20170428

සයිටම් විරෝධීන් වඩාත් ක්‍රියාකාරී ඇයි?

සයිටම් අර්බුදයට අදාළව
ක්‍රියාකාරිත්වය අතින් බැලුවාම
සයිටම් විරෝධී පාර්ශවය
ඉතාම ක්‍රියාකාරීයි.

සයිටම් පාක්ෂික පාර්ශවය මන්දගාමීයි.

මේ වෙනසට හේතුව කුමක්ද?

ගොමා සංගමයට පරදින්න බෑ.
පැරදුණොත් ඔවුන්ගෙ නමේ දැළි ගෑවෙනවා.

වෛද්‍ය සිසුන් හරහා ඔවුන්ගෙ අධ්‍යාපනයත්
ඔවුන්ගෙ ජීවිතේ වටිනාම කාලයත්
සයිටම් විරෝධයට බිලි දෙන්නට
ඔවුන් මෙහෙයවා ගැනීම
ගොමා සංගමයේ විශාලම ජයග්‍රහණයක්.
ඒත් ඒ පාඩුව ඇත්තටම  දැනෙන්නෙ
වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගෙ දෙමාපියන්ටයි.

ඔවුන් නාස්තිකරගන්නා කාලය
සාමාන්‍ය ජනතාවට අදාළ නෑ.
සාමාන්‍ය ජනතාව ඒ ක්‍රියාව දකින්නෙ
ගවඝාතනයට විරුද්ධත්වය පළකරමින්
භික්ෂුවක් සිරුරට ගිනි තියාගැනීම වැනි
අඳබාල ක්‍රියාවක් ලෙස විය හැකියි.

දේශපාලනික අනාථ පරපුරේ
අන්තරේට, ජවිපෙට මේක ප්‍රථමාධාරයක්.
ඇත්තටම කිව්වොත් දියේ ගිළුණ කෙනෙකුට
මුඛ ශ්වසනයක් තරමට අවශ්‍ය දෙයක්.

මුත්‍රා බරටත් පාර අයිනට එකතු වෙන
අන්තරේ කොල්ලො එක්ක නම්බුකාර වෛද්‍ය සිසුන්
පාරට බස්සාගන්න ලැබීම අන්තරේට ඉල්ලමක්.
මොන කරණම් ගැහුවත්, මොන වෙට්ටු දැම්මත්
ඔවුන්ට ජයක් පේන තෙක් මානෙකවත් නෑ.
ඉතින් ඔවුන් මහා වෙහෙසක් දැරිය යුතුයි.
මොකුත් නොකර සතියක් ගත වුණොත්
ඔක්කොම රැස් බහිනවා.

මෛත්‍රීත් ප්‍රශ්නය ඔහුගෙ අතට අරන්
සෑහෙන්න රැස් බැස්සුවා.

සාමාන්‍ය මිනිස්සුන්ට
සයිටම් වහන්න සැබෑ උවමනාවක් නෑ.
ඔවුන් සයිටම් වෛද්‍යවරුන්ට
සාධාරණ බියක් දක්වනවා.

දැන් ඉන්න රජයේ වෛද්‍යවරුන්ගෙන්
නිතර ප්‍රතිකාර අරගන්නා නිසාම
ප්‍රමිතියක් ඇති වෛද්‍යවරු ඉතාම අඩු බව
මිනිසුන් අත්දැකීමෙන්ම දන්නවා.
ඔවුන් සයිටම් වෛද්‍යවරුන්ට බයවෙන්න
ප්‍රධානම හේතුව ඔවුන් දන්න වෛද්‍යවරු ගැන
ඔවුන්ට විශ්වාසයක් හෝ ගෞරවයක් නැති වීමයි.
දැන් ඉන්නවාටත් අන්ත වෛද්‍යවරු ආවොත්
කුමකින් කුමක් සිදු වේදැයි ඔවුන් සිතනවා ඇති.

බැසිල්, මහින්ද ඇතුළු විපක්ෂ බලවේගත්
රහසින් සයිටම් විරෝධයට ආශීර්වාද කරනවා.
ආධාර උපකාරත් කරනවා ඇති.
රාජ්‍ය විරෝධී ඕනෑම ඉත්තෙක්
මහින්දට රජ වෙන්නත්, බැසිල්ට යුව රජු වෙන්නත්
රජ ඉරේ පිහිටුවන දෛවයෝගයක් විය හැකියි.

මේ ආදී හේතු නිසා
නොයෙකුත් ප්‍රචාරණ උපක්‍රම මගින්
දොළොස් මහේ පහනක් මෙන්
සයිටම් විරෝධය නොනිවා තබාගැනීම
සයිටම් විරෝධී බලඇණි මෙහෙයවන අයට
පැහැර හැරිය නොහැකි දෙයක් වී තියනවා.

මේ ප්‍රචාරණ උපක්‍රම
සිත්ගන්නා සුළු වෙන තරමටම
ඒ උපක්‍රම ජනතා සැකයට සහ
අප්‍රසාදයට බඳුන් වෙන්නෙ
ඒ තුළ ඇති වාණිජමය අරමුණු
ඔවුන්ට ඉවෙන් මෙන් පසක් වීමෙනුයි.

සටනක් පරදින විට
ඒ සටන වැල්ලෙ එරුන අලියෙක් වගෙයි.
කරන හැම දෙයක්ම
අලියා ගිලෙන්න හේතු වෙනවා.

රජයේ පාර්ශවයට සටන පහසුයි.
බලන දුර්ගය තියෙන්නෙ ඔවුන් අතෙයි.

සයිටම් ආයතනය ක්‍රියාත්මකයි.
උසාවියෙන් උපාධියත් අනුමතයි.

අදාළ ඇමති වරු දෙදෙනා සහ
රජයේ බහුතරය සයිටම් එකට පක්ෂයි.
ජනපති මධ්‍යස්ථ බව පෙණුනත්
ඔහුත් සයිටම් ජනසතු කිරීමට හෝ
වැසීමට එකඟත්වය පල කරලා නැහැ.

සයිටම් විරෝධී පාර්ශවය විසින්
මාස කිහිපයක් වෙහෙසී ගොඩනගන තර්ක වලට
පැය දෙකකින් සාර්ථක පිළිතුරු දෙන්නට
රූපවාහිනී චැනල් සියල්ලම
සිය අණසක යටතට ගනිමින්
රජයේ නියෝජිතයන් සමත් වුණා.

ගොමා සංගමය විසින් මේ තාක් කල්
ඔවුන්ගේ බලය තහවුරු කරගන්නා අරමුණෙන්
ඇමති අත්සන පමණක් ලබාගෙන
ගැසට් මගින් නීතිගත කරගන්නට වලි කෑ
අවම ප්‍රමිතීන් නීතිගත කිරීම සඳහා
පාර්ලිමේන්තු පනතක් ගෙන ඒම සහ
පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා
අවම ප්‍රමිතීන්ද ඒ පනතට ඇතුළත් කිරීමත්
"පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි" කියන
ප්‍රතිගාමී ජනතාව ලද ජයග්‍රහණයක්.

සයිටම් ආයතනය කුමක්දැයි නොදන්නා
රටේ පොදු ජනතාව රැස් කරගෙන
ඔවුන්ගේ විරෝධය මතුකරන මන්තර මතුරමින්
සටන දිනන්නට යන සයිටම් විරෝධීන්
මවා පෙන්වන මහ සොහොන් පිල්ලි බිඳෙනවිට
තල් අත්තට වැටුණ තල් ගෙඩියට බියවී
වල් සතුන් නොමග යැවූ හාවාට මෙන්
අවමන් විඳීමට සිදු නොවෙයිද?

රජය උපරිම ශක්තිය යොදා
සයිටම් යාත්‍රාව පදවාගෙන යද්දී
ජයග්‍රහණය සහතික බව දන්නා
සයිටම් පාක්ෂික පාර්ශවයට ඇත්තේ
සුවපහසුවෙන් හිඳගෙන බලා සිටීමයි.


20170426

වෛද්‍යවරු ඔබට දෙන ඖෂධ හඳුනාගන්න.

වෛද්‍යවරු ඔබට දෙන ඖෂධ ගැන
ඔබට අවශ්‍යවන තොරතුරු රැසක් ඇතත්
ඔබට ලැබෙන්නේ වරකට ගන්නා ප්‍රමාණය සහ
දිනකට ගන්නා වාර ගණන පමණි.

ඔබට නියම කරන ඖෂධයක්

 https://www.drugs.com වැනි
වෙබ් අඩවියක සෙවීමේදී
එම ඖෂධයට අදාළව බොහෝ තොරතුරු
ඔබට ලබාගත හැක.

විශේෂයෙන්ම එම ඖෂධය නිසා
ඇතිවිය හැකි අතුරු ආබාධ,
එම ඖෂධය සමග මිශ්‍රවීමෙන්
විෂ විය හැකි වෙනත් ඖෂධ වර්ග
සහ එම ඖෂධය විෂවුවහොත්
ඔබ ගතයුතු ක්‍රියාමාර්ග ආදී
බොහෝ වැදගත් තොරතුරු
මින් හෙළි වෙයි.

මෙහි ඇති සමහර තොරතුරු
ඔබ විශ්මයට පත් කරනු ඇත.


එක් මහළු කාන්තාවක් බිම ඇද වැටී
උකුළු ඇටය බිඳිණ.
ඇය කාර්යශීලීව ජීවත් වූ
නිරෝගී කාන්තාවක් වූ අතර
ඇයට අවශ්‍ය ගමන් බිමන් යන්නට
පුරුදු පරිදි කල් ගෙවන්නට නොහැකි වීමෙන්
සිත්තැවුලට පත්ව
දරුවන්ට කරදර කරනවිට
ඊට විසඳුමක් ලෙස දරුවන් කළේ
මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමයි.

ගාල්ලේ සිට නැසී ගිය
ඉතා ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙකු
ඇයට අධිමාත්‍රාවෙන් දුන් පළමු ඖෂධ වඩිය නිසා
දෙදිනක් සිහිසුන් තත්වයෙන් පසු වීමට
ඇයට සිදුවිය.
දැනට වසර ගණනාවක් තිස්සේ
ඇයට එම සංයෝග නොකඩවා ලබා දෙයි.

"මම මේ කාන්තාව වසර 14ක් තිස්සේ දන්නවා.
ඇයට මෙම සංයෝග දෙන්නට පටන්ගෙන
වසර පහක් හයක් වෙනවා.
ඇගේ වෙනස් වීමත් මම ඒ කාලය තුළ දැක්කා.
පළවෙනි දවසෙ අධිමාත්‍රාව බලපෑ ආකාරයත්
අපි දන්නවා.
ඒ තත්වයටම ඇය දැන් පත්වෙලා.
සමහර කාලවල මෙම සංයෝග දීම
නතර කරල තිබුණා.
ඒ කාලවල ඇගේ සිහිය දියුණු වුණා.
ඒත් සිහිය දියුණු වුණ කාලවල
ඇගේ ඉක්මන් කෝපය ආදී දුර්වලතා නිසා
ඔවුන් නැවත සංයෝග දෙනවා.
මේ දුර්වලකම් ඇය ළඟ හැමදාම තිබුණා.
දැන් ඇය දරුවන් මත යැපෙන තත්වයට පත්වෙලා.
ඒ නිසා ඔවුන් තමන්ගෙ වගකීම් සැහැල්ලු කරගන්න
මේ රසයනික සංයෝග මගින් ඇය සිහිසුන් කරලා."

ඇයට දැන් දෙනු ලබන එක් සංයෝගයක්
Olanzapine නමින් හැඳින් වෙයි.
https://www.drugs.com වෙබ් අඩවියෙන්
Olanzapine සංයෝගය විමසා බැලූවිට
ප්‍රතිඵල වල මෙසේ දැක්වෙයි.
"සම්ප්‍රදායානුකූල නොවන,
මනෝව්‍යාධි ප්‍රතිරෝධකයකි.
කය තුළ ක්‍රියාකරන ආකාරය
නිශ්චිතව කිව නොහැකියි.
මොළයෙහි අඩංගු ද්‍රව්‍ය වලට
බලපාන බව සිතනු ලැබේ."

