට කැමති
අත්තනෝමතික සිත් ඇත්තන්
නීතිය මගින්
අසාධාරණ නිදහසක් බලාපොරොත්තු වෙනවා.
නීතියට රැකිය හැක්කේ සීමාවකටයි.

ඒ සීමාවන් ඉක්මවූ විට
වරද කළ තැනැත්තාට දඬුවම් කිරීම හැර
නීතියට කල හැකි කිසිවක් නෑ.

ස්ත්‍රී දූෂකයාට මරණීය දණ්ඩණය දීමෙන්
සතුරාගෙන් පළිගැනීමේ වින්දනය හැර
කිසිවෙකුටත් ලැබෙන දෙයක් නෑ.

මරණීය දණ්ඩණයට බියෙන්
ස්ත්‍රී දූෂණයෙන් වළකින පිරිසක් සිටිය හැකියි.

දිල්ලියේ ස්ත්‍රී දූෂණයක් සිදු කළ මුකේෂ් සිං ගෙනෙන
තවත් තර්කයක් නම්
අතීතයේ ඇය කිසිවෙකුටත් නොකියනු ඇතැයි ගිය
පූර්ව නිගමනයෙන් ඇය ඇත්හැර යන දූෂකයා
දැන් මරණ බිය නිසා ඇය මරන්නට පෙළඹෙන බවයි..

ස්ත්‍රී දූෂණයකදී
කාන්තාවද ඊට වගකිව යුතු බව  වටහා ගන්නට
ස්ත්‍රී දූෂණයක් සිදු කළ යුතු නැහැ.
කාන්තා අඟ පසඟ දැකීමෙදි
මානසික මට්ටමෙන් රස විඳින
අපේම හැඟීම්, සිතුවිලි හා අත්දැකීම්
ප්‍රමාණවත්..

පුරුෂයින් පොළඹවා ගැනීමට
ගණිකාවන් ග්‍රාම්‍ය මට්ටමෙන් කරන 
සරල රූප ලාවන්‍යමය උපක්‍රම
මොන කාන්තාවක් කළත්
කාමයෙන් පෙළෙන පිරිමි ඉන් උත්තේජනය වෙනවා.

මෙහි උපරිමය අපට දක්නට ලැබෙන්නේ මනාලියන් සැරසූ පසුවයි.

මනාලියන් ලෙස සැරසීමෙන්
විරූපී කාන්තාවන් පවා
සිත් ඇදගන්නා කාන්තාවන් ලෙස දිස් වෙනවා.

මේ උපක්‍රම සතුන්ටත් පොදුයි..
සතුන් සමහන් වෙන කාලයට
විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගන්නට
ස්වාභාවික වර්ණ වෙනස් වීම්
හඬ වෙනස් වීම් ඉරියව් වෙනස් වීම්
සිදු වෙනවා.

මිනිසාට එවැනි කාලයක් නැති නිසා
ඔවුන් කාලය වේලාව නොබලා
සිතේ ඇති රාගයට අනුව
පෙළඹවීම් කරනවා.

සමහන් වීමේ උවමනාවක් හෝ
සූදානමකින් තොරව
පිරිමියා පොළඹවා වින්දනයක් ලබන
සමහර කාන්තාවන් දූෂණය වීමට
ගොදුරු වෙනවා.
මානසිකත්වයත් චර්යාවත් ගැලපෙන
කැමැත්තෙන් සමහන් වෙන පිරිසෙ සමහරු
එක් අයෙකු සමග විවාහ වෙනවා.
ඉනුත් කොටසක් සහ ඉතිරි පිරිස
අත්තෙන් අත්තට පනිමින්
නිදැල්ලේ හැසිරෙනවා.
======================================

කාන්තාවන් අඩ නිරුවතින් හැසිරීම ස්ත්‍රී දූෂණය අඩුවීමට හේතුවක්???




20150320

කාන්තාවන් අඩ නිරුවතින් හැසිරීම ස්ත්‍රී දූෂණය අඩුවීමට හේතුවක්???



-------------------------------------------------------------------------------

කාන්තාවන් අඩ නිරුවතින් හැසිරීම
ස්ත්‍රී දූෂණය අඩුවීමට හේතුවක් ලෙස
නිරාගමිකයන් සලකනවා.
එහි සත්‍යයක් තිබිය හැකියි..

අඩ නිරුවත හැම කෙනෙකුටම බලපානවා.

වසාගත් නිරුවත බලපාන්නෙ
කාමච්ඡන්දයෙන් යුතුව.. කාමුක සිතින්
බලන කෙනෙකුට විතරයි.

කාන්තා අඟ පසඟ දැකීමෙදි
මානසික මට්ටමෙන් රස විඳින
ඕනම කෙනෙක් රස විඳින්නෙ
ඇය දෙස බැලීමෙදි මනසෙ රාගය ඇති වෙලා
කය තුළ ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා
සිතෙහි ඇතිවෙන චිත්ත රූප මාලාවයි.

වසාගත් නිරුවත දකින කාමුක සිතක් ඇත්නම්
ඔහු සිතින් ඇය නිරුවත් කරනවා.
ඔහු සිතින් විඳින වින්දනය
සිත තුළම අවසන් විය හැකියි.

එහෙත් අඩ නිරුවත් කාන්තාවක් දකින
කාමුක සිතක් ඇත්තෙකුට
ඔහු හා හවුල් වන්නට
ඇගේ ඇති කැමැත්ත පිළිබඳව
නිහඬ ආයාචනයක්
ඇගේ නිරුවත දැක්වීමෙහි තියනවා.

ගණිකාවන් පුරුෂයින් පොළඹවා ගැනීමට කරන
ග්‍රාම්‍ය මට්ටමෙන් කරන සරල රූප ලාවන්‍යමය උපක්‍රම
මොන කාන්තාවක් කළත්
කාමයෙන් පෙළෙන පිරිමි ඉන් උත්තේජනය වෙනවා.

