20150511

ආගමික වස්ත්‍ර සහ නිරාගමික නිරුවත -



සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
තමාටත් සමාජයටත් හානිකර ලෙස හැසිරීම
සාමාන්‍ය පුදගලයාගේ ස්වභාවයයි.
මේ හැසිරීමට හේතුවෙන සියලු හේතු
බුදු දහමෙහි සවිස්තරව පෙන්වාදෙන අතර
තමන් දමනය කරගන්නට ක්‍රම තුනක්
දැක්වෙයි.

 ශීල 
තමා දමනය කර ගැනීම

සමාධි
සිත වෙන අරමුණකට යොමු කිරීම

ප්‍රඥා
තමා තුළ සිදු වෙන වෙනස්කම් පිළිබඳව
සමස්තයක් ලෙස සිහියෙන් වසමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීම.

කාමය ක්‍රෝධය භය ආදී
හානිකර ආවේග පහළ වූ විට
හානිකර ලෙස හැසිරීමට ඍජු හේතු නොදැක්වුණත්
තමාටත් සමාජයටත් හානිකර නොවී
සාමයෙන් වෙසෙන්නට මග පෙන්වන්නට
සියලු ආගම් ක්‍රියා කරයි.
බුදු දහම හැර අනෙකුත් ආගම් වලද
බුදු දහමෙහි දැක්වෙන ක්‍රම වලින්
පළමු ක්‍රම දෙක වන
ශීලය සහ සමාධිය උපයෝගී වෙයි.

1,
ශීල - තමා දමනය කර ගැනීම

2,
සමාධි - සිත වෙනතක යොමු කිරීම.
ආගමිකයන් බහුතරයක්
සිත ආවරණය කරගන්නට
ඉහත දැක්වෙන ආගමික වස්ත්‍ර
අඳින බව පෙන්වන නමුත්
ඔවුන්ද නමට වස්ත්‍ර ඇඳගෙන යන අය පමණි.

ආවේගශීලී නොවන විටත්
ආවේග ශීලී වූ විටත්
මේ ආගමිකයන් සහ නිරාගමිකයන් 
දෙපිරිස අතරම වෙනසක් නැත.

සමාජයට වෙස්මුහුණක් පෙන්වන
මේ ආගමිකයන් සහ නිරාගමිකයන්
ආවේගයෙන් නොමග යා හැකි
ආත්ම දමනයෙන් තොර පුද්ගලයන්ය.

ආවේගශීලී වූ විටත්
මේ ආගමිකයන් සහ නිරාගමිකයන් අතර
වෙනසක් නැත.
ආවේගශීලී වූ විට
මේ ආගමිකයන් සහ නිරාගමිකයන්ගේ වස්ත්‍ර ගැලවී වැටෙයි.
ආවේගශීලී වූ විට
ඔවුන් දෙපිරිසම නිරුවත් නිරාගමිකයන්ය.

කාමය ක්‍රෝධය භය ආදී ආවේග පහළ වනවිට
ආගමිකයන්ද සමාජය ඉදිරියේ නිරුවත් වෙති.
ආවේගවලට නතු වී පව් කරති.
නින්දා අපහාස පරිභව කිරීම්,
පහර දීම්, ඝාතනය කිරීම් කරති.
ආවේගවලින් දූෂිත වී අසංවර වෙන
කයින් වචනයෙන් මනසින් යුතුව
සමාජයට හානිකර අපරාධ කරති.

නිරාගමිකයන් නිරුවතින්ම වෙසෙන නිසා
ආවේගවලට නතු වී මැරයන් මෙන් හැසුරුණත්
නින්දා අපහාස පරිභව කිරීම්,
පහර දීම්, ඝාතනය කිරීම් කළත්
ඔවුන් නිරාගමික නිසා
නීතියෙන් පණවන සීමා හැර
වෙනත් සීමාවක් ඔවුන්ට නැත.

වස්ත්‍ර ප්‍රතික්ෂේප කරන්නට
පැහැදිලි හේතු නැති නිරාගමිකයන් අතුරෙන්
සමාජය තුළ යහපත් ජීවිත ගත කරන පිරිස
හානිකර ආවේග ආවරණය කරන ආගම නම් වස්ත්‍ර
වචන මාත්‍රයෙන් ප්‍රතික්ෂේප කරති
තර්ක්යෙන් නිරාගමිකවූවන් යැයි කියා ගත්තත්
පැවැත්මෙන් ඔවුන් ආගමික පරිසරයෙන්
හික්මුණු පිරිසකි.

ඔවුන් කියන්නේ තමන්ට
වස්ත්‍ර අවශ්‍ය නැති බවයි.
එහෙත් ආවේග පහළ වූ විට
ආගමික පරිසරයෙන් හික්මුණු නාමික නිරාගමිකයන්
යහපත්ව සිටින්නට උපයෝගී කරගන්නේ
සාමාන්‍ය ආගමික ක්‍රම වේදයි.