Olanzapine is an atypical antipsychotic.
Exactly how it works is not known.
It is thought to affect certain substances in the brain.

එසේම
Olanzapine පිළිබඳව
ඉතා දීර්ඝ විස්තර එහි දැක්වෙන අතර
රෝගියාට එම ඖෂධ ලබා දෙන
ඇගේ නූගත් දරුවන් කිසිවෙකුටත්
මෙම අඩවිය කියවා බැලීමට තරම්වත්
ඉංග්‍රීසි දැනුමක් නැති වීම
වෛද්‍යවරුන්ට වාසියකි.
 
මහළු කාන්තාව තවමත් කායිකව නිරෝගීය.

මානසිකව පසුවන්නේ අවසිහියෙනි.
දැන් ඇය දවස පුරාම කරන්නේ
නිරෝගී මළකඳක් මෙන් වැතිර සිටීමයි.

ඇයට දෙන Clobezam සංයෝගයද
ක්‍රියාකරන ආකාරය නිශ්චිතව නොදන්නා
තවත් රසායනික සංයෝගයකි.
එම සංයෝග මෙතෙක් ලබා දීම නිසා
ඇගේ සිහිය, මතක ශක්තිය ආදිය
ඉතා තදින් පිරිහීමට ලක් විය.
රැය දහවල පවා හඳුනා ගැනීම
ඇයට අපහසු වන අවස්ථා ඇත.

ඇයට ලබා දෙන සංයෝග
අධිමාත්‍රාවෙන් ගත් විට
ඇතිවෙන රෝග ලක්ෂණ ලෙස
ඉහත කී වෙබ් අඩවියෙහි දැක්වෙන
මෙම චර්යා ලක්ෂණ නිසා
ඔවුහු තැවුලට පත්වුවද
දරුවන්ට ඇතිවන පහසුව සලකා
ඔවුහු ඉවසා සිටිති.

වෛද්‍යවරු විසින්ම
ඇයට දුන් රසායනික සංයෝග නිසා
ඇය පත්ව ඇති මෙම මානසිකත්වය
වෛද්‍යවරුන්ට පැවසුවහොත්
ඇල්සයිමර්, ඩිමෙන්ෂියා ආදී
තවත් රෝගී තත්වයක් ලෙස සලකා
ඇයට නැවත ප්‍රතිකාර කිරීමට
වෛද්‍යවරු ක්‍රියාකරනු ඇත.

"අතුරු ආබාධ නැත්නම්
එය ඖෂධයක් නොවේ"
මේ බටහිර වෛද්‍යවරුන්ගේ කියමනකි.

එක් රෝගයකට ගන්නා ප්‍රතිකාර නිසා
අනිවාර්යයෙන් ඇතිවෙන අතුරු ආබාධ
රෝග ලක්ෂණ මෙන් පවසන රෝගීන්ට
වෙනත් සංයෝග රැසක් ලැබීම සිරිතකි.
මෙම විෂම චක්‍රයට බඳුන් වෙන
බොහෝ නිරෝගී මිනිසුන් රෝගීන් වී
ජීවිතය කෙටි කර ගැනීම
අද සාමාන්‍ය සිරිතකි.

==============================================
පහත දැක්වෙන්නේ
මෙහි සඳහන් කරන ලද
O
lanzapine නම් සංයෝගය පිළිබඳව
සාරාංශගත කරන ලද
කෙටි හැඳින්වීමකි.
උපුටා ගැනීම
https://www.drugs.com වෙබ් අඩවියෙනි.

This is only a brief summary of general information about olanzapine.
Keep out of the reach of children and away from pets
.

Olanzapine

Pronunciation
Generic Name: olanzapine (oh-LAN-za-peen)
Brand Name: Zyprexa Relprevv

Olanzapine Editor's Pick

Olanzapine is an antipsychotic medication that affects chemicals in the brain. Olanzapine is used to treat the symptoms of psychotic conditions such as schizophrenia and bipolar disorder (manic depression) in adults and children who are at least 13 years old. Olanzapine is sometimes used together with...

Olanzapine Tablets Prescribing Information

Dosage Form: tablet, film coated Indications and Usage for Olanzapine Tablets Schizophrenia Olanzapine Tablets are indicated for the treatment of schizophrenia. Efficacy was established in three clinical trials in adult patients with schizophrenia: two 6 week trials and one maintenance trial. In adolescent...
Prescribing Information (FDA)
Overdose-like side effects (eg, severe drowsiness, coma, confusion, mental changes), uncontrolled muscle movements, stiff or shaky muscles, trouble talking, joint pain, decreased coordination, aggression, dizziness, weakness, high blood pressure, and seizures have occurred in some patients after injection with olanzapine. In most cases, the reaction occurred within 1 to 3 hours after the injection. You will need to be monitored by a health care professional for at least 3 hours after you receive olanzapine. However, these symptoms may develop more than 3 hours after you receive a dose of olanzapine. Tell your doctor right away if you develop any of these symptoms. Discuss any questions or concerns with your doctor.
Olanzapine is an antipsychotic. It may increase the risk of death when used to treat mental problems caused by dementia in elderly patients. Most of the deaths were linked to heart problems or infection. Olanzapine is not approved to treat mental problems caused by dementia.

Olanzapine is used for:

Treating schizophrenia. It may also be used for other conditions as determined by your doctor.
Olanzapine is an atypical antipsychotic. Exactly how it works is not known. It is thought to affect certain substances in the brain.

Do NOT use olanzapine if:

  • you are allergic to any ingredient in olanzapine
Contact your doctor or health care provider right away if any of these apply to you.











Before using olanzapine:

Some medical conditions may interact with olanzapine. Tell your doctor or pharmacist if you have any medical conditions, especially if any of the following apply to you:
  • if you are pregnant, planning to become pregnant, or are breast-feeding
  • if you are taking any prescription or nonprescription medicine, herbal preparation, or dietary supplement
  • if you have allergies to medicines, foods, or other substances
  • if you have a history of seizures, heart problems (eg, fast, slow, or irregular heartbeat; heart failure), an abnormal electrocardiogram (ECG), a heart attack, a stroke or "mini-stroke," blood vessel problems, high blood cholesterol levels, high or low blood pressure, or low white blood cell levels
  • if you have a history of liver problems, stomach or bowel problems (eg, decreased muscle movement), enlarged prostate, narrow-angle glaucoma, neuroleptic malignant syndrome (NMS), aspiration pneumonia, or suicidal thoughts or attempts
  • if you have Alzheimer disease, bowel blockage, dementia, or trouble swallowing
  • if you have diabetes or are very overweight, or if a family member has had diabetes
  • if you have had high blood prolactin levels or a history of certain types of cancer (eg, breast, pancreas, pituitary), or if you are at risk of breast cancer
  • if you are dehydrated or have low blood volume, if you drink alcohol or smoke, or if you will be exposed to high temperatures
  • if you have never taken olanzapine by mouth
Some MEDICINES MAY INTERACT with olanzapine. Tell your health care provider if you are taking any other medicines, especially any of the following:
  • Tramadol because the risk of seizures may be increased
  • Alpha-blockers (eg, doxazosin), diazepam, or medicine for high blood pressure because the risk of low blood pressure and fainting may be increased
  • Anticholinergics (eg, scopolamine), benzodiazepines (eg, lorazepam), or fluvoxamine because they may increase the risk of olanzapine's side effects
  • Carbamazepine, HIV protease inhibitors (eg, ritonavir), omeprazole, or rifampin because they may decrease olanzapine's effectiveness
  • Dopamine receptor agonists (eg, pramipexole) or levodopa because their effectiveness may be decreased by olanzapine
This may not be a complete list of all interactions that may occur. Ask your health care provider if olanzapine may interact with other medicines that you take. Check with your health care provider before you start, stop, or change the dose of any medicine.

How to use olanzapine:

Use olanzapine as directed by your doctor. Check the label on the medicine for exact dosing instructions.
  • Olanzapine comes with an extra patient information sheet called a Medication Guide. Read it carefully. Read it again each time you get olanzapine refilled.
  • Olanzapine is given as an injection at your doctor's office, hospital, or clinic. Contact your health care provider if you have any questions.
  • If you miss a dose of olanzapine, contact your doctor right away.
Ask your health care provider any questions you may have about how to use olanzapine.

Important safety information:

  • Olanzapine may cause dizziness or drowsiness. Use olanzapine with caution. Do not drive or perform other possibly unsafe tasks until you know how you react to it.
  • Do not drink alcohol while you are using olanzapine.
  • Talk with your doctor before you use medicines that may cause drowsiness (eg, sleep aids, muscle relaxers) while you are using olanzapine; it may add to their effects. Ask your pharmacist if you have questions about which medicines may cause drowsiness.
  • Olanzapine may cause dizziness, light-headedness, or fainting; alcohol, hot weather, exercise, or fever may increase these effects. To prevent them, sit up or stand slowly, especially in the morning. Sit or lie down at the first sign of any of these effects. Tell your doctor or other health care provider if these effects occur.
  • Do not become overheated or dehydrated in hot weather or while you are being active; heatstroke may occur.
  • If vomiting or diarrhea occurs, you will need to take care not to become dehydrated. Contact your doctor for instructions. Contact your doctor right away if you think you may be dehydrated.
  • High blood sugar or diabetes, high cholesterol, and weight gain have happened with medicines like this one. These changes may increase the risk of heart and brain blood vessel disease. Discuss any questions or concerns with your doctor.
  • High blood sugar may make you feel confused, drowsy, or thirsty. It can also make you flush, breathe faster, or have a fruit-like breath odor. If these symptoms occur, tell your doctor right away.
  • Olanzapine may lower the ability of your body to fight infection. Avoid contact with people who have colds or infections. Tell your doctor if you notice signs of infection like fever, sore throat, rash, or chills.
  • NMS is a possibly fatal syndrome that can be caused by olanzapine. Symptoms may include fever, stiff muscles, confusion, abnormal thinking, fast or irregular heartbeat, and sweating. Contact your doctor at once if you have any of these symptoms.
  • Some patients who take olanzapine may develop muscle movements that they cannot control. This is more likely to happen in elderly patients, especially women. The chance that this will happen or that it will become permanent is greater in those who take olanzapine in higher doses or for a long time. Muscle problems may also occur after short-term treatment with low doses. Tell your doctor at once if you have muscle problems with your arms; legs; or your tongue, face, mouth, or jaw (eg, chewing movements, mouth puckering, puffing of cheeks, tongue sticking out) while taking olanzapine.
  • Some patients have experienced weight gain while using olanzapine. You may need to have regular weight checks while you use olanzapine.
  • Lab tests, including fasting blood glucose, cholesterol, complete blood cell counts, and liver function, may be performed while you use olanzapine. These tests may be used to monitor your condition or check for side effects. Be sure to keep all doctor and lab appointments.
  • Use olanzapine with caution in the ELDERLY; they may be more sensitive to its effects.
  • Caution is advised when using olanzapine in CHILDREN; they may be more sensitive to its effects, especially drowsiness, increased cholesterol and lipid levels, increased levels of prolactin (a hormone), and weight gain. Children may need regular weight checks while they take olanzapine.
  • PREGNANCY and BREAST-FEEDING: If you become pregnant, contact your doctor. You will need to discuss the benefits and risks of using olanzapine while you are pregnant. Using olanzapine during the third trimester may result in uncontrolled muscle movements or withdrawal symptoms in the newborn. Discuss any questions or concerns with your doctor. Olanzapine is found in breast milk. Do not breast-feed while using olanzapine.

