20180527

මිනිස් සංහතිය තුරන් කරන්නට වෛද්‍ය විද්‍යාව සූදානම්.

නව නිර්මාණයක සාර්ථකත්වය
උරගා බලන්නට නියැදියක් අවශ්‍යය.
එවන් නව නිර්මාණයක ප්‍රමිතිය බලන්නට
අපේ දරුවන් තෝරා ගත්තාද?
අද ලෝකය ඉසුරු සොයා යන වේගය අනුව
එවැන්නක් සිදුවිය නොහැකිද?

දරුවන් විස්සකටත් වඩා මිය ගියද
ඒ පිළිබඳව එකද පුවතක් හෝ
ඡායාරූපයක් අන්තර් ජාලයේවත් නැත.
මේ මාධ්‍ය නිහැඬියාව ඇති කළ
බලවතුන් කවරහුද?
දකුණේ වයිරසය ඒතරම් බලවත්ද?

අපේ දරුවන් බිළිදෙමින් පැවැත්වුණේ
කිසියම් භයානක පෙරහුරුවක්ද?
මේ තොරතුරු හා සැසඳෙන පුවතක්
බටහිර රටකින් වාර්තා වෙයි.

මෙහි ප්‍රධාන ශිල්පියා වන්නේ
මිලියන් ගණනක් ජනතාව මරා දමන්නට
හිට්ලර් නම් ඝාතකයාට සහය වෙමින්
ලෝක යුද්ධයේදී හිට්ලර්ට එක්වූ
ජපානයේ උපන්නෙක් වීම විශේෂයකි.

යොෂිහිරො හිට්ලර්ගේ දෙවෙනි උපතක්ද?
????????????????????????????????????????

මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය
සම්පූර්ණයෙන්ම ඉක්මවා යාම මගින්
මිනිස් සංහතියම ලොවෙන් තුරන් කළ හැකි
කෘතිම වයිරසයක් නිපදවන අයුරු
විද්‍යාත්මකව සොයා ගැනීමට
විස්කොන්සින් මැඩිසන් විශ්ව විද්‍යාලයේ
යොෂිහිරෝ කවාඕකා නම් මහාචාර්ය වරයා
සමත් වී ඇති බව කියැවෙයි.

වසර පහකට ප්‍රථම 500,000ක් ජනතාව
මිය යන්නට හේතුවීයැයි විශ්වාස කරන
H1N1 වයිරසය ජාන තාක්ෂණයෙන් විකෘති කිරීමෙන්
ඔහු මෙම මාරාන්තික වෛරසය නිපදවා ඇත.

ස්වාභාවිකව ප්‍රතිශක්තිය ලබා ගැනීමට
මිනිසාට හැකිවන පරිදි සොබා දහම ක්‍රියා කිරීමෙන්
අද බොහෝ දෙනෙක් H1N1 වයිරසයට මුහුණ දීමට
සමත් ප්‍රමාණයට ප්‍රතිශක්තිය ලබාගෙන ඇත.
යොෂිහිරෝ විසින් කරන ලද්දේ මේ ප්‍රතිශක්තිය
මග හැර යන්නට හැකිවන ආකාරයට
ජාන තාක්ෂණයෙන් H1N1 වයිරසය විකෘති කිරීමයි.

මේ නව H1N1 වයිරසයට මුහුණ දීමට
මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට නොහැකිවන අතර
මේ නොහැකියාව මුළු මිනිස් සංහතියටම පොදුය.

මේ නව වයිරසය නිසා වසංගතයක් ඇතිවීම
මෙහි නියත ප්‍රතිඵලය වනු ඇත.
රෝහල් රෝගීන්ගෙන් පිරෙනු ඇත.
වෛද්‍යවරුන්ගේ ගිණුම් වලට
ගලා එන මුදල්වලින් ගිණුම් උතුරා යනු ඇත.
වෛද්‍ය ක්ෂේත්‍රය සැණකෙළියක් වනු ඇත.
ධන කුල නිල බල වෙනසක් නැතිව
නිවෙස් වල සුදු කොඩි ළෙලදෙනු ඇත.

රෝහලකදී මිය ගිය බව සනිටුහන් කරමින්
සුදු කොඩි වලට රතු කුරුසයක් යෙදිය යුතුය.


මේ නව H1N1 වයිරසය පිළිබඳව
යොෂිහිරෝ මාධ්‍යවලට පවසා ඇත්තේ
ඔහුගේ පරීක්ෂණය හමාර වී ඇති බවත්
මේ තොරතුරු එළි දැක්වීමට සූදානම් බවත්ය.