මෙහි උපරිමය අපට දක්නට ලැබෙන්නේ
මනාලියන් සැරසූ පසුවයි.
විරූපී කාන්තාවන් පවා
මානලියන් ලෙස සැරසීමෙන්
සිත් ඇදගන්නා කාන්තාවන් ලෙස දිස් වෙනවා.

මේ උපක්‍රම සතුන්ටත් පොදුයි..
සතුන් සමහන් වෙන කාලයට
විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගන්නට
ස්වාභාවික වර්ණ වෙනස් වීම්
හඬ වෙනස් වීම් ඉරියව් වෙනස් වීම්
සිදු වෙනවා.

මිනිසාට එවැනි කාලයක් නැති නිසා
ඔවුන් කාලය වේලාව නොබලා
සිතේ ඇති රාගයට අනුව
පෙළඹවීම් කරනවා.

සමහන් වීමේ උවමනාවක් හෝ
සූදානමකින් තොරව
පිරිමියා පොළඹවා වින්දනයක් ලබන
සමහර කාන්තාවන් දූෂණය වීමට
ගොදුරු වෙනවා.
මානසිකත්වයත් චර්යාවත් ගැලපෙන
කැමැත්තෙන් සමහන් වෙන පිරිසෙ සමහරු
එක් අයෙකු සමග විවාහ වෙනවා.
ඉනුත් කොටසක් සහ ඉතිරි පිරිස
අත්තෙන් අත්තට පනිමින්
නිදැල්ලේ හැසිරෙනවා.

අඩ නිරුවතින් හැසිරෙන කාන්තාවක්
පළමුවෙන්ම දකිනවිට
රාගය ඇතිවෙනවා.
රාගය ඇති වුණොත් ප්‍රියයි..
ඇය හා සම්බන්ධ වෙන්න හිතෙන්නෙ
කාමච්ඡන්දය නිසයි..

කාමච්ඡන්දයෙන් චිත්ත රූප මැව්වොත්
රාගය පෝෂණය වෙනවා.
ඇය පසුපස යන්නට
ඇය සමග සම්බන්ධ වන්නට හිතෙන
කාමුක ආවේගයක්
එවැන්නන් තුළ ලියලනවා.
ඇගේ කැමැත්තෙන් ඇගේ සිරුර පාවිච්චි කිරීමට
එසේ නොහැකි වූ විට ඇය දූෂණය කිරීමට
ඒ කාමාතුර සිත මග සොයාගන්නවා.

ප්‍රසිද්ධ ස්ථානයක
කාමච්ඡන්දයට ඉඩකඩ සීමිතයි..
මෙසේ චිත්ත රූප මැවීමට හැකි
නිර්මාණශීලී අයත් සමාජයේ සීමිතයි.
ප්‍රසිද්ධ ස්ථානයක නිසා
වෙනත් අරමුණකට හිත යොමුවුණාම
රාගය අඩුවෙනවා.
නැවත දැක්කාම ඇතිවෙන රාගය
කලින් තරම් ප්‍රබල නැහැ.
මේ ආකාරයට
අඩ නිරුවත් කාන්තාවක් නිතර දකින විට
රාගය අඩුවීමක් වෙනවා.
නර්තනවලදි
ඉඳහිට අඟපසඟ පෙනෙන ලෙස
ඇඳුම් නිර්මාණය කරන්නෙ ඒ නිසයි..
නර්තන ශිල්පිනියන්ගෙ අඟපසඟ විවෘත වුණාම
නරඹන්නන් අතර ඉන්න කාමුක සිත් ඇති අය
කාමය රස විඳිනවා.
ශෘංගාරය විඳින අයට බාධාවක් වෙනවා.

ශෘංගාරය රස විඳින විදියෙ
රස්කත්වයක් ඇති මනස සියුම් පුද්ගලයන්
කාමයට වඩා ප්‍රේමය රස විඳිනවා.
කාමය රස විඳින විදියෙ
රුචිකත්වයක් ඇති මනස ගොරෝසු පුද්ගලයන්
ප්‍රේමයට වඩා කාමුක වින්දනය සොයනවා.

ප්‍රසිද්ධ ස්ථානයක
අඩ නිරුවත් කතක් නිතර දකින විට
ශෘංගාරය ඇති වෙන්නෙ නැහැ..
කාමයට ඉඩ නැති හිත
බොහෝ විට මෝහයට වැටෙනවා.
වේගවත් හිත් ඇති අයගෙ හිත්වල
කාමයට ඉඩ නැති වුණාම
කාම ආවේගය ද්වේශයට හැරෙනවා.

ප්‍රසිද්ධ ස්ථානවල අඩ නිරුවතින් හැසිරෙන විට
කාන්තාවන්ට කරදර වෙන්නෙ
මෙසේ කාමය විකෘති වෙලා
ද්වේශය ඇති කරගත් අයගෙන්..

පසුගිය කාලයේ බිහිවූ
බෑණාවරුන්ගේ සංගමය විසින්
උපහාසය විදියට සංයමයෙන් මුදා හැරියේ
දුල්මිණි දැකීමෙන් ඇති වූ කාමච්ඡන්දයයි.

ඇත්තටම අපි ප්‍රිය කරන්නෙ
අඩ නිරුවත් කාන්තාව හෝ
ඇගේ අඟ පසඟ නොවෙයි.
ඇගේ ඇගේ අඟ පසඟදැකීමෙන් උත්තේජනය වී
අපේ කය තුළ සිදු වෙන ජෛව රසායනික වෙනසයි.

රූපවාහිනියෙ විකාශය වන
ගීතයක් අහන කෙනෙක්ගෙ
රස වින්දනය පවතින සීමාව
කොතරම් පරාසයක විහිදෙනවාද?