Possible side effects of olanzapine:

All medicines may cause side effects, but many people have no, or minor, side effects. Check with your doctor if any of these most COMMON side effects persist or become bothersome:
Back pain; constipation; cough; diarrhea; dizziness; drowsiness; dry mouth; headache; increased appetite; light-headedness; nausea; pain, redness, or swelling at the injection site; sore throat; stuffy nose; tiredness; vomiting; weight gain.
Seek medical attention right away if any of these SEVERE side effects occur:
Severe allergic reactions (rash; hives; itching; difficulty breathing; tightness in the chest; swelling of the mouth, face, lips, or tongue; unusual hoarseness); abnormal thoughts; chest pain; confusion; decreased urination; disorientation; fainting; fast, slow, or irregular heartbeat; fever, chills, or persistent sore throat; increased saliva production or drooling; increased sweating; memory loss; menstrual changes; muscle pain, weakness, or stiffness; new or worsening mental or mood changes (eg, agitation, depression, hallucinations); one-sided weakness; seizures; severe or prolonged drowsiness, dizziness, or headache; shortness of breath; suicidal thoughts or actions; swelling of the hands, legs, or feet; symptoms of high blood sugar (eg, increased thirst, hunger, or urination; unusual weakness); symptoms of high prolactin levels (eg, enlarged breast size, decreased sexual ability, missed menstrual period, nipple discharge); tremor; trouble concentrating, speaking, or swallowing; trouble sitting still; trouble walking or standing; uncontrolled muscle movements (eg, arm or leg movements, twitching of the face or tongue, jerking or twisting); unusual bruising; vision changes; yellowing of the skin or eyes.
This is not a complete list of all side effects that may occur. If you have questions about side effects, contact your health care provider. Call your doctor for medical advice about side effects. To report side effects to the appropriate agency, please read the Guide to Reporting Problems to FDA.

If OVERDOSE is suspected:

Contact 1-800-222-1222 (the American Association of Poison Control Centers), your local poison control center, or emergency room immediately.
Proper storage of olanzapine: Olanzapine will be handled and stored by a health care provider. You will not store it at home. Keep all medicines out of the reach of children and away from pets.

General information:

  • If you have any questions about olanzapine, please talk with your doctor, pharmacist, or other health care provider.
  • Olanzapine is to be used only by the patient for whom it is prescribed. Do not share it with other people.
  • If your symptoms do not improve or if they become worse, check with your doctor.
  • Check with your pharmacist about how to dispose of unused medicine.
This information should not be used to decide whether or not to take olanzapine or any other medicine. Only your health care provider has the knowledge and training to decide which medicines are right for you. This information does not endorse any medicine as safe, effective, or approved for treating any patient or health condition. This is only a brief summary of general information about olanzapine. It does NOT include all information about the possible uses, directions, warnings, precautions, interactions, adverse effects, or risks that may apply to olanzapine. This information is not specific medical advice and does not replace information you receive from your health care provider. You must talk with your healthcare provider for complete information about the risks and benefits of using olanzapine.
Review Date: April 11, 2017

20170418

වයස 96 යි. "මස් කන්නෙ නෑ. පළා වලටයි කැමැති."


ගෙදර එද්දී මහ රෑ වුණත්
හැමදාම උදේ 6.00 ට මම ඇහැරෙනවා.
මම මස් වර්ග කන්නෙ නෑ.
පුංචි කාලේ ඉඳලාම පළා වර්ග වලට තමයි කැමැති.
වයස අවුරුදු 30 කෙනකුටත් වඩා ශක්තියක්
මට තියෙනවා.
බෞද්ධ දර්ශනයට ගොඩක් ළැදියි.
හැකි උපරිම අයුරින්
බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනවා. .

ආචාර්ය එඩ්වින් ආරියදාස


 ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් අප කතා කරන්නේ අපේ රටේ වඩාත් ජනප්‍රියත්වයට පත්වුණු, විවිධ ක්ෂේත්‍රවල නියැලෙමින් රට නව මාවතකට ගෙන යන්නට ස්වකීය දැනුම බුද්ධිය, මෙන් ම හැකියාව වැය කළ සුවිශේෂී චරිත පිළිබඳවයි. ඔවුන් කුඩ‍ා කාලයේ කුමන අන්දමින් ජීවිතය ඇරැඹුවේ ද, වර්තමානයේ දෛවය විසින් ඔවුන් කොතැනකට ඔසවා තබා ඇති ද යන්න ‘දෛව රේඛාව’ තුළින් විග්‍රහ කෙරෙයි. ඒ අනුව අද පලවන්නේ මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ දෛව රේඛාවයි‍.
මේෂ ලග්න හිමියන් ප්‍රබල කථිකත්වයෙන් යුතු අලුත් අලුත් නිමැවුම් ඉදිරිපත් කිරීමට සමත් ඕනෑම කටයුත්තක් අවසානය දක්වා ම කිරීමට සමත් අය වෙති. යමක් වහා වටහා ගැනීමේ ශක්තිය ඇති උන් හිටි හැටියේ අරුම පුදුම හැකියාවන් දක්වන අයයි. අපූරු සංවිධාන ශක්තියක් ඇති ඔවුහු ආහාර පාන, ඇඳුම් පැළඳුම් පිළිබඳ විමසිලිමත් වෙති. තමන්ට වඩා බලවත් අයට පවා අභියෝග කරන මොවුන් උපන් තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ යාමට හැකියාව ඇත. ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන් පිළිබඳ විමසා බලන කල මෙය මනාව ගැළපේ.
ඔහු අසූව දශකයේ ලේක්හවුසියේ ඇවිදින අන්තර්ජාලය විය. ලෝකයට අන්තර්ජාලය නොතිබුණු අසූව දශකයේ ලොව සියලු විෂයන් පිළිබඳව තොරතුරු ඇමෙරිකාවේ රුසියාවේ අභ්‍යාවකාශ පර්යේෂණ තොරතුරු හා නාසා ආයතනයේ තොරතුරු රටේ හැමටම කලින් ලබාදුන්නේ එඩ්වින් ආරියදාස මහතා ය. විශ්වවිද්‍යාල ජනමාධ්‍ය විෂය හදාරණ මෙරට සමස්ත සිසු පරපු‍රේ මුල් ගුරුවරයා ඔහු ය. එකවර මුද්‍රිත මාධ්‍යයෙන් ද විශ්වවිද්‍යාලයීය, දේශනවලින් ද, විද්‍යුත් මාධ්‍යවලින් ද කතා කිරීමට ඔහු රුසියෙකි.
විද්‍යාව, කලාව, තාක්ෂණය, ක්‍රීඩාව, ආගම, සංස්කෘතිය, අන්තර්ජාතික ප්‍රශ්න, සිනමාව, අභ්‍යාවකාශය යනාදී කුමන විෂය පථයක වුව ද එතුමා සතුව ඇත්තේ විශද දැනුමකි. රූපවාහිනිය ලංකාවට පැමිණීමට පෙර ඒ පිළිබඳ විශ්ව දැනුම රටේ බාල, තරුණ, වියපත් කොයිකාටත් සරල බසින් කියාදුන්නේ ඇවිදින විශ්වකෝෂයක් ලෙසිනි. එතෙක් මෙතෙක් ඉංග්‍රීසි - සිංහල දෙබසින් විශේෂාංග ලිපි 24000 ක් ලියා ඇති ඔහු ඉංග්‍රීසි බසින් පමණක් ලිපි 17000 ලියා ඇත. විශාල ධර්ම ග්‍රන්ථ සංඛ්‍යාවක් ඉංග්‍රීසි සංස්කරණයෙන් ජගත් ජනතාවට ලබාදී ඇති ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අද දෛව රේඛාවේ කතානායකයාණෝ තම ජීවිතයේ සාර්ථකත්වයට හේතුව දෛවයෙන් ගෙනා වාසනාව මෙන් ම උත්සාහය, උනන්දුව, කැපවීම බව එඩ්වින් ආරියදාස මහතා පවසයි.

• ඔබේ හඳහනට අනුව මහා සෙනෙවියෙක් වන බව කියලා තිබුණා.
මම ඉපදුණේ ගාල්ලේ උණවටුනේ. 1922.12.03. උඳුවප් පෝය යෙදුණු ඉරිදා සවස 5.00. මම උපන්නේ මේෂ ලග්නයෙන්. ඒ කාලේ මාස තුන හතරකට වරක් ජ්‍යොතිෂඥයෙක් ගෙදරට එනවා. පුංචි කාලයේ මගේ වේලා පත්කඩය බැලූ හැම කෙනෙක් ම පාහේ කිව්වේ මම සෙනෙවියෙක් වෙනවා කියලා. ජනකාන්ත චරිතයක් යන්නට තමයි මෙසේ සෙනෙවියෙක් කියා කීවේ. පුංචි කාලේ මට ආදරය, කරුණාව, උපරිමයෙන් ලැබුණා. මම පවුලේ බාලයා, වැඩිහිටි අයියලා තුන්දෙනයි, අක්කලා දෙන්නයි. .

• ඔබේ අනාගතය, ඒකාන්තයෙන් සරු වෙන බවට ගුරුවරු පවා ඉඟි පළ කළා.
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ. සිංහල - බෞද්ධ මිශ්‍ර පාඨමාලාවන් එහිදී ඉගෙන ගත්තා. මගේ කුළුපඟ පාසල් මිත්‍රයකුගේ යොමු කිරීමට බොන් කැකෝ කියලා ජ්‍යොතිෂඥයෙක් හමුවුණා. ඔහු කීවා මම ලෝකේ ප්‍රසිද්ධ වෙන කෙනෙක් වෙනවා කියලා. මගේ මිතුරු සුසිරිපාලයි මමයි මේ කතාවට ඉමක් කොනක් නැතුව හිනා වුණා. මම පුංචි කාලේ ඉඳලා හොඳ මිතුරු පිරිසක් ඇසුරු කළා.
මුනිදාස සමරසිංහ, ආතර් විජේරත්න, සුසිරිපාල, අනඳපිය කුඩාතිහි වගේ අය අපි එකට එකතු වුණාම කථා කරන්නෙ ඕපාදූප නෙමෙයි. අලුත් පොත්පත් අලුත් දෑ වගේ අරුත්බර දේවල්. පුංචි කාලෙත් සිංහල, ඉංග්‍රීසි පොත් කියෙව්වා. මම පාසල් යන කාලෙත් ඔබ්සර්වර්, සිළුමිණ, පුවත්පත් තිබුණා. එහි ප්‍රහේළිකා පුරවන්න මම කැමැතියි.
දවසක් ගුරුවරයෙක් පන්තියේ ළමයින්ගෙන් අනාගතයේ කවුරුන් වෙනවද කියලා ඇහුවම මම කීවා පුවත්පත් කර්තෘ කෙනෙක් වෙනවා කියලා. අනිත් ළමයින් මට හිනා වුණා. කොහොම වුණත් ඒ කාලෙදි සිළුමිණ, ඔබ්සර්වර් පුවත්පත් කියවලා මා විශාල දැනුමක් ලබාගත්තා.

• සරසවි අධ්‍යාපනය ලැබීම ජීවිත දෛව රේඛාව සුබ දිශානතියක් කරා යොමු කළා.
ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුණේ. පාසලෙන් සරසවියට තේරුණු 14 දෙනෙක් පසුකාලීනව ආචාර්ය උපාධිය ලැබුවා. මම ලිපියක් ලීවා මහින්දයේ පුදුම උපදවන අවුරුද්ද කියලා. අපි සරසවි අධ්‍යාපනය ලබන කාලයේ, අන්තර්ජාල, ටෙලිවිෂන් ස්මාර්ට් ෆෝන් කිසිවක් නැහැ. ඒත් අපි ශාස්ත්‍රයට දැක්වූ ළැදියාව, කැපවීම පුදුම තරම්. අපි විශ්ව විද්‍යාලයට යන්න පෙර යුනිවසිටි කොලේජ් තිබුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලය හා බද්ධ වෙලා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇරැඹුවාම වසර 1945 එහි ප්‍රථම උපාධිධාරින් වුණේ අපි තමයි. ඒ කාලයේ උපකුලපති වුණේ අයිවර් ජෙනින්ස්.

