20160224

මස් මාළු වලින් වැළකීම මානසික සෞඛ්‍යයට යහපතක්.



ඩා වින්චි, සොක්‍රටීස්, ඇරිස්ටෝටල්,
ප්ලේටෝ, නිව්ටන්, අයින්ස්ටයින්...
ආදී මානසික ක්‍රියාකාරිත්වයෙන්
විශේෂිත පුද්ගලයන් රැසක්
මස් මාළු වලින් වැළකුණු අය බවට වාර්තා වෙනවා..
[ පයිතගරස් හා මාර්ක් ට්වේන් පිළිබඳව අනුමාන ඇත ]

මස්මාළු කෑම බුදු දහම අනුව පවක් නොවෙයි.
ඒත් නිර්මාංශ අගය කරන පිරිස
වෙනත් තර්ක නිර්මාණය කරගනිමින්
සමාජය මාංශ භක්ෂණයෙන් වළක්වා ගැනීමට
ව්‍යාපෘති දියත් කරනවා.

ඒ සඳහා උපයෝගී කරගත හැකි
ඍජුවම කයට හා මනසට බලපාන
සාධාරණ හේතුවක්
මස්මාළු වළින් වැළකීම සඳහා
හේතුවක් කරගත හැකියි.
එහිදී අපි බලන්නේ
මාංශ ආහාර හා ශාක ආහාර ව්ල
අහඹුතාවයෙහි වෙනසයි.

මස්මාළු වලත් ශාක වර්ගවලත්
අණු අතර පවතින අහඹුතාවයෙහි
පැහැදිලි පරතරයක් තියනවා.
මානසික වෙනස්කම් මත
කය වෙනස් වෙන ආකාරයටම
කයෙහි වෙන වෙනස්කම් මනසටටහ්
බලපානවා.
අහඹුතාවයේ වෙනසත්
මනසෙහි සමාහිත බවට බලපානවා.

වස්තුවක් ක්‍රියාකාරී වන විට
අණු අතර අහඹුතාවය වැඩිවෙනවා.

යම් ඝන ද්‍රව‍‍ය දෙකක්
එකට අතුල්ලන විට
අහඹුතාවය වැඩිවීම නිසා
දෙකම රත් වෙනවා.
මිනිස් කය වුණත්
ක්‍රියාකාරී වෙන විට රත් වෙනවා.

මෙයට ප්‍රතිලෝමව
යමක් රත් කිරීමේදී
අහඹුතාවය වැඩි වෙනවා.

වතුර රත්වන විට ජල අණු අතර
ගැටුම් වැඩිවී අන්තර් ක්‍රියාකාරිත්වය
වේගවත් වෙනවා.
වතුර නටන උෂ්ණත්වයේදී
මෙම අහඹුතාවය උපරිම වී
ජල අණු බඳුනෙන් ඉවත් වෙනවා.

සත්වයින්, ශාක, අල වර්ග, ධාන්‍ය ආදියෙහිත්
අහඹුතාවය විවිධාකාරයෙන් පවතිනවා.
සතෙකුගේ පණ නැසීමෙන් පසුව සහ
ශාකයක් පොළවෙන් උදුරා ගත් පසු
ජීවය බැහැර වෙන්නට ගතවෙන කාලය සහ
කුණුවී දිරාපත්වන්නට ගතවන කාලය
අහඹුතාවයට ප්‍රතිලෝමව සමානුපාතිකයි.

අහඹුතාවය වැඩි ජීවීන්ගේ මස් ඉක්මණින් කුණු වෙනවා.
එළවළු එතරම් ඉක්මණින් කුණු වෙන්නේ නැහැ.
අල වර්ග ඊටත් වඩා කල් පවතිනවා.
ධාන්‍ය විශාල කාලයක්
නරක් නොවී තබා ගන්නට පිළිවන්.