අපේ රස වින්දනය මනස මගින්
ගායන ශිල්පියා දක්වා විහිදුණාට
ඇත්ත වශයෙන්ම
ප්‍රායෝගිකව, කායිකව බලන විට
අපේ රස වින්දන පරාසය
ගීතයේ නාද තරංග විසින්
කන් බෙරය කම්පනය කළ පසුව
අපේ කණ සහ මොළයටත් අතර
ස්නායුව උත්තේජනය වීමෙන්
විඥාණයේ තැන්පත් වී ඇති
අපිට ප්‍රිය රාග ද්වේශ හෝ මෝහ සංස්කාර කැළතීමෙන්
කය පුරා නින්නාද වෙන ස්නායු තරංග විසින්
කයෙහි සකස් කරන ජෛව රසායනික සංයුතිය අනුව
අපි ගීතය රස විඳිනවා.

ඒ ආකාරයටම
අපි ඇත්තටම රස විඳින්නෙ..
අඩ නිරුවත් කාන්තාව හෝ
ඇගේ අඟ පසඟ නොවෙයි.
ඇගේ ඇගේ අඟ පසඟදැකීමෙන් උත්තේජනය වී
අපේ කය තුළ සිදු වෙන ජෛව රසායනික වෙනසටයි.

අඩ නිරුවත් කාන්තාව හා
ඇගේ අඟ පසඟ වලට බැඳෙන්නෙ
ඇය තාවකාලිකව හෝ
අයිති කරගන්න පෙළඹෙන්නෙ
අපේ කය තුළ සිදුවෙන ජෛව රසායනික වෙනස්කම්
නිර්මාණය කිරීමේ හැකියාව ඇය සතු නිසයි..
ඒ වෙනස්කම් සිදු කිරීමට හැකිතාක්
පිරිමියාට ඒ කාන්තාව වටිනවා.

ඇය ප්‍රදර්ශනය කරන
ප්‍රිය මනාප අඟ පසඟ හැර
ඔහුට වටින වෙනත් කිසිවක් ඇය සතුව නැත්නම්
ඔහුගේ ජීවිතය තුළ ඇගේ ආයු කාලය
ඔහුට ප්‍රිය මනාප ජෛව රසායනික වෙනස්කම්
ඔහුගේ කය තුළ  මවන්නට
ඇයට ඇති හැකියාවට සමානුපාතිකයි..

විවාහයෙන් කෙටි කලකට පසුව
සැමියාට බිරිඳ එපා වෙනවා නම්
ඇය සුපර්මාර්කට් එකක් නොවෙයි..
අවම වශයෙන් සිල්ලර කඩයක්වත් නොවෙයි..
තෙල් පිරවුම්හලක් වැනි ජීවිතයක්.

ඔවුන්ට අලුත් ගැටළු වලට
අලුත් විසඳුම් සපයා ගන්න වෙනවා.
කිහිලිකරු වෙන්නට දරුවනුත් නැත්නම්
ඇගේ නිස්සාර ජීවිතය
පන්සලකට පල්ලියකට, සමාජ ශාලාවකට,
සමාජ සේවා ආයතනයකට,
නැත්නම් ගණිකා මඩමකට සීමා වෙන්න පුලුවන්.

අඩ නිරුවත් කාන්තාව හා ඇගේ අඟ පසඟ
නිරන්තරයෙන් දකින විට
රාගයෙන් වෙහෙසෙන සිත මෝහයට වැටීම
අඩ නිරුවත සාමාන්‍ය වූ සමාජවල පවතින
සහන ශීලී බවට ප්‍රධාන හේතුවක්.

අඩ නිරුවත් කාන්තාව හා ඇගේ අඟ පසඟ
ඇසෙහි ස්පර්ශ වීමෙන් ජනිත වෙන කම්පන
පළමුවෙන් සුවයක් වුණාට
ඒ රසායනික නැවත නැවත ඇතිවෙන විට
කායික ව්‍යුහයට විඩාවක් වෙනවා.
ඇස හරහා ඇතිවෙන උත්තේජක අක්‍රිය වෙනවා.
ඔහු ගොරෝසු වෙනවා.

තමන්ගේ කය තුළ ඇතිවෙන කම්පන තරංග නිසා
අඩ නිරුවත් කාන්තාව හා ඇගේ අඟ පසඟ වලට බැඳෙන
ගොරෝසු පිරිමි බහුතරයට
ඔවුන්ගේ රස නහර මොට කර ගැනීම
මානසික සුවයක්..

දැවෙන කාමයෙන් මිදී ඒ සුවය ලබාගන්නට
අඩ නිරුවතට සමාජ අවසරය පතන
කාමුක පුරුෂ සංහතිය
ඉන් විඩාවට පත් වූ පසුව
ප්‍රසිද්ධ ස්ථානවල සිප වැළඳගැනීමට
අවසර සොයනවා.
ඒ අවසරයත් ලැබූ පසු
ටික කලක් ගත වනවිට
ඔවුන් තුළ ඇති ඒ අවශ්‍යතාවයත් මොට වෙනවා.
ප්‍රසිද්ධ ස්ථානවල මෛථූන සේවනයට අවසර ලැබෙන
පරිපූර්ණ ගෝත්‍රික සමාජයක් බිහිවුණත්
මිනිසා ඉනුත් තෘප්තිමත් නොවන බව
අපට විශ්වාසයි.

රාගයට වහල්වූ මිනිස් මනස
පල්ල නැති බාල්දියක්.

උස්මුරුත්තාව කුස ගින්නට විසඳුමක් නොවෙයි..
ඉන් නැතිවෙන්නේ කුසගින්න නොවෙයි..
ආහාර රුචියයි..

අවසානයෙ නශ්ටකාමයට ඔසු සොයන ඔහුට
ස්වභාවයෙන් මිනිසාට උරුමවී තිබුණ
කම්සුව විඳීමෙ හැකියාව තුරන් වූ කය
කාමයෙන් රාගයෙන් විඩාවට පත්ව නිර්වින්දනය වුවත්
තවමත් කාමය සොයන සිත සනසාගන්නට
රසායනික උත්තේජක මගින්
කයට සිහිය පිඹින්නට ඔහුට සිදුවෙනවා.