1 ශීල
ඔවුන් තමන් පාලනය කරගනියි.
මේ ආගම්වල දැක්වෙන ශීලයයි.

2 සමාධි
සිත වෙනත් අරමුණකට යොමු කරයි.
මේ ආගම්වල දැක්වෙන සමාධියයි.

ආගමික වස්ත්‍ර අඳින බව කියන නමුත්
නමට වස්ත්‍ර ඇඳගෙන යන අය අතුරෙන්
වඩාත්ම නිරාවරණිත පුද්ගලයන් තෝරාගෙන
ඔවුන්ට නින්දා පරිභව කරන
ඔවුන් නිර්දය ලෙස විවේචනය කරන නිරාගමිකයන්
තමන්ද වෙසෙන්නේ ඔවුන් මෙන් බව නොදනිති.

ආගමික වස්ත්‍ර අඳින බව කියන නමුත්
නමට වස්ත්‍ර ඇඳගෙන යන අය
ඇඳුම් ඇන්දත් සිත පෙනෙන නිසා
තමන් ඇඳුම් ප්‍රතික්ෂේප කරන බව
නිරාගමිකයන් නිදහසට කරුණක් ලෙස කියති...

ආගමික වස්ත්‍ර ඇඳීමෙහි වැරදි පෙන්වන්නට
නිරාගමිකයන්ට හේතු නැත..
ආගමිකයන් වස්ත්‍ර අඳින්නට හේතු
ඔවුන් නොදනිති.

ආගමික වස්ත්‍ර අඳින අය
ආවේගවලට නතු වී නිරුවත්වෙන නිසා
ඇඳුම් ප්‍රතික්ෂේප කරන බටහිර නිරාගමිකයන්
සිත මනාව ආවරණය වෙන
ආගමික වස්ත්‍ර අඳින අය ගැන නොදනිති.

සිත මනාව ආවරණය වෙන
ආගමික වස්ත්‍ර   ගැන නොදන්නා නිසා
නිරුවතින් වෙසෙන
බටහිර නිරාගමිකයන් වන්දනා කරන
ලාංකික  නිරාගමිකයන්ද
මේ පොලිස් නිලධාරිනිය මෙන්
ආගමික වස්ත්‍ර වලින් නොදැනුවත්වම සැරසී
නිරුවත් නිරාගමිකයන් වර්ණනා කරති.
වඳිති, පුදති.

ලාංකික නිරාගමිකයන්
ආගම් නැමැති වස්ත්‍ර
නොදැනුවත්ව හැඳගෙන සිටින අතරම
මේ පොලිස් නිලධාරිනිය මෙන්
බටහිර නිරාගමිකයන්  වන්දනා කරති...

Freelance work -නිදහස් වෘත්තික සේවා

https://www.elance.com/?rid=1K5N3

Freelance work -නිදහස් වෘත්තික සේවා

අන්තර්ජාලය මගින් නිදහස් ශිල්පියෙකු ලෙස
Elance වෙබ් අඩවිය හරහා ඔබේ සේවය ලබා දෙන්න.
සාමාජිකත්වය නොමිලේ ලබාගත හැක.

නිදහස් වෘත්තික සේවා සඳහා
මෙතෙක් Elance වෙබ් අඩවිය උපයෝගී කරගෙන ඇති
ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ව්‍යාපාරිකයන් විසින්
නිදහස් වෘත්තිකයන් තෝරාගෙන ඇත්තේ
මිලියන දෙකකට අධික නිදහස් වෘත්තිකයන් අතුරෙනි.

ඔබ සේවය ආරම්භ කිරීමට පෙර
සේවා දායකයා විසින් Safepay Escrow මගින්
Elance වෙබ් අඩවියෙහි මුදල් තැන්පත් කරන නිසා
ඔබේ වේතනය සුරක්ෂිතයි.

සේවය නිම කිරීමෙන් පසු
ඔබේ වේතනය මුදා හරින්නට
සේවා දායකයා බැඳී සිටී.

ඔබත් සේවා දායකයාත් අතර සන්නිවේදනය
Elance වෙබ් අඩවිය  හරහා කරගන්නට
අවශ්‍ය පහසුකම් සලසා ඇත.
එම සේවය සඳහා ගාස්තු ලෙස
Elance වෙබ් අඩවිය  අය කරනු ලබන්නේ
සියයට නවයකට ආසන්න මුදලකි.

ඔබේ සේවය නිම කිරීමෙන් පසුව
Skrill සේවාව මගින් ඔබේ බැංකු ගිණුමකට හෝ
ඔබේ Payoneer කාඩ් පතට මුදල් ලබා ගත හැක.

Referral Link for Extra Ten Bonus Connects
https://www.elance.com/?rid=1K5N3
Elance වෙබ් අඩවිය


All Categories
--------------------------------
IT & Programming 

Design & Multimedia 
Writing & Translation 
 Sales & Marketing 
Admin Support 
Engineering & Manufacturing 
Finance & Management 
Legal

https://www.elance.com/?rid=1K5N3