අහඹුතාවය වැඩි මාශ භක්ෂක ජීවීන්ගේ
කායික මානසික ක්‍රියාකාරිත්වය, අසංවරය වැඩියි.
පහසුවෙන් කැළඹෙන ස්වභාවය, රුදුරු බව මෙන්ම
ඔවුන් වෙහෙසට පත්වීමේ ප්‍රවණතාවයත් වැඩියි.
සංවේදී බව අඩුයි. නිදා ගන්නා කාලය වැඩියි.
නින්දට පත්වූ විට නින්දත් ගැඹුරුයි.

වේදයෙහි මේ ගුණ රජස් හා තමස් යනුවෙන් හඳුන්වනවා.
රජස් ගුණය ද්වේශ මූලිකයි.
තමස් ගුණය මෝහ මූලිකයි.

සාත්වික ගුණයෙන් යුතු ශාක භක්ෂක ජීවීන්ගේ
සංවරය, සංවේදී බව, අවදි බව වැඩියි.
මුදු බව වැඩියි.
ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිවන්නේ
ආරක්ෂාව අවශ්‍ය වූ වෙලාවටයි.

දවසක් තුළ අපි කරන
කායික මානසික ක්‍රියාවන් වලදීත්
අපේ කයෙහි අහඹුතාවයත් වැඩි වෙනවා.
ඒ වැඩිවීම මනසටත් බලපානවා.
අපි ගන්නා ආහාරයෙහි ස්වභාවය අනුව
මේ අහඹුතාවය සමබර වීම
රඳා පවතිනවා.

ස්වභාවයෙන්ම සතුන් තුල
මේ අහඹුතාවය වැඩි නිසා
අහඹුතාවයෙන් අඩු ශාක වර්ග, අල,
ධාන්‍ය ආදිය ආහාරයට ගැනීම
ඔවුන්ගේ කයෙහි වැඩිවෙන අහඹුතාවය
අඩු වන්නට හේතු වනවා.

මේ නිසා
එදිනෙදා කටයුතු වලදී
මනස වෙහෙසවන අය
මානසික සමාහිත භාවය සොයන අය
මස් මාංශවළින් වැළකී
ශාක ආහාර පරිභෝජනයට හුරු වීම යහපත්.





දහම පොවන්න බෑ. පිළිගන්වන්න පුලුවන්.




අද ෆේස්බුක් සමූහවල පළ වෙන
බුදු දහමට සම්බන්ධ බොහෝ ප්‍රකාශ
මැරයන් මෙන් හැසිරෙන සමහරුන්
අනික් අයට තර්ජන, බලපෑම් ස්වරූපයෙන්
දහම කියා දෙන හෝ
දහමට පහර දෙන ප්‍රකාශයි.
කියවන අය පිල්වලට බෙදී
සටන් කිරීමයි සිදු වෙන්නෙ.

මේ ප්‍රකාශ වලින්
බුදු දහමට කෙරෙන සේවය නම්
බුදු දහම නොදන්නා අයට
දහම ප්‍රකට වීමයි.
පසෙක හොඳන් කියවන කෙනෙක්
දබර වෙන මැර පිරිසට නැති දැනුමක්
ඔවුන්ගේම ප්‍රකාශ තුලින්
ලබන්න පුලුවන්.

ඔබ සිල් රැක්කා කියා
අනික් අයට සිල් රකින්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.
ඔබ සමාධිය වැඩුවා කියා
අනික් අයට සමාධිය වඩන්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.
ඔබ විපස්සනා වැඩුවා කියා
අනික් අයට විපස්සනා වඩන්න බල කරන්නට
ඔබට අයිතියක් නෑ.

බුදුන් වහන්සේ බල කළත්
ඒ අනුව කරන කෙනෙකුත් නෑ.

මම කරන දේකින්
මට ප්‍රයෝජනයක් තියනවා නම්
ඒ ප්‍රයෝජනය ලබාගන්න කියා
දන්න කියන අයට කියන එක මගේ යුතු කමක්.
බුදු දහමෙන් තියන ප්‍රයෝජන අන් අයට කීම
වරදක් නොවෙයි..
ඒත් අනිත් කෙනා පිළිපදියි කියා
හිතන එක වැරදියි.