• ජීවිතයේ 96 වැනි සැතපුම් කණුව පසුකරන ඔබ තවමත් ක්‍රියාශීලීයි. එදිනෙදා කටයුතු සිදුකරගන්නේ තනිවමයි. අවිවාහක යෝගයක් හඳහනේ පිහිටලා තිබුණද?
විවාහය ප්‍රමාද වෙනවා කියලා තමයි සඳහන් වුණේ. දැන් වුණත් මට විවාහයක අඩුපාඩුවක් නොදැනෙන තරමට හැමකෙනාගෙන් ම ආදරය ලැබෙනවා.
පුංචි කාලයේ දෙමවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ආදරය, රැකවරණය, සෙනෙහස නොඅඩුව ලැබුණා. සමහර විට මා විවාහ වුණා නම් මේ තරමට ඥාන ගවේෂණයේ නොයෙදෙන්න ඉඩ තිබුණා. ගෙදර අය මට විවාහ වෙන්න කියලා බල කළෙත් නැහැ.
විවාහ නොවුණාය කියලා මට ජීවිතයේ කිසිම අඩුපාඩුවක් දැනෙන්නෙ නැහැ. ඒ තරමට මා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ. මට කවුරුත් තරහ කාරයෝ නැහැ. එදිනෙදා වැඩ කටයුතුවල යෙදිලා ගෙදර එද්දී මහ රෑ වුණත් හැමදාම උදේ 6.00 ට මම ඇහැරෙනවා. මම මස් වර්ග කන්නෙ නෑ. පුංචි කාලේ ඉඳලාම පළා වර්ග වලට තමයි කැමැති. වයස අවුරුදු 30 කෙනකුටත් වඩා ශක්තියක් මට තියෙනවා. බෞද්ධ දර්ශනයට ගොඩක් ළැදියි. හැකි උපරිම අයුරින් බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරනවා. .

• ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව දෛවයද? කැපවීම, උත්සාහය, උනන්දුව වගේ ගුණාංග ද?
සියල්ලක්ම කීවොත් නිවැරැදියි. මගේ ජීවිතයේ ඉරණම දෝලනය වන ආකාරය දෛවයේ අපූරුවට ලියැවිලා තිබුණා. මගේ හස්ත රේඛා වලිනුත් ඒ බව තවදුරටත් ගම්‍ය වෙනවා. ඒ වගේ ම මම ක්‍රමානුකූල ජීවිතයකට හැඩ ගැසිලා තියෙන්නේ. ගතවෙන හැම තත්පරෙන් ම ඵලදායි ලෙස දැනුම උකහා ගන්න දැනුම කාටත් බෙදාදෙන්න වැය කරනවා.
කවුරුන් කෙරේ වුණත් මෛත්‍රිය පතුරවනවා ජීවත්වෙන්න ශක්තිය තියන කෙනාව කුඩා කාලේ වනගහනයක ගිහින් දැම්මත් මොන විදිහකින් හරි දිවි රැකෙනවා.
දෛවය, පරිසරය, වාසනා ගුණය, උත්සාහය මේ හැම දෙයක් ම කෙනකුගේ සාර්ථකත්වයට එක සේ හේතු සාධක වෙනවා. උදාවෙන හැම දවසක් ම මට අලුත් දවසක්.
දෙස්, විදෙස් රටවල සංචාරය කරමින් මා අපමණ දැනුම් සම්භාරයක් එක් රැස් කරගෙන තියෙනවා. තවමත් දැනුම් පිපාසය සංසිදී නැහැ. ඒත් වත්මන් දරු පරපුර, වැඩිහිටියන්, මේ ගතවෙන අගනා කාලයෙන් නියම ඵල ප්‍රයෝජන නොගැනීම නම් කනගාටුවට කරුණක්. තමන්ගේ දෛව රේඛාව ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ තමාටමයි.”
'''''''''''''''''''''''''''''''''''''''''
නිශානී හේරත් බන්නැ­හැක
සේයාරූ - රුවන් ද සිල්වා
සිළුමිණ

Sunday, 16 April 2017

20170417

සයිටම් ජනසතු කරමු, ලාභාපේක්ෂා කරන පෞද්ගලික රෝහල් සමග.


ලාභාපේක්ෂාව වරදක් කියන
රජයේ වෛද්‍ය සංගමයට අපි කියනවා...
ජනතා සහයෝගය ලබාගන්න නම්
ලාභාපේක්ෂා කරන සයිටම් සමග
ලාභාපේක්ෂා කරන පෞද්ගලික රෝහල්
ජනසතු කරමු.

අධ්‍යාපනය සමග
සෞඛ්‍ය සේවයත් නිදහස් කරමු.

ලාභාපේක්ෂාව වෛද්‍ය අධ්‍යාපනයෙදි
වරදක් කියා අර්ථ දක්වන අතර
තනිකරම ලාභාපේක්ෂාවෙන්
පෞද්ගලික රෝහල් පැවැත්වීම
ඊටත් වඩා විශාල වරදක්.

වෛද්‍යවරයා ඍජුවම රෝගියා සමග
සම්බන්ධ වෙන්නෙ රෝහලේදියි.
අධ්‍යාපනය නිදහස් කරගන්න
ඔහුට උපකාර කල පුද්ගලයා
දැන් රෝගියෙක් වෙලා
පිළිසරණ පතාගෙන
ඔහු ළඟට ඇවිත්.

වෛද්‍ය අධ්‍යාපනයෙදි
ඔහු ඉතුරු කරගත් මුදලට
තවත් මුදලක් එකතු කරගන්න
දැන් අවස්ථාව ඇවිත්.
දැන් ඔහු ලාභය ගැන හිතනවා.
"ආයතනය මාර්ගයෙන්
මේ ලාභය එන්නෙ මටයි.
මේ ආයතනයෙ ලාභාපේක්ෂාව
ඉතාම නිවැරදියි.
මගේ අධ්‍යාපනයට වටිනාකමක් තියනවා.
ඒ අධ්‍යාපනය මේ රෝගියාට
නොමිලේ දෙන්න බෑ."

අධ්‍යාපනයට වටිනාකමක් තියන බව
අධ්‍යාපනය නොමිලේ ඉල්ලද්දි
ඔහුට එදා පෙනුණෙ නෑ.

ඔහු නොමිලේ ලැබූ අධ්‍යාපනය
ඔහුට අධ්‍යාපනයට වියදම් කළ රෝගියාට
පෞද්ගලික රෝහලේදි මුදලට විකුණද්දි
ලාභාපේක්ෂාව පෙරටත් වඩා වරදක් කියා
දැන් ඔහුට පෙනෙන්නෙ නෑ.

අධ්‍යාපනයෙදි ලාභාපේක්ෂාව
බරපතල වරදක් ලෙස අර්ථ දක්වන
බුද්ධිමත් වෛද්‍යවරයාට
රෝහලේදි රෝගියාට ප්‍රතිකාර කරද්දි
ලාභාපේක්ෂාව වරදක් විදියට
නොපෙනෙන්නෙ ඇයි.?

අවස්ථා දෙකේදිම
මේ දෙකම තීරණය කරන්නෙ
එකම වෛද්‍යවරයා බව රෝගියා දකින්නෙ නෑ.

වෛද්‍යවරයා ඉගෙන ගනිද්දි
උපාධි ආයතනය ලාභාපේක්ෂා කරනවා නම්
ඒ මුදල ගෙවන්න වෙන්නෙ ඔහුටයි.
ඒ නිසා "ලාභාපේක්ෂාව වැරදියි" කියල
ඔහු සටන් කරනවා.
දැන් ඔහුගෙ භූමිකාව මාරුවෙලා.
ඔහු ලාභ ලබන පැත්තට ආවම
පෞද්ගලික රෝහල ලබන ලාභයෙන් කොටසක්
වෛද්‍යවරයාට ලැබෙන නිසා
"රෝහලේ ලාභාපේක්ෂාව නිවැරදියි"
කියා ඔහු සටන් කරනවා.

වෛද්‍ය අධ්‍යාපනය වේවා
රෝගීන්ට කරන ප්‍රතිකාරය වේවා.
ලාභය තියෙන්නෙ තමන්ට නම්
වෛද්‍යවරයා ඒ සඳහා සටන් කරනවා.

වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණ
රෝගී තමන්ගෙන් හෙට මුදල් අයකරන වෛද්‍යවරයාට
නොමිලේ අධ්‍යාපනය දෙන්න කියා
රෝගියා ඔහු සමග
අද සටනට යනවා.
ඒ සටන වෛද්‍යවරයාට හෙට මතක නෑ.
මතක් වුණත් කෙළෙහි ගුණ සිහිකරන්න
හදවතේ ඉඩ නෑ.
හදවත පිරී තියෙන්නෙ මුදලට ඇති ආශාවෙන්.

අධ්‍යාපනයට වියදම් නොකර
ලාභය ඉතුරු කරගන්න සටන් කරන
කුම්මැහි පිරිසකට උපකාර කිරීමෙන්
රෝගියා කරන්නෙ මන්ද බුද්ධික වැඩක්.
ඒත් රෝගියාගෙ හිත හොඳයි.

ඒ හිත හොඳ කමේ ලාභය
වෛද්‍යවරයාටයි.

20170416

අද කර්ම ඵල දෙන විට නවීන විද්‍යාවත් සහය වෙයි.

Hisashi Ouchi
හිට්ලර්ගේ කාලයේ
දැඩි ද්වේශයෙන් යුතුව
මිනිසුන් පුළුස්සා වද දීම වැනි
බරපතල කර්මයක් කළ කෙනෙක් විය හැකිය.
හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ හෙළීමට
සහභාගි වූ තීරණ ගත් කෙනෙක් විය හැකිය.

ටැංකියේ යුරේනියම් සීමාව වූ 2.4kg ඉක්මවා
Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ
යුරේනියම් 16kg අඩංගු වූයේ
කර්මය විපාක දීමට විය හැකිය.

සතියක් ප්‍රතිකාර ලැබූ පසු Ouchi පැවසුවේ
" මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " කියායි.
කෙසේ වෙතත් දොස්තරවරු තම උපරිමය
රෝගියා වෙත යෙදූ අතර
එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින්
ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.

නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත
මිනිත්තු හැත්තෑවක් නතර වී තිබිණ.
එනමුත් වෛද්‍යවරුන් රුධිරය,
විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී
මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය.
පුරා දින 83ක් වෙහෙසී
ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර දෙමින්
උප පීළක කර්මයක්  විදියට
ඔහුගේ කර්මය විපාක දීම තවදුරටත් සිදුවීමට
නවීන විද්‍යාව සහ වෛද්‍යවරුන් දායක විය.

කර්ම විපාකය අනුව
සසර තුළ තවත් කොතෙකුත් මෙවන් අවස්ථාවලට
ඔහුට මුහුණ දෙන්නට වනු ඇතිදැයි
අපට කිව නොහැක.
Hisashi Ouchi යනු ජපානයේ න්‍යෂ්ටික බලාගාරයක සේවය කල කාර්මිකයෙකි. මෙහි ඇතිවූ අනතුරකින් ඔහු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අධික විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. Hisashi අනතුර සිදුවූ ස්ථානයට ඉතාමත් ළඟින්ම සිටි නිසා වැඩිමනක් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූයේ මොහුයි. මෙතෙක් වැඩිම විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ පුද්ගලයා වන්නේද මොහුයි.

මෙම අනතුර සිදුවූයේ 1999 සැප්තැම්බර් 30 වනදා Tokaimuraහිදී හිසාෂි සහ තවත් දෙදෙනෙකු ටැංකියකට Uranyl Nitrate සංයෝග අඩංගු හත්වන බකට් එක දැමූ අවස්ථාවේදී ය. මෙය දැමූ විගස ටැංකිය තීරණාත්මක අදියරට පැමිණ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ වී ගැමා සහ න්‍යුටෝන් විකිරණ පිටවී ගියේය.

Ouchi ටැංකියට ලගින්ම සිටි අතර Shinohara සිටියේ වේදිකාවමත සිටගෙන ය. අනෙක් පුද්ගලයා වූ Yokokawa සිටියේ ඊට මීටර් හතරක් පමණ ඈතින් පිහිටි මේසයක් මත ඉදගෙනය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ පිපිරීමට පෙර සිදුවූ විශාලතම න්‍යෂ්ටික බලාගාර අනතුර වූයේ මෙයයි. කාර්මිකයන්ගේ පුහුණුව මදකම හා න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රමවත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොවීමත් මෙයට හේතු වූ බව කියයි.