ඉඳුරන් මගින් පොළඹවන
කාය චිත්ත ආවේගවලට උපේක්ෂාවෙන් වෙසෙන්නට
සිත අසමත් වීම නිසා
සිත නිර්වින්දනය වන මංපෙත් විවර කොට
නිරාගමික සමාජ වල
කායික නිර්වින්දනය සුවයක් මෙන්ම
අභිමානයක් ලෙස සලකනවා.

නිරාගමික සමාජයක වෙසෙන
හොඳ යහපත් අය ලෙස පෙනෙන මිනිසුන්ට
තම සිත හා කය ගැන සිහිය නැහැ.
ඔවුන්ගේ හොඳ පවතින්නේ
මෝහය තුළයි.

අධික සුඛ විහරණය හා
කම් සුවයට ඇති නිදහස විසින්
ඔවුන් ප්‍රිය සාදයක දක්නට ලැබෙන
ආහාර අරුචියෙන් පෙළෙන
නිර්වින්දිත පුද්ගලයන් බවට
කෙමෙන් කෙමෙන් පත්වෙනවා.
මෝහයෙන් ආවරණය කර ගන්නා
රාගය හෝ ද්වේශය නිසා
ඔවුන් හොඳ මිනිසුන් මෙන් පෙනනවා.

ඔවුන් ඒ සුවය සැනසිල්ල සහ
මිථ්‍යා උපේක්ෂාව ලබාගන්නේ
සිහිය සහ සංවේදී බව කැප කරමින්.
ඉඳුරන් අක්‍රිය වන ඔවුන්ගේ ජීවිත
විද්‍යාත්මක උපකරණ, රසායනික පෙති, කරල්
නිරන්තර වෛද්‍ය උපදෙස් මත ගත වෙනවා.
ජීවිතයේ අවසාන කාලය
අවසිහියෙන් ගතකරන්නට අවකාශ ඇති
මේ හිස් බොල් ජීවිත
යන්ත්‍රයක පිහිටෙන් පණ අදිමින් ගතකොට
දරුවෙකුගේ අවසරයෙන් ජීව කාරක බට ගැලවීමෙන්
මෝහය පාදකවූ නව ජීවිතයක් ගතකරන්නට
මෙලොවින් නික්ම යනවා.

නිරාගමික වීමෙන්
පුනර්භවය හෝ කර්ම පළදීම
අක්‍රිය වෙන්නේ නැහැ..

සුන්දර කාන්තාවන්ගේ අඩනිරුවත නිසා
සිත තුළ ඇතිවෙන
රාගය සහ කාමච්ඡන්දයෙන්
තමාතුළ සිදුවෙන වෙනස්කම් දකින්නට තරම්
සංවර සමාහිත සිත් ඇති සිහිය දියුණු අය
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීමෙන්
ඒ වෙනස්කම් හේතුවෙන් ඇතිවෙන පීඩාවන්
අවමාන සහ බලාපොරොත්තු සුන් වීම් වලින්
මිදී ජීවිතය ගත කරන්නට පුලුවන්..

20150318

සිත දියුණු කරන ක්‍රම දෙකක් තියනවා.



සිත දියුණු කරන ක්‍රම දෙක

සිත මේ තියන අපිරිසිදු භාවයෙම තියාගෙන
එක අරමුණක තියාගන්න හුරු කිරීමෙන්
සිතේ අවුල් බව අඩු කරගෙන
මේ තියනවාට වඩා දියුණු කරන්න පුලුවන්.
සමථ භාවනාවෙන් කරන්නෙ ඒකයි..

පොත පත කියවන සිසු සිසුවියන්ටත්..
කිසියම් ශිල්පයක් පුහුණු වෙන අයටත්
හිත එක අරමුණක තියාගෙන
හොරකම්කරන හොරෙකුට වුණත්
මේ චිත්ත දියුණුව තියනවා.
ඒත් ඒ ක්‍රමය තාවකාලිකයි..
ආවේගයක් ආවම හිත කැළඹෙනවා.
සැබෑ දියුණුවක් නොවෙයි..

සැබෑ දියුණුව ලැබෙන්න
සිත පිරිසිදු වෙන ආකාරයට
සිත පවත්වාගත යුතුයි.

සිත අපිරිසිදු වෙන්නෙ
මේ මොහොතෙ සිදුවෙන වෙනස් වීම් වලට
හිත දක්වන ප්‍රතිචාර නිසයි..
අතීතය අනාගතය සිහිකළත්
වෙනස් වෙන්නෙ මේ මොහොතෙ හිතමයි..
1, මේ මොහොතෙ සිදු වෙන දෙයින්
සිත අපිරිසිදු වෙනවා.
2, අතීතයෙ රැස්වුණ අපිරිසිදු වීම් මතු වෙලා
සිත අපිරිසිදු වෙනවා.

මේ වෙලාවෙ සිදු වෙන
වෙනස් වීම් ගැන සිහියෙන්
ඒ සිදු වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙද්දි
1, මේ මොහොතෙ සිදු වෙන දෙයින්
සිත අපිරිසිදු වීම නතර වෙනවා.
2, අතීතයෙ රැස්වුණ අපිරිසිදු වීම් මතු වෙද්දි
සිදු වෙන
වෙනස් වීම් ගැන සිහියෙන්
ඒ සිදු වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙනවිට
ඒ අපිරිසුදු දේවල් නිරුද්ධ වෙනවා.

සිතේ අවුලට හේතු වෙලා තියන
ඒ විදියට ඉවත් වීමෙන්
සිත පිරිසිදු වීම දිගටම කළොත්
සියයට සියය දක්වාම
පිරිසිදු කරන්න පුලුවන්.
සැබෑ ලෙස සිත දියුණු කරනවා කියන්නෙ
දෙවැනි ක්‍රමයටයි..

20150315

ආගම් ගැන ඔබ අහන "ප්‍රශ්න" වැරදියි..