මම වසර ගණනක්
නිතිපතාම විපස්සනා වැඩීමෙ අගය
මම දන්න හැම විදියටම කියනවා.
මගේ දුක් විඳීම
විපස්සනා නිසා අඩුවෙමින් යන නිසා
විශ්වාසයෙන් ඒ බව කියනවා.
සමහරු විරුද්ධ වෙනවා.
තවත් සමහරු නින්දා අපහාස කරනවා.
සමහරු පිළිගන්නවා.
කලාතුරකින් කෙනෙක් විපස්සනාවට යොමු වෙනවා.

මේ මුළු කාලයටම
මම දැනුවත්ව විපස්සනාවට යොමුවුණ අය ඉන්නෙ
තරුණයන් හයදෙනෙක් විතරයි.
තව තරුණයෙක් දෙමව්පියන් යැව්වා.
ප්‍රතිශතය වසරකට එක් අයෙක් විතර තමයි.

මේ වසර ගණනාවටම
එක් කෙනෙක් හෝ යොමු වුණා නම්
මා දැරූ වෙහෙස නිවෙනවා.
ඒ ප්‍රමාණය හොඳටම ඇති.

විපස්සනාවට යොමු වුණත්
ඔවුන් සහ මා අතර විශේෂ
සම්බන්ධයක් නෑ.
ඒත් වෙනත් කිසිවෙක් සමග නැති
අන්‍යෝන්‍ය විශ්වාසයක් අප අතර තියනවා.
ඔවුන් ස්වාධීනව ඔවුන්ගෙ කටයුතු කරනවා.
බුදු දහම මිනිසා නිවහල් කරන දහමක්.

බුදු දහම තුළත් කල්ලි හැදීම අස්වාභාවිකයි.
එසේ කල්ලි ගැහෙන අයගෙ ධාර්මික බව අඩුයි.
ඔවුන් බොහෝ විට අන් ආගමිකයන් වගෙයි.
මත්පැනට එක්වෙන කල්ලි වගේ
වින්දනය පතා රැස්වෙන ආගමික කල්ලි තියනවා.
සමහර කල්ලි ක්‍රියා කරන්නෙ මැරකල්ලි වගෙයි.

බුදු දහම දඩ මීමා කරගෙන
දෙශපාලනික හේතු මත කල්ලි ගැහීම
නොවැළැක්විය හැකියි.
බුදු සමයෙත් දෙව්දත් රැස් කළේ එවැනි කල්ලියක්.
ඒ කල්ලි වල ඉන්න පිරිස
දුකෙන් මිදීම වෙනුවට
අමතර දුක් සම්භාරයක් විඳිනවා.

දෙදෙනෙක් හෝ පිරිසක්
එක මග යද්දි කල්ලි ගැහෙනවා නම්
එකිනෙකා මත යැපෙනවා නම්
ඒ මාර්ගය වහලුන්ගෙ මාර්ගයක්.
දහම් මාර්ගයේ යන අය
ස්වාධීන වෙනවා. නිවහල් වෙනවා.

වැරදි කිරීමෙන් වැළකීම මගින්
මිනිසා නිවහල් කරන
බුදු දහම නම් සමපාද ත්‍රිකෝණයෙ පාද තුන
ශීල, සමාධි, ප්‍රඥා යි.

ශීලය පමණක් වැඩුවත්
සමාධි ප්‍රඥා දෙකත් දියුණු වෙනවා.
එකක් වැඩීමෙන් අනෙක් දෙක වැඩෙනවා.
ඒ නිසා දහම් මගට යොමු වෙන කෙනෙකුගෙ
දුක දවසින් දවස නිවෙනවා.

තවත් කෙනෙක් දහම් මගට යොමු කිරීමෙන්
අපට ලැබිය හැකි පරම සතුට එයයි..

අන් සියලු සතුට දේශපාලනිකයි.