ටැංකියේ යුරේනියම් සීමාව වූයේ 2.4Kg ය. Ouchi විසින් ටැංකියට වත් කල සංයෝගයේ යුරේනියම් 16Kg අඩංගු විය.

Ouchiට 17 Sieverts (Sv) විකිරණ ප්‍රමාණයක්ද Shinohara 10sv ද Yokokawa 3sv ද විකිරණ ප්‍රමාණයකට නිරාවරණය විය. සාමාන්‍යෙයෙන් න්‍යෂ්ටික බලාගාරයේ සේවකයෙක් වසරකට නිරාවරණය වන විකිරණ ප්‍රමාණය වන්නේ 50 mili sieverts ය. 8 sieverts යනු මාරාන්තික මාත්‍රාවකි.

ඉතාමත් කෙටි කලකදී මෙතරම් විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වූ එකම පුද්ගලයා වන්නේ Ouchi ය. මෙය නිසා මොහුගේ මුළු සිරුරම පාහේ විනාශ විය. DNA , ප්‍රථිශක්තිකරණ පද්ධතියම විනාශ විය. මෙම අනතුර නිසාවෙන් මොහුගේ සිරුරේ ක්‍රෝමසෝම් විනාශ වූ අතර සිරුරේ තිබූ සුදු රුධිරාණු ප්‍රමාණය 0 කි. මුලු සිරුරම දැවී තිබූ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඉතාමත් බරපතල හානි සිදුවී තිබුණි.

තත්වය බරපතල වීමත් සමඟ මොහුව ටෝකියෝ විශ්වවිද්‍යාල රෝහල වෙත රැගෙන යන ලදි. මෙහිදී ලොව ප්‍රථම වරට ප්‍රාථමික සෛල පාරවිලයනය මොහුට සිදු කරන ලදි. රුධිරය හා ජපානයේ දැනටත් නැති ඖෂධ මොහුට ලබා දෙන ලදි. මොහුට විවිධ සම් බද්ධ කිරීම් කලද සිරුරේ සිදුරු තුලින් ද්‍රව ගලා යාම නතර කල නොහැකි විය.

සතියක් මෙලෙස ප්‍රථිකාර ලැබූ පසු Ouchi පැවසුවේ " මට තවත් මේක ඉවසන්න බෑ... මම සතෙක් නෙමේ.. " ලෙසයි. කෙසේවෙතත් දොස්තරවරු තම උපරිමය රෝගියා වෙත යෙදූ අතර එයින් සිදු වූයේ ඔහුට ඉතාමත් සෙමින් ඉතා වේදනාකාරී මරණයක් ලබා දීම පමණි.

නොවැම්බර් 27 වන දින Ouchiගේ හදවත මිනිත්තු හැත්තෑවක් නතර වී තිබීය. එනමුත් වෛද්‍යවරුන් රුධිරය, විවිධ ඖෂධ හා ද්‍රව වර්ග ලබා දී මොහුගේ හදවත ක්‍රියාත්මකව තබා ගත්තේය. අවසානයේ දෙසැම්බර් 21 වන දින නැවතත් මොහුගේ හදවත නැවතුණි. එනමුත් පවුලේ උදවියගේ ඉල්ලීම මත වෛද්‍යවරු Ouchi ට නැවත පණ ලබා දුන්නේ නැත. පවුලේ උදවිය පැවසුවේ ඔහුට තවත් වේදනාවක් නොදී සාමකාමී මරණයක් ලබා දිය යුතු බවයි. ඒ අනුව 1999 සැප්තැම්බර් 30 වන දින අනතුරට පත් වූ Ouchi 1999 දෙසැම්බර් 21 වන දින එනම් පුරා දින 83ක් වෙහෙසී ඉතාමත් සෙමින් වේදනාකාරී මරණයක් අත්කර ගත්තේය.
-----මිතිල ප්‍රනාන්දු

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
උපස්ථම්භක කර්මයක් විදියට
ජීවිත රැකදෙන්නටත් නවීන විද්‍යාව
පිහිට වෙනවා.



වෛද්‍යවරයෙකු කළ විස්මිත සැත්කම
__________________________________________________
ඔබ විවිධ සැත්කම් අසා ඇති.. විවිධ ආකාරයේ බද්ධ කිරිම් කැපීම් කෙටීම් ගැන.. ඒ්ත් මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.. ඇත්තටම මනුස්සයෙකුට මෙහෙම දෙයක් කර ගන්න පුළුවන් ද කියලා හිතෙයි මේ කතාව කියවද්දී.. මේ අපූරු වෛද්‍යවරයා නමින් Leonid Rogozov ඔහු සෝවියට් සංගමයට අනුයක්තව විශාල කාර්ය භාරයක් කළ වෛද්‍යවරයෙකු කිව්වොත් නිවරුදි. ඔහු සෝවියට් සංගමයේ ඇන්ටාක්ටික් ගවේෂණ කණ්ඩායමට අනුයක්ත කර තිබුනා. ඒ වගේ ම ඔහු ඒ කණ්ඩායමේ සිටි එකම වෛද්‍යවරයත් වුනා.. ඔහුන්ගේ නැවැතුම් ස්ථානයේ වුනේ Novolazarevskaya කියන මධ්‍යස්ථානය.
1961 වර්ෂයේ දී Leonid Rogozov ව සෝවියට් සංගමයේ ඇන්ටාටික් මධ්‍යස්ථානය වෙත අනුයක්ත කර ලදී. මේ මධ්‍යස්ථානය තුළ ලියනොයිඩ් සමග තවත් 12 දෙනෙකු බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන් ම ඈත් කරලා සීතල හා හිම සහිත ප්‍රදේශයක මධ්‍යස්ථානයකට ගෙන ගියා.. දිනක් හරියට ම කිව්වොත් වර්ෂ 1961 අප්‍රේල් මස 29 දින ලියනොයිඩ් හිටි හැටියේ දුර්වල වෙන්න පටන් ගත්තා, ඔහුට ආහාර අරුචියත් එක්ක ඔක්කාරය ඇති වුනා, ඔහුට උණ රෝගයද ඇති වුනා.. ටික දිනක් ගත වෙද්දී ඔහුගේ උදරයේ පහළ දකුණු කොටසට වෙන්න දැඩි වේදනාවක් ඇති වුනා.. ඔහු රෝග ලක්ෂණ වල ද අඩුවක් වුනේ නෑ..ලියනොයිඩ් තමන්ගේ වෛද්‍ය දැනුමෙන් තමන්වම පරික්ෂා කර ගත්තා.. ඔහු රෝගය හදුනා ගත්තා, ඒ රෝගය appendicitis බව ඔහු දැන ගත්තා.. ඔහුට කළ හැකි එකම ප්‍රතිකාරය වුයේ ශල්‍යකර්මයක් කිරිම පමණි, මන්ද ඔහුගේ ජිවිතේ රැදි තිබුනේ මේ ශල්‍යකර්මය මතයි. ලියනොයිඩ් කරන්න පුළුවන් දෙයක් ගැන හිතා ගන්න බැරි වුනා.. මොකද 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ එකම වෛද්‍යවරයා වගේ ම වෛද්‍ය දැනුමක් සහිත එකම පුද්ගලයා වුනේ ඔහු විතරයි.. ඔහු අසරණ වුනා.. ඔහුට අනතුරක් වුනොත් ඔහුගේ කණ්ඩායමම අසරණ වෙනවා කියලා ලියනොයිඩ් දැනගෙන හිටියා මේ සීතලා හිම වලින් පිරුණු ඇන්ටාටිකාව ඇතුලේ..ඔහු අවසානයේ තීරණයක් ගත්තා.. ඒ ස්වයං සැත්කමක් කර ගන්න..
ඔහුට සැත්කම කරන්න අවශ්‍ය කරපු දේවල් කිහිපයක අඩුපාඩුවක් තිබුනා ලියනොයිඩ් එම අවශ්‍යතාවයන් ඔහුගේ මුලස්ථානයට කතා කරලා සපුර ගත්තා.. ඔහුට සැත්කමට පෙර රාත්‍රීයන් වලදී වේදනාව තදින් දැනෙන්න වුනා. යක්ෂයෙකු තමන්ව පීඩාවට පත් කරනවා වගේ කියලා ඔහු වතාවක් පවසලා තිබුනා. ඔහුට ස්වයං සැත්කම හැර අන් කිසිම දෙයක් හිතා ගැනීමට නොහැකි වුනා.. ඔහු සැත්කම ඇරඹුවා, වෙලාව 02.00 ඒ මැයි මාසේ 1 වෙනිදාව, උදරයේ දකුණු පැත්තට වෙන්න පහළ කොටස ඔහුට දැක ගන්නට කෙළින් විය නොහැකි නිසා ඔහු එ් සදහා ඔහුගේ කණ්ඩායමේ කාලගුණ විද්‍යඥයාගේ සහය පැතුවා, ඔහු ලියනොයිඩ් ගේ උදර ලියනොයිඩ් ට පෙනෙන ලෙස දර්පණයක් අල්ලගෙන හිටියා.. සැත්කම ඇරඹුනා විනාඩි 30-40ක් පමණ ගත වෙද්දී සැත්කම අතර තුර ඔහුට වෙහෙසක් ඇති වුනා ඒ ඔහුගේ ශරීරය දුර්වල වීමත් ඔහුට කැරකැවිල්ලත් ඇති වුනු නිසා.. ඔහු කෙටි විවේකයක් ගත්තා.. අවසානයේ උත්සහයන් කිහිපයකින් පසුව ඔහු appendix ඉවත් කරන්න සමත් වුනා.. ඔහු තුවාලය ඖෂධ හා ප්‍රතිජීවක යොදා නැවත මසනු ලැබුවා..
ඔහුගේ මේ සැත්කම සදහා පැයකුත් විනාඩි 45ක් ගත වුනා. වෛද්‍ය දැනුම නැති වුනත් ඔහුගේ කණ්ඩායම ඔහුට ලොකු උපකාරයක් වුනා කියලා ලියනොයිඩ්ගේ සැත්කමේ අවස්ථා පහත ආකාරයට ඡායාරූපයට නැගුනේ ඔය විදිහටයි..
ලියනොයිඩ් සැත්කම ගැන කියලා තිබුනේ මේ විදිහට...
"මම අත්වැසුම් භාවිතා කරේ නෑ.. ඒක ඇත්තටම දකින්න අමාරු දෙයක්. ඒත් මට දර්පණය උදව් වුනා.. නමුත් වෙලාවකට ඒක බාධාවක් වුනා. හැමදෙටම පස්සේ මට දැනුනා මම මන්දගාමී වෙනවා.. රුධිරුය සැහෙන්න වහනය වුනා.. ඒත් මම මගේ වෙලාව ගත්තා. මම විශ්වාසයෙන් වැඩ කරා. peritoneum විවෘත කරාම මට සිද්ධ වුනා එය නැවත මහන්න.. හදිසි මගේ මනස වෙනස් වුනා.. තවත් තුවාල කිහිපයක් සිද්ධ වුනා මට ඒවා දැනුනේ නෑ. මගේ දුර්වලකම ටිකින් ටික මාව වෙලා ගත්තා.. මගේ හිස දැඩි වේදනාවකින් පෙලෙන්න ගත්තා.. හැම විනාඩි 4-5කට වරක් ම මම තත්පර 20-25ක විවේකයක් ගත්තා.. අන්තිමට මට හම්බුනා මට සාපයක් වුනු ඒ උපාංගය එය හරියට අත්භූත දෙයක් වගේ..මම ඒ අදුරේ සැගවිලා තිබුනු දේ සොයා ගත්තා.. එය යන්තම් දුරට පැලිලා තිබුනා.. මට එපාම කරපු අවස්ථාව appendix කපා ඉවත් කරන එක.. මගේ හෘදය ගැහෙන එක අඩු වුනා කියලා මට දැනුනා.. මගේ අත් රබර් වගේ දැනුනා.. හොදයි, මට දැනුනා ඒක මහ භයානක අවසානයක් වෙයි කියලා.. අවසානයේ මම කොහොම හරි appendix කපලා ඉවත් කරා. එතකොටයි මට දුන්නේ ඇත්තටම මම හොදින් කියලා........"
සැත්කමින් අනතුරුව ඔහු සමාන්‍ය තත්ත්වට පත් වුනා.. ශරීර උෂ්ණත්වය සමාන්‍ය තත්ත්වය පත් වුනා. දවස් 7කට පස්සේ ඔහුම මැහුම් කපලා ඉවත් කර ගත්තා. ඔහු සති දෙකකට පස්සේ නියම තත්ත්වයට පත් වුනා..
මේ සැත්කමේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වුනා.. සෝවියට් සංගමයද පුදුමයට පත් වුනා ඔහුගේ මේ ක්‍රියාව උදෙසා ඔහුට 1961 වර්ෂයේ රක්ත ධජය සහිත සම්මානයක් පදනු ලබනවා...
Rogozov ගේ ක්‍රියාව අදටත් ලෝකයේ මිනිසෙකුගේ අධිෂ්ඨානය හා කැපකිරීම, ජිවිත සදහා මානවයාගේ කැමැත්ත යන මාතෘකා අතරින් ඉහළින් ම තියෙන දෙයක් වුනා.. 1962 වර්ෂයේ ඔහුව නැවත රැසියාව බලා ගෙන්වන අතර ඔහු තමන්ගේ MD සදහා ඉගෙන ගනු ලබනවා. ඔහු 1966 වර්ෂයේ දී ඔහු MD ය සදහා “Resection of the esophagus for treating esophageal cancer” විෂය කරනු ලබනවා. පසුව ඔහු Saint Petersburg නුවර රෝහලක වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතර, 1986-2000 දක්වා ඔහු Research Institute for Tubercular Pulmonology හී විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනු ලබනා.. 2000 වර්ෂයේ දී මේ අසහය පුද්ගලයා වයස අවුරුදු 66ක් ව තිබිය දී ජිවිතයෙන් සමුගන්නවා ඒ ඔහුට ඇති වූ පෙනහළු පිළිකා තත්ත්වයක් නිසා.. මේ අපුරු ස්වයං සැත්කම කර ගත් වෛද්‍යවරයා අදටත් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන සටහනකි..

