20150108

ක්‍රිස්තුස් වහන්සේ හිටියද නැද්ද - වැදගත් නෑ


Rahal Perera බයිබලයේ තියෙන ඔක්කම දෙබස්, දේවල් විශ්වාස කරන්න එපා. මොකද නව ගිවිසුමේ සුබාරංචි 4ම ලියල තියෙන්නේ ජේසුස් වහන්සේව ඇස් දේකටවත් දැකපු 4දෙනෙක් නෙමෙයි. පාවුල් තුමාගේ ලිපි බයිබලය ඇතුලත් කිරීමෙන් වුනේ, එදා විසු ජේසුස් නම් විප්ලවකාරී ජුදෙව්වා, ක්‍රිස්තුස් නම් ගලවුම්කරුවෙක් විදියට නිරුපනය වීමයි.
======================================
ක්‍රිස්තුස් වහන්සේ හිටියද නැද්ද
කියන එක වැදගත් නෑ. රහල්..
ඕනම කෙනෙකුට ගරු කරනවිට
ගරු කළයුතු
ඔහුගේ චරිතයේ අරටුවටයි..


බුදුන් වහන්සේ ළඟට
දෙවෙනියට මා ගරු කරන්නේ
ක්‍රිස්තුන් වහන්සේටයි.

බයිබලය ලියෝ ටෝල්ස්ටෝයි ලියපු
නවකතාවක් වුණත්
මම ක්‍රිස්තුස් වහන්සේට
මේ විදියටම ගරු කරනවා.
ක්‍රිස්තුන් වහන්සේ
සංකේතයක් වුණත් ප්‍රශ්නයක් නැහැ..

මම වැඩියෙන්ම
උන් වහන්සේට ගරු කරන්නේ
කුරුසියේ ඇණ ගසා සිටියදීත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන්
ගත කිරීම පිළිබඳවයි..
උන්වහන්සේ කුරුසියේ ඇණගැසූවන්ගේ
අන්ධ භාවය දැක
ඔවුන්ට මෙත් වැඩීමයි.
මගේ ජීවිතයේ ඉලක්කයත්
එවන් තත්වයකට
මගේ මනස සවිමත් කර ගැනීමට සහ
මෘදු කරගැනීමටයි....

ක්‍රිස්තුන් වහන්සේ අනුව යන්නට
ඔහු සැබෑ පුද්ගලයෙක් වීම අවශ්‍ය නැහැ.
අවශ්‍ය වෙන්නෙ ඔහුගෙ චරිතය පිළිබඳ
අපට ඇති සැබෑ අවබෝධය සහ
එසේ ජීවත්වෙන්නට
අපට ඇති උවමනාවයි.

-----------------------------------------------------
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