[[[ඉපදුනු හැටියෙ නෙලුම් මල් හතක් උඩ ඇවිද්දේ කොහොමද කියලා 4 වසරෙදි අපේ බුද්දාගම් ටීචර්ගෙන් අහලා එයා මට බැන්නා ඕනවට වඩා පන්ඩිත වෙන්න එපා කියලා...
ලමයි මට හිනාවුනා තාම මතකයි...
එදායින් පස්සෙ ලැජ්ජ වෙන්න බැරි නිසා ප්‍රශ්ණ නාහා එයාලා කියන දේ හරි කියලා ඔහේ අහගෙන හිටියා...
දැන් අවුරුදු දෙකකට විතර කලිං අපේ පල්ලියේ ෆාදර්ගෙන් ඇහැව්වා ඇයි කොපමණ වැරදි කලත් අපිට සමාව දෙනවා කියන දෙවියන්වහන්සේට බැරිවුනේ ආදම් කල එක වරදට සමාව දෙන්න ?.සියලු දේ දකිනවා කියන දෙවියන්වහන්සේ ඇයි නොදැක්කේ සාතන් ඒවාව ඇපල් ගෙඩිය කන්න පොලඹවනවා කියන එක.ඒ කියන්නේ දෙවියන්වහන්සේට plan එකක් තිබ්බා මිනිසාව වරදට පොලඹවන්න.
එහෙම නේද ෆාදර් ???.
ෆාදර් මට උත්තර දුන්නෙත් නෑ.මීසමෙං අයින් වෙලා යනකල් මාව දැක්කත් ඔරවන්න පටං ගත්තා මිසක් එයාට ඒකට දෙන්න උත්තරයක් තිබුනෙත් නෑ.කොටින්ම පාප්තුමා දෙවියන්වහන්සේගේ අනුප්‍රාප්තිකයානං අපිව ආරක්ශා කරන දෙවියන්වහන්සට ඇයි බැරි පාප්ව ආරක්ශා කරන්න ???.
පුලුවන්නම් ඇයි පඩි ගෙවලා bodyguard ලා දාන්නේ කියලා අහලා 
අම්මා දවස් දෙකක් මට බැන බැන හිටියා මිසක් එයාටත් උත්තර තිබ්බේ නෑ... ]]]
===================================මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න
ඔවුන්ට බැරි බව
ඔබට අදත් වැටහෙන්නෙ නැද්ද?
ඔබ ප්‍රශ්න කරන්න තෝරාගත් දේ
සහ තෝරාගත් පුද්ගලයන් වැරදියි කියලා
ඔබට හිතෙන්නෙ නැද්ද?

ඔබ කවදාවත්
පටිච්ච සමුප්පාදය ගැන
චතුරාර්ය සත්‍යය, සතර සතිපට්ඨානය ගැන
ප්‍රශ්න නොකරන්නෙ ඇයි?
ක්‍රිස්තුන් වහන්සෙගෙ
කන්ද උඩ දේශනාව ගැන
ප්‍රශ්න නොකරන්නෙ ඇයි..?

තට්ටුකරන්නාට දොර ඇරේ.
සොයන්නාට සම්බවේ.

ඇසිය යුතු ප්‍රශ්න තෝරාගන්නටත්
යම්කිසි විශේෂ මානසිකත්වයක්
තිබිය යුතුයි..

යුරේකා කියමින් දුවපු
ආකිමිඩීස්ගෙ නිරුවත ප්‍රශ්න කරන කෙනෙක්
විශිෂ්ඨ ගුරුත්වය ගැන හොයන කෙනෙක් නොවෙයි..
ඔහුට ඒ මට්ටමේ මනසක් නෑ.

ඔබ ප්‍රශ්නයක් අහන කොට
ඔබ අහන කෙනාගේ මානසිකත්වයට වඩා
ඔබේ මානසිකත්වය ප්‍රකට වෙනවා.

නැතිවුණ ඉඳිකටුව සොයාගන්නට අවශ්‍ය නම්..
ඔබට පෙනෙන තැන්වල නොසොයා
සැබැවින්ම ඉඳිකටුව නැතිවී තිබෙන තැන
ඉඳිකටුව සොයන්න..

ආගමික නොවන්නට හේතු සොයන කෙනෙකුට
ආගමික වීමට හේතු සොයාගන්න බෑ..

තට්ටුකරන්නාට දොර ඇරේ.
සොයන්නාට සම්බවේ.

ඔබ තට්ටු කරන දොර
ඔබට ඇරේවි..
ඔබ සොයන දේ ඔබට ලැබෙයි..

ක්‍රිස්තුන් වහන්සේ කන්ද උඩ දේශනාවෙදි
"විනිශ්චය නොවනු සඳහා
විනිශ්චය නොකරන්න"
කියලා කියන්නෙ
සතර සතිපට්ඨානයෙ
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
මෙහෙම ඉන්න කෙනෙක් තමන් දකින දේ
විනිශ්චය කරන්නෙ නෑ...
කියන අර්ථයෙන්..

ක්‍රිස්තුන් වහන්සේ කියනවා
"පරෙවියෙක් වගේ අහිංසකව
සර්පයෙක් වගේ කල්පනාවෙන් ඉන්න"
බුදුන් වහන්සේ කියන්නෙ
ආතාපී සම්‌පජානො සතිමා විහරති
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්, වෙසෙන්න
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

මම මෙහෙම කිව්වාම
මේ ගැන ප්‍රශ්න කරන්න
ඔබට හිතෙන්නෙ නැත්නම්
ඒක ඔබේ මානසික අඩුවක්..
ඔබ දන්නවා
ඔබේ පටු මනසට මෙවැනි දේ
ගෝචර නොවෙන බව.

ඔබ තෝරාගන්නෙ
අර වයසක ආගමිකයන් විසින්
ඔවුන්ගෙ පටු මනසින් අදහන
දෙවියන් හාස්කම් පෙළහර වැනි
පුංචි සරල අභව්‍ය මාතෘකා.

ඔබ ඉන්න තැන සකස් කරගන්න.
පොත්ත්තෙ පැඟිරි රස අත් හැරලා
දොඩම් රස හොයන්න..