|දිලීප සංජය රණවක

20170413

බොරුව හඳුනන මනසට අමුතුවෙන් සත්‍යය දෙන්න අවශ්‍ය නෑ.

කුස්සියෙ බිම වාඩි වෙලා කෑම කද්දි
සත් සමුදුර චිත්‍රපටියෙ කිහිප තැනක
කෑම කන දර්ශන මතක් වුණා.

පැත්තක උන්න පුතාගෙන් මම ඇහුවා...
" පුතා වැඩිය කැමති 'සත් සමුදුරට"ද
නැත්නම් "හෝ ගාන පොකුණ"ටද කියලා.

"සත් සමුදුර"ට පුතා කිව්වා.

දෝණිගෙන් ඇහුවා.
දෝණිත් වැඩිය කැමති සත් සමුදුරට.

"දෙවෙනියට කැමති "හංස විලක්" පුතා කිව්වා.

දෝණි සත් සමුදුරට වඩා
"හංස විලක්" චිත්‍රපටියට කැමතියි.

"මමත් කැමති සත් සමුදුරට"
බිරිඳ කිව්වා.

"හංස විලක්' චිත්‍රපටියෙ
යමක් කියන්න මහන්සි වෙන ගතිය තියනවා.
'සුද්දිලාගෙ කතාවෙ' එහෙම නෑ." ඈ කිව්වා.

"සත් සමුදුර චිත්‍රපටියෙ
ගැමි ගතිය හොඳට තියනවා"
පුතා එකතු කළා.

අපි 2010 දෙසැම්බර් ඉඳලා
රූපවාහිනී චැනල් නරඹන්නෙ නෑ.

දරුවන්ගෙ මනස දූෂ්‍ය වෙන්නෙ
කාලයේ වැරැද්ද නොවෙයි.
බාල රස වින්දනයෙ ඇසුර නිසයි.

දරුවන් ළමා චිත්‍රපටිම නැරඹිය යුතු නෑ.
"හෝ ගාන පොකුණ" මගේ දරුවන්ට
දැඩි ලෙස දැණුන චිත්‍රපටියක් නොවෙයි.
අලුත් චිත්‍රපටි වල තියන ව්‍යාජ සුන්දරත්වය
ඔවුන්ට විශේෂ ප්‍රියක් නැහැ.

"සිරි පැරකුම්, හෝගාන පොකුණ" වැනි චිත්‍රපටි
බලන වෙලාවට රස වින්දාට
ඔවුන්ගෙ හිතවලට දැනෙන ලකුණක්
ඉතිරි කරන්නේ නෑ.

බාල දේට ඇබ්බැහි නොකළොත්
ළමා මනස ස්වභාවයෙන්ම නිතැතින්ම
හොඳ දේට හුරු වෙනවා.
රස වින්දනය හුරු කරන්න නම්
පළමුව රස වින්දනය රැකිය යුතුයි.

අපේ දරුවන් විවිධ මාන වල
නිර්මාණ රස විඳිනවා.

රායි, කුරොසාවා චිත්‍රපටිත් නරඹනවා.
අපේ පැරණි චිත්‍රපටි, පැරණි නාට්‍ය නරඹනවා.
පැරණි සිංහල චිත්‍රපටිත් නරඹනවා.
ඒ චිත්‍රපටි ඔවුන්ගේ සිත්වල
තදින් සනිටුහන් වෙනවා.
"නිධානය"ත් ඔවුන් ඉතා ප්‍රිය කළ චිත්‍රපටියක්.
"සාර විට"ත් එවැන්නක්.
අව්‍යාජ මිනිස් ජීවිතවල අපූර්වත්වය
සංවේදී මිනිස් සිත් සතන්වල
නොමැකෙන සලකුණු ඉතිරි කරනවා.

අපේ දරුවන් නිතරම පාහේ
බොහෝ බටහිර චිත්‍රපටිත් නරඹනවා.
සමහර චිත්‍රපටි ඔවුන් පුන පුනා නරඹනවා.

දරුවන් සඳහාම කියා
චිත්‍රපටි නිපදවීම අවශ්‍ය නෑ.
සමහර විට එවැනි චිත්‍රපටි වලට
ව්‍යාජ දර්ශන එකතු වෙනවා.
නිදසුනක් විදියට
හෝ ගාන පොකුණෙ වැඩිහිටි චරිත වල
අධිතාත්වික බොළඳ ස්වභාවයක් තිබීම
දරුවන්ගේ මනසට දැනෙන වංචාවක්.
ඒ ව්‍යාජ බව නිසා ඔවුන්ගෙ බැඳීම
දුර්වල වීම අත්දැකීමට හානියක්.
රස වින්දනය මොට වීමක්.

වැඩිහිටියන්ගෙ වැරදි චර්යාවන් වලට මැදිවී
දූෂ්‍ය නොවුණ කුඩා දරුවාගෙ සිහිය
ඔහුගෙ මනසෙ සංවේදී බව ආරක්ෂා වෙනවා.
ඔවුන් බොරුව හඳුනනවා.
බොරුව හඳුනාගන්න පුරුදු වුණ මනසට
සත්‍යය අමුතුවෙන් දෙන්න අවශ්‍ය නෑ.

20170409

වික්ටර් රත්නායක අලුත් තොරතුරු

මුලාශ්‍රය-ලක්බිම

ගෙවල් දොරවල් ලස්සන කරලා 
මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ?

හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර අලුත්වැඩියා කරලත් නොතිබුණු නිසායි මේ වැඩකටයුතු පටන් ගත්තේ.

නව යුවළක් විදිහට ගතකරන මුල්ම අලුත් අවුරුද්ද නේද මේ එළැඹෙන්නේ?
හෂිනි – ඒකනම් ඇත්ත තමයි. ඒත් අපේ ඇසුරට විවාහයේ අත්සන කියන්නේ ‍පොඩි දෙයක් විතරයි. ඒ නිසා සාමාන්‍ය විදිහට තමයි මේ අලුත් අවුරුද්දත් සමරන්න හිතාගෙන ඉන්නේ.

විවාහ වුණේ මෑතකදි වුණාට දෙන්නාගේ ඇසුර නම් ටිකක් පැරණියි නේද?
හෂිනි – ඔව්. අපි මුලින්ම මුණගැහුණේ 2006 වසරේදියි. ප්‍රසංගයකදී හමුවෙලා ඇතිකරගත් හිතවත්කම විවාහය දක්වා දුරදිග ගියා.

විවාහය සිදුවුණේ කොයි කාලයේදීද?
හෂිනි – පසුගිය පෙබරවාරි මාසයේදී තමයි අපේ විවාහය සිද්ධ වුණේ.

විවාහයට හෂිනිගේ දෙමාපියන් කැමැති වුණාද?
හෂිනි – මුලින් කැමැති වුණේ නැහැ. ඔවුන්ගේ ආශීර්වාදය ලැබිලා දැන් සති දෙකක් විතර ඇති.

වික්ටර් රත්නායක නැවත විවාහ වේවි කියලා කවුරුවත් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ නිසා මෑත කාලයේ අපේ රටේ වඩාත්ම කතාබහට ලක්වූ විවාහය බවට මෙය පත්වුණා?
වික්ටර් – පළමු විවාහයේ බිරිඳ නැතිවෙලා ගතවුණු පසුගිය අවුරුදු 13 පුරාම මම කන්නේ, බොන්නේ කොහොමද මගේ වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ කොහොමද කියලා කවුරුවත් මගෙන් ප්‍රශ්න කරලා නැහැ. මම හිටියේ තනිවෙලයි. කවුරුත් මගේ අවශ්‍යතා ගැන හෙව්වේ නැහැ. ඒත් අද ඔවුන් මට මඩගහනවා. මට ආදරය කරන සහ මමත් ආදරය කරන කෙනෙක් එක්ක නැවත ජීවිතය ගොඩනගාගන්න මා උත්සාහ දරපු එකේ වරදක් මම දකින්නේ නැහැ.

අවුරුදු 40කටත් වැඩි වයස් පරතරයක් ඔබ දෙදෙනා අතරේ තියෙනවා. ඒ නිසයි මේ විවාහය බොහෝ අයට අමුත්තක් වුණේ?
හෂිනි – අපේ බැඳීමට වයස් පරතරය කියන සාධකය කොහෙත්ම අදාළ නැහැ. කවුරුහරි කීවොත් විතරයි මට ඒ ගැන මතක්වෙන්නේ.

වික්ටර් – අපේ සංස්කෘතිය තුළ තිබෙන අටුවම් බැහැපු සමහර දේවල්වලින් පිටට ඇවිල්ලා ජීවත්වෙන්න මිනිස්සු උත්සාහ දරන්නේ නැහැ. ආදරයට වයස් පරතරය බාධකයක් ‍නෙවෙයි. ආදරය කියන්නේ දෙදෙනාගේ අනේ‍යාන්‍ය අවබෝධය සහ කරුණාව, දයාව, මෛත්‍රිය ආදිය එකතුවෙලා බැඳෙන බැම්මක්. ඒ නිසා මේ විවාහයේ කිසිදු වරදක් මා දකින්නේ නැහැ.

දෙමව්පියන්ගේ විරෝධතා නොතකා යුගදිවියට පිවිසීම තරුණ වයසේ අය අතරේ නම් සාමාන්‍ය දෙයක්. නමුත්, වයසින් පරිණත වූ කෙනෙකු විදිහට ඔබ එවැනි පියවරක් ගත්තේ ඇයි?
වික්ටර් – මගේ පළමු විවාහයටත් බිරිඳගේ පාර්ශ්වයෙන් විරෝධතා ආපු අවස්ථා තිබුණා. පසුකාලීනව ඒවා විසඳගෙන අපි විවාහ ජීවිතය ගතකළා. විවාහයකදී නොගැළපීම කියන සාධකය ගැන කොහොමත් දෙමව්පියන් සොයා බලනවා. නමුත්, දෙදෙනාගේ සිතුම් පැතුම් සහ ආකල්ප ගැළපෙනවා නම් ඒ අවබෝධය හරහා එක්වෙනවා මිස කාගේවත් කැමැත්ත හෝ අකමැත්ත ගැන වදවෙන්න වුවමනා නැහැ.