මේ ප්‍රවෘත්තිය සාමාන්‍ය මිනිසුන්ගේ
භීතියට හේතුවන බවට සැකයක් නැත.
එහෙත් මේ ප්‍රවෘත්තියම අසන තවත් පිරිසක්
ඖෂධ ජාවාරම් සහ ප්‍රතිකාර වලින්
කෝටි ගණනින් මුදල් උපයන මගක් ලෙස සලකා
එක් පසෙකින් ප්‍රීතියෙන් උද්දාම වන අතර
අවයව ජාවාරම් කරුවන් සලකනු ඇත්තේ
අවයව අස්වැන්නක් ලැබෙන සරුකාලයක් ලෙසයි.

රෝගීන් ඇතිවීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවයි.

රෝගීන් දහසක් ඇතිවෙන විට ඒ රෝගීන් සඳහා
වෛද්‍යවරු කිහිප දෙනෙක් අවශ්‍යයි.
වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමානුපාතික වන්නේ
මිනිසුන් රෝගවලට ගොදුරුවෙන ප්‍රතිශතයටය.

මාරාන්තික වසංගතයක් පැතිරයාම
වෛද්‍ය ක්ෂේත්‍රයට කෝටි ගණන් මුදල් ගලා එන
පෞද්ගලික රෝහල්වලට, පෞද්ගලික වෛද්‍යවරුන්ට
යස ඉසුරු උතුරන ලොතරැයි දිනුමකි.

 අද දකුණේ ඇති වී ඇත්තේ මේ තත්වයයි.
කරාපිටිය රෝහලේ ළදරුවන් 20ක්
පසුගිය දිනවල මියගොස් ඇත.
බියෙන් ඇළලෙන පළාත්වාසීන්
සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් හැදුණ විටත්
අතේ තියන මුදල් ප්‍රමාණය අනුව
වෛද්‍ය විද්‍යාවට කප්පම් ගෙවති.

අනවශ්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රම වලින්
වයිරස්වලට ඇති හැකියාව දුර්වල කිරීම
ඒ ප්‍රතිශක්තිකරණවලට මිනිසා ඇබ්බැහි කිරීම
ආදී නොයෙකුත් කූට උපක්‍රම මාර්ගයෙන්
ඖෂධ විකිණීම කරගෙන ගිය සමාගම්
මේ වයිරසය සාදන ආකාරය
මේ විද්‍යාඥයාගෙන් මිලට ගැනීමට
තරඟ කරන ආකාරය අපට සිතාගත හැක.
වයිරසයට බියෙන් ප්‍රතිකාර සොයන
බියට පත්වෙන මිනිසුන් ගසාකන්නට
ඖෂධ නිපදවන සමාගම් වලට
මේ සොයාගැනීමෙහි වටිනා කම
ඩොලර් බිලියන දහස් ගණනක් විය හැක.
මේ ත්‍රාසජනක තේමාව ඇතුළත් බටහිර චිත්‍රපට
දශක ගණනාවක් තිස්සේ නිපදවා ඇත.

සිනමාපටයක කතාවෙන් මේ සිදුවීම
වෙනස් වන්නේ එකම හේතුවකිනි.
මේ ජාන තාක්ෂණික වයිරස් මාරකයෙන්
අවදානමට පත් මිනිස් සංහතිය බේරාගත හැකි හෝ
බේරාගන්නට අවශ්‍යවන කිසිදු සුපර්මෑන් කෙනෙකු
මෙලොව නැති බව අප දන්නා නිසැක සත්‍යයකි.

යුද සමයේ නිවසට වැටෙන බෝම්බයක්
තමාත් දරු පවුලත් ව්නාශ කරමින්
නිවසේ වහලට කඩා වැටේයැයි බියෙන්
උතුරේ ජීවත්වූ දහසක් මිනිසුන් මෙන්
වයිරස් මාරයා කොයි වෙලේ අවුදින්
තමන්ගේ දොරට තට්ටු කරාවිද බියෙන්
ත්‍රස්ත වී ජීවත් වෙන්නට සිදුවී ඇත්තේ
දකුණේ ජනතාවට පමණක් නොවේ.

විද්‍යාව විසින් මිනිස් ජීවිත ලක්ෂ ගණනින්
තත්පරයක් පාසාම ලොව පුරා බිලිගන්නේ
ආහාරපාන, ඖෂධ, නිවාස ආදී
මිනිස් සංහතියට නැතුවම බැරි මාර්ගවලින්.
ඔබ ලොව කොතැනක සිටියත්, කවරෙකු වුවත්
මාරයාගෙන් සැඟවී ජීවත් විය නොහැක.

ජීවත්වන කෙටි කාලයවත්
නිවැරදිව ගත කරන්නට කටයුතු කිරීම
මේ අවදානම් මොහොතේ
අපට කළ හැකි හොඳම දේය.