ආගමිකයන් විවිධයි. විෂමයි. නිරාගමිකයන් සමාන කුලක දෙකක්..




ආගමිකයන් විවිධයි. විෂමයි.
නිරාගමිකයන් සමාන කුලක දෙකක්

ගුරු දක්ෂිණාව සඳහා මිනී මැරූ..
අංගුලිමාල මිනීමරුවා වැනි අයගෙ පටන්
අංගුලිමාල රහතන් වහන්සේ දක්වා
වර්ගීකරණයක් කළ නොහැකි අන්දමට
නොයෙක් ආකාරයේ පුද්ගලයන්
බොදුනු ආගමිකයන් අතර ඉන්නවා.

නිරාගමිකයන් අතර
මම දකින්නෙ වර්ග දෙකක් විතරයි.
සමාජ ශීලී, මත්පැන් පානය කරන,
මොළයෙ දකුණු පසට බර චරිත සහ
තනිව හෝ ගෝලයන් සමග හැසිරෙන,
පොතපත කියවීමට බර
විද්‍යාව, දර්ශනය ප්‍රිය කරන
මොළයෙ වම්පසට බර චරිත.

නිරාගමික කාන්තාවන් අතර
මේ ගුණ දෙකම මිශ්‍රව පවතිනවා.
බොහෝ නිරාගමික කාන්තාවන්
පොත පතට මෙන්ම මත්පැනට ලැදියි.

සමස්ත මොළයම උපයෝගී කර නොගන්නා
එක් පසකට බරව හිතන අය
ආගමිකයන් අතරත් ඉන්නවා.
ඔවුන් අතර ඉන්න
මොළයේ දකුණු පසට බර
නාරි ලක්ෂණ ඇති පිරිමින්
මත්පැන වෙනුවට
භජන් ගැයීමට, උදපූජාවලට
සමථ භාවනාවට යොමු වෙනවා.
මොළයේ වම්පසට බර චරිත
පොත පතට ළැදියාවක් දක්වනවා.
ආගම ගැන තර්ක විතර්ක කරනවා.

ඔවුන්ගෙ ශ්‍රද්ධාව දුර්වලයි.
මමත්වය ප්‍රබලයි
ඔවුන් බොහෝ විට
ගුරුවරුන් මත යැපෙන්නට කැමැත්තයි..
ඔවුන් අතරත් පවතින අදහස්
ආගමික චින්තනයට වඩා
නිරාගමික චින්තනයට බරයි.

මේ ලක්ෂණ ආගන්තුක ලෙස සලකා
ස්වයං අවබෝධයක් ලබන අය තුළ
පරිණාමීයව දක්නට ලැබෙන මේ ලක්ෂණවලින්
ඔවුන්ගෙ ගවේෂණාත්මකබවට හානි වෙන්නෙ නැහැ..
මේ ලක්ෂණ තමන්ගෙ ස්වභාවය ලෙස දකින අය
ඒ ලක්ෂණවලට ඇබ්බැහි වෙනවා.

මේ නිරීක්ෂණ
ඔබ ඔවුන් දකින ආකාරයට වඩා
වෙනස් වෙන්න පුලුවන්.
එහෙම නම්
ඔබ දන්නා නීරාගමිකයන් දෙස
වඩාත් සැලකිල්ලෙන් බලන්න..
ඉහත කී වර්ගවලට අයත් නොවෙන
නිරාගමිකයන් ඔබ දන්නවාද?

මිනිසුන් නිරාගමික වන්නට
හේතු තුනක් තියනවා.
1 දුශ්ශීල ජීවිත ගත කිරීම.
2, සිතේ කැළඹිල්ල සහ
සිතේ අරමුණු විරහිත බව.
3, තමන්ට ගෝචර නොවෙන,
ගෝචර කරගත නොහැකි දර්ශන වලට
දෘෂ්ඨිගතව වහල්වීම.

උපතින් හෝ පොත පතේ දැනුමෙන්
ආගමිකයන් ලෙස හඳුන්වන නමුත්
පැවැත්මෙන් නිරාගමිකයන් වන අය තුළත්
ඉහත දැක්වූ ගුණාංග වලින්
මුල් දෙක හෝ තුන්වැන්න පවතිනවා.

මේ අන්තවලට ගමන් නොකරන
සැබෑ ආගමිකයා ධාර්මිකයි.
ඔහු ධාර්මික වන්නේ
කිසියම් පුද්ගලයෙකුට හෝ
දෙවි කෙනෙකුට හෝ
පොතපතට වහල් වීමෙන් නොවෙයි.
අධාර්මික දිවි පැවැත්ම තුළ
තමාගේ ජීවිතය පිරිහෙන බව
අත්දැකීමෙන්ම දන්නා නිසයි.

ආගමිකයාට හෝ
නිරාගමිකයාට නොව
ධාර්මිකයාට ගරු කරන්න.

සාර්ථක ආගමිකයෙක් ධාර්මිකයි.
සාර්ථක නිරාගමිකයෙක් ධාර්මිකයි.

20150307

ද්වේශය විඳ ප්‍රත්‍යක්ෂ කර ගන්න.



Niyomal Dias Gunawardena

[[මිනිසා සිතීමට පොළඹවන වෙනත් දර්ශනත් තියෙනවා ...
බුදු දහම පමණක් නොවෙයි ....]]


බුදු දහමෙන් ඔබට ලැබුණ ප්‍රයෝජනය
සිතීමට පෙළඹවීම පමණද?
ඔබ ඉන්න තැනින් එහාට ගොස්
ලබන්න ප්‍රයෝජනයක් බුදු දහමෙ නැද්ද?


Niyomal Dias Gunawardena
 "
ඔබ ඉන්න තැනින් එහාට ගිහින් ලබන ප්‍රයෝජන බුදු දහමේ නැතිද ?" යන්නේහි 
ඉන්න තැනින් එහාට ගිහින් ලබන ප්‍රයෝජන යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද.. ?
 