හෂිනි මේ විවාහයට කැමැති වුණේ වික්ටර් රත්නායක මහතාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සහ ඔහුගේ දේ‍පොළවලට තිබෙන කෑදරකමටයි කියලා රාවයක් තියෙනවා. මොකක්ද ඒකට දෙන්න තියෙන පිළිතුර?
හෂිනි – මම හොඳට මිල මුදල් තියෙන පවුලක කෙනෙක්. අනෙක, ගැහැනු කෙනෙක් සල්ලිවලට තමන්ගේ ජීවිතය උකස් කරාවිද? ඔය ගැන විමසන්න සුදුසුම කෙනා තමයි වික්ටර්.

වික්ටර් – මගේ බැංකු ගිණුම්වල තියෙන මුදල් ගැන ඇය දන්නේ නැහැ. ඇය මගේ තදබල රසිකාවක් විදිහට මට ළංවුණා මිස මගේ මුදල් හෝ දේ‍පොළවලට ආසාවෙන් ‍නෙවෙයි ඇය මා සමග විවාහ වුණේ. ඕවා මට විරෝධය පාන්න ඕනෑකම තිබූ අය විසින් නිර්මාණය කරන කරුණු විතරයි.

අවුරුදු 75ක් වගේ වයසක පසුවන කෙනෙක් විදිහට ආදරය විඳින්නේ මොනවිදිහටද?
වික්ටර් – ආදරයට සීමා මායිම් පනවන්න බැහැ. තරුණවියේදී විඳින නොමේරූ සමනල් ආදරය වගේ ‍නෙවෙයි වයසින් මුහුකුරා යද්දී ආදරය පිළිබඳ ගැඹුරින් සිතන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙනවා. කෙනෙක් වයස්ගතවෙලා ආදරය සොයනවා නම් ඔහු හෝ ඇය එහෙම කරන්නේ මොනවිදිහේ හේතු නිසාද කියලා සොයාබැලිය යුතුයි. තමන්ගෙන් විය යුතු යුතුකම් ඉටුනොකර, ආදරයට වහල්වීම නම් අනුමත කරන්න බැහැ.

වික්ටර් රත්නායක කියන්නේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ පියෙක්ද?
වික්ටර් – මා තරම් දරුවන්ට යුතුකම් ඉටුකළ පියෙක් මුළු සංගීත ක්‍ෂේත්‍රයේම නැතුව ඇති. මා ගැන දන්නා සමීපතම යාළු මිත්‍රයෝ මට කියනවා ‘උඹ දරුවන්ට කළා වැඩියි’ කියලා.

ඇයි එහෙම කියන්නේ?
වික්ටර් – මගේ සංගීත දැනුම, ජනප්‍රියත්වය විතරක් ‍නෙවෙයි මම ඔවුන්ට දුන්නේ. නුගේගොඩ සුපිරි වෙළෙඳසලක තිබුණු ව්‍යාපාරයක් මම ලොකු පුතා ජයන්තට බාර දුන්නා. මගේ මව සහ පියා පදිංචිව සිටි නිවස පිහිටා තිබූ ඉඩම විකුණා ලැබුණු මුදලුත් ඔහුට දුන්නා. දියණියන් දෙදෙනාට ජීවත්වෙන්න ගෙවල් දෙකක් දුන්නා. මහගෙදර අයිතිය ලියාදුන්නේ බාල පුතා ලෙලුම්ට. ඊට අමතරව ඔවුන්ගේ හැම ගැටලුවකදීම සහ අවශ්‍යතාවකදීම මම මුදලින් උදවු උපකාර කළා.

දරුවනුත් ඔබ වෙනුවෙන් පෙරළා යුතුකම් ඉටුකරන්න ඇති?
වික්ටර් – දරුවන්ගෙන් එහෙම විශේෂ දෙයක් ලැබුණා කියලා මට කොහොමටවත් කියන්න බැහැ. එහෙම නම් අම්මාගේ මරණින් පස්සේ තාත්තා තනිවුණා නේද කියලා මා ගැන බලන්න එපායැ. එහෙම හොයන්න බලන්න ඒ කවුරුවත් ආවේ නැහැ.

ඔබේ බාල පුතා ලෙලුම් ‘මගේ පියා මිය ගියා’ කියන අදහස ඇති සටහනක් ෆේස්බුක් ගිණුමට එක්කිරීමත් සමගයි ඔබේ දෙවැනි විවාහය ගැන රටම දැනගත්තේ. සමාජ ජාල පරිහරණය නොකළත් ඔබට මේ ගැන ආරංචි වෙන්න ඇති?
වික්ටර් – ඔව්. මටත් ඔය කතාව ආරංචි වුණා. එහෙම කියන්න තරම් සාහසික වුණු පුතෙක් මගේද කියලා මට හිතාගන්න බැහැ. ඒකෙන්ම තේරෙනවනේ ඔහු අද වැටිලා ඉන්නේ මොනවගේ තැනකටද කියලා.

මේ වනවිට දරුවන් සමග ඔබට තියෙන්නේ මොනවිදිහේ සම්බන්ධයක්ද?
වික්ටර් – ඔවුන් කා එක්කවත් කිසිම සම්බන්ධයක් මගේ නැහැ.

ඔබට ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ ඔබේ අඩිපාරේ යන පුතුන් දෙදෙනෙක්?
වික්ටර් – ඔව්. වික්ටර් රත්නායකගේ පුතාලා නිසා හඳුනනවා මිස ඔවුන්ට තමන්ගේම අනන්‍යතාවක් නැති බව මුළු රටම දන්නවා.

නමුත්, ඉදිරි කාලයේදී සංගීත කටයුතුවලදී ඔබට පුතුන් දෙදෙනා සමග එකට වැඩකරන්න මේ විරසකය බාධාවක් ‍නෙවෙයි නේද?
වික්ටර් – මින් ඉදිරියට මගේ සංගීත දිවියේ කිසිදු කටයුත්තකට ඔවුන් සම්බන්ධ කරගන්න මගේ බලා‍පොරොත්තුවක් නැහැ. මොකද, එහෙම කරලා ‍නෙවෙයිනේ මම ජනප්‍රිය වුණේ. මේක මම තනිවම ආපු ගමනක්.

හෂිනි වික්ටර් රත්නායකයන් ළංකර ගත්තේ ඉනාවක් දීලා කියලත් චෝදනාවක් එල්ල වුණා?
වික්ටර් – ඕවා කිසිම පදනමක් නැති කතානේ.

විවාහය නිසා සමාජ ජාල වබේ අඩවිද ඇතුළුව සමාජයෙන් එල්ලවෙන විවිධ චෝදනා ගැන මොනවිදිහේ ආකල්පයක්ද ඔබට තියෙන්නේ?
හෂිනි – ඒවා ගැන අපට ආරංචි වෙනවා. ඒත්, මම කරන දේ නිවැරදියි කියලා මගේ හෘද සාක්ෂියට දැනෙනවා නම් කවුරු මොන චෝදනා කළත් මම ගණන් ගන්නේ නැහැ.

වික්ටර් – බුදුහාමුදුරුවන්ටත් ඔයිට වඩා කොපමණ චෝදනා එල්ල වුණාද? ඒවා කිසිවක් ඔප්පු වුණේ නැහැනේ. අපි වගේ අය ගැන කටකතා හදලා අභිමානය නැතිකරන්න යමෙක් උත්සාහ කරනවා නම් ඔහු හෝ ඇයටම තමයි කවදා හරි එහි විපාක ලැබෙන්නේ.

හෂිනි සැමියා සමග මොනවිදිහේ ඉදිරි ගමනක් යන්නද බලා‍පොරොත්තු වෙන්නේ?
හෂිනි – වික්ටර්ගේ සංගීත ජීවිතයට උදව් කරමින් ඔහු සතුටින් තබන්නයි මට වුවමනා කරන්නේ. අපරදිග සංගීතය ගැන දැනුමක් මට තිබෙන නිසා ඔහුට සහයවීම මට පහසුයි.

පරණ තරහ මරහ අමතක කරලා අලුත් අවුරුද්දේ දරුවොත් එක්ක එකතුවෙන්න අදහසක් නැද්ද?
වික්ටර් – ඒවා අපි හදාගත්තු චාරිත්‍ර විතරයිනේ. හදවත්වල සහ හිත්වල තිබිය යුතු බැඳීම පවත්වාගෙන යන්න බැරිනම් ඒ ඥාතීත්වයෙන් පලක් නැහැ. එහෙම නම් ඒක අත්හැර දමන එකයි වඩාත් සුදුසු. සුහදතාව, ආදරය කරුණාව සහ මෛත්‍රීය හිත්වල නැතුව බොරුවට ඔවුන් මා බලන්නට එන්නේ හෝ මා ඔවුන් ළඟට යන්නේ මොකටද?


===================================================

ජීවමාන සිහිවටනයක් අප බලාපොරොත්තු වෙනවා

හෂිනි අමේන්ද්‍ර රත්නායක

“ඔයා දන්නවද මම එයාගේ ගීතවලින් සැනසුණේ පුංචි බිලිඳියක් සන්ධියේ ඉඳලයි. මගේ අම්මා කියනවා පොඩි කාලේ මම අඬනකොට මාව නැලවෙන්නේ සෙල්ලම් බඩුවලට වඩා වික්ටර්ගේ පින්තූර තියෙන කැසට් පටි අතට දුන්නාම කියලා. වික්ටර්ගේ ගීිත ඇහෙද්දී මට නින්ද යනවා කියලත් අම්මා කියනවා. ඒකයි මම කියන්නේ අපේ ආදරය සංසාරගත බැඳීමක් කියලා”
ශ්‍රාවක සිත් සප්ත ස්වරයෙන් සැනසූ වික්ටර් රත්නායකයන්ගේ ජීවන සහකාරිය හෂිනි අමේන්ද්‍ර රත්නායක සිය සත් වසරක ප්‍රේම කතාවේ හද ගැහෙනා රාවය ‘සරසවිය’ට මුදා හැරියේ එහෙමයි.
ඒ විතරක් නෙමෙයි මම පුංචි කාලෙදි වික්ටර් ගායිකාවක් සමඟ යුග ගීත ගයන දර්ශන රූපවාහිනියෙන් දකිද්දී ගායිකාවගේ රූපයට කෙළ ගානවා කියලත් අම්මා කීවා. කුඩා කාලේ ඉඳලා එයා මගේ ලෝකයේ විරයෙක්.
* පුංචි තිරයෙන් දුටු ඔබේ ලෝකයේ වීරයා මුලින්ම හැබෑවට මුණගැසුණු දවස මතකයට නැඟුවොත්?
ඔව් මට ඒක අමතක නොවන දවසක්. 2009 වසරේදී ගාල්ලේ කරාපිටියේ එයාගේ සංගීත ප්‍රසංගයක් නරඹන්න මමත් ආවා. හැබැයි නිකං නෙමෙයි. මම එයා වෙනුවෙන් ලියූ දිග කවියක් සමඟ තෑග්ගකුත් අරන් ගියා. මම එයාටම කියලා ලක්සලෙන් කමිසයකුයි සරමකුයි ගත්තා. මම එයාට ලියූ දිග කවිය තාමත් එයා ළඟ තියෙනවා. එහෙනම් ලියා ගන්නකො එයාගේම ගීතවලින්ම තමයි ඒක මම ලීවේ.
සම්බුද්ධ සද්ධර්ම අනුහසින් . . .
හිමියනි අවසරයි වසන දෙව්රම් වෙහෙර
දිගාසිරි පතනුවස් - ගී සුතුර පෙළහරට
මධුර ස්වර හා මුසුවුණු - පරපුරක් වෙනුවෙන්ම
රසභාව සූසර කර . . .
 
