20230414

මගේ ප්‍රියතම "4K YouTube to MP3!" යූටියුබ් ගීත බාගතකරණ මෘදුකාංගය


4K YouTube to MP3!
මගේ ප්‍රියතම
යූටියුබ් ගීත බාගතකරණ මෘදුකාංගයයි.


අවශ්‍ය නම් මුදල් ගෙවා වැඩි පහසුකම් ලබාගත හැකි
මෙම මෘදුකාංගයෙන් යම් සීමාවන්ට යටත්ව
නොමිලේ දිනකට ප්‍රමාණවත් ගීත රැසක්
බාගත කරගත හැකිය.

 ගීතයක Youtube යොමුව ඇලවීම් පමණකින්
බාගත වන ගීත සියල්ලම
ඔබ කැමති ෆෝල්ඩරයක රැස් කරගත හැකිය.
ඒ අතරම ඒ ගීත ලැයිස්තුවක ආකාරයෙන්
මෘදුකාංගයෙහිද රැස්වීම නොකඩවා සිදුවේ.

 

 

ඔබට අනවශ්‍ය ගීත ලැයිස්තුවෙන් ඉවත් කිරීම හෝ
ඔබේ පරිගණකයෙන්ම ඉවත් කිරීම සඳහාද
මෘදුකංගයේ පහසුකම් ඇත.
ගීතය ඔබේ පරිගණකයේ අඩංගු ස්ථානයට හෝ
ඔබ බාගත කළ මුල් ගීතයට පිවිසීමටද
පහසුකම් මෘදුකාංගය සපයයි.  

 
මෙම මෘදුකාංගය තුළ ඔබේ ගී සමුච්චය
එහි සඳහන්වන පිළිවෙළට වාදනය කිරීමටද
ඔබට පහසුකම් පවතී.


එක ගීතයක් වාදනය වන අතරම
වෙනත් ගීතයක වචනයක් දෙකක් යෙදීමෙන්
ගීත සොයා ගැනීමට මෙන්ම
එම ගීත නම් පිළිවෙලට ලැයිස්තුගත කිරීම
මෘදුකාංගයේ පහසුකම් අතර වෙයි.