සිතීම - චින්තනය වැනි දෙයක්
බුදු දහමෙ අගය කරනවා මම දැකලා නෑ.

තර්කය හේතුවක් කරගන්න එපා කියලයි
බුදුන් වහන්සේ කියන්නෙ.

බුදු දහමෙ
දස්සනේන සම්පන්නෝ
දස්සනේන පහාතබ්බා වගේ යෙදුම්
හමුවෙනවා.
ඒත් සිතීමක් අදහස් වන්නේ නෑ.

හිත කියන්නෙත්
පසිඳුරන් වගේම ඉන්ද්‍රියයක්.
නොදන්නා කම නිසා
හිතට රජකම දුන්නට
අනික් පස්දෙනා වගේම
හිතත් පහසුවෙන් නොමග යන
දූෂණයට බර ඇමතියෙක්.

හිතට සත්‍යය දකින්න බැහැ..

සත්‍යය දැකිය යුත්තෙ ප්‍රඥාවෙන්..

සිතුවිල්ලෙන් නොවෙයි..

සිතුවිලි කියන්නෙ ඕපාදූප..
මොන දර්ශනයක වුණත්
සිතුවිලි වලින් විස්තර කරද්දි
අපිට අහන්න ලැබෙන්නෙ
කෙනෙක් වාර්තා කරන ඕපාදූප ටිකක්..
වචන මට්ටමෙන් හදාරන අයට
ත්‍රිපිටකයත් ඕපාදූප පොතක්..

ත්‍රිපිටකයෙ තියන ඕපාදූප සත්‍ය වෙන්නෙ
දහමක් බවට පත්වෙන්නෙ
විඳ ප්‍රත්‍යක්ෂ කරන කෙනෙකුටයි.

බුදු දහමෙ එන දර්ශනය
විඳ ප්‍රත්‍යක්ෂ කළයුතු මාර්ගයක්..

චින්තනයක් නොවෙයි..

ද්වේශය කියන්නෙ මොකක්ද?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීල
ද්වේශයෙ සැබෑ ස්වරූපය
කියා දෙන්න පුලුවන්
ලෝකෙ ඉන්න මොන දාර්ශනිකයාටද?

ද්වේශය ඇතිවුණ අවස්ථාවක්
සිහිපත් කරගන්නෙ නැතුව
ද්වේශය මොකක්ද කියල
ඔබට කියන්න පුලුවන්ද...?
හිතන්න පුලුවන්ද.

ඔබට ද්වේශය ඇති වුණාම
ඔබ තුළ ඇතිවෙන ද්වෙශයෙ
ස්වභාවය දැක්කොත්
ද්වේශයෙ ස්වභාවය
විඳ පසක් කරන්න ඔබට පුලුවන්..

ද්වේශය ඇති වුණාම
කය දරදඬු වෙනවා.
කයෙහි අප්‍රිය වේදනා ඇති වෙනවා.
සමහර අය වෙවුලනවා..
මවිල් කෙළින් වෙනවා.. දාඩිය දානවා.
දැඩි ද්වේශයක් නම්
ගහන්න මරන්න වුණත් ශක්තියක් ඇති වෙනවා.

ඔබ මේ විදියට
ඔබ තුළම ද්වේශය දැකලා තියනවාද?
මේ විදියට
ඔබ තුළම ද්වේශය දකින්න කියාදෙන
කිසිදු දර්ශනයක් ඔබ දන්නවාද?

ඒත්
ඔබ මේ වෙලාවෙ සිතේ මවාගන්න දර්ශනය
සැබෑවක් නොවෙයි..
ඔබ ද්වේශයෙන් ඉන්න වෙලාවක
ඒ අත්දැකීම විඳ ප්‍රත්‍යක්ෂ කරගන්න.

ඔබ වැනි පල් මෝඩයෙකුට
තමා තුළම ද්වේශය දකින්න
බොහෝ කල් ගත විය හැකියි..

හිතේ ඔබ ගැන ද්වේශයකින් තොරව වුණත්
මම එහෙම කියන කොට
ඔබ ඒ වචන වල ද්වේශය දැක්කා නම්
ඔබට මා සමග ද්වේශයක් ඇතිවෙන්න ඉඩ තිබුණා.
ඔබ පහසුවෙන් කේන්ති එන
මාන්නාධික කෙනෙක් නම්
විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකි ද්වේශයක්
මේ මොහොතෙත් ඔබේ හිතේ ඇති..
නැත්නම්
ඔබ ද්වේශයට පත් වුණ වෙලාවක
ද්වේශය විඳ ප්‍රත්‍යක්ෂ කර ගන්න.


බුදුන් වහන්සේ ද්වේශය කියන්නෙ
ඔබ හිතින් හිතන වචනයට නොවෙයි..
ඔබේ සිතත් කයත් එක්ව විඳින
ද්වේශ මූලික අත්දැකීමට.

හිත හොඳටම දියුණු කෙනෙකුට නම්
ද්වේශය හිතට ආව වෙලාවට
ඒ ද්වේශය ගැන සිහියෙන් ඉන්න
බුදුන් වහන්සේ උපදෙස් දෙනවා.
මේ උපදෙස්වල ද්වේශය ගැන
හිතන්න විදියක් කියලා නැහැ..

සිතෙහි ද්වේශය ඇති බව
සිහියෙන් දැකීම සහ
උපේක්ෂාවෙන් වීසීමයි කළයුතු..

සදොසං වා චිත්‌තං සදොසං චිත්‌තන්‌ති පජානාති,
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.

අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව
ඤාණමත්‌තාය
පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
මේ උපදෙස් වලින් කියන්නෙ
තමන්ට දැනෙන මාත්‍රාවට
නැවත නැවත සිහිය පිහිටුවාගත හැකි මාත්‍රාවෙන්
පවතින කිසි දෙයක් අල්ලා නොගෙන
අනිශ්‍රිතව  වෙසෙන්නයි.. -අනිස්‌සිතො ච විහරති,.