සඳදියට කිරිවතුර බිඳෙන් බිඳ මුසුකර
මා දෙවු අපරිමිත - ආදරයේ උල්පතින්
ජීවන මදින් මද ලැබූ - මගේ පුංචි කාලය
කොහේ නම් රැඳුනිද - සිහිල් සුළං රැල්ලක එතුනිද
අදින් පසු නොව . . . යළි කවරදාවත්
හිරු නොනගිනා මගේ ලොව
දුකඳුරු දෛවයෝගය - ඈ නමින් ලීවෙමි
හෝපලු වන පෙතේ - ලපලු මවා තරු අත් අකුරින්ම
 
පාවෙන වලාවන් මත - ඈත කඳු බලකොටුවක
වෙසෙන සීගිරි ළඳකට පෙම්පත් එවූ තනි තරුව
නැගුනි ගඟනත - පලා ගනඳුරු
පොඩි කුමාරිහාමියේ - වක්කඩ කැඩුවාම සිනාසෙන
හඳපානේ අත්පටලාගෙන යමු
සෙවනැල්ලෙන් මොහොතකට මිදෙන්නට
මයුරාසන මත සුරිඳුනි - සිහින සතක් දුුටුවෙමි
කොහෙදෝ සිට ඈ පැමිණ සිටියා
ඉරබටු තරුව වාගෙම . . .
සඳ දියට ගලා ගිය - හසරැල් විලක සුපිපුන
ඔබ ලියූ දෙතොල් පෙති සඟවා ගනු මැන
සොඳුරියේ ඔබෙ රුව සමඟින්ම
තොටුපල අයිනේ ඔබ මට... අත වැනූ...
උණ පඳුරේම සෙවණ යට - පතිත විය යුතු නැත
තවත් නෙත් ඔබ මත
මුරකාවල් වැට කඩුලු බිඳී ගිය
කොහේදෝ ඉමක් නැති - ලොවක් උඳුල විය
 
මා ලද වත වත - මඳ සිනාකැන් දැක
ලන්තෑරුම් ඉනිමං කුමටද?
කොහෙද අඳුරක් බිඳ හෙලන්නට
බිංදුමතී මා ළඟ නම් හිරු තවත් දවසක්
රැගෙන ඒවි හෙටක් . . .
 
මේ රන් සත්සර - සවනත පිරිමැද
ඔබෙත් මගෙත් රස හැඟුම් පුරන සඳ
මා පමණක් නොව - තුන් සිංහලයෙම අපි
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ නෑදෑයෝ . . .
එදා තමයි එයා එක්ක මම මුලින්ම කතා කළේ. ඊට පස්සේ දවසක මම එයාට දුරකථන ඇමතුමක් දුන්නා. මම ලියූ කවිය එයා ළඟ තියාගෙන හිටියා . තෑග්ග ලස්සනයි කීවා. ඊට පස්සේ අපි හුඟාක් හිතවත් වුණා. මගේ ගෙදර අයත් සමඟත් හිතවත් වුණා. වික්ටර් මගේ ගෙදර යන්න එන්න ගත්තා.
* පවුලේ තොරතුරුත් දැනගන්න හුඟක් අය මනාපයි?
මගේ තාත්තාට වයස අවු: 81 යි. එයා මිනින්දෝරුවෙක්. අම්මා රෝහිණී ගෘහණියක්. දිලිනි ලොකු අක්කා බාට්ලීට් කම්පැණියේ, එයා විවාහකයි. පොඩි අක්කා නඳුනි විවාහකයි. ගාල්ලේ කන්දෙවත්ත තමයි අපේ ගම.
* පාසල් කාලේ වත ගොත ටිකකුත් කියන්නකෝ?
ගාල්ලේ සංඝමිත්තාවෙන් උසස් පෙළ හැදෑරුවේ වානිජ අංශයෙන්. 2004 උසස් පෙළින් මම ඒ 3 අරන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට තේරුණා. ඒත් මගේ දෛවය සරසවි ගමනට බාධා කළේ පුදුම විදිහට. ඒ වෙනකොටත් මම පුද්ගලික ගුරුවරයෙක් සමඟ පෙම් සබඳතාවක් පවත්වලා වයස අවු: 20 දී විවාහ වුණා. ඔහු මට වඩා අවුරුදු 8 ක් වැඩිමල්. ඉතාමත් කෙටි ඇසුරකින් අපි විවාහ වුණේ. දැඩි ලෙස අදහස් නොගැලපීම්, ගැටුම් තිබූ නිසා විවාහ වෙලා වසරකින් පසු අපි වෙන් වුණා.
පාසල් සමයේදී මම කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක්. පාසල් මාධ්‍ය අංශයේ, බටහිර තූර්ය වාදනය, බටහිර සංගීතය අවසන් විභාගය දක්වාම කළා. පාසලේ උත්සවවලදී පියානෝව වාදනය කළා. විවාහයත් සමඟම මම ගාල්ල කොටුව මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙස සේවය කළා. මට වික්ටර් හමුවුණෙත් ඒ යුගයේම තමයි.
* ආදරය මුලින්ම ප්‍රකාශ කළේ කොහොමද?
එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම අරන් යන්නයි නැවතුණේ. එයා එදා තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා තිබුණේ.
ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක් වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ ඉවක් එයාට තියෙනවා.
අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන් ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.
විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්තා මාගේ දෙමාපියොත් කැලඹීමට පත් වුණා.
* වික්ටර්ගේ ‘ස’ ප්‍රසංගයේදී වගේම හැම කටයුත්තකදීම ඔයාගේ භූමිකාව මොන වගේද?
පහුගිය වකවානුව පුරාවටත්, දැනුත් ඉදිරියටත් එයාගේ ජීවන සහකාරිය වගේම වෘත්තීය ජීවිතයේ හවුල්කාරිය ලෙසට මම කැප වෙනවා. එයා තාමත් සංගීත ක්ෂේත්‍රයේ සක්‍රීය දායකත්වයක් දරන නිසා එයා පසුපස සෙවනැල්ල සේ රැඳෙමින් සියලු කටයුතු සොයා බලා සම්පාදනය කරන්නෙ මමයි. මමත් එයාගේ ජීවිතය සමීපයේ බොහෝ දේ ඉගෙන ගන්නවා. එදා මෙදාතුර අතීත දිවියේ බොහෝ දේ එයා මට පවසලා තියෙනවා. එයාගේ ජීවිතය මේතාක් ජයග්‍රහණය කරා මෙහෙය වූ චිත්‍රා ජයසිංහ හොඳ බිරිඳක් බවත් මා සමඟ කියා තියෙනවා’
පසුගිය කාලේ මේ සම්බන්ධ ගැටුම් සම්බන්ධව කිසිවක් කියන්න හෂිනි කැමති වුණේ නැහැ. මා ඇසූ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඇය මෙහෙම කීවා.
ඇත්තට සමහර දිනවලට අපි හරිම අවිවේකයි. සංගීත ප්‍රසංග, වැඩ මුළු, උත්සව නිමක් නැහැ. ගෙදර ඉද්දි වික්ටර් පොත්පත් කියවන්න හරි කැමතියි. හොඳ ධර්ම දේශනාවලට සවන් දෙනවා. ඉන්දියාවේ චැනල්වල හොඳ චිත්‍රපට, සංගීත වැඩසටහන් නරඹනවා.
* ඔයාලා මේ ජිවත් වෙන්නේ අග නගරයෙන් දුරස්ව ඔරුවල අතුරුගිරියේ නිහඬ සුන්දර පරිසරයක. කොහොමද දින චරියාව ගෙවෙන්නේ . . .?
ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නම උදේ 5.00 ට නැගිටිනවා. එයා උදේට ව්‍යායාම කරලා එද්දී මම කොළ කැඳ කෝප්පයක් හදලා දෙනවා. වික්ටර් ධර්ම දේශනාවකට හරි රූපවාහිනියෙන් විකාශයවන පුවත්පත් තොරතුරු බලනවා. බුදුන් වැඳලා උදේ ආහාරය අරන් උදේට හැමදාම නානවා.
රාජකාරි කටයුතුලට එළියට නොගියොත් වික්ටර් නිවසට වෙලා සංගීතමය කටයුතුවල යෙදෙනවා. ගෙදර දොර හරි පිළිවෙලට තබාගැනීම එයා බලාපොරොත්තු වන දෙයක්. නිර්මාණකරණයට එයාට අවශ්‍ය ගෙදර වටපිටාව මම සකසලා දෙනවා. අපිට උයන්න දේවල් පවා ගේන්නේ මම ගිහින්. උදේට රොටි කන්න වික්ටර් ආසයි. දවල් බතට පලා මැල්ලුමක් ඕනෙමයි. ගමේ එළවළු, කොස්, පොලොස් තමයි වැඩියෙන් මනාප.
* දේශීය විදේශීය සංචාරවල යෙදෙන්න ආස ඇති නේද?
අපි පසුගිය දිනවල අනුරාධපුර පොළොන්නරු ත්‍රිකුණාමලේ ගියා. වික්ටර්ට මිනිසුන්ගේ ජනාදරය තාමත් නොනැසී පැවතී තිබීම දකින එක හරිම සතුටක්. ඒ විතරක් නෙමෙයි අදටත් වික්ටර්ටම ආදරය කරන රසික රසිකාවියෝ දිනපතාම කතා කරනවා. මම දුරකථනය ගත්තත් වික්ටර්ට දෙනවා. මොකද එයාලා බලාපොරොත්තු වෙන්නේ වික්ටර්ට කතා කරන්න. මගේ හිතේ අහිතක් නෑ. මම සතුටයි එයාට ලැබෙන ප්‍රතිචාර ගැන. අපි දෙන්න හරිම අවබෝධයෙන් ඉන්නේ. අපි ළඟදී සිංගප්පූරුවේ සංචාරයක යෙදෙන්නයි ඉන්නේ.
* වික්ටර්ගේ ගීත අතුරින් හෂිනිගේ සිත්ගත් ගීත ගැන කීවොත්?
මුතු වරුසාවට තෙමිලා, කොතැනද අද ඔබ ඉන්නේ, දෙතොළඟ සිනහ කියන ගීතවලට මම හුඟක් කැමතියි.
* හෂීනි අවබෝධ කරගෙන තියෙන විදිහට වික්ටර්ගේ යහපත් හා අයහපත් ගතිගුණ?
සියලු දේ උපේක්ෂාවෙන් ඉවසා සිටිම මම දකින විශිෂ්ට ගුණයක්. ඒ වගේම අසාධාරණය අකටයුත්ත හමුවේ එයාට තදින් තරහා යනවා. දැඩි ලෙස කෝප වීම තුළින් ඇතැමුන් අමනාප වෙනවා.
ඒත් එයා බෞද්ධ වැඩ කටයුතු කැපවීමෙන් ඉටු කරනවා. ලෙවන්ගම ධම්මිකාරාම භික්ෂුනී ආරාමයේ බුදු පිළිමයක් හැදුවා. මම එයාගෙන් ජීවිතෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා.
බත්තරමුල්ලේදී සිදු වූ අපේ විවාහයට සාක්ෂි දැරුවේ විශ්‍රාමික මාධ්‍ය ප්‍රකාශක දයා විජේසේකර හා හොංකොං විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ඉංග්‍රිසි මහාචාර්ය ජෝර්ජ් බ්‍රේන් යන මහත්වරුන්.
මම හිතනවා මම මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ කියලා. ඒ තරමටම වචනවලින් පවසන්න බැරි තරමට අපි අවබෝධයෙන් ආදරෙන් ඉන්නවා.
එයාගේ නම ගෙනියන්න හැමදාමත් මා ළඟ තියාගන්න ජිවමාන සිහිවටනයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
විකල් මතක මැද පහන් තරුව ඔබ
විළිලන අඳුරක නැවුම් ඉරකි ඔබ
වික්ටර් - හෂිනි ආදර කතාව වික්ටර්ගේ මුවින් නොකීවාට ඇය කියූ හැම දෙයක්ම නිවැරැදියි කියලා වික්ටර් රත්නායකයන් අනුමත කළේ සෙනෙහෙවන්ත සිනාවකින් මුව සරසාගෙනයි.