මේ ටික කරන්න
ඔබ වාඩිවෙලා දෑස් පියාගත යුතු නැහැ..
ඔබ කරන ඕනම දෙයක්
මේ සමග කරගෙන යන්න පුලුවන්.

අනිශ්‍රිතව  වෙසෙන්න

එහෙම කරගෙන යද්දි
ඔබට දැනෙන මාත්‍රය ප්‍රමාණවත්- ඤාණමත්තාය
සිහිය පවත්වන මාත්‍රය ප්‍රමාණවත් -පතිස්සතිමත්තාය
ද්වේශය ඔබ නොවෙයි.. ආගන්තුකයි...
අනිශ්‍රිතව වෙසෙන්න.
ඔබ තුළ වෙනස්වීමක් පවතිනවා..
ඒ කිසිදු වෙනසක් අල්ලා නොගෙන
ද්වේශය ඇති සිත ඇති වෙන හැටි නැති වෙන හැටි
ඇතුළතින් සහ බැහැරින් දකිමින්
කිසිවක් නැවත අල්ලා නොගනිමින්
අනිශ්‍රිතව වෙසෙන්න.

ඔහු ද්වේශය විඳ ප්‍රත්‍යක්ෂ කරනවා.
ඔහුට ද්වේශය පිළිබඳව ප්‍රඥාව ඇති වෙනවා.
ඔබ එක මොහොතක් මේ විදියට ගත කළොත්
ඒ මොහොත දෙකක් වෙයි, තුනක් වෙයි...
ඔබ විඳින දුක පසක් වුණාට පස්සෙ
වෙන කෙනෙක් ද්වේශයෙන් දැවෙන කොට
ඔබට ඔහු විඳින දුකත් පෙනෙනවා.
ඒ දර්ශනය වෙනස්.
එතන චින්තනය නැහැ..
කරුණාව තියෙන්නෙ..

බුදුන් වහන්සේ ද්වේශය පිළිබඳව දෙන
මේ උපදෙස් ටික පිළිපදින්න පුලුවන් කෙනෙකුට
මොන තරම් ලොකු ද්වේශයක් ආවත්
කැළඹෙන්නෙ නැතුව ක්‍රියා කරන්න පුලුවන්..
ඔහුගෙ ද්වේශය
වචන වලට, ක්‍රියාවලට එක් වෙන්නෙ නෑ.

පන්සිල් රකින්න උත්සාහ කරන කෙනෙක් තුළ
මේ ගුණය ඉතා සියුම්ව වැඩෙනවා.
තව කෙනෙක් මරන්න පිහිය උස්සලා
මරන්නෙ නැතුව පිහිය වීසි කරන කෙනා සිල්වතෙක්.

ඔහු පරපණ නැසීමෙන් වැළකුණා.
ඒ මොහොතෙදි ඔහු ද්වේශය දකිනවා.
ද්වේශය තමා නොවන බව
ඉතා සියුම්ව දකිනවා.
ඔහුට ද්වේශය දැනෙන මාත්‍රය
ඔහුට මිදෙන්නට ප්‍රමාණවත්- ඤාණමත්තාය
ඔහු සිහිය පවත්වන මාත්‍රය
මිනී මැරීමෙන් වළකින්නට ප්‍රමාණවත් -පතිස්සතිමත්තාය

ද්වේශය ඔහු නොවෙයි.. ආගන්තුකයි...
අනිශ්‍රිතව වෙසෙන්න ඔහු ඉගෙන ගන්නවා..
ඔහු තුළ වෙනස්වීමක් පවතිනවා..
ඔහු සිතේ වෙනස අල්ලා නොගෙන
පවෙන් වළකිනවා.

ඉහත කී ආකාරයට වෙසෙන්න පුහුණුවෙන
අපරාධකාරයෙකුගෙ වුණත්
හිතේ ද්වේශය ඇති වුණාට
ඔහුගෙ හිතේ තැන්පත් කම බිඳෙන්නෙ නැහැ..

ද්වේශයෙන් හිත කැළඹෙන්නෙ
ඒ සමග ඇති වෙන සිතුවිලි නිසයි..
ද්වේශය නිසා නොවෙයි.
ද්වේශය ආවේගයක් පමණයි.
ද්වේශය ඉහත කී ආකාරයට
සිහියෙන් හා උපේක්ෂාවෙන් දකින කෙනෙක්
ඒ ද්වේශයෙන් කායිකව හෝ
වාචිකව හෝ මානසිකව හෝ
ප්‍රතික්‍රියා නොකරන නිසා
ඔහුගෙ සිතේ සමාධියත් පවතිනවා.

ඒ සමාධියන්
සමස්ත සිදුවීම දකින ඔහු
ද්වේශය පටන් ගත් තැන ඉඳන්ම දකිනවා.
ඔහුට ද්වේශය පිළබඳව
ප්‍රඥාව පහළ වෙනවා.

ඔබ මෙන්ම පුහුදුන් කෙනෙක් වන මමත්
මේ ක්‍රමයේ කෙළ පැමිණියෙක් නොවෙයි.
ඒත් මේ ක්‍රමය ප්‍රායෝගිකව පුහුණු වෙනවා.
ඒ ක්‍රමය සාර්ථක බව මම දන්නවා.

මේ ක්‍රමය හෝ මීට සමාන කළ හැකි වෙනත් ක්‍රමයක්
වෙනත් දර්ශන වල තියනවා කියා
ඔබ හිතනවාද?

බුදුන් වහන්සේගෙන් පසුව
වෙනත් දර්ශනවාදීන්
මේ දහමට සමාන මත
විටින් විට පහළ කරන අවස්ථා තියනවා.
ඒත් බුදුන් වහන්සේට කලින්
මෙවැනි ක්‍රමයක් පැවතී නැහැ..

මේ ක්‍රමය මේ ආකාරයෙන් නම්
වෙනත් කිසිම දහමක හො දර්ශනයක නැහැ.